Monday, January 21, 2013

මොරටුව ගැටුම පිළිබඳ අන්තරෙන් නිවේදනයක්

පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලය තුළ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මේසේය, 

"මේ වන විට නැවතත් සරසවි දෙස මුලූමහත් සමාජ අවධානයම යොමුවී ඇත. ඒ අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට හෝ සිසු අයිතීන් දිනාගැනීමට කරන අරගලයක් හෝ සටනක් නිසා නොවේ. උත්සන්න වෙමින් තිබෙන සිසු ගැටුම් හේතුවෙනි. මෙම තත්ත්වය මසක පමණ කාලයක සිට වර්ධනය වෙමින් තිබෙන අතර එහි ඉතාමත් කුරිරු හා ම්ලේච්ඡ සහගත අවස්ථාවක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම හදුනාගත හැකිය. 

පාලකයන් සිය දේශපාලන හෙන්චයියන් යොදවා සරසවි තුළ ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහකළ පළමු අවස්ථාව මෙය නොවන අතර අනෙකුත් විශ්වවිද්‍යාලවලදී ගන්නාලද උත්සාහයන් ශිෂ්‍ය සංගම්වල මැදිහත්වීමෙන් අසාර්ථක වීම හේතුවෙන් අවසානයේදී මොරටුව සරසවිය ඒ සඳහා තෝරාගෙන ඇත. 

මුලින්ම පසුගිය දෙසැම්බර් 3වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සාදයටත්, එදිනම පැවති රජරට විශ්වවිද්‍යාලයේ සමුගැනීමේ සාදයටත් එකවිට බාහිරින් කඩාවැදුන මැර කණ්ඩායම් නිරායුධ සිසුන්ට අමානුෂික ලෙස පහරදෙමින් මෙම වැඩපිළිවෙල ආරම්භ කළහ. නැවතත් 4 වන දින රාති‍්‍රයේ රජරට විශ්වවිද්‍යාලයේ ඉලූප්පු කන්නියේ පැවති නේවාසිකාගාරයට කඩාවැදුන මුහුණු ආවරණය කරගත් මැර පිරිසක් විසින් පහරදී සිසුන්ට බරපතල ලෙස තුවාල සිදුකරන ලදි. එම පහරදීම් ගම්වාසීන් විසින් සිදුකළේ යැයි තහවුරු කරමින් සරසවි සිසුන් හා අවට ගම්වාසීන් අතර ගැටම්කාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඊළඟට දෙසැම්බර් 18 වන දින මාතර නගරයේදී රුහුණ විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම වසරේ ඉගෙනුම ලබන එච්.එම්. ආර්.යු. අබේසේකර ශිෂ්‍යාට නිදහස් ශිෂ්‍ය සංගමයට සම්බන්ධ සිසුන් හා බාහිර මැරයන් විසින් පහරදී තුවාල සිදු කළහ. තුවාල ලැබූ ඔහු දින දෙකක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලැබීය. නැවතත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට දෙසැම්බර් 31වන දින පහරදෙන ලද්දේ මාතර එලියකන්ද හන්දියේදී නේවාසිකාගාරය වෙත යමින් සිටියදීය. එහිදීද සිසුන් විශාල ප‍්‍රමාණයක් තුවාල ලැබූහ. ජනවාරි පළමුවන දින එම විශ්වවිද්‍යාලයේදී කිරිබත්දීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර එදින නිදහස් සිසුන් යැයි කියාගන්නා ආණුඩුවට සම්බන්ධ සිසුන් කිහිප දෙනකු මැදිහත්වී දෙවන වසර ශිෂ්‍යයකුට පහරදීමට උත්සාහකර ගැටුමක් නිර්මාණය කරන ලද අතර එහිදී සිසුන් 5දෙනකු තුවාල ලබා රෝහල් ගත කළහ. මෙහිදී ආණ්ඩුවේ උත්සාහය සාර්ථකවූ අතර ‘‘නවකවදයට විරුද්ධවීම නිසා අන්තරේ සිසුන් තමන්ට පහරදුන්නේ යැයි කියමින් මාධ්‍ය සාකච්ඡා පවත්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට අභූත චෝදනා එල්ල කිරීම ආරම්භ කළහ. නවකවදයක් පිළිබදව කතා කළද නවකයන් සරසවිවලට බදවාගෙන වත් නැත. 

එහෙත් ඒ කිසිදු උත්සාහයක් ඔවුන් අපේක්ෂා කළ තරම් සාර්ථක නොවූ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා තාක්ෂණ පීඨය අතර පැවති සාම්ප‍්‍රදායික ගැටුම යොදාගත්තේය. 

මෙම ගැටුම් නිර්මාණය කිරීමේ අරමුණ වී ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීම සඳහා නව ප‍්‍රවේශයක් ලබා ගැනීමයි. පසුගිය වර්ෂ 3ක පමණ කාලය තුළ ශිෂ්‍ය නායකයින් හා ක‍්‍රියාකාරීන් පංති තහනමට හා ශිෂ්‍යභාවය අහෝසිකිරීමට ලක්කරමින්, අත්අඩංගුවට ගනිමින්, ආරක්ෂක අංශ ලවා පවුල්වලට පවා බලපෑම් කරමින්, සැලසුම් සහගතව සිසුන් ඝාතනය කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය දණගස්වා අධ්‍යාපන අයිතිය කොල්ලකෑමට ගන්නා ලද උත්සාහය අසාර්ථක වූ අතර ශිෂ්‍ය ව්‍යාපාරය එම අභියෝගයට සාර්ථකව මුහුණ දීම වෙනත් ප‍්‍රවේශයක් වෙත යොමුවීමට බලපාන්නට ඇත. 

ඒ අනුව එම නව ප‍්‍රවේශය වන්නේ අභ්‍යන්තර ගැටුම් එනම් සිසුන් සිසුන් අතර ඇණකොටාගන්නා තත්ත්වයක් නිර්මාණය කිරීම, සිසුන් හා බාහිර සමාජය අතර එනම් සරසවි අවට ගම්වාසින් අතර ගැටුම්වලට ඇද දැමීම, එම ගැටුම් යොදාගනිමින් සරසවි සිසුන් ප‍්‍රචණ්ඩකාරී පිරිසක් ලෙස තහවුරුකරමින් අධ්‍යාපන සටන වටා පෙළගැසෙන ජනමතය ව්‍යාකූල කිරීම, ශිෂ්‍ය අසමගිය ඇතිකිරීම හරහා කේවල් කිරීමේ ශක්තිය දුර්වල කිරීම හා මර්දනය කැදවීම පහසු කර ගැනීමයි. 

පොදු සමාජය තුළ ආර්ථික වශයෙන් පීඩාවට පත් හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය තුළ අයුක්තියට හා අසාධාරණයට ලක්වූ ජනතාවගේ මුලූමහත් විරෝධයම ආණ්ඩුව වෙත එල්ලවී ඇති මොහොතක එම විරෝධය දුර්වල කිරීමට ජාතිවාදය හා ආගම්වාදය වපුරමින් අසාධාරණයට ලක්වූ පීඩිත ජනතාව විවිධ පදනම් ඔස්සේ බෙදා වෙන්කර එකිනෙකා අතර ගැටුම් අවුලූවා ඔවුනොවුන් මරාගන්නා තැනකට තල්ලූකරමින් ඇත්තේ යම් සේද අද ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීම සඳහාද එම උපක‍්‍රමයම යොදා ගනී. එනම් විශ්වවිද්‍යාල සිසුන් පීඨ, බැජ් හා සිසුන්ගේ ප‍්‍රාදේශීය පදනම් යොදාගනිමින් ගැටුම් ඇති කිරීමයි. ඒ සදහා විෂම සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස ජනිත වු සාකච්ඡාකර අවබෝධයෙන් විසදාගත යුතු ප‍්‍රශ්න වැඩි කර ගැටුම් දක්වා වර්ධනය කෙරේ. එසේම සමාජය තුළ මනුෂ්‍යත්වය බිදවැටී ඉස්මතුවී ඇති නරුම ගති ලක්ෂණද, නායකත්ව පුහුණුව තුළින් ගොඩනගන ලද හමුදා මානසිකත්නවයද තවත් සිසුවකුට ලේ ගලන තුරු පහරදීමට තරම්වන පහත් මානසිකත්වයකට සරසවි සිසුන් ඇඳවැටීමට බලපාන්නට ඇත. 

මෙම ගැටුම් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනු ලබන අතර ගැටුම්වලට මැදිහත්වී පාලකයන්ගේ න්‍යායපත‍්‍රවල ගොදුරු නොවන ලෙස අපි සියලූම සිසුන්ගෙන් ඉල්ලා සිටිමු. විශේෂයෙන් අප මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය අවබෝධ කරගන්නා ලෙසයි. ගැටුම් නිසා මෙම පීඨ දෙකෙන් එකකට වත් ලැබෙන වාසියක් නැත. නිරපරාදේ තුවාල සිදුකරගැනීම, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම,හා උපාධිය ලබාගැනීම සඳහා ගතවන කාලය දීර්ඝවීම පමණි. පාලකයන්ට මෙම ගැටුම් ඉතාමත් වාසි සහගතවන අතර කිසිදු ශිෂ්‍ය ගැටලූවක් නොවිසදා සිය මුග්ධ පාලක පැවැත්ම පවත්වාගෙන යාම සදහා අවස්ථා උදාවේ. අනෙක් පැත්තෙන් එය ආණ්ඩුවට වාසි සහගතවන අතර ගැටුම් පිළිබඳ රූපරාමු පෙන්වමින් සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයම රටතුළ අපකීර්තියට ලක්කිරීමට ඉන් අවස්ථාව ලැබේ. අවසාන වශයෙන් කිහිප දෙනකුගේ දේශපාලන න්‍යායපත‍්‍රයන්ට අනුව නිර්මාණය කරන ගැටුම්වල ගොදුරක් නොවන ලෙස හා සහෝදරත්වයෙන් එක්ව නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් රැකගැනීමට පෙළගැසෙන මෙන් මොරටුව සිසුන්ගෙන් අපි ඉල්ලා සිටිමු. 

මීට අමතරව තෝරාගත් ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් ඉලක්ක කර රජයේ සන්නද්ධ අංශ විසින් කරනු ලබන පහරදිමේ වැඩපිළිවෙලක්ද ක‍්‍රියාත්මක වේ. පසුගිය දෙසැම්බර් 30වන දින් අලූයම කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සුරංජිත් සහෝදරයාට පහරදීම හා පසුගිය 16වන දින රාති‍්‍ර රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධන සහෝදරයාට පහරදීම හා පැහැරගෙනයාමට උත්සාහ කිරීම මෙහි ආසන්නතම සිදුවීම් වේ. මෙම පහරදීම් මෙම සිසුන් විසින්ම සිදුකරගන්නා ලදැයි ඇමතිවරයා, උපකුලපතිවරු හා ආණ්ඩුවේ දේශපාලන හෙන්චයියෝ ප‍්‍රකාශ කරති. ඒ සුත‍්‍රයට අනුව රටේ සිදුවන අතුරුදන්කිරීම්, පහරදීම්, ඝාතන හා ලිංගික අපචාර යනාදී සියල්ල තමා විසින්ම ඒ ඒ පුද්ගලයන් කරගන්නා ලදැයි කීවොත් පුදුම විය යුතු නැති අතර පසුගිය කාලය තුළ ආණ්ඩුව එවැනි මුග්ධ ප‍්‍රකාශ ඕනෑතරම් සිදු කර ඇත. 

එම නිසා ගැටුම් ඇති කර සරසවි අවුල්කරන හා ශිෂ්‍ය නායකයින්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය මුදාහරින ආණ්ඩුවේ පිළිවෙත දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනු ලබන අතර මෙම පිළිවෙතට එරෙහිව නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් රැකගැනීම වෙනුවෙන් හා රට තුළ මානව නිදහස ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු."

4 comments:

අනේ හුකේ නන්නනනේ...! තොපි හිතුවද අපිත් තොපි වගේ ජාතියක් ජම්මයක් නැති කාලකණ්නි මෝඩයෝ කියලා....! ?

මේ හු...නො නිසා 1987 අපිට අවුරුදු 3ක් නැති උනා. ඒ අවුරුදු 3 පසුබෑම ජිවිත කාලයටම බලපෑවා.. හෙන ගහපියව් කාලකන්නින්ට

NDT අයට වෙනම චාම්පුස් එකක හදල තියනවා එත් මෙයාලා එකට යන්නේ නෑ... ඇයි?????? එතකොට මුන්ගේ t-shirt එකේ univercity of moratuwa කියල ගහගන්න බැනේ... නැත්තම් හොදට අලුතෙන් හදල දීපු තැනට ගෙහින් අතපය දිග ඇරලා ඉගෙනගන්න පුළුවන්කම තියන එකේ අනුන්ගේ තැනකට වෙලා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නේ මොකටද??????????????? මෙහෙම කියන්නේ මමත් NDT කරපු කෙනෙක් මම කරෙත් මොරටුවෙමයි එත් ඒකාලේ අපි කලේ අපේ සහෝදර eng යාළුවොත් එක්ක එකතු වෙලා අපිට වෙනම චාම්පුස් එකක් දෙන්න කියල ඉල්ලපු එක එක දැන් හැබෑ වෙලා තියනවා එත් දැන් ඉන්න කාලකන්නි NDT එවුන්ට ඕන වෙලා තියෙන්නේ ඉගෙනගන්න නෙමෙයි බොරුවට t-shirt අඩන පාරේ යනගමන් කෙල්ලෝ දාගන්න එච්චරයි. 98 ඉදපු අපේ eng සහෝදරයෝ නිසා අද මම NDT කරත් LECO එකේ enginer කෙනෙක්. අද ඉන්න NDT නරි නාටක අතරයි අපි අතරයි තියන වෙනස එකයි.
අපි එදා NDT අවේ කොහොමහරි ඉගෙනගන්න අපිට එකට eng සහෝලගෙන් ලැබුන උදව් කියල නිමකරගන්න බැරි තරම්... ඒ නිසා මේකේ වැරැද්ද දැන් ඉන්න කාලකන්නි NDT කාරයොන්ගේ විතරමයි

උඹ NDT කියන්නත් නිගාවක් .ජනවාරි 01 NDT කොල්ලන්ට නිකරුණේ පහරදීම් නොකලානම් මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැ.ඒ ගැන මෙම අමනයා දන්නේ නැ වගේ ,.උඹ දැනගනින් NDT ඒක කොහේ තිබුනත් අපිට ජොබ් තියනවා.අපිට univercity of moratuwa කියල ගහගන්න ඕන නැ.ඒ ගැන පරිපාලනය දැනුවත් කරා .එත් තවම වෙනතැනකට ගෙනියනවා කිවුවට එහෙම එකක් හදලා තියනවද?මේ අමනයා කියන විදියට උන්ගේ ගෙදරද අපිට ඉන්න කියන්නේ? තොපි කියන ඉක්මනට එම් ගොඩනැගිලි හදන්න ආණ්ඩුවට බැ ..ඒවා හදපු දාට NDT පාඨමාලාව එතන පටන් ගනීවි.එතෙක් වෙනතුරු බල්ලෙක් වගේ නොබුර හිටපන්.එදාට NDT එකට වෛර කරන උඹ වගේම අනිත් හැම ඒකාටම නින්ද යාවි.

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...