Wednesday, October 10, 2012

මහත්තයා පෙට්ටියක් තෝරාගත්තා ද?

සමා වෙන්න මිතුරනේ ඔබ සතුටින්, මල් සහ විනෝද කථා ෆේයා කරන හෝ කියවන මෙවන් වේලාවක අහඹුලෙස හෝ ඔබේ ඇස ගැටීමට මේවාගේ සමාජ අසාධරණයක් ෆේයා කරන්න වීම ගැන. එය මාගේ වරදක් නොවේ. ඔබද මමද ජීවත් වෙන සමාජයෙන් උරුම වී ඇති කරුමයක් ය. ඔබට එය නොතෙරෙනවා විය හැකියි.

සමාවෙන්න ඇදුරුතුමනි මට මෙවැන්නක් ලීවීමට වීම ගැන. දැන් දැන් අප අරගලය තල්ලු වී යන දිශාව පිළිබද සාධාරණ සැකයක් මතුවෙමින් තිබෙනවා. මා දන්නේ නෑ ඔබ අපව, රටේ අනාගතේ දරුවන්ගේ අයිතිය පවා දෙයිද කියා, ඔබට එවැන්නක් කළ හැකිනම් ඔබ අපටත්, රටටත්, රටේ අනාගත දරුවන්ටත් දෙන දෙන පුර්වාදර්ශයත් එයම වේ.  මන්ද පසුගිය දින කීපය තුල 6% සටන පිලිබදව කිසිදු සදහනක් නොමැති වීම නිසා, සාපේක්ෂව ආචාර්යවරැන්ට වඩා ඉතාම පහල සමහර විට එදාවේල නොකා හරි මිනිසුන් මේ අරගලයට ආශිර්වාද කලේ 6% නිසා. ආචාර්යවරුනී ඔබට එය අමතක කරදමා, අඩුම කරමේ ප්‍රකාශයක් වත් නොකර සිටිය හැකිද?.

සමාවෙන්න දයාබර අම්මේ තාත්තේ, ඔබටද කීමට දෙයක් ඇත. ඔබ දකිනුයේ රාජ්‍ය වාහිනී සහ කඩේ යන වාහිනී පෙන්වනා දේවල්ය. නමුත්, අපි ඔබටත්, සමහර ආචාර්යවරුන්ටත්, අනෙකුත් විනෝදකාමී මිතුරන්ටත් වඩා උගුරට ලේ රස දැනී ඇත. කෑමට බීමට මුල් තැන නොදී ඔබව දැනුවත් කිරීමට උත්සාහ කළෙමි. එ ඔබේ අනාගත දරුවන් වෙනුවෙනි. නමුත් රැකියාවේ වෙහෙසී නිවසට විත් වාහිනී බලන ඔබේ ඔළුවට උන් වසුරු දමයි. කණගාටුව නම් එය බොහෝ දෙනෙකුට නොතේරීමයි.

අද නීති නිළධාරීන් කෑ ගසයි. එමෙන්ම එක් එක් සමාජ කොටසකට පහරක්, තර්ජනයක්, අසාධාරණයක් එල්ල වෙද්දී එය හෙලා දැකීම, සාධාරණය ඉල්ලා අරගල කිරීම පසුගිය කාලය පුරාවටම අපටත් අසන්න ලැබුනා. ඒ දෙස බලා සිටි අනිකුත් අය සිනහ සුනා. නමුත් තමන්ට හෝ තමාගේ පාර්ශවයකට තර්ජනයක් මතුවුහහොත් පමණයි ඔහුන් සිතනුයේ රටේ කාලීන සමාජ ධර්මතාවය තමාට ද පොදුයි කියා. එතෙක් ඔහුන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයේම නිරත වෙයි. 

නමුත්, අප අරගල කරනු ලැබුවේ අපට පමණක් නොව, රටේ සමස්ත සිසුන්ගේ සුභ සෙත සලකාය. මෙසේ බලන කළ, ඇදුරන්ටත්, අනෙකුත් වෘත්තීය සමිතිවලටත්, ඔබටත් වඩා ශිෂ්‍ය සංගමය යථාර්තවාදීයි. සමාජවාදියි. නමුත්, මිතුරනී ඔබ එය තේරුම් අරගෙන සිටිනුයේ නම්, අපට සහය වුනි නම්, සාධාරණය වෙනුවෙන් පෙනී සිටියෙනම් හෝ යටත් පිරිසෙන් එකකට අයත්නම් හෝ ඔබ වෙනුවෙන් ඔබට අදාලව පමණක් මාගේ විවේචනය ඉල්ලා අස්කර ගනිමි.

අවසන් වශයෙන් ඔබට ද මට ද පොදුවූ අප රටේ පවතින එකී වත්මන් සමාජ ධර්මතාවය පසක් කරනු වස් ඔබෙන් එක ප්‍රශ්ණයක් අසන්නම්. ඒ අතුල ලියනගේ ගේ “බඹර වළල්ල“ චිත්‍රපටය අවසානයේ දී ගොනමරියාවේ පොඩි එකා ඔබෙන් අසන ප්‍රශ්ණයමයි.


“මහත්තයා පෙට්ටියක් තෝරාගත්තා ද?“ 

 අදහස - නිර්මලා මධුශානි ගෙනි

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...