Tuesday, September 18, 2012

නෙලුම් කුළුනෙ අනුහස්

ඇමෙරිකන් ඩොලර් මිලියන් 100ක් නොහොත් රුපියල් මිලියන එකොලොස්දහසක් නොහොත් රුපියල් කෝටි 1100 ක වියදමින් ගොඩ නැගෙන නෙළුම් කුළුණ නම් වූ මීටර් 350ක් වන සම්ප්‍රේෂණ කුලුණ ට පසු ගිය දා මුල් ගල තැබිණි.

ඒ සමග ශ්‍රී ලංකාවට මෙතෙක් තිබූ ලොකුම අඩු පාඩුව සම්පූර්ණ වූ බව හද පිරි ප්‍රීතියෙන් යුතුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව මෙතෙක් ඌන සංවර්ධිත රාජ්‍යයක් වශයෙන් හැඳින්වූයේ මෙවැනි කුලුනක් නැති නිසා බවත්, කුලුන සමග ශ්‍රී ලංකාවාසි ජනතාවට බොහෝ වාසි ලැබෙන බවත් ඒ සමග හෙලිදරව් වෙයි. ශ්‍රීලංකාවේ සියලු පාසැල් රාජකීය ශාන්ත ‍තෝමස් මට්ටමට එක ‍රැයෙන් උසස් වෙනු ඇත. ඒවාට අවශ්‍ය පමණටත් වඩා ගුරු වරුන්, උපකරණ හා ලී බඩු, පුස්තකාල ලැබෙනු ඇත. අධ්‍යාපනය නගරබද ගම්බද බේදයකින් තොරව සියලු දෙනාට ලැබෙනු ඇත.
කුළුන විවෘත කර දින තුනක් ඇතුලත ලංකාවේ සරසවි සියල්ල ඔක්ස්පර්ඩ්, හාවර්ඩ් මට්ටමට ලඟා වෙන අතර උසස් පෙල විභාගයට පෙනී සිටින සියලු දෙනා සරසවි වලට ඇතුල් කර ගනු ඇත. එක ශිෂ්‍යාට එක්කෙනා බැගින් මහාචාර්යවරු ලැබෙනු ඇත. අප මේ පැවසූයේ නෙළුම් කුළුණ නිසා මෙරට ජනතාවට ලැබෙන වාසි වලින් ඉතාම ස්වල්පයකි. එම නිසා මේ උදාර කුලුනු කටයුත්තට සිතුවිල්ලකින්වත් විරුද්ධ වී ජාතියට ද්‍රෝහි නොවන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටිමු.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...