
සරසවි ශිෂ්‍යයන් වෙත නොයෙකුත් ආකාරයේ විවේචනයන් එල්ලවන වකවානුවකි මේ. ඒ කෙසේ වෙතත් සරසවි ශිෂ්‍යයා යනු ශ්‍රී ලංකාවේ ගමන් මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි කොටසක් බව පිළිගැනීමට සිදුවේ.
වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති තවත් අභියෝග කිහිපයක් පිලිබඳව මොරටුව සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දසුන් උදාර විජේසේකර සමඟ මව්බිම වෙබ් අඩවිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.
මේ දවස් වල මොකද වෙන්නේ. සයිටම් සටන දිනයිද?
රාජිත ඇමති තුමා තමන්ගේ ලේලිත් දැන් සයිටම් එකෙන් අයින් කරන් ඉන්නේ. නෙවිල් ප්‍රනාන්දු පිස්සෙක් වගේ හොර උපාධි කඩේ රිංගවගන්න තැනක් හොය හොය ඇවිදිනවා.
සයිටම් සටන ජනතාවගේ පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා ඉවරයි....