Monday, November 25, 2013

මෙවර අය වැය සම්බන්ධව විවිධ කතා බහ ඇති වී ඇත. සමස්ථ අයවැයම අර්බුධයක් බව ඒ අතර ඇතමෙක් පවසා ඇත. සෞක්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය මෙවර අයවැයෙන් වැඩි වශයෙන් අර්බුධයට ලක්ව ඇත. උසස් අධ්‍යාපනය නගා සිටුවීමට වෙනුවට මෙවර අය - වැය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනය කප්පාදු කිරීම‍ට පියවර ගෙන ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. වර්ෂ 2013දී රුපියල් මිලියන 12413ක් වූ ප්‍රාග්ධන වියදම මෙවර අය-වැය මගින් රුපියල් මිලියන 10144 දක්වා එනම් මිලියන 2269කින් කප්පාදු කර ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.


උසස් අධ්‍යාපනයට පෙනී සිට විශ්ව විද්‍යාලයට සුදුසුකම් සපුරන සිසුවාට විශ්වවිද්‍යාල අහිමිවීමත් එසේ අධ්‍යාපනය අතර මග නවතා දැමීමට සිදුවීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බව ප්‍රකාශ කරයි. අය- වැය මගින් උසස් අධ්‍යාපනයේ ප්‍රාග්ධන වියදම් මෙන්ම පුනරාවර්තන වියදම් ද කප්පාදු කර ඇතැයි කී සංජීව බණ්ඩාර මහතා තව දුරටත් මෙසේද කීහ.

.ඒ නිසා බලධාරීන් කළ යුත්තේ උසස් අධ්‍යාපනය සදහා ප්‍රමාණවත් මුදලක් වෙන් කර විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කිරීමයි. නමුත් මේ අයුරින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අර්බුදය කරා තල්ලු කිරීම මගින් පුද්ගලික විශ්ව විද්‍යාල පුළුල් කිරීමේ සිය අරමුණු ඉටු වන බව බලධාරීන් හොදින්ම දන්නවා. ඒ ඔවුන්ගේ වක්‍රාකාර ඉලක්කයක් යැයි ද තවදුරටත් පවසන ලදි. .

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...