Saturday, January 19, 2013

යාපනය සරසවි සිසුන් වහා නිදහස් කරනු!

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් වහාම නිදහස් කිරීමටත් උතුරේ මිලිටරි පාලනය ඉවත් කොට සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමටත් උතුරේ ඉඩම් කොල්ලය වහාම නතර කිරීමටත් ආණ්ඩුව පියවර ගත යුතු යැයි සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පැවසීය.  ඔහු මේ බව පැවසුවේ අත්අඩංගුවේ සිටින යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සිව් දෙනා වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කිරීමේ අන්තර්ජාල පෙත්සමකට අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි. සම අයිතිය ව්‍යාපාරය විසින් රාජගිරිය ‘සිංහ’ සමාජ ශාලාවේදී මෙම අන්තර්ජාල පෙත්සම විවෘත කරනු ලැබීය. http://www.ipetitions.com/petition/free-jaffna-students-leadersවෙබ් ලිපිනය ඔස්සේ මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් කළ හැකිය. අන්තර් විශ්වවිද්‍යාලයීය...

සිසු දඩයමටත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය වීදි සටන් අරඹයි..

රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධනට පහරදීමට එරෙහිව අද දිනයේ උද්ගෝෂණ ව්‍යාපාරයක් හා පා ගමනක් සංවිධානය විය. ඊයේ (13/01/16) දින රාත‍්‍රියේ දස දෙනෙකුගෙන් පමණ සමන්විත සන්නද්ධ මැරපිරිසක් යොදා කළ මෙම පහරදීමට එරෙහිව වැල්ලමඩම රුහුණ විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ සිට මාතර නගරය දක්වා සිසුන් දහසක් පමණ පා ගමනින් පැමිණ උද්ඝෝෂණයෙ යෙදුනේය.  අද දින (17) දහවල් 12ට පමණ ඇරඹි මෙම පාගමන සවස දෙක පමණ වනතෙක් පොලිසියේ බාධා නොතකා ඉදිරියට ඇදුනි. මාපලාන කෘෂි විද්‍යාලයේ සිසුන් එම පීඨය ඉදිරිපිටද කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් එම පීඨය ඉදිරිපිටදීද මෙලෙස උද්ගෝෂණයේ යෙදුනේය.  මෙහිදී ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ මෑතකදී විශ්වවිද්‍යාල ආචාර්ය පා ගමනේදී...

ස්ථීර පත්වීම් නිදහස් උපාධිධාරීන්ට

පසුගිය ජනවාරි 12 වැනිදා අභ්‍යාසලාභී උපාධිධාරීන්ට සිය පත්වීම් ස්ථීරකරන බව පවසා පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පවත්වන ලද සමුළුවේදී පත්වීම් ස්ථීර කරනු ලැබුයේ ආණ්ඩුවට පක්ෂපාති ශ්‍රී ලංකා නිදහස් උපධිධාරී සංගමයේ කොටසකට බව උපාධිධාරී මධ්‍යාස්ථානයේ කැඳවුම්කරු සුජිත් කුරුවිට මහතා පවසයි.  වැඩිදුරටත් අදහස් දැක්වු කුරුවිට මහතා පැවැසුවේ සමුළුවට සහභාගීවු උපාධිධාරී අභ්‍යාසලාභීන් බහුතරයක් දෙනාට ස්ථිර පත්වීම් නොලැබුණු බවත් සමුළුවට සහභාගි වූ 20,000ක් පමණ පිරිසට ගෘහස්ථ ක්‍රීඩාංගණයේ එළිමහනේ සිටීමට සිදුවූ බවත්ය. එසේම රුපියල් දස දහසක් වැනි ඉතා අඩු දීමනාවක් යටතේ සේවය කරන මෙම උපාධිධාරීන්ට රජයෙන්...