Tuesday, August 27, 2013

ජනතාව වෙනුවෙන් "තරු" වෙන්නට දඟලන දේශපාලුවන්ට














අපේ සංචාරයේදී අපට හමු වූ දැරියක සිය අනාගතය ගැන අප විමසූවිට පිළිවදන් දුන්නේ මෙසේය. "යාන්තම් ඕලෙවල් පාස්‌ උනත් ඉස්‌සරහට ඉගෙන ගන්න මට හිතෙන්නේ නැහැ. තව අවුරුදු දෙකක්‌ ඉගෙන ගන්නවා කියලා කියන්නේ අම්මලාට මාව හිරිහැරයක්‌ කරදරයක්‌ වෙන එකයි. ඉතින් ඊළඟ මාසේ ඉඳලා කැලේ වැව ගාමන්ට්‌ එකට යන්න හිතාගෙන ඉන්නවා.


දුකින් සපිරි - අම්මට සිරි ජන ජීවිතයේ තවත් දේශපාලන අඩව්වක්‌ දැන් කරළියට පැමිණ තිබේ. වයඹ ද මේ දේශපාලන අඩව්වත් සමගින් දිනෙන් දින උණුසුම් වෙයි. තමන්ට මේ දේශපාලන පෙරළියෙන් ලැබෙන වාසි ගැන හූදී ජනතාව නොයෙක්‌ හීන දකිමින් සටිති.

නොයෙක්‌ තාලයේ විපරිත මුහුණු සොමිබර කලාබර යන වංක නාසික මුහුණු වයඹ පළාතේ සිනාසීs තාප්පවල ඇලවී හුදී ජනයින් දෙස බලා සිටිති. ඔවුන් සියළු දෙනාට නේක වර්ණ පැහැගත් පෝස්‌ටර් වලින් කියා සිටින්නේ වයඹට පායන තරු තමන් බවය. සංවර්ධනයේ අරුණළුත් සමෘද්ධියේ සළුපිළිත් ඔවුන් තමන්ගේ ඡන්ද දායකයන්ට ගෙන එන්නට පෙරුම්පුරති.

එහෙත් වයඹ දුගියන්ගේ අනාගතය මේ සීතාම්බර පටවලින් වසා දැමිය හැකිද? ඔවුන්ගේ ජීවිත ගොඩ ගන්නට ඔවුන්ට හෙට දිනක්‌ උදාකර දෙන්නට මේ දේශපාලන විඡ්ජාකරුවන්ට හැකිවේද යන්න විමසිය යුතුම පැනයකි. මේ ලිපිය ලියන මා සහ තවත් සරසවි සිසුන් සහ ආචාර්යවරියක්‌ සමගින් වයඹ පළාතේ දුෂ්කර ගම්මාන කිහිපයක සැරිසරා ගත් අත්දැකීම් කිහිපයක්‌ "දිවයින" වෙත මෙසේ ගොනු කරන්නේ ඔවුන්ගේ සැබෑ දිවි ගැටලු මේ දේශපාලන පුත්‍රයන්ට මේ මොහොතේ හෝ අවබෝධ කර ගැනීම සඳහාය. ඇත්තටම ඔවුන්ට මේ මොහොතේ අවැසිව ඇත්තේ තමන්ගේ දරුවන්ගේ අනාගතය තහවුරු කිරීමටය. එහෙත් ඔවුන්ට ඒ සඳහා කළ හැක්‌කේ කුමක්‌ද?

මේ සංචාරයේ දී පාසල් සිසුන් රැසක්‌ සමගින් කථාබහ කිරීමට අපට හැකිවූ අතර තමන්ට තමන්ගේ අනාගත සිහිනය නොඑසේ නම් තමන්ගේ අනාගත රැකියාව පිළිබඳව ඔවුන්ගෙන් විමසූවිට ඔවුන් බොහෝ දෙනා පැවසුයේ තමන්ට අනාගතයේ වඩාත් වැදගත් මහජන ගරුත්වයක්‌ ඇති වෘත්තිවල නිරත වීමට කැමති බවය.

එහෙත් ඒ සිහිනය ජය ගැනීමට ඇති බාධා ලියන්න යෑයි ඔවුන් කී විට ඔවුන් අතින් ලියෑවුණු දේ බොහෝය. බොහෝ දරුවන් කියා සිටියේ තමන්ට පතපොත අරගෙන දෙන්නට තමන්ටත් තමන්ගේ නංගිලා මල්ලිලා නඩත්තු කරන්නටත් තම දෙමාපියන්ට ආර්ථික හැකියාවක්‌ නොමැති බවය. ඒ නිසාම ඉගෙනුම තමන්aට බරපතළ අභියෝගයක්‌ බව ඔව්හු සටහන් කර තැබූහ.

දෙමාපියන්ගේ සෙවුම් බැලුම් දිරි ගැන්වීම් දරුවෙකුගේ ඉගෙනුමට ඉමහත් දිරි සපයයි. එහෙත් මේ දරුවන්ට එලෙස තම පාසල් වැඩකටයුතු කරගෙන යන්නට තමන්ට උදව්වීමට දිවාකාලයේ අඩුම තරමින් තම මවවත් තමන් අසල නොසිටීම බරපතල ගැටලුවක්‌ව පවතී.

අප නිරීක්‍ෂණය කළ ආකාරයට ආණමඩුවට කිලෝමීටර තිහක්‌ තිස්‌පහක්‌ දුරින් කැලෑ ගම්මානවල කනිටු විදුහල්වල අකුරු කරන දරුවන්ගෙන් ඉහළ ප්‍රතිශතයකට අකුරු ගලපා වචන ලියාගන්නට වාක්‍යයක්‌ හරිහැටි ගැට ගසා ලියාගන්නට හැකියාව නැත.

මෙබඳු ප්‍රකාශයක්‌ සමගම මෙහි වගකීම සෘජුවම දේශපාලන අම්බරුවන් එල්ලකරනු ඇත්තේ මෙබඳු කැලෑබද පළාත්වල අනේක දුක්‌විඳිමින් අහිංසක පැටවුන්ගේ දෙනෙත පාදන ගුරු මෑණිවරුන්ටය, පියවරුන්ටය. එය එසේ නොවේ ·· අවධාරණය කළ යුතු කාරණා වන්නේ ඔවුන්ට අකුරු කියවා ගන්නට පොතක්‌ පත්තරයක්‌, දෙමාපියන්ට තම දරුවන්ට ගෙනවුත් දීමේ නොහැකියාව සහ නොවුවමනාවය.

ගුරු පාරවල් දිගේ ඉරිදා උදයේම ඔවුන් පාසලට එන්නේ පා පැදියෙනි. බොහෝ පාසල්වල දරුවන්ගේ පා පැදි නවතා තබන්නේ දැවැන්ත ගසක්‌ යටය. නොඑසේනම් පාසල් ගොඩනැගිල්ලක අගුවකය. අව්වට වේලෙන වැස්‌සට තෙමෙන මේ බයිසිකල්වලින් බහුතරයක්‌ම දිරාගොස්‌ තිබේ........··

අඩුමතරමින් ටකරන් කොල දහයක්‌ විස්‌සක්‌ සමගින් රීප්ප යොදා මඩුවක්‌ සකස්‌කර මේ පැටවුන්ගේ දඬු මොණර ටික බේරාගන්නට පිළියම් යොදන දේශපාලකයකු සොයාගත නොහැක. අඩුම වශයෙන් මේ වාරයේ ඡන්දයේදීවත් මේ සත්ක්‍රියාව වත් කරන්නට ඔවුන්ට පින් සිත් පහළ වේයෑයි සිතමු.

මවත් පියාත් හේනට පැලට ගියාට පසුව නිවසේ තනිවන අහිංසක දූ දරුවන් කුරක්‌කන් තලපයක්‌ බඩ ඉරිඟු කරලක්‌ තම්බාගෙන කා වේල පිරිමසා ගත්තත් වතුර ගෙන එන්නට ඔවුන්ට කැලෑබද පාරවල් ඔස්‌සේ බොහෝදුර යා යුතුව තිබේ. ආණමඩුව නවගත්තේගම හරහා ගල්ගමුවටම මහපාර කාපට්‌ වෙද්දී මහ මුකලාන මැද්දේ පාසල්වල අකුරු කරන්නට එන දරුවන්ව පිළිගන්නට පාන්දරත් ඉරමල බැසගෙන යන ගොම්මනේත් ගුරු පාරට එන වන අලි ඔවුන්ගේ අනාගත දිවියේ බලාපොරොත්තු සියල්ලම එක රැයින් විනාශ කර දමති.

තමන් ජීවත්වන පුංචි නිවස ජීවිත සටනේ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින මව, හෝ පියා වල් අලියෙකුගේ දැවැන්ත පාදවලට යටවී යාදොaයි යන සිතුවිලිවලින් යුක්‌තව හැමදාම නින්දට යන්නට මේ දරු පොඩිත්තන්ට සිදුව තිබේ.

මේ දරු පැටව් රොත්ත මට හමුවූ දිනය පෙර දිනයේ රාත්‍රියේ දී ද එක්‌ පොඩිත්තියක්‌ පිටුපස දැවැන්ත අලියෙකු හඹාවිත් තිබේ. අප සමගින් ඇය කථාබහ කළ අවස්‌ථාවේදී ද ඇය ඒ මතකයත් සමගින් සිහිසුන්ව ඇද වැටුණාය. මනෝවිද්‍යාවේදී නම් මෙබඳු බියකරු ෙ€දජනක මතකයක්‌ එක්‌වරම මනසේ යළි යළිත් චිත්‍රණය වීම හැඳින්වෙන්නේ පශ්චාත් ව්‍යසන ක්‌ලමතය (ඡඔSD) යනුවෙනි. ඉහතකී මනෝ ගැටලුවට වයඹ කැලෑ ගම්මානවල ඉන්නා පොඩිත්තන්. දරු පැටවුන්, මෙන්ම වැඩිහිටියන් කොපමණ ප්‍රමාණයකින් ගොදුරු වී ඇත්ද........? මෙබඳු තත්ත්වයන් ගැන සොයා බලා ඇත්තේ කවරහුද......?

අලිවෙඩි ප්‍රමාණවත් තරම් නොමැතිවීම, අලි වැටවල් නොදුන්නත් විදුලිය නොතිබීම වන අලින් පන්නා දැමීමට ක්‍රමවත් යාන්ත්‍රණයක්‌ නොමැතිවීම වයඹ කැළෑ ගම්මානවල "පොදු" ගැටලුවක්‌ව තිබේ. එහෙත් බිත්තිවල පාට පාටින් ඇලවී වෛවර්ණ සිනා දල්වාගෙන සිටින දේශපාලන උන්නැහේලාට මේවාට ගෙන ඇති විකල්ප කවරේද?

මේ අහිංසක දරු දැරියන්ට එල්ල වන්නේ මේ ආකාර පීඩාවන් පමණක්‌ම නොවේ. කැලෑ ගම්මානවල පිපෙන මල්වල රොන් සොයන්නට වෙර දරන පාදඩයින් ද කොතෙකුත් වෙති. අහිංසක දැරියන් හමුවේ සරුව පිත්තල ලෝක මවා පා ඔවුන්ව රවටා තම සිතැඟි ඉටුකර ගෙන පලායන අමනයින්ද බොහෝය. එක පාසලක පමණක්‌ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියන් හතර දෙනෙකු මේ වන විට තම ප්‍රේමවන්තයින් සමඟ එකට ජීවත්වෙති. ඒ වයස සම්පූර්ණ වනතුරු කසාද බඳින පොරොන්දුව මත දෙපාර්ශවය සකසාගන්නා ලිපියක මගිනි.

තමන්ගේ දියණියට කුමන හෝ තැනැත්තෙකු ගෙන් හරිහැරයක්‌ සිදු වූ විට මව පියා සිදු කරන්නේ මෙම දැරියන්ව එම තැනැත්තාගේ මව්පියන්ගේද අනු දැනුම මත සකසා ගත් ලිපියක්‌ මත පදනම්ව එකට ජීවිතය ගෙන යන්නට අවසරය දීමය. මෙම ලිපියට අනුව කල වයස සම්පූර්ණ වූවාට පසුව යටකී හිරිහැරය සිදුකළ තැනැත්තාට ම මෙම තැනැත්තිය භාරගෙන ඇගේ ස්‌වාමියා ලෙසට කටයුතු කරනු ඇතැයි විශ්වාසය පදනම් ව මේ ගණුදෙනුව සිදු වුවත් හදිසියේම ඒ ගැටවරයා නිදි පැදුරටත් නොකියා පලා ගියහොත් ඇතිවන තත්ත්වය මේ මව්පියවරුන් නොදකිති.

වයඹ කැලෑබද ගම්මානවල මෙන්ම පහසුකම් අල්ප ගම්මානවල වෙසෙන අහිංසක දරු දැරියන් අපයෝජනවලට ලක්‌වීම සැඟවී ගත් සමාජ ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. මේ දරුවන් කාමුක මාරයන්ගෙන් බේරා ගැනීමට සවිමත් වැඩ පිළිවෙලක්‌ තවමත් ක්‍රියාත්මක වන්නේද නැත. තමන්ගේ දූ දරුවන්ට මෙබඳු විපත්තියක්‌ සිදුවූ විට තමන් අනුගමනය කළ යුතු කාරණා පිළිබඳව හෝ ඊට අදාළ නීතිමය දැනුමක්‌ මේ අහිංසක ගම්මුන්ට ඇත්තේද නැත. රසවින්දනයට ඔවුන්ට ඇත්තේ නිවසේ රූපවාහිනියට ළංවීම හෝ නගරයෙන් රුපියල් හතළිහට අසූවට රැගෙන එන සිංහල හින්දි හෝ දමිල විගඩම් සහිත චිත්‍රපටය. හරවත් ළමා චිත්‍රපටයක්‌ ඔවුන්ට තම ගමේදී ළමාවිය පහුකර යන තෙක්‌ම දැකගන්නට අවස්‌ථාවක්‌ නැත. මේ තරම් තාක්‍ෂණය දියුණු නගරයේ ඇත්aතන්ට මේ දරුවන් වෙනුවෙන් පරිසරයක්‌ ආධාරයෙන් හෝ එබඳු චිත්‍රපටයක්‌ පෙන්වීමට හැකිනම්.....··

ගයන්නට වයන්නට රඟන්නට මෙන්ම වියත් හරවත් ලෙස දෙසන්නටද හැකි දරුවන් අනේක ප්‍රමාණයක්‌ මේ ගම්තුලානවල වෙසෙති. ඔවුන්ව ජාතික තලයට ගෙන ඒමට හැකිනම් ඔවුන් මෙලක ඒකාලෝක කරනු ඇත. තකුහුරු විදුහුරු ලෙසට ලියන්නට හැකි දරුවන්ට අත දෙන්නට හෝ ඔවුන්ව මාධ්‍ය ක්‍ෂේත්‍රයට කැන්දාගෙන ආ හැකිනම්.........? එහෙත් සාමාන්‍ය පෙළ උසස්‌ පෙළ හදාරන්නට අවැසි අමතර පන්ති ගාස්‌තු සොයා ගැනීමට ඔවුන්ට උගහට වන්නාසේම පංතියක්‌ සොයා ඔවුන් යා යුතු වන්නේද එක්‌කෝ කුරුණෑගලටය. නොඑසේනම් පුත්තලමටය.

අපේ සංචාරයේදී අපට හමු වූ දැරියක සිය අනාගතය ගැන අප විමසූවිට පිළිවදන් දුන්නේ මෙසේය. "යාන්තම් ඕලෙවල් පාස්‌ උනත් ඉස්‌සරහට ඉගෙන ගන්න මට හිතෙන්නේ නැහැ. තව අවුරුදු දෙකක්‌ ඉගෙන ගන්නවා කියලා කියන්නේ අම්මලාට මාව හිරිහැරයක්‌ කරදරයක්‌ වෙන එකයි. ඉතින් ඊළඟ මාසේ ඉඳලා කැලේ වැව ගාමන්ට්‌ එකට යන්න හිතාගෙන ඉන්නවා.

ඉහත ප්‍රකාශය බොහෝ දැරියන් ගේ පොදු ප්‍රකාශයක්‌ බවට පත්ව තිබේ. බොහෝ දැරියන් පුත්තලම, ආණමඩුව සහ කටුනායක ඇඟලුම්හල්වල තම හිරිමල් යෞවනය කැප කරති. මේ දැරියන්ව අතරමං කර පලා යන ඇත්තන් නිසා වල්මත්ව පුත්තලමේ ගෙස්‌ට්‌ හවුස්‌වල මේ තරුණියන් "තොග ගණනින්" සල්ලාලයන්ට අළෙවි වන ස්‌ථාන පුත්තලමේ නොමැත්තේද එබඳු තැන්වලට සිරම්ඩි අඩියටත් එහා ගම්මානවල සිට තරුණියන් බයිසිකල්වල ත්‍රිරෝදවල පටවාගෙන එන බ්‍රොaකර්ලා නැත්ද.....? ඔවුන් මේ වෘත්තිය අදටත් යහමින් සිදුකරන්නේ කාගේ අනුබලය අනුහස යටතේද. අප විමසන්නෙමු......· කාන්තා ළමා හිංසන අපයෝජන ගැන කුරුණෑගල පුත්තලමේ ආණමඩුව මෙන්ම නවගත්තේගමද පෙළපාලි, සමුළු, වැඩමුළු අනන්තවත් සිදුවෙයි. එහෙත් කැලෑ ගම්මානවල අහිංසක ගැමියන්ට ඉන්වන ප්‍රතිඵලයක්‌ නැත.

සියල්ලම කරුමයට භාරදී අනාථ වූ තම දැරිය දෙසත් ඇගේ ලේ කැටි සිඟිත්තා දෙසත් බලමින් සුසුම්ලන අම්මලා මේ ගම්මානවල සිටිති.

ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට ඔවුන් වෙනුවෙන් මැරෙන්නට සහ ඔවුන්ට "හිරු" වෙන්නට දඟලන ඇත්තන්ට දවසකට රුපියල් දාහේ පඩියට පෝස්‌ටර් අලවන තරුණයන් ගෙන්ද විද්‍යාමාන වන්නේ අප කලින් විස්‌තර කළ සියලු කාරණාවල සංක්‍ෂිප්තයයි.

එහෙත්........ මතක්‌ කරමු අහිංසක ජනතාවගේ සිතුම් පැතුම් මල්ල තමන් අතට ගෙන ඒ අහිංසකයන් ගොනාට අන්දවා මනාප ඩැහැගෙන කවුන්සලයට රිංගාගන්නට වෙර දරන උන්නැහේලා කෙදිනක හෝ ජනතා පරමාධිපත්‍යයට ප්‍රංශයේ ලූවී රජතුමාලාගේ වංශයේ ඇත්තන් ගොදුරු වූවාසේම ගොදුරු වනු ඇත.

ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
අපරාධ විද්‍යාව සමාජවිද්‍යාව පිළිබඳ 
හිටපු කථිකාචාර්ය

උපුටා ගැනීම දිවයින 27-08-2013

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...