Tuesday, October 9, 2012

6%.............................

"කෙතරම් වචන හරඹ කලත් තෙරුමක් නැත...මා ඔබ තරමට ම අත්දැකීම් තියෙන කෙනෙක් නොවෙන්නට ඇති...එහෙත් 6% සටන් පාටය ඔබට කේක් ගෙඩිය හැඩ කරන අයිසිං ටිකක් වුනාට අපිට එහෙම වුනේ නෑ.....නිදහස් අධ්‍යාපනය කියන්නේ අපේ ප්‍රදාන ප්‍රස්තුතය......එපමනයි මා කියන්නේ....කීමට ඇත්තේ මෙපමණයි....රජය මෙය විසඳන්න උත්සහ කලේ මෙලෙස නම් මේය විසඳා බොහෝ කල් වන්නට තිබුනා...මාස 3ක් ම ගියේ 6% නිසා..එයට ඔබ එකඟ වෙනවා ඇති...එනිසා ඇත්ත කතා කරන්න...

Monday, October 8, 2012

එදා අපට, අද ඔවුන්ට, හෙට....?

එක් එක් සමාජ කොටසකට පහරක්, තර්ජනයක්, අසාධාරණයක් එල්ල වෙද්දී එය හෙලා දැකීම, සාධාරණය ඉල්ලා අරගල කිරීම පසුගිය කාලය පුරාවටම අපට අසන්න ලැබුනා. ඒ දෙස බලා සිටි අනිකුත් අය සිනහ සුනා. නමුත් තමන්ට හෝ තමාගේ පාර්ශවයකට තර්ජනයක් මතුවුහහොත් පමණයි ඔහුන් සිතනුයේ රටේ කාලීන සමාජ ධර්මතාවය තමාට ද පොදුයි කියා. එතෙක් ඔහුන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයේ නිරත වෙයි.

Saturday, October 6, 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන

Victor Ivan
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන ගැන උනන්දුවෙන් බලා සිටින ප‍්‍රතිපත්තියක පිහිටා ඉන්නට මිස ඒ ගැන ලියන්නට මම බලාපොරොත්තු නොවූයෙමි. එහෙත් එය රටේ සිදුවන ලොකු අරගලයක් නිසා ඒ ගැන මා දරන අදහස් මොනවා වුවත් එය පළකිරීමේ යුතුකමක් මට ඇති බව විටින් විට මා සමග කතා කළ ආචාර්යවරු තිදෙනෙක් විවිධ ආකාරවලින් මට කීවෝය. ඒ ගැන ලියන මෙම විවරණය එම පෙළඹවීම නිසා ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන මට පෙනෙන්නේ රටේ පවතින දේශපාලන ක‍්‍රමයේ අර්බුදයේම තවත් සංවේදී හා බලවත් ප‍්‍රකාශනයක් ලෙසය. ඓතිහාසික අර්ථයෙන් බිඳ වැටීමක් කරා ගමන් කරමින් තිබෙන දේශපාලන ක‍්‍රමය තිබෙන්නේ විශාල අවුලකය. පාලක පක්ෂයට බලවත් මහජන මතයක් තිබීම හෝ පාලක පක්ෂයට අභියෝග කළ හැකි ශක්තිමත් විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් නොතිබීමද යන කාරණා දේශපාලන ක‍්‍රමයේ අර්බුදය සමනය කරන වැදගත් සාධක වන්නේ නැත. ආණ්ඩුවට මහජන