Sunday, April 27, 2014

නේවාසිකාගාර ගැටලුවට විසදුම් ඉල්ලීම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහිමි කිරීම සම්බන්ධව සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීමයි.

කොළඹ විශ්වවිද්‍යාල නේවාසිකාගාර පිළිබද විස්තර හා එහි ඇති වී අති ගැට`එ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුහු 10 000 ට අධික ප‍්‍රමාණයක් අධ්‍යාපන පීඨ 07 හා මණ්ඩප 02 ක ඉගෙනුම ලබති. මෙයින් වාර්ෂිකව නේවාසිකාගාර පහසුකම් ලැබෙන්නේ සිසුන් 3000 ට පමණ අඩු පිරිසකටය. එහිදි නේවාසිකාගාර පහසුකම් ලබාදීමේදි සලකා බැලෙන නිර්ණායක ලෙස, මු`එ පවුලේ වාර්ෂික ආදායම රුපියල් ලක්‍ෂයට වඩා අඩුවීමවිශ්වවිද්‍යාලයේ සිට නිවසට ඇති දුර කි.මී.50 ට වැඩිවීමශිෂ්‍යයා රැුකියාවක් නොකිරීම ආදි ලෙස ප‍්‍රධාන කරුණු සලකා බැලේ. මෙය විශ්වද්‍යාලය මගින් සාදාගන්නා ලද නිර්ණායක වන අතර පිටස්තර කිසිදු ආයතනයකින් හෝ මේ ස`දහා නිර්ණායක දක්වා නොමැත. මේ ආකාරයෙන් නේවාසිකාගාර ලබන මු`එ සිසුන් ප‍්‍රමාණයෙන්...

Thursday, April 24, 2014

සමසෞඛ්‍ය උපාධිය කප්පාදු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි

සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ උපාධි කාලසීමාව කප්පාදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බවත්, සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසු ප්‍රශ්නය ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. මඩකලපුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල එම තත්ත්වය නොමැති බවද ඒ මහතා පැවසීය. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාල සිසුන් හත්සිය එකොළොස් දෙනෙකුට මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් ලබාදීම සඳහා උඩරට කලා සංගම් ශාලාවේදී පැවති උත්සව සභාව අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමසෞඛ්‍ය විද්‍යා...

Saturday, April 5, 2014

වෛද්‍ය මා‍ෆියාව හා සම සෞඛ්‍ය ප්‍රශ්නය

පේරාදෙණිය හා රුහුණ සරසවි වල සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් දැන් මාස 2 කටත් අධික කාලයක් තිස්සේ ගලහ මං සන්ධියේත්, ගාලු නගරයේත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වමින් සිටිති. මෙම සත්‍යග්‍රහය ගැන අදාල කිසිම බලධාරියෙකුගේ අවධානය යොමුව ඇති බවක් නොපෙනේ.කාලයත් සමග සිසුන් උනන්දුව හීන වී සත්‍යග්‍රහය නවතා ආපසු දේශනවලට සහභාගි වනු ඇතැයි බලධාරින් සිතා සිටින බවක් ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් පෙනේ. මෙම වර්ජක සිසුන් ඉල්ලා සිටින්නේ කුමක්ද? 2006 දී මෙම සම සෞඛ්‍ය විද්‍යා පීඨ ආරම්භ කරන විට වසර 4ක්ව තිබී පසුව වසර 3කට කපාදු කරන ලද පාඨමාලා කාලය නැවත වසර හතර දක්වා දිගු කර දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති. ආරම්භයේදී වසර 4කට සැලසුම් කර සිසු කණ්ඩායම් කිහිපයක්ම උපාධිය ලබාගන්නා...

Pages 371234 »