Friday, May 3, 2013

මාලඹේ උපාධි කඩය

ජනාධිපති අරමුදලෙන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍යයන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දීම. අගමැතිවරයා ඇතුළු පිරිස විසින් එම ආයතනයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් විවෘත කිරීම.....හොරකම් කරපු මුදලින්, හොර තිප්පලකට දාන දෙනවා වගේ වැඩක්.... -වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව-‘‘ආණ්ඩුව මාලඹේ උපාධි කඩය පවත්වගෙන යන්න පුළුවන් උපරිම මැදිහත්වීම කරමින් ඉන්නවා. ඒ පිළිබඳව ජනතාව තුළ යහපත් චිත‍්‍රයක් හදන්න නිරුවතින් රඟන තත්වයකට දැන් පත්වෙලා. ජනාධිපතිවරයාගේ සිට එක පෙළට පහළට සියළු දෙනා දැන් මේ රංගනයට සහභාගී වෙලා. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තව දුරටත් පැවතිය යුතුයි කියලා හිතන සියළු දෙනා මේ තත්වය පරාජය කරන්න පෙරට ආ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා.’’වෛද්‍ය පීඨ ශිෂ්‍ය...

Thursday, May 2, 2013

ලාබයි ලාබයි වෛදය උපාධි ලාබයි...!

මීට කලකට පෙර අපේ සමාජයේ පෞද්ගලික වෛද්යය විද්යාල කියන ප්‍රශ්නය දැඩිව කතා වුනා. එහෙත් මේ වන විට ඊටත් වඩා ඉතා බරපතල ප්‍රශ්නයක් මතු වීගෙන එනවා. කොහොමද ඔයාලට කැමති උපාධියක් කැමති ගානකට ගන්න තිබ්බොත්. ඔන්න එහෙනම් එස් බ් ඇමතිතුමාගෙන් අලුත් වැඩසටහනක් ඇරබිලා තියනවා. ඒ තමයි මෙතෙක් කල් පෞද්ගලික විශ්ව විද්යාල හරහා ගෙනෙන ලද පුද්ගලික උපාදි වලට අමතරව තවත් කටයුත්තක් ඇරබීම. ඒ තමයි රජයේ විශ්ව විද්යල තුලම ශ්‍රි ලන්කවේ උපාදි විකිනීම්. සමහර විට ඔයගොල්ලන්ටත් හිතෙන්න පුලුවන් කොච්චර හොදද අපටත් මහන්සි වෙන්නේ නැතිව උපාධි ගන්න පුලුවන්නේ කියලා. ඒකත් ඇත්ත කොච්චර හොදද දොස්තර කෙනෙක් වෙන්න තියනවනම් නේද..? ඔන්න එහෙනම් ඔය ගොල්ල හැමෝටම අවස්ථාව තියන්වා දොස්තර කෙනෙක් විතරක් නෙවෙයි,...

Wednesday, May 1, 2013

මැයි දින උපත හා අරුත!

May day අප සතු සෑම වරප්‍රසාදයක්‌ම කිසියම් කාලයක, කිසියම් වකවානුවක කවර හෝ ජන කොටසක්‌ විසින් කරන ලද වෘත්තීය සටන්වල ප්‍රතිඵලයක්‌ ලෙස අප අමතක කළ යුතු නොවේ. වරප්‍රසාද දිනා ගැනීමට සිදුකළ වෘත්තීය සටන් කෝටි සංඛ්‍යාත වැඩකරන ලෝක ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් ගෙනගිය සටන්වල ප්‍රතිඵලයක්‌ වන අතර කම්කරුවන්ගේ දිනය වන මැයි දිනය බිහිවන්නේද එලෙසය. වැඩකරන ජනතාවගේ උරුමයක්‌ වන මැයි දිනය මේ වන විට අවස්‌ථාවාදී දේශපාලනඥයින් විසින් සින්නක්‌කර අයිතියට පවරාගෙන භුක්‌ති විඳින බව අප සැමට ඇස්‌ පනාපිට පෙනෙන්නට ඇත. ඒ කෙසේ වෙතත් කම්කරුවන්ගේ උත්කෘෂ්ඨ සැමරුම් දිනයක්‌ වන මැයි දිනය දේශපාලන පක්‍ෂවල නාඩගම් උළෙලක්‌ විය යුතු නැති අතර එම දිනය බිහිවුණේ කෙසේද යන්න අප විමසා බලමු. කාර්මික...