Thursday, July 25, 2013

සත්‍යය වළ දමා සැගවිය නොහැකි බව

මාතලේ උකුවෙල ප‍්‍රදේශයේ විසූ නිශාන්ත රෝහණ සහ සුසන්ත ජානක සොයුරන් මාතලේ විජය විද්‍යාලයත්,විද්‍යා විද්‍යාලයත් බැබළවූ කීර්තිමත් ශිෂ්‍යයින් දෙදෙනකි. දෙදෙනාම උසස් පෙළ හදාළේ ගණිත විෂය ධාරාවෙනි. පාසැල් විවාද කණ්ඩායමෙන් උරුම කර ගත් චතුර කථිකත්‍වයෙන් හා ශිෂ්‍ය භට කණ්ඩායමෙන් ලබා ගත් පෞරුෂත්වයෙන් ඔවුහු පොහොසත් වූහ. හුදෙක් පාසලේ ඉගෙනුමට පමණක් සීමා නොවී මව්බිමේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් උදෙසා ඔවුහු තම කාලය, ශ‍්‍රමය යෙදවූහ. එවකට ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් පෞද්ගලික දේපලක් කර ගැනීමට උත්සාහ කල අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් සුසන්ත සහ ජානක සහෝදරවරු අසීමිත කැප කිරීමක් සිදු කලහ. විශේෂයෙන්ම නිදහසේ ගලා ආ කවි සිතුවිලි මෙන්ම තෙළිතුඩ පහරින්ද ඔවුන් පෙන්වූයේ...

Pages 371234 »