Friday, November 30, 2012

‘නිවහල් අධ්‍යාපනයක්’ උදෙසා ගුරුතරුව නාට්‍යයේ මග පෙන්වීම.

ජයලත් මනෝරත්න නම් අපේ යුගයේ විශිෂ්ඨ කලාකරුවාගේ  ගුරුතරුව නාට්‍යයේ ‘නිවහල් අධ්‍යාපනයක්’ වෙනුවෙන් කෙරෙන මේ කතිකාව අප සියලු දෙනාට තම තමන් නියෝජනය කරන අන්තයන් පිළිබඳ නැවත සිතන්නට හොඳ අවස්ථාවක් යැයි සිතේ. ගුරු තරුව වේදිකා නාට්‍යයෙන් ජයලත් මනෝරත්නයන් විසින් මිනිසා නොහදා රටක් සදීමෙන් ඇති  පලය කුමක්දැයි සමාජයෙන් ප්‍රශ්ණ කරයි.......!!  සම්පූර්න නාට්‍ය නැරබීම සදහා මෙතනින්             සංවාද සටහන උපුටා ගැනීම ගුරුතරුව නාට්‍යයෙන් : මුල් ගුරුතුමා :  ඔන්න ඔය නිසයි මම කියන්නේ .අපි මේ ගත කරන්නේ සංක්‍රාන්ති කාල සීමාවක් කියල.ඒ කියන්නේ යුග දෙකක් අතර.එක යුගයක් මැරෙනව .තව යුගයක් උපදිනව.ඒක...

යාපනයේ සරසවි සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරයට අන්තරේ විරෝධය

ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව රජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදය මුදාහරිමින් සිටින අතර, එම ප‍්‍රචණ්ඩත්වයේ ගොදුරුබිම බවට යාපනය සරසවිය පත්වතිබේ. මේ පිලිබඳ අදහස් දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (30) දින මරදාන CSR ශාලාවේ පැවැත්වින.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා, ‘‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හේතුව තමයි යාපනය විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක අංශ මැදිහත්ව සිසුන්ට කරන ලද පහරදීම නිසා මතුව ඇති තත්ත්වය පිළිබඳව තොරතුරු හා ඒ පිළිබදව අපගේ ස්ථාවරය පැහැදිලි කරන්න 28 වෙනිද පෙ.ව. 10.00 ට පමණ යාපනය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ඉතාමත් සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. ශිෂ්‍යයෝ...

Thursday, November 29, 2012

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට එල්ල වූ ප‍්‍රහාරය හෙළා දකිමු - SSU

ඊයේ (28) දිනයේදී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට සිදුකරන ලද ප්‍රහාරය තරයේ හෙළාදකින බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි. එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය මෙසේය. "‘‘තම විශ්වවිදයාලයේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට රජයේ ආරක්‍ෂක අංශ විසින් ගිනි අවි පෙන්වා තර්ජනය කිරීමට එරෙහිව නොවැම්බර් 28 දින යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් උද්ඝෝෂණයක් පවත්වන ලදී. එම උද්ඝෝෂණයට කඩාවැදුණු පොලීසිය සහ හමුදාව විසින් එම සිසුන්ට බැටන් ප‍්‍රහාර එල්ල කර ඇත. එහිදී තුවාල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු මේ වනවිටත් යාපනය ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. ශිෂ්‍යයින්ගේ සාමකාමී උද්ඝෝෂණවලට ආණ්ඩුව විසින්...

Wednesday, November 28, 2012

අධ්‍යාපනයේ වත්මන් අර්බුදය කුමක්ද? (සංවාදයට ප‍්‍රවේශයක්)

අධ්‍යාපනයේ වත්මන් අර්බුධය කුමක්ද යනමැයෙන් එලිදක්වා ඇති සම්පූර්ණ පොත මෙහි දැක්වේ. මෙහිදී ඔබයේ අදහස්, හෝජතා, චෝදනා අප ඉතා අගය කරමු. ඒ සඳහා මෙහි පහලින් ‍කොමෙන්ටු වශයෙන් හො අන්තර් විශ්වවිද්‍යාලයීය නිල වෙබ් අඩවියට (www.iusfsl.org) ගොස් ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න. ...

පැදුරු සාජ්ජේ 2012 - රජරට සරසවිය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයිය සමාජ විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨ සිසුන් විසින් සංවිධානය කරනලද පැදුරු සාජ්ජේ 2012 වැඩසටහන පසුගිය 23 වන දින රජරට විශ්වවිද්‍යාලයිය සුගතපාල ද සිල්වා එළිමහන් රංග පීඨයේදී පැවැත්වින. මේ එහි සොදුරු අවස්ථාවේ මතක සටහන් කිහිපයකි. සියලු ඡායාරූප මෙතනින් බලන්න...

රජරට උපකුලපති පුටුව මාස 3 ක්‌ තිස්‌සේ හිස්‌

University of Rajarata රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය පුරප්පාඩු වී මාස තුනකට ආසන්න කාලයක්‌ ගතවී තිබේ. හිටපු උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන මහතාගේ නිල කාලය පසුගිය සැප්තැම්බර් මස 16 වැනිදා අවසන් වූ අතර එම ධුරය සඳහා සුදුස්‌සන් තිදෙනකුගේ නම් පසුගිය මාසයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යවා ඇත. මහාචාර්ය රංජිත් විෙ-වර්ධන, ආචාර්ය කේ. ජී. උදයකුමාර හා ආචාර්ය ආනන්ද කුමාරසිරි යන මහත්වරුන්ගේ නම් මෙලෙස යවා ඇති අතර ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒවා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් සුදුස්‌සකු උපකුලපති ධුරය සඳහා නම් කිරීම ජනාධිපතිවරයාට පැවැරී ඇත. උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීම හා නවක සිසුන් බඳවා ගැනීම යන කටයුතු සඳහා උපකුලපතිවරයකු...

Monday, November 26, 2012

සරසවි නායකත්ව පුහුණු වැඩසටහනට කෝටි 25ක්

දෙසැම්බර් 27 වනදා ආරම්භ කෙරෙන 2012 නායකත්ව පුහුණු වැඩසටහන සඳහා මිලියන 250කට අධික මුදලක් වැයවෙන බව ගනන් බලා තිබේ. 2010 උසස් පෙලට ඉදිරිපත්වූ සිසුන් සඳහා 2011 වසරේ ප්‍රථම වරට එම පුහුණු වැඩසටහන පැවති අතර සිසුන් 22,000 කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගි විය. නමුත් මෙවට වැඩිපුර සිසින් 5,609ක් ද ඇතුලත්ව සිසුන් 28,000කට ආසන්න සංඛ්‍යාවක් මෙම පුහුණුව ලබාදීමට සිදුව ඇත. මේ අනුව එක් ශිෂ්‍යයෙක් සඳහා වැයවන මුදල දළ වශයෙන් රු. 9,000කි. පසුගිය වසරේ නායකත්ව පුහුණුව සඳහා සමස්ත වියදම රුපියල් මිලියන 200කට ආසන්න විය. 2011 උසස් පෙල සමතුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහන දෙසැම්බර් 27 වෙනිදා සිට පෙබරවරි 28 වනදා දක්වා අදියර 3ක් යටතේ පැවැත්වීමට නියමිතය. අනතුරුව...

ජාතීන් වශයෙන් පාසල් වෙන් කිරීමේ වැඩපිළිවෙළ නතර කළ යුතුයි

Wasudewa Nanayakkara සහෝදර ජාතීන් සමග එකමුතුව, සුහදතාවය ගොඩනැඟීම ආරම්භ කළ යුත්තේ පාසල් අධ්‍යාපනය තුළින් පාසලේදීම වන බැවින් මින් පෙර සිදුවූ අත්වැරදීම් පසෙක දමා දැන්වත් සිංහල, දෙමළ, මුස්‌ලිම් වශයෙන් පාසල් වෙන් කිරීමේ වැඩපිළිවෙළ නතර කළ යුතු යෑයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා පැවසීය.  අමාත්‍යවරයා මෙම අදහස්‌ ප්‍රකාශ කළේ මධ්‍යම පළාතේ මහජන නියෝජිතයන් සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධයක්‌ ලබාදීම පිණිස පසුගියදා මහනුවරදී පැවැති වැඩමුළුවකට සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා - රටක පැවැත්මට සංහිඳියාවක්‌ අවශ්‍යයි. සංහිඳියාව අපි එකිනෙකා එකඟ වූ පිළිගත හැකි ස්‌ථාවරයයි. රටක යුද්ධයක්‌...

අද අපේ රටේ බහුතරයක් තරුණ ප‍්‍රජාවට තමන්ගේ උසස් අධ්‍යාපන අයිතිය අහිමිවෙලා.

"හෙටක් සහිත රටක් උදෙසා වූ ‘තරුණ්‍යයේ හඬ’" සංවිධානයේ හම්බන්තොට දිසා සමුළුව ඊයේ (24) පස්වරුවේ තංගල්ල සමූපකාර ශාලාවේදී විශාල තරුණ තරුණියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බව එම සංවිධානයේ මාධ්‍ය ඒකකය පවසයි. හම්බන්තොට දිස්ත‍්‍රික් සභාවේ නිළධාරී මණ්ඩලය තෝරාපත් කර ගැනීමද මෙහිදී සිදු වී තිබේ. එහි දි මහේෂ් අබේපිටිය මහතා සභාපතිවරයා ලෙසද, අශෝකා රාජීනි මෙනවිය ලේකම්වරිය ලෙසද තේරීපත්වී ඇත. තාරුණ්‍යයේහඬ සංවිධානයේ ජාතික සූදානම් කිරීමේ කමිටුවේ සම කැඳවුම්කරු ගයාන් ජානක මහතා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාද මේ අවස්ථාවට සහභාගි විය.  එහි දි අදහස් දැක්වූ ගයාන් ජානක මහතා දැක්වූ අදහස් පහත පළවේ, ‘‘ලාංකීය තරුණ තරුණියන්ට...

Saturday, November 24, 2012

නරුම ක‍්‍රමයට ගොදුරුලෙස අධ්‍යාපනය බිලි නොදෙමු!

යුගයේ ඛේදවාචකය වන්නේ නරක මිනිසුන්ගේ නරක කි‍්‍රයා නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි- මාටින් ලූතර් කිං අද අපි රටක් විදිහට මුහුණ දෙන බොහෝ අර්බුදවලට හේතුවත් මේකම තමයි. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ගත්තොත් අද ප‍්‍රශ්න කන්දක් තියෙනවා. බඩුමිල අඛණ්ඩව ඉහළ යනවා. ජීවන බර අහස උසට. වැටුප් වැඩිකරලා නෑ. ආදායම් වැඩිවෙලා නෑ. කෘෂිකර්මාන්තය ඉවරයි. මොකද? ආණ්ඩුව වැව් හින්දලා නිදන් හොයනවා. කෘෂිවිද්‍යාල වහලා, ගොවිපලවල් වහලා, ගුවන් තොටුපලවල් හදනවා. රක්‍ෂිත වනාන්තර, අභයභූමි ඉවරයි. මොකද ආණ්ඩුව සංචාරකයන්ට හෝටල් හදනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය සහන කපනවා. සල්ලි නෑ. මොකද ඇමති නඩය හොරාකනවා, රට සවාරි යනවා. රාජ්‍ය ආයතන පාඩු ලබනවා. බාල තෙල් ගේනවා නැව් පිටින් හලනවා. මොනවා උනත් ආරක්‍ෂක වියදම්...

රජරට සිසුන්ගෙන් වැඩිහිටි සත්කාරයක්

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ සිසුන් විසින් සංවිධානය කල විශේෂ වැඩසටහනක් පසුගිය 21 වනදා පැවැත්විණ. ඒ අනුරාධපුර සාලියපුර වැඩිහිටි නිවාසයේදීය. වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට සමග දිනය පුරා ගත කල ඔවුහු එහිදී ඔවුන් වෙනුවෙන් දිව ආහාරය තම අතින්ම සකස් කීරීමට කටයුතු කල අතර සවස් යාමයේ දී පැදුරු සාජ්ජයක් ද පැවැත්විණි.   සියලු ඡායාරූප මෙතනින් බලන...

PMC විරෝධී වෛද්‍ය වරුන් දෙදෙනා වැඩි චන්දයෙන් වෛද්‍ය සභාවට

No PMC - IMFSAC ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් දෙදෙනකු පත් කරලීම සඳහා පැවැති නිලවරණයේදී ඒ සඳහා ස්‌වාධීනව තරග වැදුණු වෛද්‍යවරුන් දෙදෙනෙකු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නම් කර තිබූ වෛද්‍යවරුන් දෙදෙනා පරාජය කරමින් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර තිබේ.මෙසේ වැඩි ඡන්දයෙන් වෛද්‍ය සභාවේ සාමාජිකයන් වශයෙන් පත්ව ඇත්තේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කටයුතු කරන වෛද්‍ය නිලධාරීන් දෙපළක්‌ වන කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි උපුල් ගුණසේකර හා එම රෝහලේම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි සිවරාජාසිංහම් සිවප්‍රියන් යන මහත්වරුන්ය.මෙම නිලවරණය සඳහා වන ඡන්ද විමසීම ඉකුත් නොවැම්බර් 15 දා සිට 21 දා දක්‌වා පැවැති අතර රජයේ වෛද්‍යවරුන් දහසයදහසක්‌ දෙනා මේ සඳහා...

වාර විභාගය තියෙද්දී සිසුන් පිරිසක්‌ උත්සවයකට යවලා

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21) හෝමාගම නව බස් නැවතුම්පළ විවෘත කෙරිණි. එම අවස්ථාවට හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඕනෑකම මත 10 ශ්‍රේණියේ සිසු පිරිසක් සහභාගි කර ඇත්තේ අවසාන වාර පරීක්‍ෂණය පවත්වමින් තිබියදීය. විදුහල්පතිනියගේ මෙම වගකීම් විරහිත, අත්තනෝමතික කි‍්‍රයාව හේතුවෙන් 10 ශේ‍්‍රණියේ එදිනට විභාගයට පෙනී සිටීමට සිටි දරුවන් පිරිසකට නියමිත වේලාවට විභාගයට පෙනීසිටීමට නොහැකිවූ අතර ඔවුන්ට පමණක් වෙනම වේලාවක් තුළදී විභාගය පවත්වා ඇත.මෙම සිදුවීම පිළිබඳව ලංකා ගුරු සේවා සංගමය මගින් බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමතිවරයා වෙත පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් පවත්වන ලෙස එම සංගමය මගින් ඉල්ලීමක් කර තිබේ.එහි...

Friday, November 23, 2012

මොරටුවෙන් ඉංජිනේරුවන් වී රට ගිය 300 කගෙන් යළි පැමිණ ඇත්තේ දෙදෙනකු පමණයි

මේ රටේ ඉංජිනේරුවකු බිහි කිරීමට රජයට රුපියල් විසිහතර ලක්‍ෂයක(2,400,000) පමණ මුදලක්‌ වැය වෙනවා. එහෙත් මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා පශ්චාත් උපාධි ලබා ගැනීමට විදේශවලට ගිය ඉංජිනේරුවන් තුන්සිය දෙනකුගෙන් නැවත මේ රටට පැමිණ සිටින්නේ දෙදෙනකු පමණක්‌ යෑයි විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මෙසේද කීවේය. එක වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වනතුරු නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන මේ රටේ උපාධිධාරියකු බිහිකිරීමට රුපියල් හත් ලක්‍ෂයක(700,000) පමණ මුදලක්‌ රජයට වැයවෙනවා. එසේම වෛද්‍යවරයකු බිහිකරන්න රුපියල් විසි ලක්‍ෂයක්‌ (2,000,000) වැය වෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ උපාධිධාරීන් පනස්‌ දහසකට මෙම පත්වීම් දීමට ලැබීම...

රට හුණු ඉරක්‌ දිගේ, ඇතිමලේ විදුහලේ දරුවෝ පාර මාරු වෙති

සියඹලාණ්‌ඩුව අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් ඇතිමලේ මහා විද්‍යාලයේ දරුවන්ට පාර මාරුවීම සඳහා ඇතිමලේ මොනරාගල ප්‍රධාන මාර්ගයේ විද්‍යාලය ඉදිරිපිට කහ ඉරක්‌ නොමැති කමින් රටහුණු වලින් සුදු ඉරක්‌ ලකුණු කර පාර මාරුවීම සඳහා භාවිත කරන අයුරු දැක ගත හැකි වේ.මෙම විද්‍යාලයේ දරු දැරියන් අටසියයකට අධික පිරිසක්‌ අධ්‍යාපනය ලබන අතර, මොවුනගේ ආරක්‍ෂාව සඳහා එම විද්‍යාලයේ රිය නියාමක කණ්‌ඩායමක්‌ විසින් මෙම උපක්‍රමය භාවිත කර තිබේ.ඇතිමලේ රථ වාහන පොලිසිය මගින් තමන්ට රිය නියාමක පුහුණුව ලබා දී ඇති මුත් ප්‍රායෝගික පුහුණුවක්‌ ලබා ගැනීම සඳහා කහ ඉරක්‌ නොමැති බව දරු දැරියෝ පවසති.අනතුරක්‌ වීමට පෙර ඌව පළාත් බලධාරීන් විසින් මෙම විද්‍යාලය ඉදිරිපිට කහ ඉරක්‌ සලකුණු කිරීමට කටයුතු කරනු ඇතැයි...

Thursday, November 22, 2012

ඔත්තුකරුවන් විශ්වවිද්‍යාල වලට ඇතුලුකිරීම

පුහුණු කරන ලද ඔත්තුකරුවන්  විශ්වවිද්‍යාල පද්දතියට ඇතුලුකිරීම සම්බන්දයෙන් පසුගියකාලය පුරාවට විවිධ මතවාදයන් ගලා ආ අතර වරෙක අඛිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශකර සිටියේ පුහුනුකරනලද හමුදා ඔත්තුකරුවන් මේසදහා යොදාගන්නා බවයි. "හමුදාවල සිටින උසස් පෙළ සමත් හා සරසවි වරම් ලැබීමට සුදුසු සෙබළුන් තෝරා ඔවුන් හමුදා සෙබළුන්ට වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ලෙස හඳුන්වා විශ්වවිද්‍යාලවලට එවීම මෙම සැලසුමයි. මීට පෙරද මේ ආකාරයට පුද්ගලයින් සරසවි සිසුන් ලෙස අධ්‍යාපනය ලැබමින් ඔත්තු සැපයූ නමුත් ඉන් ප්‍රමාණවත් ප්‍රතිඵල අත් වී නැත. මේ නිසා සියලු විශ්වවිද්‍යාලවලට විශාල ඔත්තුකරුවන් පිරිසක් එවීමට අවධානය යොමුව ඇතැයිද අනාවරණය වේ. විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය දේශපාලනය අඩපණ...

දෙසැ. 04 වර්ජනය ස්තිරයි - ගුරු සංගම්

මේ වනවිට හිඟ වැටුප් ගෙවා ඇති බවට ආණ්ඩුව සිදුකරන ප‍්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එම බොරුවලින් දෙසැ. 04 වර්ජනය නැවැත්විය නොහැකි බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය. අද (21) දින කොළඹ නිපොන් හෝටලයේදී ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව මගින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී ඔහු එලෙස ප‍්‍රකාශ කළේය. නොවැම්බර් 08 අයවැය ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගුරු හිග, වැටුප් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බවට පකාශ කළ බවද නොවැම්බර් 20 අධ්‍යාපන වැය ශීර්ෂ විවාදයේදී ගුරු හිග වැටුප් ගෙවීම සදහා රැපියල් මිලියන 35,000 ක් වෙන් කර ඇති බවට බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රකාශ කර ඇති බවද මේ දෙදෙනාගෙන් කව්ද බොරැ කියන්නේ යැයිද විමසා සිටි...

Z නිසා අවුල්වූ සිසුන් ලබන මාර්තුවේ සරසවියට ගන්නවා - එස්.බී.

ඉසෙඩ් අවුලෙන් අපහසුතාවට පත්වූ පන්දහස්‌ අටසිය ගණනක්‌ වූ සිසුන් ප්‍රමාණයද ලබන වසරේ (2013) මාර්තු මස 15 වැනිදා වන විට විශ්වවිද්‍යාල වෙත බඳවාගන්නා බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 වැනිදා) පැවසීය. උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳ වූ වැය ශීර්ෂය සම්බන්ධයෙන් අයවැය කාරක සභා විවාදයේදී අදහස්‌ දක්‌වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එම විවාදයට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, මේවන විට පුහුණුව ලත් ඔත්තුකරුවන් සරසවි තුළට ඇතුළත් කර තිබෙන බවත් එය බරපතළ තත්ත්වයක් බවත්, විශ්වවිද්‍යාල තුළ තිබිය යුතු නිදහස් මානසිකත්වය තවදුරටත් අර්බුදයට යවන්නක් බවත් පෙන්වාදුන්නේය. ඊට පිළිතුරු...

"අසාත්මිකතාවක්‌ නොවේ" සෞඛ්‍ය අමාත්‍යාංශය

එක්‌ පාසලක එක්‌ දරුවකු හෝ දෙදෙනකුට සිරුර කැසීම, ක්‌ලාන්තය වැනි තත්ත්වයක්‌ මතු වූ විට සම වයස්‌ කාණ්‌ඩයේ අනෙකුත් අය ඊට ප්‍රතිචාර දැක්‌වීම මිස දැනට කර තිබෙන පර්යේෂණ අනුව අසාත්මිකතාව පවතින්නේ එක්‌ පාසලක දරුවන් කිහිප දෙනකුට පමණකැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. මෙම අසාත්මිකතාව විෂබීජයක්‌ හෝ ක්‍ෂද්‍ර ජීවීන් නිසා හෝ රසායනික ද්‍රව්‍යයක්‌ වෙනත් පරිසර සාධකයක්‌ මත ඇති වූ රෝගී තත්ත්වයක්‌ නොවන බවද ඊයේ (21 වැනිදා) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයට රැස්‌ වූ චර්ම රෝග, කායික, ළමා රෝග හා වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනය මෙසේය. පසුගිය දිනවල පාසල් කිහිපයක දරුවන් ඇඟ කැසීම, ක්‌ලාන්තය වැනි රෝග ලක්‍ෂණ සහිතව...

සරසවි ආචාර්යවරයාට 50000 යි, ආරක්‍ෂක ස්ථානාධිපතිට 93,000 යි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප වැඩි නොකරන රජය විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදා ඇති ආරක්‍ෂක ස්ථානාධිපතිවරයකුට රුපියල් 93,000 ක් ගෙවන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි. එම පක්‍ෂ කෑගල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රි කබීර් හෂීම් මහතා අද පාර්ලිමෙන්තුවේදී උසස් අධ්‍යාපන ආමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් පැවසුවේ ආචාර්යවරයකුට රුපියල් 50,000 ක මුදලක් ගෙවන අතරතුර පුද්ගලික ආරක්‍ෂක සමාගමක ආරක්‍ෂකයකුට රුපියල් 93,000 මුදලක් ගෙවීම විහිළුවක් බවයි. විශ්ව විද්‍යාල සඳහා ආරක්‍ෂක අංශයක් තිබියදී බාහිර ආරක්‍ෂක අංශයක නිලධාරින් එහි යොමු කර ඇත්තේ තවත් විශාල මුදලක් අපතේ යවමින් බවද සඳහන් කළ මන්ත‍්‍රිවරයා රජය රටේ අනාගතය ගැන සිතන්නේ නම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ...

Wednesday, November 21, 2012

පරමාදර්ශී පාසලේ ළමයින්‍ට වතුරත් නැහැ - සුනිල් හඳුන්නෙත්ති හෙළිකරයි

Sunil hadunnetti අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියෝජනය කරන හෝමාගම ආසනයේ ඇති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉගෙනුම ලබන ළමයින් සඳහා බීමට ජලය හෝ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (20) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියේය. මේ වනවිට විවෘත කර බෙහෝ කළක් ගත වන බවත් ළමුන්ද බොහෝ පිරිසක් එම පාසලට යන නමුත් තවමත් එහි ළමයින්ට බීමට වතුර නැතැයි එහිදී ජවිපෙ මන්ත්‍රීවරයා පැවසීය. එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අතර ඇතිවූ සංවාදය පහත පළවේ. මන්ත්‍රීවරයා "හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල‍ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ පරමාදර්ශී පාසල හැටියට කියන්නේ. රෝයල්එකේ ඉන්න ළමයින්ටත් මේකට...

Tuesday, November 20, 2012

යලි සරසවි වැසෙන ලකුණු?

දින 100 ක් මුලුල්ලේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආචාර්යවරු අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වුවද මෙවර අයවැයෙන් ඒ සඳහා සැලකිල්ලක් දක්වා නොමැති බවත් අදාළ ඉල්ලිම් දිනාගැනීම සඳහා සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අරගලයක් දියත් කළ යුතු බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වෙත ඇරයුමක් කර ඇතැයි වාර්තා වේ.ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතු එම ඇරයුම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වෙත යවා ඇත.එම ඇරයුම සහිත ලිපියේ සඳහන්ව ඇත්තේ, අයවැයෙන් ලබානොදුන් වැටුප් වැඩිකර ගැනීමේ අරගලය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද සම්බන්ධ කරගැනීමට තීරණය කර...

විභාග දෙපාර්තමේන්තුව අදත් ළමුන් අතරමං කරයි

මෙවර (2012) උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන අතර අද (20) නාට්‍ය හා රංගකරණය සඳහාත් නැටුම් සඳහාත් එම පරීක්ෂණ පැවැත්වේ. කෙසේ නමුත් කුරුණෑගල මාවතගම ජාතික පාසලේ එම විෂයන් හදාරණ සිසු සිසුවියන්ට එම විෂයන් දෙක සඳහාම එකම වෙලාවක පාසල් දෙකක ප්‍රායෝගීක පරීක්ෂණ සඳහා කැඳවා තිබේ. ඒ අනුව නැටුම් විෂය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අද (20) පෙරවරු 09.00ට ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේදී පැවැත්වෙන අතර නාට්‍ය හා රංගකරණය විෂය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අද එම වේලාවටම ගැට්ටුවාන ප්‍රාථමික පාසලේදී පැවැත්වේ. මෙම විෂයන් සඳහා ළමුන් විශාල පිරිසක් පෙනී සිටින අතර ඔවුන් මහත් උභතෝකෝටියකට ලක්ව සිටී. විභාගය ආරම්භවීමට තවත්...

Monday, November 19, 2012

පාසල් සිසුන් හදිසියේ රෝගාතුරවීම මානසික රෝගයක් ?

පසුගිය දින කිහිපය තුල ප්‍රදේශ කිහිපයක පාසල් සිසුන් විශාල ප්‍රමානයක් හදිසියේ එකවර රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගත කෙරිණි. මෙහිදී කැසීම, පළු දැමීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් එම සිසුන් අතර තිබී ඇත. අද (19) දිනයේදීද ඇතිමලේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාල‍යේ සිසුන් 20 දෙනෙකු ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති අතර  පසුගිය දින කිහිපය තුල ගම්පොළ මහනුවර සහ වැලිගෙපොල පාසල් හතරක ළමුන් සිය ගණනක් හිටි හැටියේ ලෙඩ වීමට හේතුවෙන් රෝහල්ගතකර තිබේ. මෙය සමූහ මායා රෝගය නමැති හිස්ටීරියා තත්ත්වයක් (Mass hysteria) විය හැකියැයි මනෝ වෛද්‍යවරු පවසති.  මේ සම්බන්ධයෙන් පසුගිය දිනක ලංකාදීප එසැණ පුවත් සමග අදහස් දැක්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්...

Sunday, November 18, 2012

විරු සිසු ගීතය

ලපලූ අගින් පිණි පබලූ කඳුළු සළලා.........සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා.........නිරුවත් දන විස හීසර පහර වැදීමළගිය මලිගිය මානව කැකුළකකතාව අහපන් සිත නිරුවත්කර.........//කතාව අහපන්නේ.........//අයුක්තියේ පට පිලීබරණ ඇඳිසිඟාළයන් නිරුවත් කළ වරදට.....//දේශන ශාලා.........සිරකඳවුරු කර........අසත්‍යයේ මළගම සරසන්නටනුඹගේ මළගම සඳකඩ පහනකි .....//එදා ඔබේ මුදු වතින් ගලාගියරුහිරු සුවඳ පැන් ලෙසින් දොවාගෙන .....//සිංහ නාද දී.....ගිජිඳු නසන්නට.....ඔබේම මාවත පියමැන යන්නටසුවහස් මල් තව සරසවි බිම ඇත .....//ලපලූ අගින් පිණි පබලූ කඳුළු සළලා.........සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා.........නිරුවත් දන විස හීසර පහර වැදීමළගිය මලිගිය මානව කැකුළකකතාව අහපන් සිත නිරුවත්කර.........//කතාව...

෴ ගුරු ගීතය ෴

රුසියානු ලේඛක Chingiz Aitmatov (චිංගීස් අයිත්මාතව්) ගේ The First Teacher නව කතාව, දැදිගම වී. රුද්‍රිගු විසින් ගුරු ගීතය ලෙසින් සිංහල අනුවාදයට නැඟිම. ගුරු ගීතය නවකතාව බොහෝමයක් යෞවනයන්ගේ හඳ බැඳගත්තකි. චිංගිස් අයිත්මාතව් මහතා විසින් 1962 දී "Первый учитель" (The Fist Teacher) නමින් රචිත, දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් සිංහල පරිවර්තනය අනුව “ගුරු ගීතය“ නම් වූ මෙම කෘතිය සෝවියට් සමූහ ආණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්වාදියෙකු වටා ගෙතෙමින් දිගහැරේ. මෙම සම්පූර්ණ පරිවර්තන කෘතියම ඔබට පහත පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කියවීමට ලබා දීමට කැමැත්තෙමි. දැදිගම වී. රුද්‍රිග Chingiz Aitmato **************** මම කවුළුව හැරියෙමි. කාමරය...

Pages 371234 »