Monday, November 12, 2012

කැරකෙන අවන්හල්, පාවෙන අවන්හල්, ආසියාවේ උසම නෙළුම් කුලුන ගැන කතාකරන රටක,ජිවිත පරදුවට තබා ගුරු ගෙදරට යන පාසැල් සිසුන්.

දුවේ නුඹ කවදාක එගොඩ යයිද මේ ගඟේ ! 

හදිසියේම වාගේ නන්දා මාලනියගේ සුගායනීය වූත් හෘදයාංගමය වූත් මධුර ස්‌වරයකින් ලියුම්කරුගේ හදවත කම්පනය වූයේ පසුගිය රාත්‍රියේ දුටු සිහිනයකින් නම් නොවේය. ඒ පසුගිය 01 වැනිදා "දිවයින" පුවත්පතේ මුල්පිටුව මගින් ජනතාව හමුවේ තැබූ ජනතාවාදී රූප ප්‍රවෘත්තියකින් කියෑවුන කඳුළු කතාවක්‌ නිසාය. එම පුවතම පසුගිය දින එක්‌තරා රූපවාහිනී නාලිකාවකද දර්ශන සහිතව විකාශය විය. ඒ හද රිදවන පුවත මේසය.

වැල්ලවාය පතානයාය ගම්මානයේ ජීවත් වන පවුල් එකසියපනහකට අධික පිරිසකට ගම්මානය හරහා ගලා බසින කිරිදිඔය දායාදයකි. එහෙත් එම ගඟෙන් එගොඩ මෙගොඩ වීමට ඔවුන්ට පාළමක්‌ නැත. අවුරුදු හතළිහක්‌ පමණ තිස්‌සේ ඔවුන් ගඟෙන් එගොඩ මෙගොඩ වන්නේ හුළං පිර වූ ටියුබ්වලිනි. මේ දිනවල ඇදහැලෙන ධාරානිපතා වර්ෂාවෙන් කිරිදිඔය දෙගොඩ තලා යන්නේය. එහෙයින් පතානයාය ගම්වැසියන්ට ඔයෙන් මෙගොඩඩ ඒමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. එහෙත් ඒ ගම්මානයේ දරුවෝ ජිවිත පරදුවට තබා ගුරු ගෙදරට යන්නෝය. 
කාල වර්ණ රුවක්‌ ඇති, කොන්ඩය කරල් දෙකකට ගොතා පොත් මිටිය ළැමට තුරුළු කොටගෙන පාසල් නිල ඇඳුමින් සැරසී හිමිදිරි උදැසනක පාසල් යන මේ දැරිය ඒ සුන්දර චමත්කාර ජනක පාසල් ගමන යන්නේ, සිය මිතුරු මිතුරියන් හා කෙලිකවට සිනහවෙන් හෝ ඔමරි කතාවෙන් යුතුව නම් නොවේ. ඉහළට ගත් හුස්‌ම පොද පහළට දැමීමට පවා බියෙන් බිහිසුණු දිය දහරා මැදින් හුළං පිරවූ ටියුබයකට මැදිවී මරබියේ ගැහෙමින් වයස අවුරුදු දොළහක්‌ පමණ වූ මේ දැරිවියගේ දැසින් රූරා ගලන්නේ අපේ රටට දැන් ඇති එකම ප්‍රශ්නය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් 13 ඉවත්කිරීම පමණකැයි කෑ මොරදෙන දේශපාලන ගෙම්බන්ගේ දැස නොදකින කඳුළුය. දැසට නොපෙනෙන කඳුළුය. මේ අවිහිංසක දියණිය හැඬුවේ ඇයට දින ගණනාවකින් කුසට අහරක්‌ නොවැටුනේ කියා හෝ, පාසල් යැමට අවැසි ඇඳුම් පැළඳුම් පොත පත නොලැබුනේය කියා හෝ, එසේත් නැතිනම් පොඩ්ඩන්ට පුළුවං කියා පෙන්නූ වැඩ කිඩ වලින් තරුවක්‌ වීමට අවශ්‍ය SMS නොලැබීම නිසා හෝ නොවේ. තමන් ජීවත්වන මුළු ගමේම මිනිසුන්ට මේ ප්‍රචණ්‌ඩ ජල ධාරාවෙන් එගොඩ මෙගොඩ වීමට අඩුතරමේ වැල් පාලමක්‌ හෝ ලබා දෙන්නැයි රට කරවන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිනි. ගමේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉකිබිඳ හඬා වැටුන මේ දියණියගේ කඳුළු අපව රාත්‍රියේදී ලැඡ්ජාවට පත් කළේය. කම්පාවට පත් කළේය.

නාගරික හා අර්ධ නාගරික පාසල්වල අකුරු කරනා අපේ දූ දරුවෝ බොහොමයක්‌ එදින රාත්‍රි ප්‍රවෘත්ති විකාශය දුටුවේ නම් (බොහෝ පාසල් දරුවෝ ප්‍රවෘත්ති බලන්නේ නැත.) ඔවුන් විශ්මයෙන් ගල් ගැසීයනු ඇත. මන්ද එක්‌කෝ ගේ දොරකඩටම එන පාසල් වෑන් රථයෙන් හෝ පාසල් බසයෙන් හෝ කිසිම අපහසුවක්‌ නැතිව පාසලේ ප්‍රධාන ගේට්‌ටුව අසලට යැමේ වාසනාව ඇති මේ දරුවෝ කිසිදාක මේ දුක දන්නේ නැත. ඒ දුක දන්නවා නම් සිය ගණනින් ගොස්‌ අල්ලපු වැටේ පාසලේ සිටින තම සගයන්ට ගල්මුල් වලින් පහර දෙන්නේ නැත. විදුහලට අලුතින් පත්ව ආ විදුහල්පතිවරයාගේ මෝටර් රථය පොඩිකර විදුහල්පතිවරයාටද පහර දී මැරයින් සේ හැසිරෙන්නේද නැත.

රටේ අග නගරයට යන අපි 'කොලොම්පුරේ ශ්‍රියාවෙන්" මන් මත්වී මහා සම්භාෂණ මන්දිරයක්‌ අසලින් දිවෙන අලංකාර ඇවිදීමේ, ශරීර සුවතා මංතීරු ඔස්‌සේ ඇවිද යන කල රෙදි ගැළවෙන තරම් ලඡ්ජාවක්‌ දැනුනානම් ඒ දැනුනේ සැබැවින්ම රත්තරං දුවේ, ඒ නුඹ එදා හෙලූ ඒ කඳුළු නිසාය. නොකඩවා නුඹේ දැසින් ගැලූ කඳුළු වැල් නිසාය.

හුළං පිරවූ වාහන ටියුබයකට ගොඩවී නුඹට ඔරවමින් ගොරවමින් වේගයෙන් ගලා බසිනා දිය දහරාවට බියේ පණ ගැහි ගැහී සුදු ඇඳුම තෙමාගෙන, නුඹ ගිය ඒ පාසල් ගමන මුළු රටේම හිස්‌බව අපට ප්‍රත්‍යක්‍ෂ කළේය. පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ඉගිල යාහැකි සුපිරි මාවත් අපට තිබේ. දින 65 න් ඉදිකළ ගුවන් පාලම්ද අපට තියේ. එහෙත් දුවේ නුඹ හඬන්නේ ගමට වැල් පාලමක්‌වත් දෙන්න කියාය.

අනාගත ආසියාවේ ආශ්චර්යය වීමට සිහින මවන රටක, වාර්ෂිකව රුපියල් බිලියන සිය ගණනක මහජන මුදලින් නඩත්තු වන දැවැන්ත ඇමැති මණ්‌ඩලයක්‌ සිටින රටක නුඹ හෙලූ ඒ කඳුළ, බොල් කඳුළක්‌ වන්නේ කෙසේද?

කැරකෙන අවන්හල්, පාවෙන අවන්හල්, ආසියාවේ උසම නෙළුම් කුලුන ගැන කතාකරන අපි, ළඟදීම ඒක පුද්ගල ආදායම ඇ.ඩො. හාරදහස ඉක්‌මවන මිනිසුන් සිටින රටක පුරවැසියන් වෙන සැටි සිහිනයෙන් දකිනා කල, රත්තරං දුවේ ඊයේ රාත්‍රියේදී මා දැස දුටු නුඹේ ඒ කඳුළු බිඳු මහ මෙරක්‌ සේම බර කළේ කිමද? මා දුබල හදවත.

නුඹ හැඬුවේ, නුඹ වෙනුවෙන්ම නොවේය. නුඹ වැනිම නංගිලා මල්ලිලා සේම අක්‌කලා සහ අයියලා ද වෙනුවෙනි. ඡන්ද කාලයට ගඟ හරහා පිහිනාගෙන සරම තෙමාගෙන, නුඹලාගේ අම්මාවරුන්, අප්පාවරුන් වෙතට පැමිණ උන්ගේ දුප්පත් ඡන්දය කොල්ලකාගෙන පලාගිය දේශපාලන ගෙම්බන්ගේ කෙලෙහි ගුණ නොදත්කම වෙනුවෙන් නුඹ හෙලූ කඳුළුය ඒ.

නුඹේ වෙව්ලන කටහඬ තවමත් මා දෙසවන දොaංකාර දේ. නුඹේ කාලවර්ණ කොපුල්තල දිගේ පහළට රූරා ගලා බසින රිදීවන් කඳුළු කැට මගේ ආත්මයට දියකර හරින්නා සේ මට දැනේ. ලෝකයම නොපෙනෙන්නට මම දැස වසාගත්තෙමි. ඈතින් ඇසෙන්නේ නන්දා මාලනියගේ මධුර ස්‌වරයයි. සමාජ හෘද සාක්‍ෂියේ ෙදනීය දොaංකාරයයි. මම ඇයට සවන් දෙමි.

"මිරිවැඩි සඟලක්‌ ඉල්ලා හැඬුවෙමි

පායුග නැති ඔබ දකින තුරා

කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි

නෙත් යුග නැති ඔබ දකින තුරා..."

ජයන්ත විඡේසිංහ දිවයින පුවත් පතට ලිවූ ලිපියක් ඇසුරෙන්

Sunday, November 11, 2012

ඔහුන්ගේ අය - අපගේ වැය 2013

කන්නන්ගර දරුවෝ කාටූන්
අය වැය 2013 ට පසු වදනක් සටහන් කිරීමට මා හට සිත් විය. ඊට ප්‍රධානම හේතුව වනුයේ මෙම අය-වැයට පෙර අප නිරත වූ මහත් වූ උස්සාහයක ප්‍රතිඵල රහිත වීම ය. නැතහොත් එය ව්‍යර්ත කිරීමට මෙම ඊනියා සමාජවාදී හෝ ජනතාවාදී හෝ තමාම සංවේදී යැයි කියාගන්නා ආණ්ඩුව ඉතා පිළිකුල් සහගත අන්දමින් කටයුතු කිරීම යි. ඒ වෙනෙකක් සඳහා නොව ‘අධ්‍යාපනය‘ සදහා දළ ජාතික නිශ්පාධිතනේ 6% ප්‍රමාණයක් හෝ හැකි උපරිම ප්‍රමාණයක් හෝ වෙන් කර ගැනීම සඳහා කරන ලද අරගලයට දැක්වූ ප්‍රතිචාරය යි.

අය-වැය (නැතිනම් ණය-වැය) පසුගිය දා කියවීය. නැතිනම් ආණුඩුවේ කැරැට් මල්ල ලිහා දැමීය. මට දැනුනාවූ ආකාරයට එතන ඇත්තේ වැස්සට හසුවී නරක් වී ගිය කැරැට් ඵලදාවකි. නැතිනම් ජොන්ස්ටන් ගේ ආරක්ෂිත කූඩ සංස්කෘතියට හසු නො වූ වක් විය යුතු ය. එනම් අවසාන වශයෙන් කිව හැක්කේ කැරැට් ද ගෙනත් නැත. සත්ත්‍යවශයෙන් ම එක් මන්ත්‍රීවරයෙක් කියනා පරිදි ඔහුන්ගේ අයත්, අපගේ වැයත් එහි තිබුණි. එය වෙනදා මෙන් සරදියල් ක්‍රමයේ අය-වැයක් ද නොවීය. වචන සියල්ල හමාර විය. සියල්ල සතුටින් විසිර ගියහ. (''සියල්ල" යන වචනයෙන් මා මෙහිදී ආවර්ණය කරනු ලැබුවේ අණ්ඩු පක්ෂයේ මැති ඇමති පිරිස පමණකි) සුපුරුදු පරිදි ජනතාවාදී අය-වැයක් ලෙස ආණ්ඩුවෙනුත්, ප්‍රෝඩාකාරී අය-වැයක් ලෙස විපක්ෂ වලිනුත් අසන්න ලැබිණ. එය තෙවන වර කියවා හමාර කරනතුරු ම මෙය අපට අසන්න ලැබේ වි.නමුත් බහුතරයකින් සැදුම්ලත් මෙම ආණ්ඩුවෙන් මෙන්ම, වර්තමානයේ ඔහුන් විසින් දිගින් දිගටම අනුගමනය කරන ලද පාලන ප්‍රතිපත්ති ගැන විමසිලිමත්ව බැලුවහොත් කිසිම සහනයක් නොලැබෙන බව අප කණගාටුවෙන් හෝ පිළිගත යුතු ය. තවද, අයවැය අවසන් කරමින් ජනපති තම පරම්පරාව (මැදමුලන වලව්ව) ගැන ආඩම්බරයෙන් කතා කිරීය. නමුත් එකී වංශයට එය තමාගේ ද පවුල් උරුමයක් සේ සලකා ඡන්දය දුන් බොහො දෙනෙක් ද අද වංශය කබල්ගානු නො අනුමාන ය.

සභා ගැබේ උණුසුම මැද, ආණ්ඩුවේ අනුමත කිරීමේ නාදය මැද, වික්ෂයේ විරෝධතාවය මැද ගෙන ආ එක සහනයක් මට මෙන්ම බොහෝ දෙනෙකුට හොඳින් මතක සිටිනු නොඅනුමානය.එය අය-වැය හාස්‍යයට ලක් කරනු වස් ජනතාවගේ ලැම්බෝ (Lambo) බඩගින්න හඳුනා ගැනීමකි. ඒ අනුව ඔහුන් රේසිං කාර් සඳහා බදු රහිතව ගෙන්වීමේ නිදහස ලබා දුනි. සභා ගැබෙන් පිටවන විට මධ්‍යෙව්දීන් ට පිළිතුරු දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ, “දැන් විපක්ෂයට ඇති එකම ප්‍රශ්නය රේසින් කාර් බදු සහනය ද? “ඇත්තෙන්ම විපක්ෂයෙන් පිළිතුරු දුන්නත් නැතත් අප එයට පිළිතුරු දිය යුතු ආකාරයක් ඇත. එනම් ''ආණ්ඩුවට ඇති එකම ප්‍රශ්ණය එය ද යන්නයි'' සංවේදී තාත්තාට, ඔහුගේ පුතාලාට හෝ අනුගාමික ඇමතිවරුන්ට හෝ 'අධ්‍යාපනය' යන වචනය අදාල නොවේ. හුදෙක් එය අපේ ම වචනයක් පමණකි. අප විසින් මනෝරාජිත ලොවක මවා ගත් විද්වතුන්ගෙන් පිරි රටක පැතුම විය. යතාර්ථය එය වුව ද සිදුවන්නේ වෙනකකි. අද රේස් කාර්. තව කලකින් අභ්‍යාවකාශ චාරිකා. අප කිසිදු පැකිලීමකින් තොරව මෙකී සමාජ පද්ධතිය තව දුරටත් පෝෂණය කරමුද? නැතිනම්, නො-ඇසුනාක් මෙන් සිටිමු ද? යහපත් සමාජ පද්ධතියක් ගොඩනැඟිමේ ලා වෙනසක් දැකීමට ඇවැසි නොවේ ද?

දිනෙන් දින පාසල් වැසේ, අධ්‍යාපනය වැනසේ, රෝහල් වල පහසුකම් සහ ඖෂද හිඟවේ, ඳිළින්දා ඳිළිදුමය, රාජ්‍ය ත්‍රස්තවාදය සහ පාතාලය දිනෙන් දින සක්‍රීය වේ, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් ජීවන වියදම සමඟ පොර බඳියි, රාජ්‍ය අංශ දියාරු වේ, නීතිය හොල්මන් වී ඇත, ඝාතන සහ පැහැරගිනීම් රැල්ක් හඹා යයි... මේ කිසිවක් ආණ්ඩුව දන්නේ නැත. නොදන්නේ ද නැත. ඔහුන්ට අපට මෙන් ඒ ගැන කිසිදු විශේෂත්වයක් ද නැත. ඔබට මේ ගැන සිතනවානම් තවත් බොහෝ දේ සිතේවි. ඉදිරි වසරේ මාස කිහිපයක් ගත වන විට නො තේරෙන අයට ද තේරේවි. තව බොහෝ දේ සයිබර් අවකාශයේ අප ඵල කරාවි. එහෙත් පැහැදිලි වෙනසක් නොකරනුයේ නම් හෝ නො වනුයේ නම් හෝ අප දිනෙන් දින ගමන් ගරන්නාවූ මේ ආශ්චර්ය්‍ය, අප සෞරග්‍රහමණ්ඩලය අයත් චක්‍රාවාටය හෙවත් ‘ක්ෂීරපතයේ‘ මධ්‍යයේ පිහිටි කළුකුහරයට හා සමාන වනු නො අනුමාන ය.

අය වැය කියා අවසන්, දැන් ඇත්තේ අපෙන් අය කරගෙන ඔහුන්ට රිසි සේ වියදම් කිරීමට පමණි. මේ සදහා බොහෝ සංදර්ශණ, ප්‍රසංග, චාරිකා, තුටු ප්‍රධානයන්, ප්‍රිය සාද, ඡන්ද, රේස් සහ ක්‍රීඩා ඉදිරි වර්ෂය සඳහාද පෙළ ගැසී ඇත. මේ අනුව පසුගිය කාලය පුරාවටම දිනගන්න උත්සාහ දැරූ සමාජ අයිතිවාසිකම් ද තාවකාලිකව අවසන්. වෘත්තීය සමිති ද තාවකාලිකව නිහඬ විය. නමුත් මෙම පීඩනයන් යලිඳු පැන නඟින බව අප හොඳින්ම දනි. හේතුව තවම මේ සියල්ලටම කිසිදු විසඳුමක් ලැබී නැති බැවිනි. එහෙත් ඉතිහාසය අපට එකම අවස්තාව දෙවරක් ලබා නොදෙනු ඇත. වරෙක වී. අයි. ලෙනින් මහතා අපට මෙසේ කියා ඇත.

“එක්සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්ප දී නැත.“

අදහස - නිර්මලා මධුශානි ගෙනි

Tuesday, November 6, 2012

හකුළාගත් විශ්වවිද්‍යාල පනත යළි හොරපාරෙන් එයි - ssu

මතුවූ විරෝධතා හේතුවෙන් ආණ්ඩුව හකුළාගත් විශ්වවිද්‍යාල පනත නැවත කැබිනට් පත්‍රිකාවක් හරහා ගෙනඑන බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.
 
එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවැසුවේ අද (06) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවැසූ අදහස් පහත පළවේ.

‘‘අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ සහ අයවැය සම්බන්ධ කරුණු ගණනාවක් මතුවෙලා තිබෙන මොහොතක සමාජවාදී ශිෂ්‍ය සංගමය විදියට අප කල්පනා කළා අධ්‍යාපනය සම්බන්ධයෙන්ද මතුවෙලා ඇති ගැටලූ ගණනාවක් ගැන අවධානය යොමු කරවන්න. එමෙන්ම එළඹෙන අයවැයේ දී අධ්‍යාපනයට වෙන්කළ යුතු ප‍්‍රතිපාදන ගැන ජනතාවගේ අවධානය යොමුකරලා ඒ ගැන ආණ්ඩුවට බලපෑමක් කරන්නත් අපි කල්පනා කළා.

ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය බවට පත්වෙලා තිබෙන්නේ අධ්‍යාපන පෞද්ගලීකරණයයි. එසේ අධ්‍යාපන පෞද්ගලීකරණයේදී ආණ්ඩුව මුහුණු දුන්න අභියෝග තිබුණා. එකක් තමයි නීතිමය බාධාවක් තිබුණා. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත මගින් පෞද්ගලික විශ්වවිද්‍යා පිහිටුවීමට සෘජුව බලයක් ලබාදී නැති එක. එනිසා එජාපය, ශ‍්‍රිලනිප සභාග ආණ්ඩු ඒ සඳහා කළේ විශ්වවිද්‍යාල පනතේ නීතිවලින් රංගා පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. ඒ අනුව අවු. 35ක කාලය තුළදී රටතුළ විශ්වවිද්‍යාල 08 ක් දැම්මා. වත්මන් ආණ්ඩුවේ එස්.බී.දිසානායක ඇමතිවරයාත් උත්සාහ දරමින් ඉන්නේ පෞද්ගලීකරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙනඒමට. 2011 සැප්තැම්බර්

මාසයේදී ආණ්ඩුව නව විශ්වවිද්‍යාල පනතක් කෙටුම්පත් කළා. එයට 2011 දෙසැම්බර් නීතිපති දෙපාර්ගමේන්තුවෙන් අනුමැතිය ලබාගත්තා. 2012 පෙබරවාරී හදිසි පනතක් ලෙස ගේන්න උත්සාහ කළා. එයින් උත්සාහ කළේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට අමතරව පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනයට අධිකාරියක් පිහිටුවීමටත්, විශ්වවිද්‍යාල කොමිසමට සහ ස්ථාපිත කරන නව අධිකාරියට ඉහළින් මණ්ඩලයක් පත්කොට එම මණ්ඩලය ඇමතිවරයා යටතට ගැනීමටත්ය. ඒ අනුව රජයෙන් ලබාදෙන උපාධියත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් දෙන උපාධියත් සමාන මට්ටමකට ගෙන්න සහ පෞද්ගලික උපාධියට වටිනාකම වැඩිකිරීමටත් ආණ්ඩුව උත්සාහ කළා.

ඒ වගේම ඉහතකී මණ්ඩලය යටතේ ආයතන දෙකක් ස්ථාපිත කරන්න යෝජනා කළා. එකක් සුදුසුකම් රාමු ඒජන්සියයි. අනෙක ප‍්‍රමිති ආරක්ෂණ ඒජන්සියයි. එයින්ද උත්සාහ කළේ පෞද්ගලික උපාධි සඳහා ජනතාවගේ තිබූ අවිශ්වාසය නැති කරලා ඒ සඳහා වටිනාකමක් ලබාදීමටයි. 2012 පෙබරවාරී සිට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූදෙනාගේ විරෝධය හමුවේ ආණ්ඩුව අපේ‍්‍රල් මාසයේ පනත හකුළා ගත්තා. නමුත් ඒ පනතේ කොටස් විවිධ කැබිනට් පති‍්‍රකා හරහා කි‍්‍රයාවට නැගීමට උත්සාහ කරමින් ඉන්නේ. ඉන් එකක් තමයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා

විසින් 2012.10.08 දින කැබිනට් එකට යෝජනා කරනවා ශ‍්‍රී ලංකා සුදුසුකම් රාමු ඒජන්සිය පිහිටුවීමට. මෙහි බලාපොරොත්තුව තමයි රජයේ විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධියත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධියත් සම මට්ටමට ගෙනල්ලා එයින් වඩා උසස් කුමක්දැයි තීරණය කිරීම. ඒ සඳහා එස්.බී. දිසානායක මහතා ජනතාව නොමග යවන ප‍්‍රකාශයක් කැබිනට් පති‍්‍රකාවට ඇතුල් කරලා තිබෙනවා. එයින් කියනවා ශ‍්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000-8000 ත් අතර ප‍්‍රමාණයක් විදේශ රටවල අධ්‍යාපනයට යොමු වෙනවා කියලා. අපි අහනවා පශ්චාත්

උපාධි ලබාගැනීම හැර මූලික උපාධි ලබාගැනීමට 5000-8000 ක් විදේශ ගතවෙනවා කියන්නේ කුමන සාධක පදනම් කරගෙනද කියලා. කවර වර්ෂයේ දත්තද? මූලාශ්‍ර මොනවද කියලා සඳහන් කරන්න ඕනෑ. මුලදි කිව්වා විදේශ ශිෂ්‍යත්ව සඳහා මිලියන 5000 ක් වැය වෙනවා කියලා කිසිදු සාධකයක් නැතිව. එවැනිම ප‍්‍රකාශයක් තමයි මේකත්.

එම සුදුසුකම් රාමු ඒජන්සිය මගින් කුමන විශ්වවිද්‍යාලයද උපාධි ලබාදීමට සුදුසුකම් ලබන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. එයට එම බලය ලබාදී තිබෙනවා. අවශ්‍ය නම් රජරට විශ්වවිද්‍යාලයෙන් උපාධිලබාදීම නතර කරලා මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාදීමට අවස්ථාව ලබාදෙන්න පුළුවන්.

එනිසා අපි කියන්නේ ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළාගත්තා යැයි ජනතාවට බොරු කීවට විවිධ කැබිනට් පති‍්‍රකා හරහා එම දේවල් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා කියලයි. ඊළඟට එස්.බී ඇමතිවරයා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනත් එය කි‍්‍රයාත්මක කරන්න දිවිහිමියෙන් කැපවීම් කරමින් සිටිනවා. මාළඹේ වෛද්‍ය විද්‍යාලය නීත්‍යානුකූල නැති බව වෛද්‍ය සභාව කියද්දිත් ඇමතිවරයා මාළඹේ වෛද්‍යවිද්‍යාලයේ උපාධිය පිළිගන්නා බවට චක‍්‍රලේඛයක් නිතුත් කරනවා. වෛද්‍යවරුන් කියද්දී උපාධිය පිළිගන්න බැහැ ශික්ෂණ රෝහලක් නැතිව කියලා විරෝධය පළකරද්දී ආණ්ඩුවෙන් මිලියන 600 ක ණයක් ලබාදුන්නා. ඒ මදිවට ඇමතිවරයා කළේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනියට තර්ජනය කරලා ඇය ඉල්ලා අස්වීමේ තත්වයට පත්කළා. වෛද්‍ය සභාවේ නෝනිස් මහතාට පහරදීමට කටයුතු සැලැස්සුවා, වෛද්‍ය සභාවේ වෛද්‍ය ලලන්ත රණසිංහ මතාගේ නිවසට බෝම්බ දැම්මා නමුත් පරීක්ෂණ නැහැ.

ඒ වගේම මෙම මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරුන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළා. එහි තාක්ෂණික දෝෂයක් පදනම් කරගනිමින් අධිකරණය දින 30 ක් ඇතුළත පෙත්සම ගොණු කළේ නැහැ කියලා නිෂ්ප‍්‍රභ කළා. එය පදනම් කරගෙන එස්.බී. ඇමතිවරයා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයත් පෞද්ගලික විශ්වවිද්‍යාල දීම පිළිගෙන තිබෙනවා කියලා.

විවෘත ආර්ථිකයත් සමග සියල්ල පෞද්ගලීකරණය කළා. ඒ අනුව දැන් පෞද්ගලික ප‍්‍රවාහනනයටත් ඇමතිවරයෙක් ඉන්නවා. ඒ වගේම තමයි දැන් උසස් අධ්‍යාපනයට වගකියන ඇමතිවරයෙක් නැහැ. ඔහු වගකියන්නේ පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන්. එපමණක් නොවෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් ආණ්ඩුවේ උවමනාව කොපමණද කියනවානම් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය මගින් උපාධිය විකිණීමට ආණ්ඩුව පටන් අරගෙන. යුධ සමයේ ති‍්‍රවිධ හමුදාවට අවශ්‍ය ඉංජිනේරුවරුන්,වෛද්‍යවරුන් සහ අනෙකුත් උපාධිධාරීන් බිහිකරන්නයි කොතලාවල

විද්‍යාපීඨය ස්ථාපිත කළේ. නමුත් දැන් යුද්ධය අවසන්. දැන් එම අවශ්‍යතාවය අඩුවෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුවේ වියදමින් ශික්ෂණ රෝහලක් ඉදිකරලා මුදලට වෛද්‍ය උපාධිය විකිණීම ආරම්භ කරලා තිබෙනවා. ආණ්ඩුවේ අරමුදල්වලින් අධ්‍යාපනය ලබාදීලා රුපියල් ලක්ෂ තුනහමාරකට වෛද්‍ය උපාධිය විකිණීමට ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා.

ඒ නිසා මේ කරුණු පෙළගැසුවාම අපිට පෙනෙන්න තිබෙන්නේ මහින්ද චින්තනය, ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පෙළගැසිලා තිබෙන්නේ අධ්‍යාපනය විකිණීමේ දිසාවටයි. එනිසා තමයි ආණ්ඩුව කල්පනා කරන්නේ අධ්‍යාපනයට වෙන්කරන්නේ නැතිව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පැන නගින උද්ඝෝෂණ මර්දනයට මුදල් වෙන් කරන්නේ. විසර්ජන පනතෙන් 2013 සඳහා අපේක්ෂිත ආණ්ඩුවේ මුළු වියදමින් 5%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරද්දී 25% ක් ආරක්ෂාව වෙනුවෙන් වෙන්කරනවා.

ඒ වගේම තමයි අධ්‍යාපනය විකුණනවට අමතරව අධ්‍යාපනයට සම්බන්ධ ආයතනත් විකිණීමට පටන් ගෙන තිබෙනවා. කොළඹ තිබෙන ඉඩම්වලට මේ ආණ්ඩුව ලොල්කමක් දක්වනවා. ඒ අනුව තමයි රාජගිරියේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉඩම් කොටසක් පහුගිය අවුරුද්දේ ජූලි මස 07 වෙනිදා එස්.බී ඇමතිවරයා කැබිනට් පති‍්‍රකාවකින් පර්චස් 10 ක් ඉන්දියාවේ ඇට්ලාන්ටික් සමාගමට මහල් නිවාස සංකීර්ණයක් හදන්න ලබාදෙන බවට මාධ්‍ය වාර්තා කළේ. ඒ වගේම ආණ්ඩුව සැලසුම් කරලා තිබෙනවා රාජගිරියේ දේශීය වෛද්‍ය ආයතනය සහ රාජගිරිය ශික්ෂණ

රෝහල එම ඉඩමෙන් ඉවත් කර ඹරුගොඩවත්තට ගෙනියන්න. ඒ වගේම යාබදව තිබෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලයත් එතැනින් ඉවත් කර ඉඩම පෞද්ගලික සමාගමකට ලබාදෙන්න යනවා. ආණ්ඩුව ඒ නිසා තමන්ට තිබෙන නීතිමය බාධාවන් ඉවත් කරමින් යනවා. ඒ වගේම ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නවා මෙම කි‍්‍රයාමාර්ගවලට එරෙහිව අරගල කරන බලවේග මර්දනය

කිරීමට. එනිසා ආණ්ඩුව විවිධ ආයතන තෝරාගනිමින් ඒ සඳහා මිලිටරිකරණය කිරීම ආරම්භ කර තිබෙනවා. එනිසා තමයි ආරක්ෂක අංශ සඳහා වෙන්කරන මුදල් ප‍්‍රතිශතය වැඩි කරන්නේ. අනෙක් කාරණය තමයි කිසිදු පදනමක් නැතිව පාසල් 40 ක් තෝරාගෙන විදුහල්පතින්ට සති දෙකක පුහුණුවකින් පසුව කර්නල් පදවි ලබාදෙන්නේ. පළමු වසරේ සිට ශිෂ්‍යාට හමුදා පාලනයක් සාධාරණීකරනය කරන්න, සාමාන්‍යකරණය කරන්න පාසල් පද්ධතියෙන් ආරම්භ කරලා තිබෙනවා. අනතුරුව විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන ශිෂ්‍යන්ට හමුදා පුහුණුවක් ලබාදෙනවා

කඳවුරු ඇතුලේ. එමෙන්ම කොතලාවල විද්‍යාපීඨයෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවරු සහ ගණකාධිකාරීවරු පුහුණු කරමින් සිටිනවා. ඉදිරියේදී රෝහල්වලට ප‍්‍රතිකාර සඳහා යන රෝගියාට සිදුවන්නේ සැලියුට් ගහලා, අඩිය හප්පලා, යර්ස් සර් කියලා වෛද්‍යවරයා ළඟට යන්න. ඒ නිසා හරි පැහැදිලියි අධ්‍යාපනයත් ආණ්ඩුව හමුදාකරණය කරමින් සිටිනවා.

ඒ නිසා අධ්‍යාපනයට මේ අනතුර තිබෙනවා. ඒ වගේම දළදේශිය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන්කරන්න කියලා සියලූ බලවේග ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. බලකළා. ඒ නිසා අපි බලකිරීමක් කරනවා අයවැයෙන් අධ්‍යාපනයට සැලකිය යුතු ප‍්‍රතිපාදන වෙන්කරන්න කියලා. ඒ වගේම ජීවන වියදම නිසා අපහසුතාවයට පත්ව සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යන් වෙනුවෙන් මහපොළ, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 5000 දක්වා වැඩිකරන්න කියලා අපි ආණ්ඩුවට බලකර සිටිනවා''.