මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ‘අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කළ යුතුය’ යන ඉල්ලීම ඉදිරිපත් කළ විට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එය ‘පිස්සු කතාවක්’ යයි උපහාසයට ලක් කළේය. ඉන් පසු කරලියට පැමිණි නේකාකාර පඬියෝ (මේ වචනයෙහි අයිතිය නලින් ද සිල්වා සතු ය) ඉර හඳ දිවුරා කිව්වේ මේ 6% ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් නො වේ ය කියා ය. ගණිත මහාචාර්ය නලින් ද සිල්වා එක්තරා රූපවාහිනී වැඩසටහනක දී ‘මට ගණිතය උගන්වන්නට එනවා ද?’යි තර්ජනාත්මක ව විමසමින් දළ දේශීය නිෂ්පාදිතය යන සංකල්පය ම උඩුයටිකුරු කොට අච්චාරුවක් කළේය. ඇමතිවරයාට අනුව 6% යනු පෞද්ගලික අංශය, දෙමාපියන් සහ රජය යන සියලු පාර්ශ්වයන් විසින් අධ්‍යාපනයට කරන ආයෝජනයෙහි එකතුව යි.
6% යෝජනාව ගැන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තම සම්මේලනයේ ම සිටින ආර්ථිකවිද්‍යාඥයන්ගෙන් විමසා තිබේ දැයි යන්න සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතාට මහත් ගැටලුවක් විය ( මන්ද එය එතරම් ම පුදුම සහගත යෝජනාවක් බැවිනි). මෙවැනි අරුම පුදුම ඉල්ලීම් ඉල්ලන පිස්සන් ලංකාවේ පමණක් නො ව ඉන්දියාවේ ද සිටින බවත්, ඒ පිස්සු ඉල්ලීම ඉටු කිරීමට තම රාජ්‍ය නායකයාගේ අවධානය යොමු කරවීමට එම පිස්සන් සමත් වී ඇති බවත්, පොරොන්දු ඉටු කරන මෙන් ඉල්ලා දිගින් දිගට ම නොයෙක් වැඩසටහන් මේ පිස්සන් විසින් ක්‍රියාත්මක කරන බවත්, මේ සියලු දෙනාගේ දැන ගැනීම පිණිස සටහන් කරනු කැමැත්තෙමි.
‘නමය මගෙයි’ හෙවත් ‘Nine is Mine’ ව්‍යාපාරය 2006 ඔක්තෝම්බර් 16 වැනි දින ඉන්දියාවේ දිල්ලි නගරයේ දී දියත් කෙරුනේ අධ්‍යාපනය සඳහා 6% ක් ද, සෞඛ්‍යය සඳහා 3% ක් ද, වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් වෙන් කිරීමට ඉන්දීය රජයට බලපෑම් කිරීම සඳහා ය. පාසල් දරු දැරියන් 4500 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපාරය ප්‍රාන්ත 23ක් පුරා පැතිරුණු සිවිල් සමාජ සංවිධාන 3000 ක එකමුතුවක් වන Wada Na Todo Abhiyan (Keep Your Promise Campaign) මගින් ඉදිරියට ගෙනයනු ලැබෙන්නකි.
එදා සිට අද දක්වා මේ ව්‍යාපාරය මගින් තම ඉල්ලීම දිනා ගැනීම සඳහා ප්‍රජා සහභාගිත්ව වැඩසටහන්, රාජ්‍ය නාකයන් දැනුවත් කිරීම් හා හමුවීම්, පෙත්සම් අත්සන් කිරීම්, විදේශීය සහයෝගිතාවන් ගොඩනැගීම් ආදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවූ දරු දැරියෝ තම ඉල්ලීම ඉටු කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ. පොරොන්දු නැවත මතක් කරමින් ඔවුහු අගමැති නිල නිවස ඉහළ අහසේ සරුංගල් යැවූහ. එපමණකින් නො නැවතුණු ඔවුහු නව ජනාධිපතිවරයා වශයෙන් පත් වූ ප්‍රනාබ් මුකර්ජි හමුවී පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා සිටියහ.
මේ ව්‍යාපාරයෙහි සිත්ගන්නා සුලු ලක්ෂණය වන්නේ එහි අවසන් අරමුණ වන්නේ දුප්පත්කම ජයගැනීම වීමයි. අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම දුප්පත්කම තුරන් කිරීමට සම්බන්ධවන්නේ කෙසේ දැයි මන් මෝහන් සිං අගමැතිවරයා හෝ ප්‍රනාබ් මුකර්ජි ජනපතිවරයා අසා නැත. එහෙත් ලංකාවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා තප්පු ලෑවේ ‘අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන්නේ සමෘද්ධිය කපලා’ දැයි අසමිනි. අධ්‍යාපනය දුප්පත්කම දුරලීමේ ප්‍රමුඛ ම මාර්ගය බව නො දන්නා උසස් අධ්‍යාපන ඇමතිවරයෙක් සිටින....අපි කොතරම් වාසනාවන්ත ද......?
එසේ ම නිත්‍ය සතුරු රාජ්‍ය දෙකක් මැද පිහිටි සිය රටෙහි ආරක්ෂාව වැදගත් නිසා අධ්‍යාපනයට ප්‍රමුඛතාව දිය යුතු නැතැයි කියන ගණිත මහාචාර්යවරයෙක් ද තවමත් ඉන්දියාවෙන් බිහි වී නැත. ( ඉන්දියාව කෙතරම් අවාසනාවන්ත ද?)
අපටත් මේ ව්‍යාපාරයෙන් ඉගෙනීමට යමක් ඇතැයි සිතමි. කරුණාකර පහත සබැඳියෙන් ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස බලන්න.

0 comments:
Post a Comment
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...