"අධ්‍යාපනයට 6%ක් වෙන්කිරීම කියන කාරණය සම්බන්ධව අපිට තියෙන්නෙ අරගලයක්. ඒ අරගලය නිමාවට පත්වීමක් හෝ අතහැර දැමීමක් හෝ තාවකාලිකව අත්හැර දැමීමක් හෝ සිදුවන්නේ නැහැ. එය හෙට සිට නව ආරයකින්, ඒ වගේම නව පෙරමුණු ඔස්සේ, නව ක්‍රමවේද ඔස්සේ සමාජගත කරමින් සමාජයේ සියලු බලවේග එකතුකර ගත්ත වැඩපිළිවෙලක් යටතේ ඉදිරියට යාමට නියමිතයි." යනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති. මේ දිනවල රජය සමග ගෙන යන සාකච්ඡා සම්බන්ධයෙන් සහ ආචාර්යවරුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උන්වහන්සේ මේ බව පැවසූ අතර එහිදී දැක්වූ අදහස් පහත පළ වේ.