Friday, May 16, 2014

පොලීසිය කොළඹදී සිසුන් සිව් දෙනෙකු පැහැර ගනී...

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අද (16) පැවති උද්ඝෝෂණයකින් අනතුරුව ශිෂ්‍ය නායකයන් සිව් දෙනෙකු පැහැර ගැනීමට ලක්ව ඇත. ඔවුන් පැහැර ගනු ලැබූවේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් වන අතර අනතුරුව ශිෂ්‍ය නායකයන් සිව් දෙනා ත‍්‍රී රෝද රථයකට බලහත්කාරයෙන් නංවාගෙන ගෙන ගොස් තිබේ. නමුත් පසුව පොලිසිය පවසන්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන කිරුළපන පොලීසියේ රඳවාගෙන සිටින බවයි. මෙසේ පැහැරගෙන ඇත්තේ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකර, පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රජිත ප‍්‍රසාද් නන්දසේන, පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උප සභාපති පසන් හේවාවිතාරණ සහ රුහුණ සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සුරේෂ් මධුසංක යන සිසුන්ය. මොවුන් පැහැරගෙන...

Thursday, May 15, 2014

අපි අහනවා... මොකක්ද මේ නීතිය? අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික

පසුගිය 07 වැනිදා පැවති පාගමනට හේතුව මොකක්ද? රජරට විශ්වවිμාලයේ සිසුන් 27 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමටත්, සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමටත් විරුද්ධව රජරට සරසවියේ සිසුන් ආරම්භ කළ සත්‍යග‍්‍රහයට දින 150 ක් වෙනවා. සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට විරුද්ධව පේරාදෙණියේ සත්‍යග‍්‍රහයට දින 135යි, ගාල්ලෙ දින 127 යි, කොටුවේ දින 42යි. මේ දින 150 තුළ ජනාධිපතිවරයාගේ සිට සියලූ දෙනාට ලියුම් මඟින් දැනුම් දුන්නා. උද්ඝෝෂණ කළා. පාගමන් ගියා. සකච්ඡුා කළා. නමුත් උත්තරයක් නැති නිසා අරලිය ගහ මන්දිරය දක්වා පාගමනක් යන්න තීරණය කළා. පාගමනෙන් විසඳුමක් ලැබුණද? නැහැ. අරලියගහ මන්දිරය අසල දී පොලිස් නිලධාරියෙක් කිව්වා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුාවක් දෙනව කියල. සාකච්ඡුා...

සරසවි ඇදුරෝ 03 වනදා වැඩ වරති

සිය ඉල්ලීම්වලට මෙතෙක් නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ලබන මස 03 වැනිදා වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ඉන් පසුවත් පිළිගත හැකි ප්‍රතිචාරයක්‌ නොලදහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව එම සම්මේලනය පවසයි. ද ඉන්ඩිපෙන්ඩන්ට් කළ විමසීමකට පිළිතුරු දෙමින් සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා සදහන් කළේ ආචාර්යවරුන් දැනට මුහුණපාන වෘත්තීමය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කර නැති බැවින් ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය යළි පණ ගැන්වීම සදහා මීට පෙරද කටයුතු යොදා තිබුණත් බලධාරීන් විසින් අදාළ ඉල්ලීම් මේ වර්ෂයේ ජුනි මාසය වන විට ඉටුකිරීමට පොරොන්දු...

Pages 37« 12345 »