Sunday, February 17, 2013

මාලබේ උපාධි කඩය සහතික කඩයක් වෙලා - වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ

මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා සිසුන් බඳවාගෙන වසර 5 සම්පූර්ණ වෙමින් තිබෙන නමුත් ඔවුන්ට තවම සායනික පුහුණුව ලබා ගැනීමට නොහැකිවී තිබෙන බවත් එය අද වෛද්‍ය උපාධි කඩයක් නොව වෛද්‍ය සහතික කඩයක් බවට පත්වී ඇති බවත් වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ මහතා පවසයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍යවරු සංවිධානය මගින් අද (18) පුංචි බොරැල්ලේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පළවේ.
"අපි දන්නවා 2008 වසරේ අග තමයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කතිකාවතක් ආරම්භ වෙන්නෙ. 2009 මුල ඉඳල ශිෂ්‍යයො බඳවා ගන්න ආරම්භ කරනවා. දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහත්තය තමයි ඒකෙ ශිෂ්‍යයො බඳවා ගැනීම ආරම්භ කරන්නෙ. නමුත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවෙ අනුමැතියක් නොමැතිව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් විදියට ආරම්භ කළාට BOIඑකෙන් අවසර අරගෙන තිබුනෙත් නැහැ. මෙහි මැනේජ්මන්ට් කියන නම වෙනුවට මෙඩිසින් කියන නම දාගෙන තමයි BOI ව්‍යාපෘතියක් විදියට ආරම්භ කරන්නෙ. රුසියාවෙ පෞද්ගලික  ආයතනයක් විදියට තමයි මෙය ආරම්භ කරන්නෙ. මේ වනවිට ශිෂ්‍යයන් බඳවා ගෙන වසර 05ක් ගතවෙලා තියෙනවා. නමුත් වසර 05ක් ගතවුණත් සායනික දැනුම ලබා දෙන්න ශීක්ෂණ රෝහලක් ඔවුන් සතුව නැහැ. ඔවුන් බොරු ප‍්‍රචාර මුල සිටම මේ සම්බන්ධව අරගෙන ගියා. මුලින්ම කිව්ව පෞද්ගලික රෝහලක් හරහා සායනික පුහුණුව ලබා දෙනවා කියලා. ඒක ඔවුන්ට කරගන්න ලැබුනෙ නැහැ. ඊට පස්සෙ තලංගම,අවිස්සාවේල්ල සහ හෝමාගම මූලික රෝහල්වල ශික්‍ෂණ කටයුතු කරනව කිව්වත් ඒක සාර්ථක වෙලා නැහැ.
වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීම පදනම් ව ඔහු 2011 අගෝස්තු 31 දින ගැසට් නිවේදනයක් නිකුත් කළා මාලබේ පෞද්ගලික විද්‍යාලය උපාධි පිරිනමන විශ්ව විද්‍යාලයක් ලෙස පිළිගනු ලබන බවට. නමුත් එයට වෛද්‍ය සභාව මගින් අනුමැතියක් නොලැබුණු හෙයින් එම ශිෂ්‍යයන්ට ලංකාව තුළ වෛද්‍ය සේවය ලබා දෙන්නට හැකියාවක් නැහැ. ඒක නිසා දිගින් දිගටම වෛද්‍ය සභාවට තර්ජනය කරමින් එස්.බී. දිසානායක ඇමතිවරයා   එහි අනුමැතිය ගැනීමට බලපැම් කළා. ඔබ දන්නවා වෛද්‍ය සභාවේ හිටපු සභාපති වෛද්‍ය ලලිතා මෙන්ඩිස් මහතාව බලහත්කාරයෙන් අයින් කරල ආණ්ඩුවේ හෙන්චයියෙක් වුණු කාලෝ ෆොන්සේකාව දාගෙන උත්සාහයක් ගත්තා. ඊලඟට පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරෝධය දක්වපු වෛද්‍ය සභාවේ හිටපු ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහත්මයාට පහර දීලාඔහුගේ වාහනයට ගහල ඔවුන්ට මර්ධනය දියත් කරා. නමුත් අද වෙනතුරු වෛද්‍ය සභාවෙ අනුමැතිය මාලබේ ආයතනට ලබා ගන්නට හැකියාවක් නැහැ.
අපි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරු සංවිධානය විදියට අපි මේ සිදුවන වංචාව හා සෞඛ්‍ය සේවයට සිදුවෙමින් යන හානිය රටට පැහැදිලි කළ දේ සත්‍ය වෙමින් තියෙනවා. 2011 අගෝ. 31 දින ගැසට් නිවේදනට අනුව 2013 මාර්තු වෙද්දී ශිෂ්‍ය රෝහල ආරම්භ කළ යුතුයි. නමුත් ශිෂ්‍ය රෝහලක් ආරම්භ කරමින් තිබෙනවා. නමුත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැහැ කියල ඇමතිවරයා පවසා තිබෙනවා. මේ හේතුවෙන් පසුගිය ජනවාරියේදී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කරා මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා බොරුවක් කරමින් ඉන්නෙ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන්වත් පියර කිසිවක් ගත්තෙ නැහැ. දැන් මේ වෙන කොට විශාල ලෙස සිසුන් එම පාඨමාලාවලින් ඉවත් වෙමින් තියෙන්නෙ. ඒකෙන් පැහැදිලි වෙන්නෙ ආණ්ඩුව බලාපොරෝතුවුනු මේ අධ්‍යාපනය විකිණීමේ ක‍්‍රියාවලිය අද ජනතාව අතරමං කරන ක‍්‍රියාවලියක් බවට පත්වෙලා තියෙනවා බව. වෛද්‍යවරයෙක් බිහි කරන තැන ඉඳල හොරට ලබා දෙන උපාධි සහතියක් බවට මේ පෞද්ගලික විද්‍යාලය පත්වෙලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් අපි රටේ ජනතාව දැනුවත් කරන්න කටයුතු කරනවා ඉදිරියේදී. මේ තුළින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වුණු අධ්‍යාපනය විකිණීමේ වැඩපිළිවෙල පරාජය කරන්න අපි අපේ මැදිහත්වීම සිදු කරනවා."
මෙම අවස්ථාවට පෞද්ගලික විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරු සංවිධානයේ කැඳවුම්කරු එම්.අයි. විජේනායකලසන්ත අබේවර්ධන යන වෛද්‍යරු සහභාගී විය.

Saturday, February 16, 2013

මීරිගම ප්‍රදේශයේ තවත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමටයයි.

The University of Central Lancashire (UCLan) යන විදේශ විශ්වවිද්‍යාලයේ ශාකාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේ ආරම්බ කිරීමට නියමිතව පවතී.මේ සදහා ආයෝජන මන්ඩලය සමග  අවම වශයෙන් වසර 99ක ගිවිසුමකට පැමින ඇති අතර ඒ සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියද ලබාගෙන ඇත.Uclan Sri Lanka නමින් හදුන්වන මෙම විශ්වවිද්‍යාලයට දැනටමත් මිරිගම ප්‍රදේශයේ අක්කර 120ක භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන ඇතිබව ආරන්චිමාර්ග සදහන් කරයි.මේ සදහා මුලු ආයෝජනය රුපියල් බිලියන 12 ක් වන අතර ගිවිසුමට අනුව ආයෝජන සංවර්ධන මන්ඩලයට වසර  15ක් යනතුරු එම ආයතනයෙන් ආදායම් බදු අයකල නොහැක.තවද එම වසර 15ක කාලයෙන් පසුව 25% ක සහනදායී බදු ක්‍රමයක් තවත් වසර 10ක කාලයක් ක්‍රියාවට නැන්වෙන අයුරින් මෙම ප්‍රෝඩාකාරී ගිවිසුම අත්සන්කොට ඇත.

               අධ්‍යාපනය පෞද්ගලීකරනය හා අධ්‍යාපනය ආදායම් මාර්ගයක් කීරීමට සැලසුම් කරමින් සිටින රජයකින් අපට මීටවඩා යමක් බලාපොරොත්තුවිය නොහැක.දිනෙන් දින රාජයේ පාසල් වැසීයන්නේ පෞද්ගලික පාසල්වලට අතවනමිනි.දිනෙන්දින ඇරෙන ටියුශන් කඩද අපට කියන්නේ රාජයේ පාසල්වල ගරාවැටීම නොවේද.පාසල් වලින් ශිෂ්‍යයන්ගෙන් මුදල් එකතුකතුකිරීම දිනෙන් දිනම වැඩිවෙමින් පවතී,ඒම මුදල් ගෙවීමට නොහැකිව සිසුන් හොරකමේ යයි.තම දරුවන් පාසල් යැවීමට ඉන්දියාවේ මව් වරු වකුගඩු ද විකුනයි.එම තත්වය ලන්කාවේද සිදුවීමට යන්නේදැයි අපි නොදනිමු.අධ්‍යාපන පෞද්ගලීකරනයට විරුද්ධව ශිෂ්‍ය ප්‍රජාව කොතෙකුත් හඩ නැගුවත් ඒ සම්බන්දව මහජනතාවගේ පිබිදීමක් නොමැත.ඔවුන් තවමත් රූපවාහිනිය ඉදිරිපිටට ගොස් කකුල්දෙක උඩතබාගෙන "සුජාත දියනී" බලමින් සිටී.ඔවුන්ගේ දියනියට පුතාට අනාගතයේදී සිදුවන බරපතල අවිනිශ්චිතතාවය ඔවුන්ට නොපෙනීම දුකට කරුනකි.ආදරනීය අම්මේ තාත්තේ බොහෝදුරට මේ ගෙවී යන්නේ නිදහස් අධ්‍යාපනයේ අවසන් හුස්ම පොද වියහැකියි.එය ‍රැකගැනීම හෝ නිහඩව බලාසිටීම ඔබ සතු කාර්යකි.

Wednesday, February 13, 2013

1981 වර්ෂයේ කැළණි සරසවියේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී වල්පොල රාහුල හිමියන් කළ කථාව

දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද?  අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ.  එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශ්‍රීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ.

ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක හො වෙනත් තැනක උත්්පත්තිය ලැබිය යුතු බව ඔබට පෙනෙනු ඇත.  මිනිසෙකු හෝ ගැහැණියක එසේ ඉපදුණු විට ඒ සමඟ ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ.  අනෙක් ඒවාට වඩා ඒවා හොඳ නිසා ඔවුන් ඒවා තෝරා ගත්තා නොවේ.  ඒ සියල්ල අහම්බෙන් ලැබෙන දේය.

එසේ වුවද, පුද්ගලයෙකු සිය ආත්මය පිළිබඳ හැඟීම සිය ආත්මාර්ථකාමී මමත්වය – හේතුකොට ගෙන  හුදු අහම්බයක් නිසා තමාට උරුම වූ මේවා පිළිබඳව ඇලෙන අතර ඒවා තමාට ඉතාම සුදුසු යයි හැඟුන නිසා තෝරාගත් බවක් අන්‍යන්ට පෙන්වන්නට කටයුතු කරයි.  ඔහු ඒවා සමඟ වෙන් කළ නෙැහැකි ලෙස සම්බන්ධ වන අතර ඒවා තුළ සිය සතුට, විමුක්තිය හා සරණ සොයයි.  ඒවා ඉවත් කළ විට කිසිම වටිනාකමක් නැති හිස් බවක්, අසරණ බවක්, ඔහුට දැනේ.  ඒ නිසාම ආරක්ෂා වනු පිණිස, ආවරණය වනු පිණිස, වෙනකක් තබා තමා වැදගත් බව හඟවනු පිණිස, ඒවා උත්කෘෂ්ඨත්වයට නංවන්නට ඉහලට ඔසවා තබන්නට, වන්දනා මාන කිරීමට, ඔහු උනන්දු වෙයි.

කිසියම් කෙනෙකු සභාවක නැගිට ” මා ශෙ‍්‍ර්ෂ්ඨයි විශිෂ්ඨයි උතුම්යයි” කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත.  එභෙත් ඔහු තමාගේ ජාතිය, වර්ගය හෝ ආගම උසස් යයි ( එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි) කියා සිටින්නේ නම් ජාතිපේ‍්‍රමියෙකු ලෙස හෝදේශපේ‍්‍රමියෙකු ලෙස හෝ වෙනත් පූජනීය කෙනෙකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට, ආගමට හෝ වර්ගයට අයත් ජනතාව ගෙන් බුහුමන් ලබනවා ඇත.  මෙවැනි දේශකයින්ගේ පටු බව හා ලඝු බව දේශපේ‍්‍රමයේ හෝ ජාතිපේ‍්‍රමයේ සළු පිළියෙන් කදිමට වසා ගත හැක.

ශ‍්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් විසින් තවමත් මහත් උනන්දුවෙන් හදාරනු ලබන රෝමානු නීතියේ මෙවැනි කියමනක් වෙයි.

“සිය දේශය වෙනුවෙන් මිය යාම ප‍්‍රසන්න හා වැදගත් දෙයකි”  රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත්  බව පෙන්වන්නට. සාධක කොතෙකුත් තිබියදීත් මෙවැනි ආකර්ෂණීය හා උද්වේගජනක සටන් පාඨ මිනිසුන් අරගලයට යුද්ධයට මෙභෙයවා ඇත.

කිසියම් පුද්ගලයෙකු තම රට ජාතිය හෝ ආගම නොසළකා අමතක කොට ජීවත්විය යුතු යයි කිසිවෙකු යෝජනා නොකරනු ඇත.  දේශපේ‍්‍රමය ජාතිපේ‍්‍රමය හා ඒ සමාන වෙනත් දේ තුළ ඇති නොවැටභෙන දේ නම් ඒවායින් ඇතිවන යහපත හෝ අයහපත වෙන්කර ගන්නට නොහැකි වීමය.

දේශපේ‍්‍රමය යනු රට වෙනුවෙන් පෙනී සිටීමය.  ජාතිපේ‍්‍රමය යනු ජාතිය වෙනුවෙන් පෙනී සිටීමය.  එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත.  ඒ දෙකම යහපත්ය.  එභෙත් තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ඉක්මනින්ම අනෙක් ජාතියට එරෙහි වීමට පෙරලෙයි.  තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම අනෙකාගේ රට ජාතියට එරෙහි වීම ලෙස තේරුම් නොගත යුතුය.  ඇත්තටම නම් තමන්ගේ රට ජාතියට හිතවත් වන ප‍්‍රමාණයට අප අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය.  අනෙකාගේ රට ජාතියට ගෞරව නොකරන, ආදරය නොකරන, කෙනෙකු තමන්ගේ රට ජාතියට සැබෑ ලෙස ගෞරව කරන්නේද ආදරය කරන්නේද නැත.

බෞද්ධ ආචාර ධර්ම තුළින් මේ සම්බන්ධව වැඩිදුර ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන.  ලෝක සත්වයාට මෛත‍්‍රීය කිරීම අරඹන්නේ පහසුවෙන් හා මුලින්ම කළ හැකි තමාට මෛත‍්‍රිය පැතිරවීමෙනි.  තමාට මෛත‍්‍රිය කිරීම සඳහා අනුන්ට වෛර කිරීම අවශ්‍ය නොවේ.  තමාට නිවැරදිව හා බුද්ධිමත්ව මෛත‍්‍රිය කරන කෙනෙකු සියළු ආකාරයේ නරක ක‍්‍රියාවලින් වැළකෙන අතර නිවැරදි මාවතේ ගමන් කරයි.  එවිට අපට අප සමඟ හෝ සමාජය සමඟ ගැටුමක් ඇති නොවේ.  අප අවට ලෝකය සමඟ සාමයෙන් හා සංහිඳියාවෙන් ජීවත්වීමට එයින් අපි වරම් ලබමු.  ඊළඟ පියවර වන්නේ තමන්ට ඉතාම ළඟින් නුදුරින් සිටින අයට මෙත් සිත් පැතිරවීමය.  තෙවැනි පියවර වන්නේ තමා සමඟ සබඳකම් පවත්වන අයට මෛත‍්‍රිය කිරීමයි.  සිව්වෙනි හා අවසාන පියවර වන්නේ තමන්ගේ සතුරන්ටද මෛත‍්‍රිය පැතිරවීමය.  මෙය දුෂ්කර වුවද මෛත‍්‍රිය වැඩීම තුළ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනය හා අත්දැකීම් ලබන නිසා එය කළ හැකි දෙයක් වෙයි.  මෙසේ මෛත‍්‍රිය හුරු කළ විට තමන් හා තමන්ගේ කිට්ටුවන්තයන් අතරද තමන් හා තමන් සබඳකම් පවත්වන්නන් අතරද තමන් හා හතුරන්  අතරද වෙනස තුනීව යයි.  නැතිව යයි.  මෙය ඉන්ද්‍රජාලික සුරංගනා ලෝකයේ සිදුවන අභව්‍ය සිදුවීමක් නොවේ.  මෙය මිනිසුන් තුළ ගොඩ නඟා ගත හැකි අපූර්ව තත්වයකි.දේශපේ‍්‍රමයට  හා ජාතිපේ‍්‍රමයට මෙසේ සියළු ජාතීන් හා දේශයන් එක්ව පෙමකින් වෙලන්නට හැකිවේද?  සමහර විට මහත්මා ගාන්ධි එසේත් නැත්නම් ශ‍්‍රී ලාංකිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි වැනි දේශපේ‍්‍රමීහු හා ජාතිපේ‍්‍රමීහු  ජාතියට සංස්කෘතියට හා දේශයට ආදරය කරමින් සෙසු ජාතීන්ට සංස්කෘතීන්ට දේශයන්ටද පේ‍්‍රම කළහ.

මේ සඳහා කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි මනසක් තිබිය යුතුය.  මේ හැම විටකම කල්පනාකාරී වීමත් මිනිසුන් වර්ග කර ලේබල් ඇලවීමට ඉක්මන් නොවීමත් අවශ්‍යය. වර්ගීකරණය යනු බෙදා නිෂ්චිත කණ්ඩායම්වලට වෙන් කිරීමය.  එසේ කළ විට අනවරතව ගලා යන සමස්ථ ජීවිතය අපගේ සිත තුළ චිත‍්‍රණය නොවෙයි. වර්ගීකරණය යනු කෑලිවලට වෙන් කර තනි තනිවම ඒවා විමසීමය.  ඒ තුළ සමස්ථය දැකිය නොහැකිවේ.  වර්ගීකරණය තුල කැබලි වීම නිසා සිදුවන මේ අභාග්‍යය මිනිසා ගැන පමණක් නොව ස්වභාවධර්මය සම්බන්ධයෙන්ද රමණීයත්වය සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දෑ සම්බන්ධයෙන්ද එකසේ අදාළය.

සියළුම ආගම් පිළිබඳ ප‍්‍රවේසමෙන් කරන ලද අධ්‍යයනයකින් පසු කිසියම් ආගමක් අනෙක් ඒවාට වඩා ශෙ‍්‍ර්ෂ්ඨ යයි තේරුම් ගෙන ඒ ආගම වැළඳගත් අය ලෝකය තුළ සිටී නම් ඒ අල්ප වශයෙනි.  එභෙත්  බහුතරයක් අපි උපතින් උරුම වූ ආගමතුළම රැදී සිටිමු.  මා කිසියම් ආගමක් උපතින් උරුම කර ගත් නිසාම ඒ ආගම පමණක්ම සත්‍ය බවත් අනෙක් ආගම් සියල්ල අල්පේච්ඡ බවත් කීම කොතෙක් දුරට සාධාරණ වන්නේද?  මීටත් වඩා පටු වූද බාලවූද සිතිවිල්ලක් තවත් තිබිය හැකිද?  මම බෞද්ධයෙක්ව උත්පත්තිය ලැබූ නිසාම බෞද්ධාගම සත්‍ය දෙසන එකම ආගම බවත් අනෙක් ආගම් තුළ ඇත්තේ බොරුව බවත් මට කිව හැකිද?  මා ක‍්‍රිස්තියානි කාරයෙක්ව උත්පත්තිය ලැබුවේ නම් ක‍්‍රිස්තියානි එකම සත්‍ය ආගම බවත් සෙසු සියළු ආගම් වැරදි බවත් මා කීම සාධාරණ වන්නේද?  තමන්ගේ ආගම පිළිබඳ භක්තියක් ඇතිකර ගැනීම එකකි.  එය යහපත් එකක් වන්නටද පුළුවන.  එභෙත් මගේ ආගමට ඇති භක්තියෙන් අන්ධවී මා විසින් සෙසු ආගම් ගර්හාවට ලක් නොකල යුතුය.

මේ සම්බන්ධයෙන් කිව යුතු තවද කරුණක් ඇත.  අවිචාර බුද්ධියෙන් යුතුව  ඡාතික හා ආගමික මතයක එල්බගෙන සිටීම තරමටම දේශපාලනික ආර්ථික හෝ සමාජයීය  මතයක් විචාරයෙන් තොරව දැරීමද (එකම ආකාරයේ) වැරදිය. මේ සියළු මතවාදයන් (දිට්ඨි) කෙරෙහි අන්ධව බැදී ඇලී සිටින තැනැත්තේ මෙසේ කියයි. මෙය පමණක් සත්‍යයකි. මෙයින් බාහිර හැම දෙයක්ම බොරුවකි.

එවැනි අන්ධ මතවාදයන් දැරීම පිළිබඳ බුදුන්ගේ වචනය ඉතා පැැදිලිය. කිසියම් මතවාදයකට ඇලි ගැලී සිටිමත් අනෙකුත් මතවාදයන් පහත් යැයි ගර්හා කිරීමත් පහත් ක‍්‍රියාවන්ය. බුද්ධිමත් මිනිස්සු එවැනි දැ සලකන්නේ විලංගු ලෙසය. (සූත්ත නිපාත – 798 පැදිය) ඒ අර්ථයෙන් ගත් කළ මිනිස් වර්ගයා විලංගු දා බැඳ දමා තිබේ.

මෙයින් අදහස් කරන්නේ අරාජිකත්වය හෝ ව්‍යාකූලත්වය අනුයන බව නොවේ. අපම සාදාගත් පටු දෘෂ්ඨියෙන් මිදී, අපේම සිතින් මවාගත් මන:කල්පිතයන්ට නොබැඳි, නිදහසේ යමක් එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට ඒ උපදෙස් අපට ආරාධනා කරනවා පමණකි. යමක් එහි සැබෑ ස්වරූපයෙන් දැකීමෙන් ව්‍යාකූලත්වයක් හෝ අරාජිකත්වයක් ඇති නොවේ. එයින් පිළිවෙලද, විනයද -  සහජීවනය හා සාමයද – ඇති වේ. අපි යථාර්ථයට මුහුණදීමට ඇති බිය නිසාම අපේ ඇස් වසා ගනිමු.  අප කැමත, යමක් අපට ඔනෑ අකාරයට දකින්නට මිස, එය තිබෙන සැබෑ ස්වරූපයෙන් දක්නට නොවේ.

ඒ නිසාම වසර ගණනාවක පුහුණුවකින් පසු සරසවිය  හැර යන තරුණ ඔබ සියල්ල පරීක්ෂා කළ යුතුය.  ඔබේ දැනුම සියල්ල  එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට භාවිතා කළ යුතුය.  මා කියන දෙය හෝ වෙනත් කිසිවෙකු කියන දෙය හෝ ඔබ පිළිගත යුතු නැත.  එය අධිකාරිත්වය දරණ අයගේ හඬ නිසාම ඔබ පිළිගත යුතු වන්නේ නැත.  යම් කෙනෙකු තමන්ගේ හැකියාවේ උපරිම මට්ටමෙන් හා තම දැනුමේ උපරිම මට්ටමෙන් යම් කිසිවක් විමසා බලා පිරිසිඳ දකින්නේ නැතිව පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදා සාධාරණ හේතුවක් දිය නොහැකිය.

ඔබේ වෘත්තීය ජීවිතය තරුණ ඔබටද එපමණක් නොව සමාජයේ යහපත පතන ඒ වෙනුවෙන් කැප වී ඇති සියල්ලන්ටමද ප‍්‍රයෝජනවත් හා තෘප්තිකර එකක් වනු ඇතැයි මේ උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගි වන සියල්ලන් පතන බවට මට උදක්ම  විශ්වාසය.

Sunday, February 10, 2013

නිදහස්‌ අධ්‍යාපනයේ මල් නෙලන්න පොල් හොරකමේ යවන දැරියෝ!

ඒ හැඟුම සිත පාරවයි. ඊයක්‌ මෙන් පත්ලට කිදා බැස සිත කීරි ගන්වයි. සිත් කම්පා කරවන අවස්‌ථාවන්ට සංවේදී වන්නට තරම් හැඟීමක්‌ මනසක්‌ ඇති එකෙක්‌ නැති වග යළිත් පසක්‌ කර තිබේ. මේ පළමු වැනි හෝ අවසාන වර ද නොවේ.

පාසලේ තීන්ත ගෑම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් පොල්ගෙඩි අටක්‌ අනවසරයෙන් ගත් දැරියක අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමේ හද රිදවන සිදුවීම දෙස නොබැලු අයෙක්‌ නැත. එම සිදුවීම මේ සමාජ යථාර්ථයේ කදිම නිර්දශනයක්‌ ලෙස අර්ථදැක්‌වීම අතිශයෝක්‌තියක්‌ නොවේ. බොහෝ පිරිස්‌ ඒ දැරියගේ අන්ත අසරණ භාවය පිළිබඳව ඉමහත් ශෝකයෙන් කතා කරන විට තවත් පිරිස්‌ දෙමවුපියන්ට, පාසලට එසේ නැතහොත් පොල් ගසේ හිමිකරුට දෝෂාරෝපණය කරති. දැරිය අධිකරණයට ඉදිරිපත් කළ පොලිසියට ද මෙ වන විට චෝදනා එල්ල වී තිබේ. එනම් එතරම් සුළු සිද්ධියක්‌ සමථ මණඩලය ඉදිරියට ගෙන යැමෙන් තොරව අධිකරණය ඉදිරියටම ගෙන යැම පිළිබඳවය. රටේ ඉහළම පුද්ගලයන්ට හොටු පෙරාගෙන වැළපෙන්නට මෙය කදිම අවස්‌ථාවකි. දුටු දුටු තැන දරුවන් සිඹින මුත් එය ළෙන්ගතුකමක්‌ හෝ සැබෑ ස්‌නේහයක්‌ නොවන බව මේ දැරියගේ සිද්ධියෙන් කදිමට උද්දීපනය වෙයි. හද කම්පා කරවන මෙවැනි සිද්ධීන් තොරොම්බල් කරනු විනා එවැනි සිදුවීම් ඇති නොවන්නට පාලකයන් කර තිබෙන හෝ කරන දෙයක්‌ නැත. මේ මොහොතේද සිදු වෙමින් පවතින්නේ එවැනි තොරොම්බල් කිරීමකි. ඉතාම මෑතකදී කොස්‌ගෙඩිය දෙකක්‌ කඩා ගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියද වාර්තා වුයේ මෙම ප්‍රදේශයෙන්මය. එවර කොස්‌ගසේ හිමිකරුවා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙකි. තමන්ට අයත් කොස්‌ගසෙන් කොස්‌ ගෙඩි දෙකක්‌ කැඩූ පුද්ගලයා කුදලාගෙන ගොස්‌ පොලිසියට භාරදී අධිකරණ ක්‍රියාමර්ග ගැනීSමේ සිදුවීම කතා කළේ මාධ්‍ය පමණි. රුපියල් 25000 කට අඩු වැරැදි අධිකරණයට ඉදිරිපත් නොකර සමථ මණ්‌ඩල හරහා විසඳුම් ලබා ගැනීමේ චක්‍රලේඛ පිළිබඳ එම සිද්ධියේදී කතා බහට ලක්‌ නොවිණි. පොල්ගෙඩි අටක්‌ අනවසරයෙන් ගත් දැරිය අධිකරණයට ගෙන යැමේ සිද්ධියෙන් පසු සමථ මණ්‌ඩල වලට යොමු කිරීමේ චක්‍රලේඛවල දූවිලි පිසදා බැලීමට තරම් වුවමනාවක්‌ නිර්මාණය වූයේ ඇයිද යන්න විමසිය යුතුය. කොස්‌ගෙඩි දෙකේ වටිනාකම පොල්ගෙඩි අටේ වටිනාකමට වඩා අඩුය. ඒ අතින් ගත්තද අඩු වැරදි සමථ මණ්‌ඩලයට යොමු කිරීමේ චක්‍රලේඛ ගැන කතා කරන්නට තිබුණේ මුල් සිදු වීමේදී බව කාටත් තේරෙන සත්‍යයකි. එහෙත් ඒ චක්‍රලේඛ බහා ඇති µයිsල් කවර අවුස්‌සන්නට කොස්‌ගෙඩි සිද්ධියේදී අවධානය යොමු නොකළ පාලකයන් පොල්ගෙඩි අටේ සිද්ධියේදී ඒ සඳහා උත්සුක වීම හරහා පිළිඹිබු වන්නේ දරුවන් තොරොම්බල් කර පහසුවෙන් සමාජ අවධානය දිනා ගැනීමේ පටු අරමුණ පමණක්‌ යෑයි කීමෙහි වරදක්‌ නැත. කොස්‌ගෙඩි දෙකේ සිද්ධියේදී අධිකරණ ඇමැතිවරයා චක්‍රලේඛ එළියට ඇද්දේ නම් හොරණ අධ්‍යාපන කලාපයේ අසරණ දැරියගේ සිද්ධියට සමථ මණ්‌ඩලය ඔස්‌සේ විසඳුමක්‌ ලැබෙන්නෙට ඉඩ තිබිණි. එය එසේ නොවීම හරහා දරුවන් එවැනි වැරැදි සඳහා පෙළඹෙන හේතු සාධක පිළිබඳ කතිකාවතක්‌ ගොඩනැගීමට හැකි වී ඇත. ඒ වෙනුවෙන් ඇයට ද ප්‍රශංසාව හිමි විය යුතු යෑයි අපි විශ්වාස කරමු.

නව දහස්‌ හයසිය හැට දෙකක්‌ පමණ වන පාසල්වල වැසිකිළි පවිත්‍ර කිරීමේ සිට තාප්ප, බිත්තිවල තීන්ත ආලේප කිරීම දක්‌වාත් විද්‍යාගාර, හා පුස්‌තකාල පරිහරණය කිරීමේ සිට යටිතල පහසුකම් සඳහා වන වැය බරත් දරන්නේ දෙමවුපියන් බව පාලකයන් දැනගෙන ඇත්තේ ඉහත දැරියගේ සිද්ධියෙන් පසුවය යන්න අපගේ "අහිංසක හැඟීමය". ඒ හැඟීම අප තුළ උපදවන්නේ සැකයකි. වසරින් වසර අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් ප්‍රතිපාදන කපා හරින කල අධ්‍යාපනයේ වැයවර දෙමවුපියන් හැර ශක්‍රදේවේන්ද්‍රයා විසින් නොදරනු ලබන බව අවබෝධ කර ගැනීමට තරම් හැකියාවක්‌ නොමැති වීම එක්‌ අතකින් කනගාටුවකි.

කෙසේ වූවද විදුහල්පතිවරුන් දෙමවුපියන් හා දරුවන් හැර සෙසු සියලුම දෙනාගේ දැන ගැනීම වෙනුවෙන් මේ සටහන තැබීමට සිදුවී තිබේ. මන්ද ඉහත තුන් පිරිස හැර මේ දීපයේ වෙනත් කිසිවකු පාසල්වල මුදල් එකතු කිරීම පිළිබඳ හාන්කවිසියක්‌ නොදන්නා සෙයක්‌ දක්‌නට ඇති හෙයිනි. 

දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නිති විරෝධී බව රටේ ඉහළම මණ්‌ඩලය වන කැබිනට්‌ මණ්‌ඩලයේද සාකච්ඡා වී තිබේ. කැබිනට්‌ මණ්‌ඩලයේ මේ සාකච්ඡාව සිදු වන්නේ දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී බවට වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ චිරාත් කාලයක්‌ ගත වීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි. මේ වනවිට සිදු වන කතාබහෙන් ගම්‍ය වන්නේ එම චක්‍රලේඛය නිකුත් කළ දා පටන් -පොල්ගෙඩි අටක්‌ අනවසරයෙන් ගත් දැරියගේ සිද්ධිය දක්‌වා වූ කාලය පුරාවට දෙමවුපියන්ගෙන් සතයක මුදලක්‌ පාසල් වලින් අයකර නොමැති යන හැඟීමකින් පාලකයන් පෙළෙන බවය. සෑම වසරක ම මුල සෑම පාසලක ම සෑම පන්ති කාමරයකදී ම සෑම ගුරුවරයකු විසින් ම පන්ති කව නමින් "පුංචි" රැස්‌වීමක්‌ පවත්වන බව මේ අය නොදන්නවා විය යුතය. එහෙයින් ඒ පුංචි රැස්‌වීමේදී දෙමවුපියන්ගෙන් එකතු කරන මුදල් පිළිබඳව සඳහන් කළ යුතුමය. ඒ රටේ ඉහළ මණ්‌ඩලයේ දැනුවත් වීම සඳහාය.

පසුගිය වසරේ කොළඹ ප්‍රධාන පළේ පාසලක පන්ති කව රැස්‌වීමේදී ගත් තීරණයකට අනුව පහසුකම් හා සේවා ගාස්‌තු සාමාජික ගාස්‌තු, ආරක්‌ෂක ගාස්‌තු ක්‍රීඩා අරමුදල, පුස්‌තකාල අරමුදල, විෂය සමගාමී අරමුදල, ගොඩනැගිලි හා උපකරණ නාඩත්තු වියදම්, වාහන නඩත්තු වියදම්, ශිෂ්‍ය සුබසාධන ගාස්‌තු, ආපනශාලා දෙවැනි අදියර යන කරුණු සඳහා රුපියල් 2000 බැගින් එකතු කරන ලදී. එම පාසලේ ළමයි සංඛ්‍යාව පන්දහසකට අධිකය. එකතු වූ මුදල රුපියල් කෝටිය ඉක්‌මවීය. ඇතැම් පාසල්වල රුපියල් පන්දහස බැගින් එකතු කරනු ලැබිණි. කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක මෙම වසරේ පැවති පන්ති කවයේදී රුපියල් දෙදහස බැගින් එකතු කළ මුදල් පාසල් සංවර්ධන සමිති අරමුදලට බැර කළ යුතු බව විදුහල්පතිනිය කළ නියෝගයක්‌ නිසා උණුසුම් තත්ත්වයත් ඇති විය. (පන්ති කවයේදී එකතු කෙරෙන මුදල් වරින් වර විවිධ අවශ්‍යතා සඳහා වැය කෙරෙන හෙයින් එම මුදල් පාසල් සංවර්ධන සමිති ගිණුමේ තැන්පත් කිරීමේ අවශ්‍යතාවක්‌ හෝ නීතියක්‌ නැත.)

මීට අමතරව පිට පළාත් පාසල්වලද රුපියල් දහස හෝ ඊට ආසන්න මුදලක්‌ බැගින් දෙමවුපියන්ගෙන් අය කිරීම ඉතාම සාමාන්‍ය තත්ත්වයකි. රුපියල් කෝටි ගණනේ සිට රුපියල් දහස්‌ ගණන දක්‌වා මුදලක්‌ දෙමවුපියන්ගෙන් ඒ ඒ පාසල්වලට ලැබෙයි. ප්‍රධාන පළේ ජනප්‍රිය පාසල් හැර සෙසු සාමාන්‍ය පාසල්වල නම් එම මුදල් වැය කළ ආකාරය වසර අවසානයේදී බොහෝ විට දෙමවුපියන්ට දැන ගැනීමට ලැබෙයි. ඉන්පසු නව වසරේදී යළිත් දෙමවුපියන්ට මුදල් වැය කිරීමට සිදු වෙයි. 

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක උසස්‌ පෙළ පන්ති සඳහා ඇතුළත් වූ ශිෂ්‍යාවන්ගෙන් අය කළ මුදල රුපියල් 8736 ක්‌ විය. විද්‍යාගාර ගාස්‌තු, ශිෂ්‍ය වාර්තා පොත, ප්‍රගති වාර්තා පොත, යටිතල පහසුකම් ආදී විවිධ ගාස්‌තු ඊට -ඇතුළත්ව තිබිණි. පොල්ගෙඩි අටේ සිද්ධියට සම්බන්ධ දැරියට අවශ්‍ය වූයේ පන්ති කාමරයට තීන්ත ආලේප කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පන්ති කවයේදී තීරණය කළ මුදල සොයා ගැනීමය. බස්‌නාහිර පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල තීන්ත ආලේප කිරීමේ කටයුත්තේදී අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි මැදිහත් වීමක්‌ කළේය. එනම් පසුගිය වසරේ ඔක්‌තෝබර් මස 18 වැනිදාතමින් චක්‍රලේඛයක්‌ නිකුත් කරන පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට දන්වා සිටියේ -පාසල්වලට තීන්ත ආලේප කිSරීම සඳහා මුදල් ලබා දෙන බවය. "සුපසන් නිම්තෙර" නම් වැඩසටහන යටතේ සිසුන් 500 ට අඩු පාසල් සඳහා රුපියල් 50000 ක්‌ද 500 - 750 අතර රුපියල් 75000 ක්‌ද, 750 -1000 අතර රුපියල් 100000 ක්‌ද, 1000 ට වැඩි සිසුන් සිටින පාසල් සඳහා රුපියල් 150000 ක්‌ද වශයෙන් මුදල් ගෙවන බවට එහි සඳහන් විය. තීන්ත ආලේප කිරීමට අමතරව පාසල්වල වෙනත් අඩුපාඩුද සපුරා ගැනීමට එම මුදල යොදාගත හැකි යෑයිද චක්‍රලේඛනයේ සටහන් කර තිබිණි. තවද අමාත්‍යාංශය අලෙවි නියෝජිතයකුගේ තත්ත්වයට පත් වෙමින් සියයට 25 ක වට්‌ටමක්‌ යටතේ තීන්ත මිලට ගත හැකි පෞද්ගලික ආයතනයක්‌ ගැනද සඳහන් කළේය.

කාලය ගත වීමෙන් පසු පසුගිය මස 31 වැනිදා ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ අධ්‍යාපන වෘත්තීය සංගම් අතර සාකච්ඡාවක්‌ පැවැත්විණි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු පිළිබඳ සාකච්ඡා කරන අතරතුර තීන්ත ආලේප කිරීමද සාකච්ඡාවට ඇතුළත් විය. එහිදී ප්‍රධාන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තීන්ත ආලේප කිරීම සඳහා පාසලකට ලබා දී ඇත්තේ රුපියල් 60000 ක්‌ බවත් එම මුදල ප්‍රමාණවත් නොවන හෙයින් යම් මුදලක්‌ එකතු කිරීමට සිදු වී ඇති බවත්ය. පාසල්වල විදුලි ගාස්‌තු සඳහා විශාල මුදලක්‌ වැය කිරීමට සිදුවී ඇති හෙයින් මාසයකට රුපියල් 250 ක්‌ අය කරන්නේ නම් එය සාධාරණ බවත් රණතුංග මහතා ප්‍රකාශ කර ඇත. 

දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී යෑයි කැබිනට්‌ මණ්‌ඩලය හදිසියේම සාකච්ඡා කිරීමට සතියකට පෙර බස්‌නාහිර ප්‍රධාන ඇමැතිවරයා දෙමවුපියන්ගෙන් මුදල් අය කිරීම සාධාරණීයකරණය කරයි. රුපියල් 50000 සිට 150000 දක්‌වා පාසල්වලට මුදල් ලබා දෙන බවට චක්‍රලේඛයක්‌ නිකුත් කළ පළාත් අමාත්‍යාංශය පසුව එය රුපියල් 60000 කට සීමා කිරීමට හේතුව කුමක්‌ද යන්නද අපැහැදිලිය.

කවුරු කුමන දේ කීවද පාසලකට වියදම් පෝලිමකි. විදුහලේ ප්‍රධානියාට ඒ වැය බර දරා ගැනීමට නොහැකි වන කල අවසාන සහ හොඳම විකල්පය දෙමවුපියන්ය. දෙමවුපියන්ගෙන් මුදල් එකතු කරන ලෙස විදුහල් ප්‍රධානීන් පොළවන්නේ අහිංසක දැරියක්‌ තොරොම්බල් කරන ආණ්‌ඩුවය. දෙමවුපියන්ගෙන් මුදල් එකතු නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛ පිට ද චක්‍රලේඛ නිකුත් කළත් ප්‍රතිඵලයක්‌ නැත. පාසල් පවත්වාගෙන යම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස ලබා නොදෙනතාක්‌ සාප කරමින් හෝ මුදල් වැය කිරීමට දෙමවුපියන්ට සිදු වෙයි. ඒ සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි.

කෝටි ප්‍රකෝටි ගණනින් අය කෙරෙන ජනතා බදු මුදලින් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වැය කෙරෙන්නේ සොච්චමකි. අධ්‍යාපනය සඳහා ඒ සොච්චමෙන්ද කොටසකි. එහෙයින් හොරණ අහිංසක දැරිය මෙන් තවත් අහිංසකයන් ඉදිරියේදීත් එවන් තත්ත්වයකට පත් වූවහොත් අරුමයක්‌ නැත.ආශ්චර්යයේ යථාර්ථය ගඳ ගසමින් රෙද්ද පල්ලෙන් බේරෙනායුරු දැක දැකම හුරේ දමන්නන් නොඅඩු රටක සාධාරණය යුක්‌තිය ගැන කවර කතාද..... ?

නිලන්ත මදුරාවල

Friday, February 8, 2013

රටේ තවත් තරුණ කැරැල්ලක් ඇතිවීම අනිවාර්යයක් - ඩලස්

අනාතගයේදී තවත් තරුණ කැරැල්ලක් ඇතිවීමේ ඉඩකඩ පහළවෙමින් පවතින බවත් තමන්ගේ වගකීම් හරියට ඉටු කිරීමට නොහැකිවූ බැවින් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තමන් සූදානම් බවත් නිපුණතා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා ගාල්ල තාක්‍ෂණ විද්‍යාලයේදී පවසා තිබේ.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ "මේ රටේ තියෙන්නේ අමුතුම දේශපාලන සෙල්ලම්. ඡන්ද කාලයට තමන්ගේ ඔළුව විතරක් නෙවෙයි අතයි කකුලුයි දෙක තුනම කරකවලා ඡන්ද ගන්නවා මිසක් ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නේම නැහැ. ඒ නිසා දැන්වත් අපේ වැඩිහිටි පිරිස් අරක්කු ටිකටයිහිස් රැකියා පෝරමයටයි ඡන්ද දීලා තමන්ගේ දරුවන්ගේ අනාගතය පාවා නොදෙන්නට දැන්නවත් සූදානම් විය යුතුයි.
තව වසර දහයකින් හෝ විස්සකින් තවත් තරුණ කැරැල්ලක් මේ රටේ ඇතිවීම අනිවාර්යයක්. මට හරියට වගකීම් ඉටුකරන්නට බැරි වුණා. මම දේශපාලනයෙන් විශ්‍රාම යන්නට සූදානම්.
මේ රටේ සිටිය හා සිටින දේශපාලනඥයන්ටගුරුවරුන්ට හා මවුපියන්ට මේ රටේ තාරුණ්‍යයේ විශ්වාසය දිනාගන්න බැරි වුණා. ඔවුන්ගේ හඬට කන්දෙන්න බැරි වුණා. ඔවුන් තේරුම්ගන්න බැරි වුණා. ඒ නිසා ගෙවී ගිය යුගයේ මේ රටේ තරුණ කැරැලි තුනක මහා ඛේදවාචකයකට මුහුණ දෙන්නට අපට සිදුවුණා. මෙයට රටේ දේශපාලනඥයන්,ගුරුවරුන් මෙන්ම මවුපියන්ද වගකිව යුතුයැයි කීය.
අපේ රටේ සිසුන්ගෙන් 5%ක් විශ්වවිද්‍යාලයට යන විට 95%ක් අතරමඟ නතරවන අධ්‍යාපනයක්සමාජ වටපිටාවක් අප රට තුළ තිබෙන්නේ යැයි කී අමාත්‍යවරයා මෙවන් තත්ත්වයක් යටතේ මේ රටේ තරුණයන්ට සයිනයිඩ් කරල් බෙල්ලේ එල්ලා ගැනීම හා දෙපයින් සිට මියයෑම හැර ඔවුන්ට වෙන තිබූ සමීපතම විසඳුම කුමක්ද?
මේ රටේ සිංහලදෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා නොකිරීමපාසල් අධ්‍යාපනය තුළ ඉංග්‍රීසි භාෂාව ලඝුකොට තැබීමහා වෘත්තීය අධ්‍යාපනයට ඉතිහාසය පුරාම සැලකිල්ලක් නොදැක්වීම යන කරුණු මත අපේ රටේ මහා ඛේදවාචකයන් ඇතිවුනා. මේ රට තුළ අද ඉන්ජිනේරුවන්ගේ විශාල හිඟයක් තිබෙනවා." යයිද පැවසීය.

ජනපතිතුමනි, අපි කම්පා වෙන්නම් ඔබ සතුටු වෙන්න - අන්තරය

තම ආර්ථික ප්‍රතිපත්ති මගින් පාසල් සිසුන්ට අත්කර දී ඇති ඉරණම සම්බන්ධයෙන් කම්පාවීම ජනාධිපතිවරයාගේ තවත් හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් පාසල් දරුවන්ට සොරකමේ යෙදෙන්නට සිදුව ඇත්තේ අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් බවත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
පාසලේ තීන්ත ආලේප කිරීමට මුදල් ලබාදීම සදහා පාසල් ශිෂ්‍යයාවකට සොරකමේ යෙදීමට සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ බව ප්‍රකාශ කර තිබේ.
එම නිවේදනය මෙසේය.
පාසලේ තීන්ත ආලේප කිරීම සඳහා ගෙනෙන්නට කියූ රු.800ක මුදලක් දෙමව්පියන්ට ගෙවීමේ හැකියාවක් නොමැතිවීම නිසා අසල වත්තකින් රු.320ක් වටිනා පොල් ගෙඩි අටක් ඇහිලූ ශිෂ්‍යාවක් හොරණ මහෙස්ත‍්‍රාත්වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.50000ක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබූ පුවතක් ඊයේ පුවත්පත්වල වාර්තා කර තිබුණි. එය අප කාගේත් හදවත් කම්පාවට පත්කරනු ලබන පුවතක් වන අතර ඒ පිළිබඳව මාධ්‍යවේදියකු රජයේ කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඇසු පැනයකට දෙන ලද පිළිතුරෙන් අපි තවත් කම්පාවට පත්වීමු.
ඔහු ප‍්‍රකාශකර ඇත්තේ මෙම ප‍්‍රවෘත්තිය ඇසීමෙන් ජනාධිපතිවරයා බලවත් කම්පාවට පත් වූ බවයි. මෙය නම් ආශ්චර්යයක් මැයි. ජනාධිපතිතුමා කම්පාවට පත්ව තිබේ. ඝාතකයකු දිනපතා පුද්ගලයන් ඝාතනය කරන ගමන් සියතින් ඝාතනය වන පුද්ගලයන් පිළිබඳව කම්පා වන්නේ යැයි කිව හොත්.....මෙයද එවැනිම කතාවක් නොවන්නේ ද?
දෙමව්පියන්ගෙන් පාසල්වල නඩත්තුට මුදල් අය කරන්නේ ඇයි? එය විදුහල්පතිවරයාගේ වරදකින් සිදුවූවක්ද? නැත. ආණ්ඩුව පාසල්වලට වෙන්කරන ප‍්‍රතිපාදන කපා එහි නඩත්තුවට පාසල් සංවර්ධන මණ්ඩල නම් ව්‍යුහයක් හඳුන්වා දෙන ලදි. ඒ හරහා පාසල් නඩත්තු කිරීම දෙමව්පියන්ගෙන් මුදල් අයකර සිදු කරනු ලැබේ. මේ සිදුවීම එම වැඩපිළිවෙලේ එක් ප‍්‍රතිවිපාකයක් පමණි. තවත් වාර්තා නොවන සිදුවීම්නම් කොතෙක් ඇත්ද?
නඩත්තුවට අයකරන මුදල් දීගත නොහී පාසල් ගමන නැවතුනු දරුවන් කී දෙනෙක් ඇත්ද? දරුවන් පාසල් නොයන විට වැලපෙන දෙමව්පියන් කොතෙක් ඇත්ද? ඒ මුදල් සොයනන්ට ගොස් සොරුන් ලෙස හංවඩු ගසන ලද දරුවන් කීදෙනෙක් සිටීද? මේ අශ්චර්යමත් දේශයේ හැටිය. මේ ආඩම්බරකාර තාත්තා අපට දායාද කළ ඉරණමයි. අද ඔහු කිඹුල් කදුළු හෙළයි. ප‍්‍රතිපාදන වැඩිකර පාසල් නඩත්තුවේ වගකීමෙන් දෙමව්පියන් නිදහස් කරන්නැයි අරගල කරන විට සිසුන්ට, අචාර්යවරුන්ට දේශද්‍රෝහියෝ යැයි කීවේත්, මහ උජාරුවට වාර්ෂිකව ඉදිරිපත් කරන අයවැයෙන් අධ්‍යාපන ප‍්‍රතිපාදන කැපුවේත් ඔහුය. එසේනම් දරුවන්ට තමන්ම අත්කළ ඉරණම දැක කම්පාවීමට ඔහුට අයිතියක් තිබේද? ඇත්තටම ඔහුට කම්පනයක් තිබේ ද? නැත. මෙය තවත් රඟපෑමක් පමණි. ඒ නිසා අපි එතුමාට කියමු. අපි කම්පා වෙන්නෙමු. ඔබ සතුටු වෙන්න.
එසේම අපි මෙහිදී ජනතාවට කියා සිටිමු. මේ කිඹුල් කඳුළුවලට නොරැුවටෙන්න. දැන් වත් අවදිවිය යුතුය. හෙට මේ ඛේදවාචකයේ ගොදුර ඔබගේ දරුවා විය හැකිය

Monday, February 4, 2013

උසස් පෙළ සමත් සියලූ දෙනා සරසවි වරම් වෙනුවෙන් අරගල කළ යුතුයි - දුමින්ද නාගමුව

උසස් පෙළ විභාගයෙන් සමත් වූ සියලූ දෙනාටම සරසවි වරම් හිමි විය යුතු බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත පෙන්වා දුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩ සභික දුමින්ද නාගමුව මහතා, එම අයිතිය දිනා ගැනීම වෙනුවෙන් අරගල කළ යුතු යැයි අවධාරණය කළේය. දෙමාපියන් තම දරුවන්ට ඉගැන්වීම සඳහා විශාල වෙහෙසක් ගන්නා බවත් එහෙත් ඉන් නතර නොවී එම වෙහෙසෙහි ප‍්‍රතිඵල ලැබීමට නම් තවත් අරගලයක් ඇති බවත් ඔහු පැවසුවේය.
දුමින්ද නාගමුව මහතා මෙම අදහස් පළ කළේ අද එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමිනි. මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේ දපැවසීය.
"පසුගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල වැරදිලා ලොකු අවුලක් වුණා. ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න ශිෂ්‍යයින්ට සිදු වුණා. තවත් එවැනි වරදක් සිදුනොවන බවට ආණ්ඩුව පම්පෝරි ගැහුවා. ඒත් මෙවර විභාගයේත් ඒ වරද ඒ විදියටම සිද්ධ වෙලා තිබෙනවා.
මොනරාගල දිස්ත‍්‍රික්කයේ විභාග අංකය 6004849වුණු ශිෂ්‍යාවකගේ ප‍්‍රතිඵලය සී, එස්, බී ලෙස තිබෙන්නේ. ඇගේ එසෙඞ් අගය ඍණ 0.1068යි. ඇගේ දිස්ත‍්‍රික් රෑන්ක් එක 9. ජාතික මට්ටම 460. ඒ දිස්ත‍්‍රික්කයේම විභාග අංකය 6014780වුණු ශිෂ්‍යයකුගේ විභාගය ප‍්‍රතිඵලය ඒ දෙකයි බී එකක් ලෙස තිබෙනවා. ඔහුගේ දිස්ත‍්‍රික් මට්ටම 278. ජාතික මට්ටම 9734.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේත් එවැනිම ප‍්‍රතිඵලයක් තිබෙනවා. සී දෙකයි එස් එකක් ගත් සිසුවියකගේ ඉසෙඞ් අගය ඍණ 0.3373. ඇගේ දිස්ත‍්‍රික් මට්ටම 9. ජාතික මට්ටම 534. ඒ දිස්ත‍්‍රික්කයේම තවත් සිසුවියක් ඉන්නවා බී දෙකයි සී එකක් ලබා ගෙන, ඉසෙඞ් අගය ධන 0.7353ලබා ගත්. ඇගේ දිස්ත‍්‍රික් අගය 320. ජාතික මට්ටම 20771. මේක කිසිසේත්ම විය නොහැකි තත්වයක්.
ඒ නිසා මෙවර විභාග ප‍්‍රතිඵලවලත් බරපතළ අවුලක් තිබෙනවා.
ඒ වගේම අනෙක් කරුණ තමයි, පසුගිය විභාග ප‍්‍රතිඵලය ආණ්ඩුව වරද්දලා, අධිකරණයෙන් නියෝගයක් දුන්නා වැඩිපුර සිසුන් බඳවා ගන්න. ඒ අනුව බඳවා ගත යුතු සිසුන් ගණන 28,109ක්. නමුත් දැන් ආණ්ඩුව නැවත අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් කියනවා ඒ ප‍්‍රමාණය බඳවා ගන්න බැහැ, බඳවා ගන්න පුළුවන් 26,000ක් විතරයි කියලා. නඩු තීන්දුව තමන්ට  ඕන විදියට වෙනස් කර ගන්න අධිකරණයට ගිහින් ඉන්නවා. ඒ නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබියදී උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක ඇමතිවරයා කියනවා මේ සැරේ බඳවා ගන්නේ සිසුන් 26,000යි කියලා. ඒ වගේම ලබන අවුරුද්දේ බඳවා ගන්නේ තවත් 1500ක් අඩුවෙන් කියලා ආණ්ඩුව කියනවා.
සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම විශ්වවිද්‍යාලයට බඳවා ගන්නවා කියන ප‍්‍රමාණය බඳවා ගන්නේ නැහැ. හැම බැජ් එකකම පුරප්පාඩු තියෙනවා. ඒවා පුරවන්නේ ශිෂ්‍ය සංගම් පීඨාධිපතිවරුන් එක්ක සාකච්ඡුා කරලා. එහෙම එන අය ගැන තමයි විශ්වවිද්‍යාල භාෂාවෙන් කියන්නේ බෝට්ටුවෙන් එනවා, පීල්ලෙන් එනවා කියලා.
එහෙම තියෙද්දී එස්.බී. දිසානායක ඇමතිවරයා කියනවා බඳවා ගන්නා ප‍්‍රමාණයෙන් සියයට පහක් විදෙස් සිසුන් වෙනුවෙන් වෙන් කරනවා, ලබන අවුරුද්දේ එය සියයට දහයක් කරනවා කියලා. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල අවස්ථා 2200ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා මෙරට සිසුන් බඳවා ගන්නේ නැහැ. ඔය එනවා කියන ඉන්දියාවේ, මැඩගස්කරයේ ළමයි මෙච්චර කාලෙකට ආවේත් නැහැ. මෙහේ විභාගවල තියෙන අවුල මුළු ලෝකෙම දන්නවා. ඒ නිසා එන්නේ නැහැ.
ඊළඟ කරුණ තමයි මෙවර වාණිජ්‍ය විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ඒ තුන සාමාර්ථය ගත් සිසුන් ප‍්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගාස් තිබෙනවා. සාමාන්‍යයෙන් ඒ තුනක් සහ ඒ දෙකයි බී එකක් ගත් සිසුන් දස දහසකට ආසන්න පිරිසක් ඉන්නවා. 2010අවුරුද්දේ වාණිජ්‍ය අංශයෙන් විශ්වවිද්‍යාලයට ගත්තේ 4900යි. ඒ නිසා ඒ තුන සාමාර්ථය ගත්තු විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. මේ ගැන සැකයක් තිබෙනවා, මේ විදියට ප‍්‍රතිඵල ඉහළ දැම්මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට පාර කැපීම සඳහාද කියලා. දැන් කියන්න ඉඩ තියෙනවා, විශ්වවිද්‍යාල යන්න බැරි වුණු අය පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න ආණ්ඩුවෙන් ශිෂ්‍යත්ව දෙන්නම්, ණය දෙන්නම් කියලා.
ඒ කොහොම වුණත් සාමාන්‍යයෙන් එක් විභාගයකින් සමත් වුණාට පස්සේ ඊළඟ අදියරේ ඉගෙන ගන්න අවස්ථාව තිබිය යුතුයි. ඒ නිසා උසස් පෙළ සමත් වුණු සියලූ දෙනාට සරසවි වරම් හිමි විය යුතුයි. ඒ අයිතිය දිනා ගැනීමේ අරගලයට එක් වෙන්න කියා අපි සියලූ දෙනාට ආරාධනා කරනවා.

Sunday, February 3, 2013

මෙවර ප්‍රතිඵලත් පිළිගන්න බෑ - සංජීව බණ්ඩාර

2011 වසරේ උසස් පෙළ විභාගයේ මෙන් මෙවර නිකුත් කළ ප්‍රතිඵලවලද ගැටලු ගණනාවක් ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

"මෙවර උසස් පෙළ විභාගයත් අවුල්, ආණ්ඩුව උපාධි කඩ අරින්න ප‍්‍රතිඵල වෙනස් කරලා. සියලු උසස් පෙළ සමතුන් සරසවි වලට බඳවා ගත යුතුයි. මේ පාර විභාග ප‍්‍රතිඵලයත් පිළිගන්න පුලුවන් තත්ත්වෙක නෑ.
2011විභාග ප‍්‍රතිඵලය තරම්ම තොමැති වුනත් මේ පාරත් rank වල සහ Z අගයන්වල ගැටළු තියෙනවා. උදාහරණයක් විදියට පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් කලා අංශයෙන් නව විෂය නිර්දේශයෙන් විභාගයට ඉදදිරිපත්වුණු(5577012) c2 s1ක ප‍්‍රතිඵයක් ලබාගෙන තියෙන ශිෂ්‍යයාවක්ගෙ දිස්ත‍්‍රික් rank එක 9ය. Z අගය -0.3373යි. අයිලන්ඞ් rank එක 534යි.

 එම දිස්ත‍්‍රික්කයේම තවත් ශිෂ්‍යයෙක් ඉන්නවා(5551064). එත් කලා විෂය ධාරාවෙන්මයි විභාගයට ඉදිරිපත්වෙලා තියෙන්නේ. ප‍්‍රතිඵලය B2, C1. Z අගය 0.7353යි, දිස්ත‍්‍රික් rank එක 320. අපි අහනවා මේ ප‍්‍රතිඵලය පිළිගන්න පුළුවන්ද? ඒ වගේම තමයි වව්නියා දිස්ති‍්‍රක්කකයෙන් කලා අංශයෙන් නව විෂ්‍ය නිර්දේශය යටතේ විභාගයට ඉදිරිපත්වුණු (6231594) ශිෂ්‍යයගෙ විභාග ප‍්‍රතිඵලය තමයි ABC . දිස්ත‍්‍රික් rank එක 01. අයිලන්ඞ් rank එක 38. Z අගය 1.1988යි. එම දිස්ත‍්‍රික්කයේම තවත් ශිෂ්‍යයෙක්(6237770) ඉන්නවා ඔහුගේ ප‍්‍රතිඵලය A1 B2යි. දිස්ත‍්‍රික් rank එක 27. අයිලන්ඞ් rank එක 2694. මේක මෙහෙම වෙන්නෙ කොහොමද? ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේක විකෘතියි කියලා.

ඒ වගේම තමයි මෙවර කලා අංශයේ විභාග ප‍්‍රතිඵල අඩුයි. වානිජ අංශයේ ප‍්‍රතිඵලවල අසාමාන්‍ය වර්ධනයක් දකිනවා. අනෙක් විෂය ධාරාවන් සම්බන්ධවත් ගැටලු තියෙනවා. හැබැයි වානිජ අංශය විශේෂයි. වානිජ අංශයෙන් A3ලබාගත්ත ශිෂ්‍යයො දහස් ගානක් ඉන්නවා. ඒත් ඔවුන්ට මෙවර සරසවි යන්න බෑ. සෑම දිස්ත‍්‍රික්කයකම වගේ මේ වෙනස දකින්න පුළුවන්. මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල වලට අනුව A3ලබාගත් සිසුන් 8544ක් සිටින අතර වාණිජ විෂය ධාරාව යටතේ සිසුන් 6471ක් වීම විශේෂත්වයකි. එහෙත් වාණිජ විෂය ධාරාව යටතේ සරසවි වලට ඇතුලත් කරගන්නා සිසුන් ප‍්‍රමාණය 5000ටත් වඩා අඩුය.
ප‍්‍රතිඵල ඉහළ ගියපු එක හොදයි. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් අපි මේක පිටුපස්සෙ ආණ්ඩවේ Project එකක් තියෙනවා කියලා දකිනවා. මොකද මේක වෙන්න පුලුවන් එක්කො විභාගය වෙනදට වඩා ලේසි කරන්න ඕන. නැත්නම් එකපාරම ශිෂ්‍යයො දක්ෂයො වෙන්න ඕන. මේ මොක වුනත් පාස්වෙච්ච එක හොදයි. ඒ වගේම ප‍්‍රශ්න පත‍්‍ර එක පාරම වානිජ අංශයෙන් විතරක් ලේසි කලේ ඇයි? විභාග අමාරු වියයුතුයි කියලා අපි කියන්නෙ නෑ. හැබැයි ඒක අධ්‍යාපනික නොවන අරමුණ කින් නම් කලේ ඒක අනුමත කරන්න අපට බෑ. මොකද මේක පිටුපස්සෙ තියෙන්නෙ ශිෂ්‍යයින්ට තියෙන ආදරයට වඩා වෙනත් අරමුණු නිසයි.

මේ සමත් වෙච්ච හැමෝම දක්ෂයො ඒකෙ විවාදයක් නෑ. A 3ගත්ත අය විතරක් නෙවෙයි S3ක් තියෙනවනවනම් ඒ අයත් සරසවි යන්න සුදුසුයි. ප‍්‍රශ්නෙ තියෙන්නෙ ආණ්ඩුවට ඔවුන් බදවාගන්න වැඩපිළිවෙලක් හරි උවමනාවක් හරි නැති එකයි. මේ

පාස් වෙච්ච සිසුන් සරසවි වලට බදවා ගත යුතුයි. ඒත් ආණ්ඩුවට එහෙම වැඩපිළිවෙලක් නෑ. මොකද 2011හේ ප‍්‍රතිඵලයට අනුව අමතරව බදවාගන්නවා කියලා අධිකරණයට පොරොන්දුවු සිසුන් 5000වත් බදවා ගන්නෙ නෑ. එහෙම තත්ත්වයක් ඇතුළෙ විභාගෙ ලේසි කරලා, ඇයි වැඩි ප‍්‍රමානයක් සමත් වෙන්න සැලැස්වුයේ කියන එක ලොකු ප‍්‍රශ්නයක්.
ඒ වෙන මොකටවත් නෙවෙයි පෞද්ගලික විශ්වවිද්‍යාල සදහා පාරකපන්න. A 3ගත්ත ශිෂ්‍යයො හැමෝම සරසවි යන්න බලාන ඉන්නවා. ඒත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට හැමෝම බදවා ගන්නෙ නෑ. මොකද ඇහුවොත් ඉඩනෑ කියනවා. පුළුල් කරන්න දෙන්න ආණ්ඩුවට සල්ලි නෑ කියනවා. ඊළගට කියයි පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ඒවට යන්න කියලා. කීප දෙනෙක්ට ශිෂ්‍යත්ව දෙන්නම් කියයි. පස්සෙ ගෙවන්න කීපදෙනෙක්ට ණය වුණත් දෙන්නම් කියන්න බැරිනෑ. දෙමවුපියන්ටත් A 3ගත්ත තමන්ගෙ දරුවා ගෙදර ඉන්නව බලන් ඉන්න බෑ. ශිෂ්‍යයින්ටත් ආපහු හිත හදාගෙන විභාගෙ ලියන්න බෑ. ලිව්වත් වැඩකුත් නෑ. ඒ නිසා දෙමවුපියෝ ඉහ ඉග විකුණල හරි තමන්ගෙ දරුවටත් උපාධියක් අරන් දෙන්න උත්සාහ කරනවා. මොකද ඉහළින් සමත් වෙ ච්ච ශිෂ්‍යයින්ට සරසවි යන්න එන හැගීම ප‍්‍රබලයි. A 3ක්ම අරන් ඉහළින්ම සමත් වුණ ශිෂ්‍යයෙක්ගෙ ඒ හැගීම සියදහස් ගුණයකින් වැඩියි. ආණ්ඩුව අන්න ඒ හැගීම විකුණල උපාධිකඩ අරින තමන්ගෙ අරමුණ ඉටුකරගන්න තමයි දැන් හදන්නෙ. ඒත් ඒක කරන්න පුලුවන් යම් ආදායම් මට්ටමකින් ඉහළ අයට විතරයි.
හැමෝටම මේවට යන්න බෑ. ඒක තමයි ආණ්ඩුවේ අද ප්ලෑන් එක වෙලා තියෙන්නෙ. ජනාධිපතිතුමාම NIBM එකේ ශාඛා විවෘත කරන්න යන්නෙ, උපාධි විකුණන්න මේ තරම් වලිකන්නෙ ඒ නිසයි. මේ උපාධි කඩවලට යන්න පුලුවන් ඉතාම අතලොස්සකට විතරයි. අනිත් හැමෝම අන්තිමේ සරසවියන්න බැරිවෙනවා.

මේ යතාර්තය අපි තේරුම් ගත යුතුයි. මේක පිටුපස්සෙ කුමන්ත‍්‍රණයක් තියෙන බව ඇත්ත හැබැයි අපි හිතනවා මේක ඉතිහාසයේ ස්වර්ණමය අවස්තාවක් කියලා. මොකද එකක් විශාල ප‍්‍රමාණයක් ඉහළින් සමත්වීම ඒක හොදයි, හරියට සටන් කළොත් ඒ දැන් ඒක උ/පෙළ ලියලා ප‍්‍රතිඵල එද්දිම තේරෙන්න පටන් ගන්නවා. සරසවි බඳවගන්න ප‍්‍රමාණය වැඩිකරගන්න සටන් නොකර කොච්චර විභාගෙට මහන්සි උනත් වැඩක් නෑ. මොකද විභාගෙට ලියන ඔක්කොම A3බැගින් ගත්තත් සරසවි යන්න පුලුවන් 22000කට විතරයි. නිදි මරාගෙන ළමාකාලය, තාරුණ්‍ය පවා අහිමිකරගෙන දෙමවුපියෝ රටේම ණයකාරයෝ කරල අන්තිමේ විභාගෙන් A 3ක් ගත්තත් යන්න සරසවියක් නෑ. ඒ නිසා කළ යුත්තේ මේක නෙවෙයි. සමාජයක් විදියට අධ්‍යාපන අවස්ථා වැඩි කරගන්න සටන් කරන එකයි.

සමහරු හිතනවා ඕවා කරලා, නිකන් ආණ්ඩුව එක්ක හැප්පිලා මැරෙන්න බෑ කියලා. හැබැයි ඒ අය තනි තනියෙන් ජීවිතේ දිනන්න කියලා යන පාරවල් කෙළවර වෙන්නෙත් අවසානෙ දරුණු අගාධයන්වලම තමයි. එතකොට වෙන්නෙ බලාපොරොත්තුත් එක්කම සිය දිවි හානිකරගන්න විතරයි.

අද උසස් පෙළ ශිෂ්‍යයන්ට අත්වෙලා තියෙන ඉරණමත් ඒකම තමයි. අපි කියනවා දැන්වත් නිවැරදි පාර තෝරාගත යුතුයි. සරසවි යන්න බලාපොරොත්තු වන හැමෝටම දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි හැමෝම එකතුවෙලා සරසවිවලට බඳවාගන්න ප‍්‍රමාණය වැඩිකරන්න කියලා ආණ්ඩුවට බලකරන එක. හැමෝම එකතුවෙලා බල කළොත් ආණ්ඩුවට ඒක කරන්න වෙනවා. පුලුවන් තරම් බඳවානොගෙන ඉන්න උත්සාහ කරයි. බැරිම වුනොත් ජනපති පුතා ඇවිත් සන්දර්ශනයක් දාල හරි අන්තිමේ බඳවා ගනියි.

අපි දෙමවුපියන්ගෙනුත් ශිෂ්‍යයන්ගෙනුත් ඉල්ලනවා ඒ වෙනුවෙන් පෙරට එන්න කියලා. ශිෂ්‍යයෝ තව තවත් තමන්ගේ දෙමවුපියන් රටේ ණයකාරයෝ කරවන්නෙ නැතිව, ඒවා පියවන්න තව තවත් වැඩකරන තැනට පත්කරලා ඔවුන් ලෙඩවෙලා මැරෙන්න අරින්නෙ නැතිව, ආයෙත් බොරුවට විභාග කරන්න ගිහින් ජීවිතේ විඳින්න තියෙන කාළේ නිකරුනේ විඳවන්නෙ නැතිව තමන් ලබාගත්ත ප‍්‍රතිඵලයට අනුව උසස් අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය දිනාගන්න එකාවන්ව හැමෝම එකතු වෙන්න කියලා අපි ඔබට කියනවා. අපි ඒ සටන පටන් ගන්නවා. නමුත් අපි විතරක් සටන් කරා කියලා වැඩක් වෙන් නෑ. ඔබ ඉදිරියට පැමිණිය යුතුයි."

Tuesday, January 29, 2013

මොරටු සරසවි ගැටුමේ ඇත්ත කතාව

පසුගිය 16 වනදා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිසුන් හා NDT (ජාතික තාක්ෂණ ඩිප්ලෝමා ) සිසුන් අතර ඇතිවූ ගැටුමකින් ඉන්ජිනේරු ශිෂ්‍යයකු බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයට අතුලත් කරුණි. තවත් සිසුවකු කලුබෝවිල රෝහලට අතුලත් කෙරුණි . සැබවින්ම මෙය මිලෙච්ච ක්‍රියාවකි . නමුත් මෙම ගැටුම් ඇතිවීමට මූලික වූ සැබෑ හේතුව හෝ ගැටුම් මෙතරම් බරපතල වීමට හේතූන් කිසිවකුගෙන් අසන්නට නොලබේ . ආසන්න සිදුවීම් සලකා බැලීමෙන් හෝ ආසන්න සිදුවීම් වල ප්‍රමානය සලකා බැලීමෙන් සංවේදී වීම හා මේ පිලිබඳව තේරුම් ගැනීම ට බොහෝ දෙනා පෙලඹී ඇත . මාධ්‍යය මගින්ද ,අන්තර්ජාලයේද ඒ ආකාරයෙන්ම තොරතුරු ඉදිරිපත් කරමින් දැනුවත්ව හෝ නොදැනුවත්ව එක් පාර්ශවයක් ගනිමින් නිවැරදි දෑ ඉදිරිපත් නොකරමින් කටයුතු කරයි . මෙම ගැටුම් වල ඉතිහාසයත් ගැටුම් කාරී තත්වයක් ඉස්මතු වීමට හේතු වූ සැබෑ කරුණුත් , මෑතකදී සිදුවූ සිදුවීම් වල නිවැරදි තොරතුරුත් පිලිබඳ අවබෝධයක් ලබා දීමට අවශ්‍යය තත්වයක් උදා වී ඇති නිසා මෙම සටහන අත්‍යාවශ්‍යම තොරතුරු සමග හැකිතාක් කෙටියෙන් තබමි . මොරටුව විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ කිරීමට පෙර එම ස්ථානයේ පැවතුනේ තාක්ෂණ ආයතනයක් ලෙසය . පසුව එය විශ්වවිද්‍යලයක් බවට පත් කෙරුනු අතර එහි ඉන්ජිනේරු පීඨය , වාස්තු විද්‍යා පීඨය, තොරතුරු තාක්ෂණ පීඨය , යන පීඨ තුන සහ ආරම්භයේ පැවති ඉන්ජිනේරු තක්ෂණ ඩිප්ලෝමා වද (NDT) විශ්වවිද්‍යාලයට අනුබද්ධ කර ක්‍රියාත්මක විය .(1940 දී කනිෂ්ඨ කාර්මිකයන් පුහුණුකිරීමේ පාඨමාලාව (JTO ) ලෙස මරදාන කාර්මික විද්‍යාලයේදී ආරම්භ වී 1960 දී කැනේඩියානු ආධාර සහිතව කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණික ආයතනය බවට පත්විය . 1966 දී කාර්මික ආයතනය බවට පත්විය . 1968 දී JTO පාඨමාලාව NDT බවට පත්විය . පසුව 1972 දී ශ්‍රී ලංකා කාර්මික ආයතනය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය කටුබැද්ද මණ්ඩපය බවට පත්වූ අතර 1978 දී මොරටුව විශ්වවිද්‍යාලය බවට පත්විය . 1987 ජුනි මස 05 දින සිට NDT පාඨමාලාව 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 29 (ඊ) වගන්තිය යටතේ මොරටුව විශ්ව විද්‍යාලීය 3න් අවුරුදු පූර්ණ කාලීන අභ්‍යන්තර පාඨමාලාවක් බවට පත් විය ).

ඉන්ජිනේරු පීඨ සිසුන් ඉන්ජිනේරු උපාධි ධාරීන් වන අතර NDT සිසුන් ඩිප්ලෝමාධාරීන් වේ . උපාධි දාරීන් හා ඩිප්ලෝමා දාරීන් අතර නොයෙක් දෑ සම්බන්ධයෙන් විරසක වීම් හටගනිමින් ගැටුම් දක්වා මේවා වර්ධනය විය .

ලංකාව තුල ක්‍රියාත්මක වන පසුගාමී ආර්ථික ක්‍රමයේ අර්බුදයේ ගිලී සිටින රැකියා හා අධ්‍යාපන යන ක්ෂේත්‍ර දෙකෙහිද විශමතා, දුර්වලතා , අවුල් නිසාම මාරාන්තික ගැටුම් දක්වා වර්ධනය වීමට හේතු කාරණා උත්පාදනය වේ .

මොරටුව විශ්වවිද්‍යාලයේ මෙම ගැටුම 1987 වර්ශයේ මොරටුව විශ්වවිද්‍යාලයට NDT ය අනුබද්ධ කිරීමෙන් පසුව එහි පලමු ශිෂ්‍යය කන්ඩායම විශ්වවිද්‍යාලයෙන් පිටවූ 1991 වර්ෂයේ සිටම ඇති වූ ගැටුමකි . මෙම ගැටුම් වලට අවුරුදු 20කට වැඩි ඉතිහාසයක් තිබේ . මෙම විසි අවුරුද්ද තිස්සෙම පැවති ආණ්ඩු කළේ ගැටුම තව තවත් වර්ධනය කිරීමයි.. ගැටුම් ඇතිවූ විට ශිෂ්‍යයින් කිහිප දෙනෙකුට දඬුවම් කරමින් තත්වය සමනය කලා වැන්නක් පෙන්නුම් කළේය . එයින් තාවකාලිකව යටපත් වුවද ගැටුමේ මූලයන් ට පිළියම් නොකිරීම නිසා විශ්වවිද්‍යාලය තුල මෙම ගැටුම අළු යට ගිනි පුපුරු මෙන් පැවතිනි . එම නිසා කලින් කලට මතුකරගන්නා සිද්ධියක් මුල් කරගනිමින් ගැටුම් අතිවේ නැවතත් තාවකලික පිළියමක් යොදමින් ශිෂ්‍යයින් ට නොතේරෙන සේ අර්බුධය පවත්වාගනියි . පැවති රජයන් මෙය සිදුකරන්නේ අරමුණු කීපයක් මුල් කරගෙනයි.

*ඉන් එකක් වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මෙවැනි අරාජික තත්වයක් මතුකර සමාජයට පෙන්වීමෙන් රාජ්‍යය විශ්වවිද්‍යාල කෙරෙහි ඇති විශ්වාසය නැති කොට අධ්‍යාපනය විකිනීමට හෙවත් පාලකයන්ගේ මඩි තරකර ගැනීමේ පුද්ගලික විශ්වවිද්‍යාල කෙරෙහි යොමුවීම තව තවත් තහවුරු කරගැනීමයි .

* එමෙන්ම අතීතයේ සිට පවතින සාමුහික ශිෂ්‍යය අරගල වලින් පරාජයට පත්වූ පාලකයන්ගේ ක්‍රියාකරකම් නිසා විශ්වවිද්‍යාල සිසුන්ගේ අසමගිය ඇති කිරීම අනිවාර්‍යය වේ .එම නිසා උපක්‍රම පාවිච්චි කරමින් ගැටුම් කාරී තත්වයන් නිර්මාණය කරයි .

* තවද ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ මේ රැකියා පිලිබඳ අර්බුදයට ට සැබෑ හේතුව නොසොයා, හේතුව තම සහෝදර ශිෂ්‍යයින් ලෙස දකින දෙපිරිසම ඇතිකරගත් තත්වයද ආර්ථික අර්බුදයේ, රැකියා අර්බුදයේ ගිලී සිටින පාලකයින්ට ඉතාමත් වාසි සහගත තත්වයකි .

මෙයින් මෙම ගැටුම් ඇති වීමේ මූලයන් පිළිබඳ පහැදිලි අදහසක් අති වූවායැයි සිතමි .

මෙ දින කීපය තුල අති වූ සිද්ධි පිලිබඳව නිවැරදි කරුණු කිසිවකු හො නොපවසමින් ගෙන යන අසත්‍යය ප්‍රචාරයන් නිසා සිදුවු සිදුවීම් කිහිපය ගැනද සඳහන් කළ යුතුය .

ඉහත කී මූලයයන් නිසා හටගත් ගැටුම එක් පිරිසක් පහරකෑමට ලක්වූ පසු තම අභිමානය තහවුරු කරගැනීමට හා යටින් ක්‍රියාත්මක වන පාලකයන්ගේ උපක්‍රම වලට හසු වෙමින්, ඒ උවමනාවන් ඉටු කරමින් අනෙක් පිරිස ට නැවත කුමන හෝ කාලයකදී සලසුම් කර කුමක් හෝ සිද්ධියක් මුල් කරගනිමින් පහර දෙයි . නැවත නැවතත් සිදුවන්නේ මෙයයි .අතීතයේ සිට පවතින මේ ගැටුම් මාලාවේ .එක් ගැටුමක් 2010 වර්ශයේදී විය. එයට මූලිකව මැදිහත් වුන කන්ඩායම් වූයේ දැනට ඉන්ජිනේරු අවසන් වසර සිසුන් හා NDT 2009/ 2010 කන්ඩායමේ සිසුන් ය .දැනට එම සිසුන් රැකියාවල නියැලේ .

2010 න් පසුව විශේෂ යමක් සිදු නොවිනි . වාස්තු හා IT පීඨ ශිෂ්‍යය සංගම් මැදිහත් වී විශ්ව විද්‍යාලයේ එකමුතුව ගොඩනගමින් සිටි අවධියකි .

ජනවාරි 2 ගැටුම

ඒ වන විට විශ්වවිද්‍යාලය තුල සිටියේ NDT දෙවන වසර සිසුන් පමණි . අවසන් වසර ඉන්ජිනේරු සිසුන් තව ටික දිනකින් විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව යන බැවින් ඊට පෙර NDT සිසුන්ට පහරදී යාමට සැලසුම විය. NDT දෙවන වසර සිසුන් සහ අවසන් වසර ඉන්ජිනේරු සිසුන් විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ පිහිටි නේවාසිකාගාරයේ (Aහොස්ටල්හි ) දෙපැත්තක වාසය කරයි .2010 සිද්ධියෙන් පසු මේ දෙපිරිස අතර සුලු සිද්ධි මතුවෙමින් තිබුනද ඒවා දුරදිග නොයා යටපත් විය. (විශ්වවිද්‍යාල අර්බුද කරෙහි ශිෂ්‍යයින් ලෙස සාමුහිකව මැදිහත් වීමේදී මතුවූ තත්වයන්ද සඳහන් කිරීම පසුව වෙනමම කොටසකින් සටහන් තබමි .) දෙසැම්බර් 31 වනදා A නේවාසිකාගාරය තුල ඉන්ජිනේරු සිසුන් මත්පැන් පානය කොට රතිඤ්ඤා පත්තු කරමින් බීමතින් කෑගසමින් ගැටුමකට NDT සිසුන් පොළඹවාගැනීමේ ක්‍රියාකාරකම් කිහිපියක් කර ඇත.පසුව NDT දෙවන වසර සිසුන් මේ බාධාකාරී තත්වය පිළිබඳ විශ්ව විද්‍යාල පරිපාලනයට දන්වා ඇත ..පසුව තත්වය මගහැරී ගොස් ඇත .

ජනවාරි 2වනදා රාත්‍රී 9ට පමණ A නේවාසිකාගාරය අසලදී නේවාසිකාගාරය වෙත මෝටර් සයිකලයකින් එමින් සිටි NDT ශිෂ්‍යයකු මෝටර් සයිකලය ඉන්ජිනේරු ශිෂ්‍යයකුගේ ඇඟට කපා ඇතිවුන සිද්ධියක් ලෙස ගැටුමකට හේතු ගොඩ නැගිනි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර ඇති වූ දෙය දන්නේ ඔවුන් දෙදෙනා පමණි . ඉන්පසු NDT ශිෂ්‍යයාට සමාව ගැනීමට තමන් වෙත පමිණෙන ලෙස ඉන්ජිනේරු ශිෂ්‍යයන් NDT ශිෂ්‍යයන් ට දැන්වුවද NDT ශිෂ්‍යයා තනියම ඔවුන් වෙත නොයවා ඇත .එදින නේවාසිකාගාරයේ සිටියේ NDT සිසුන් 68ක් පමණය . අනෙකුත් සියලු දෙනා ගෙවල්වල ගොස් සිටි මොහොතකි .

කාලය ගෙවී යත්ම NDT සිසුන් දැක ඇත්තේ A නේවාසිකාගාරය ආසන්නයේම තිබූ L කැන්ටිමේ සිට හිස් බීම බෝතල් සහිත බීම කේස් A නේවාසිකාගාරයේ ඉන්ජිනේරු ශිෂ්‍යයින් සිටි කොටසට අදිමින් ප්‍රහාරයකට සූදානම් වන ආකාරයයි. තත්වය හමුවේ තමන් අතට හසුවන දේ අරගෙන NDT සිසුන් පිරිසද නේවාසිකාගාරයෙන් එලියට පැන ඇත. එවිට සූදානම්ව සිටි ඉන්ජිනේරු ශිෂ්‍යයින් ටකරන් මගින් ආවරණය වෙමින් ඔවුන් සතු මෝටර් සයිකල් වල හෙල්මට් ද පැළඳ ගෙන හිස් බීම බෝතල් වලින් හා ගල් වලින් විසිකරමින් සටන් කෙරුනි. මෙය මුහුනට මුහුන සිදුවුන සටනක් නොවීය. දෙපිරිස අතර පරතරය මීටර් කීපයකි . NDT සිසුන් පිරිසද පෙරලා එලෙසම පහර දුනි . තවත් මොහොතකින් A නේවාසිකාගාරයේ එලියේ සිටි NDT සිසුන් පිරිස හතර වටින් වටකරමින් ඉන්ජිනේරු පලමු, දෙවන, තුන්වන වසරවල ශිෂ්‍යයින් පමිනෙමින් සිටියහ . එක එක වසරවල් වල ශිෂ්‍යයින්ට වට කිරීමට පැති බාර දී තිබුණි . NDT සිසුන් දෙදෙනෙකු දිවගොස් එවෙලෙහි රාජකාරියෙහි සිටි විශ්වවිද්‍යාල ආරක්ෂක .

(ගෝඨාභය රාජපක්ෂගේ සරසවි ආරක්ෂකයින් ) වෙත දැන්වුවද ඔවුන් පැමිණ නැත . මෙම තත්වය හමුවේ NDT සිසුන් අවට ඇති විදුලි පහන් කීපය ඔවුන්ට බලකර නිවා දමා ඇත.එමගින් NDT සිසුන් ප්‍රමාණය කොපමනදැයි ඉන්ජිනේරු ශිෂ්‍යයින් ට බලාගත නොහැකි විය . මේ වන විට ඉන්ජිනේරු ශිෂ්‍යයින් 1500 කට වැඩි ප්‍රමාණයක් වටකරමින් ගල් හා හිස් බීම බෝතල් වලින් විසිකර ගසමින් සිටියහ .ඔවුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ වූ ටකරන් යොදා ගනිමින් ආවරණය සකසාගනිමින් පහර දෙමින් සිටියහ . හතර වටින්ම වටවූ NDT සිසුන් පිරිස විටෙක එක් ඉන්ජිනේරු ශිෂ්‍යයින් රංචුවක් වෙත කෑ ගසමින් දුව යමින් ප්‍රහාර එල්ල කළේය .මෙසේ අඳුරේ කෑගසා තමා වෙත දිව එන පිරිස කොපමණදැයි නොදන්නා නිසා ඉන්ජිනේරු ශිෂ්‍යයින් රංචුවම පසෙකට දුව යමින් පසුබැස නැවතත් ඉදිරියට පැමිණ ආවරණ තනා ප්‍රහාර එල්ල කළේය.

මෙම ආකාරයට ඉන්ජිනේරු ශිෂ්‍යයින් විසින් NDT සිසුන් ට ප්‍රහාරය එල්ල කරේ නම් NDT සිසුන් 68 දෙනාට සිදුවන දේ සිතාගත හැකිය . එසේ නම් අද වන විට තත්වය වෙනස්ම ආකාරයකි. NDT සිසුන් පිරිස විසිරී සිට පහර දුන් නිසාත් ඉන්ජිනේරු සිසුන් පිරිස රංචු ආකාරයෙන් සිට පහර දුන් නිසාත් විසිකර ගැසූ ගල් හා හිස් බීම බෝතල් ප්‍රහාර හමුවේ ඉන්ජිනේරු සිසුන් ට සිදුවූ හානිය වැඩි විය . NDT සිසුන් මෙලෙස A නේවාසිකාගාරය අසල සිට මීටර් 100ක දුරින් වූ තුන් මුල්ල නම් ස්ථානයට ලඟා වනවිට පැය එක හමාරක් පමණ ගැටුම ඇති වී තිබුනු අතර තුන් මුල්ල හා විශ්වවිද්‍යලයේ ප්‍රධාන ගේට්ටුව දක්වා මීටර් 100ක දුර අතර ප්‍රදේශය විදුලි පහන් එලියෙන් ආලෝක වී තිබූ නිසා NDT සිසුන් පිරිස පැහැදිලිව ඉන්ජිනේරු ශිෂ්‍යයින් ඉලක්ක වන නිසා ඔවුන් සටන නවතා දිවගොස් ප්‍රධාන ගේට්ටුවෙන් එලියට පැනගත්තේය . ජයග්‍රහණය ඉන්ජිනේරු සිසුන්ට හිමිවිය. NDT සිසුන්ට අපහාස කරමින් විශ්වවිද්‍යාල භූමියේ සෑම තැනම වදන් ලියමින් ජය සමරුවේය. “E- fac” යනුවෙන් කෑ ගසමින් ජය සැමරුවේය.

පසුදා එලිවන විට ඉන්ජිනේරු හා NDT සිසුන්ට විශ්වවිද්‍යාලයට පැමිනීම තාවකලිකව තහනම් කර තිබුනි.පසුව තවදුරටත් හෙලිදරවු වූයේ ජනවාරි 2 ඇතිවූ මෙම ගැටුම දෙසැම්බර් 31 සිදු කිරීමට සලසුම් කර තිබූ බවයි .

ගැටුමකින් පසුව සිදුවන ක්‍රියාවලියන් වන විශ්වවිද්‍යාල පරිපාලනයට උත්තර බඳිමින් ආදී අවස්ථාවන්ට මුහුණ දෙමින් කාලය ගතවුනි.විශ්වවිද්‍යාල පරිපාලනයද මධ්‍යස්ථව කටයුතු කරන බවක් පෙන්නුවද ඉන්ජිනේරු සිසුන් වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලිව පෙන්නුම් කෙරුණි . NDT ශිෂ්‍යය සංගමය කෙරෙහි පරිපාලනය වරද පටවමින් සිටියේය .මෙයින් NDT සිසුන් මහත් පීඩාවට පත්විය . NDT සිසුන් ඉන්ජිනේරු සිසුන්ට පහරදීම ට අවස්ථාවක් එනතුරු නොසන්සුන්ව සිටියහ . විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ ශිෂ්‍යය කන්ඩායම් ද මේ ගැන නිතර මේ පිලිබඳව විමසිල්ලෙන් සිටින නිසා තම අභිමානය වෙනුවෙන් ප්‍රතිප්‍රහාරය එල්ල කිරීම අනිවාර්‍ය විය . නමුත් පැවති වාතාවරණය අනුව එය කෙසේ, කවදා කරනවාදැයි අදහසක් නොවිනි. මේ අතර අවසන් වසර ඉන්ජිනේරු සිසුන්ගේ විභාගය අවසන් වූ පසු නැවත විශ්වවිද්‍යාලයට නොඑන නිසා එය අවස්ථාවක් කරගනිමින් NDT සිසුන්ට දැවැන්ත ප්‍රහාරයක් පෙබරවාරි 2 වන දින එල්ල කර යාමේ සැලසුම පිලිබඳව ඉන්ජිනේරු සිසුන් අතර වූ කතාබහක් NDT සිසුන් ටද දැනගන්නට ලැබුණි. මෙයින් තව තවත් නොසන්සුන්තාවයට පත්වූ අතර නොසන්සුන් වූ ශිෂ්‍යයින්ගේ පීඩනය ශිෂ්‍යය සංගම් ක්‍රියාකරිකයින්ට පවා පාලනය කල නොහැකි තරම් විය . ඉන්ජිනේරු . මෙසේ නැවත ප්‍රහාරයක් එල්ල කිරීමට සලසුම් කලේ කලින් ප්‍රහාරය සැබෑ ජයග්‍රහණයක් ලෙස තහවුරු කර ගැනීමට නොහැකි වූ නිසා බව පැහැදිලිය. මේ නිසා දෙපිරිසම ප්‍රහරයකයට මුණ දීමට සූදානම් වූහ. මේ අතර ගැටුමට සම්බන්ධ අයගේ නම් වශයෙන් පරිපාලනයට නම් ඉදිරිපත් කර තිබිණි. NDT ශිෂ්‍යය සංගමය විසින් එලෙස ඉන්ජිනේරු සිසුන්ගේ නම් ද ඉදිරිපත් කර තිබුනි.

ජනවාරි 16 ගැටුම

ජනවාරි 16 දින රාත්‍රී NDT ශිෂ්‍යය සංගම් සභාපති හා තවත් ශිෂ්‍යය සංගම් ක්‍රියාකාරිකයකු විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිනෙන ජංගම ආපනශාලා රථයෙන් කෑම ගෙන නැවත නේවාසිකාගාරය වෙත එමින් සිටියදී කිසියම් පිරිසක් විශ්වවිද්‍යාලය තුලදී අඳුරේ සිට පහර දී ඇත. ඔවුන් දෙදෙනා එතනින් මිදී නේවාසිකාගාරය වෙත වහා පලා දිව ගියහ . ඉන්ජිනේරු සිසුන්ගේ නම් ඉදිරිපත් කර තිබීම මීට හේතු වන්නට ඇත.

සහොදර ශිෂ්‍යයන් අතර සිද්ධිය පිලිබඳව ආරංචිය වේගයෙන් යන්නට විය . පරිපාලනය විසින් NDT සිසුන්ටම වරද පටවන වාතාවරණයක පරිපාලනයට සැබෑ තත්වය පෙන්වා දීමට මෙවර ඇති වූ සිද්ධි දෙක පිලිබඳ පැමිණිලි කිරීමට පහරකෑමට ලක්වූ NDT ශිෂ්‍යය සංගම් සභාපති හා අනෙක් ක්‍රියාකාරිකයා විශ්වවිද්‍යාල පරිපාලනය හමුවීමට ගියේය. පරිපාලනය එය නොසලකා ඇත . පාලනය කිරීමට නොහැකිවම තිබූ අවස්ථාවක ඇති වූ මේ සිද්ධි නිසා කැකෑරෙමින් තිබූ වෛරය මුදා හරිමින් විශ්වවිද්‍යාලයේ පිටත නවාතැන් ගෙන සිටි අනෙක් NDT සිසුන්ගේද සහය ඇතුව ඉන්ජිනේරු සිසුන් වෙත දැවැන්ත ප්‍රහාරයක් දියත් කලේය.

සමහර විටෙක එය මිලේච්ච ආකාරයක්ද විය . එක් ඉන්ජිනේරු ශිෂ්‍යයෙක්ගේ හිසට, මොලයට බරපතල හානි සිදුවන සේ පහර දීමට තරම් සිත්පිත් නොමැති පුද්ගලයන්ද විය .

මෙහිදී සඳහන් කළ යුතු දෑ කීපයකි . එනම් දැනට අපට හැමතැනම අසන්නට ලබෙන්නේ NDT සිසුන් මහා මිලේච්ච ප්‍රහාරයක් කළ බවකි. එක් ඉන්ජිනේරු සිසුවකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට තරම් පහර කෑමට ලක්වීමම එය තහවුරු කරයි .නමුත් එහෙම තත්වයක් අතිවීමට ඉන්ජිනේරු සිසුන් ද වගකිව යුතුය . මෙම ප්‍රහාරය සඳහා NDT සිසුන් විසින් පිටස්තර මැරයින් ගෙන්වාගෙන ඇතැයි යන ඉන්ජිනේරු සිසුන් ගේ චෝදනා අසත්‍යයය .ඔවුන් ඔවුන්ගේ සහෝදර NDT සිසුන් ගේ සහය ගෙන තිබුණි(ඉන්ජිනේරු සිසුන් ජනවාරි 2 ප්‍රහාරය සඳහා ඔවුන්ගේ සහෝදර ඉන්ජිනේරු සිසුන් ගේ සහය ගෙන තිබූ ආකාරයටම ). පොලු හා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය සඳහා පාවිච්චි කර තිබූ බව සැබෑය. පෙට්‍රල් බෝම්බ ඉන්ජිනේරු සිසුන් ලඟද තිබුණි. තවද ගල් , ගැඩොල් , යකඩ, පොලු එකතු කර තිබුණි. එවා පෙබරවාරි 2 ප්‍රහාරයට ඔවුන් සූදානම් කර තිබූ ඒවාය. NDT සිසුන්ගේ හදිසි ප්‍රහාරය හමුවේ ඉන්ජිනේරු සිසුන් ට එවා පාවිච්චි කිරීමට නොහැකි විය. නමුත් ඔවුන් ඒවා ගැටුමෙන් පසු ජනවාරි 16 සිසුන්ගේ මිලෙච්චත්වය දෙගුණ තෙගුණ කර පිටට පෙන්වීමට පාවිච්චි කළේය . මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඉන්ජිනේරු සිසුන් ජනවාරි 2 හා ජනවාරි 16 ගැටුම් දෙකින්ම පසුව පිට සමාජයට හා ජනමාධ්‍යයට වැඩිපුර මවාපෑම් ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් ඔවුන්ගේ නිවැරදි භාවයත් සම්පූර්ණ වරද NDT සිසුන්ගේ බවත් පෙන්වා දුන්නේය. එය ගොඩක් දුරට සාර්ථකම විය . ජනමාධ්‍යය මගින් එය එලෙසම පෙන්වා දුනි. පරිපාලනයද NDT සිසුන් කෙරෙහි වැඩි වරද පටවමින් කටයුතු කලහ .

පහුගිය දිනවල සිදුවූ ගැටුම් වල සැබෑම කතන්දරයයි . මෙහිදී සඳහන් කළ දෑ අනුව NDT සිසුන් ට පක්ෂපාති බවක් හැඟේ . නමුත් ඇත්තටම සිදුවූ සිදුමීම් පෙළ මෙයයි .මෙම සත්‍යය ජවනිකා කිහිපය සටහන් කිරීමට හේතුව වූයේ අද වන විට අපට සිද්ධීන් ලෙස අපට අසන්නට ලබෙන්නේ වෙනස්ම ආකාරයේ කතාන්දරයක් නිසාය. මෙම සත්‍යය සිදුවීම් පෙළ අති බහුතරයක් ඉන්ජිනේරු සිසුන් ද නොදන්න බවට සහතිකය.

මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යය සංගම් ක්‍රියාකාරීත්වය

මොරටුව සරසවියට අභිමානවත් ශිෂ්‍යය ක්‍රියාකාරී ඉතිහාසයක් අතීතයේ තිබුනද මේ වන විට එය වෙනස් ය. ඉන්ජිනේරු , වාස්තු , IT පීඨ ශිෂ්‍යය සංගම් තුනද NDT ශිෂ්‍යය සංගමයද ස්වාධීන ලෙස කටයුතු කරයි(යථාර්තයට අනුව ස්වාධීන කියා කිසිවක් නොමැත) . NDT ශිෂ්‍යය සංගමයද අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යය බල මණ්ඩලය හා තිබූ ගනුදෙනු වලින් ඉවත් වී අවුරුදු තුනකටත් වැඩි වේ .එතැන් පටන් NDT ශිෂ්‍යය සංගමයද බෙදෙමින් මතුපිටින් නොපෙනෙන අරාජිකත්වකට පත් වෙමින් තිබේ . NDT ශිෂ්‍යය සංගමය ගැන පවසන විට එහි බෙදීම වූයේ අන්තරයෙන් වෙන්වී ස්වාධීන යැයි කියගනිමින් කටයුතු කල කාලයේය . වෙන් වීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ අය නාමල් රාජපක්ෂගේ හා SB දිසානයකගේ සෙවනෙහි වැඩෙන්නෝය. අනෙක් පිරිස යම් සංවිධානාත්මක එකමුතු කමකින් කටයුතු කරයි. එය විශ්ව විද්‍යාල පරිපාලනයට හා පාලකයින් ට යම් අභියෝගයක් බැවින් ඔවුන්ට එරෙහිව පරිපාලනය හා පාලකයින් කටයුතු කරන්නේ ඒ නිසාය . ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යය සංගමය ද බෙදී ඇත්තේ ඔවුන්ද ස්වාධීන යැයි කියාගත් කාලයේය. එය මෑතක සිදුවූවක් නොවේ. ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යය සංගමයට විශ්ව විද්‍යාල පරිපාලනය හා පාලකයින් පිටට නොපෙන්වන සෙනෙහසක් දක්වයි . එයට හේතුව ඔවුන් විශ්ව විද්‍යාල පරිපාලනයට හා පාලකයින් ට කිසිඳු අභියොගයක් වන ආකාරයෙන් කටයුතු නොකරන නිසාය .සියලු ශිෂ්‍යය සංගම් විශ්ව විද්‍යාල පරිපාලනය හමුවී සිදුකරන රැස්වීම් වලදී ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යය සංගමය කටයුතු කරන්නේ කෙසේදැයි ඒ අවස්ථාවන්ට සහභාගී වන සියලු දෙනා දනී.වාස්තු හා IT පීඨ ශිෂ්‍යය සංගම් විශ්ව විද්‍යාල පරිපාලනයට කිසිඳු අභියොගයක් නොවුනද වර්තමානයේ එය වෙනස් වෙමින් පවතින ස්වභාවයක් මතුවේ .

වෙනත් විශ්ව විශ්ව විද්‍යාල සාමුහිකව පොදු ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිද්දී , නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා සාමූහිකව අරගල කරද්දී මොරටුව විශ්ව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යය සංගම් දීර්ග නින්දකට සමවැදී සිටි ආකාරයක් පෙන්නුම් කලේය. මහා ශිෂ්‍යය සංගමයක් තිබුනේ නමට පමනකි. මහා ශිෂ්‍යය සංගම් නියොජිතයින්ද පවසා සිටින්නේ මෙය අනෙකුත් විශ්ව විද්‍යාල වගේ නොවෙයි කියායි .අප සරසවියේ මේ තත්වය මත විශ්ව විද්‍යාල පරිපාලනය දීර්ග කාලයක සිට වෙනත් විශ්ව විද්‍යාලවල නොමති තරමේ නීති හා රීති ප්‍රමානයකින් ශිෂ්‍යය නිදහස හා සියලුම සිසු ක්‍රියාකාරකම් යටත් කරගෙන සිටිමින් පාලනය ගෙන යයි .මේවාට අප විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ද අනුගතව සිටි හෙයින් එය පිළිබඳ එතරම් නොදැනේ. කනගටුවෙන් වුවද කිව යුත්තේ මොරටුව විශ්ව විද්‍යාලය ලොකයේ ඉහලම තැනක සිටියේ දැනුම අතින් වුවද සමාජයේ හා අධ්‍යාපනයේ සැබෑ අර්බුද කෙරෙහි අවබෝධයෙන් කටයුතු නොකරන යාන්ත්‍රික පිරිසක් ලෙස නම රන්දා තිබෙන බවයි . ඉඳ හිට සිදුවූ හුදෙකලා සිදුවීම් හෝ මේවා තේරුම් ගෙන සිටි අති සීමිත දෙනාගේ හුදෙකලා ක්‍රියාවන් නිෂ්ඵල විය . වරින් වර මහා ශිෂ්‍යය සංගම් සභාපති වරුන් ලෙස කටයුතු කළ ඉන්ජිනේරු , වාස්තු , IT පීඨ නියෝජිතයන් හා මෙතෙක් විශ්ව විද්‍යාලයේ සියලුම ශිෂ්‍යය සංගම් වල කිනම් හෝ වගකීමක කටයුතු කළ පිරිස් ද විශ්ව විද්‍යාලය වශයෙන් සියලුම ශිෂ්‍යය ප්‍රජාවද අප විශ්ව විද්‍යාලයේ මෙම බැලු බැලමට නොපෙනෙන එහෙත් දරුණු ලෙස සිදුවී ඇති අරාජිකත්වයට වගකිව යුතුය.

පහුගිය දින වල විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයින් ලෙස සහයෝගයෙන් මැදිහත් විය යුතුව තිබූ පොදු අරගල වලදී ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යය සංගමය තනිව ක්‍රියා කලේය. මහා ශිෂ්‍යය සංගමයේ සභාපති ලෙස සිටියේද ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යය සංගමයේ සභාපති වරයායි. නමුත් එය නමට පමණක් විය . ආචාර්‍ය වරුන්ගේ වැඩ වර්ජනය සමයේ මුල් කාලයේම එය විසඳා වහාම අධ්‍යන කටයුතු අරඹන්නැයි බලකරමින් උද්ගෝෂණයක් වාස්තු හා තොරතුරු තාක්ෂණ (IT) පීඨ හරහා යෝජනා වී සංවිධානය වන්නට විය.මහා ශිෂ්‍යය සංගමය ( ඉන්ජිනේරු , වාස්තු , IT පීඨ) හා NDT ශිෂ්‍යය සංගමය එකතු වී මේ උද්ගෝෂණය කිරීමට NDT ශිෂ්‍යය සංගමය කැමත්ත පල කළද ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යය සංගමය එය ප්‍රතික්ශේප කළා පමනක් නොව උද්ගෝෂණයක් කිරීමට පවා අදහසක් නොවිනි. පසුව ක්‍රියාමාර්ගය අත්නොහළ , වාස්තු , IT , NDT සිසුන් ඉන්ජිනේරු සිසුන්ටද ආරාධනා කොට මොරටුව විශ්ව විද්‍යාලයේ සියලුම ශිෂ්‍යයින් එකමුතු කර මෙය කිරීමේ අරමුණින් මොරටුව විශ්ව විද්‍යාලීය ශිෂ්‍යය සංගම් එකමුතුව නමින් විරෝධතා උද්ගෝෂණය හා පාගමන සංවිධානය කර දින නියම කර ප්‍රසිද්ද කරන ලදී. ඉන්ජිනේරු පීඨයේ අනෙකුත් සිසුන්ගේ ප්‍රශ්න කිරීම් වලටත් තම අභිමානය රැක ගැනීම වැනි දේ නිසාත් ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යය සංගමය හදිසියේ වෙනම උද්ගෝෂණයක් දින දෙකකටත් අඩු කාලයකින් සංවිධානය කර පෙර කී උද්ගෝෂණයට පෙර දින ලෙස දින යොදාගෙන කළේය . මෙයින් ඉන්ජිනේරු හා අනෙකුත් සිසුන් අතර යම් යම් වැරදි අවබෝධයන් , සිත් අමනාපකම් ඇති වෙන්නට ඇත . ඒ සඳහා ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යය සංගමය පැහැදිලිව වග කිව යුතුය . පලමු උද්ගෝෂණයෙන් පසුව මොරටුව විශ්ව විද්‍යාලීය ශිෂ්‍යය සංගම් එකමුතුව නමින් කළ උද්ගොෂණය සඳහාද එකමුතු කමෙහි උවමනාව , අගය වටහා ගත් ඉන්ජිනේරු සිසුන් පිරිස් පැමිණ සිටීම අගය කළ යුතුය . සමහර සිසුන්ගේ කැපවීම් මත විශ්ව විද්‍යාලයේ පොදු එකමුතුව ගොඩනගමින් තිබුනි . එහි ප්‍රතිඵල එම දින වල එසේ දක්නට ලැබුණි . පසුව සිදුවූ 6% පොදු අරගලයේ දැවැන්ත පාගමන සඳහා අප විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයන්ගේ පොදු උනන්දුව මත ශිෂ්‍යය සංගම් බේදයකින් තොරව බුද්ධිමත් සිසු සිසුවියන් දායකත්වය දුනි.ශිෂ්‍යය සංගම් අකාර්යක්ෂම වුවද අධ්‍යාපනයේ හා සමාජයේ අර්බුද කෙරේ සංවේදී ශිෂ්‍යය පිරිසක් සිටින බවත් හා නිදහස් අධ්‍යාපනය සුරැකීමේ අවශ්‍යයතාවය තේරුම්ගත් බුද්ධිමත් ශිෂ්‍යය බලවේගයක ශක්තියත් පෙන්නුම් කළේය .

මෙය ඈත ඉතිහාසයෙන් පසු සිදුවූ මහා සිසු පිබිදීමක් ලෙස හැදින්විය හැක. කෙසේ හෝ මේ සිදුවීම් මගින් විශ්ව විද්‍යාල පරිපලනයට හා පාලකයන්ට මෙතෙක් විශ්ව විද්‍යාලයේ තිබූ තත්වයට වඩා වෙනස් තත්වයක් උදා වෙමින් යන බව වැටහෙන්නට විය. එම තත්වය ඔවුන්ට අවාසිදායක වන බැවින් මෙතෙක් පවත්වාගෙන ආ තත්වයම පවත්වාගෙන යාමට සිසු අසමගිය නැවත මතු කරන්නට කටයුතු කළේය. මේ දිනවල අපට දිගටම අසන්න ලැබුනේ වෙනත් විශ්ව විද්‍යාල වල මහා ශිෂ්‍යය සංගම් සභාපති වරුන්ට, ශිෂ්‍යය සංගම් ක්‍රියාකාරිකයින්ට අන්ඩුවේ මැරයන් පහර දුන් සිද්ධින් ය. එලෙස විශ්වවිද්‍යාල වශයෙන් පාලකයන්ට අභියෝගයක් වන තැන් වලට පහරදීමත් , අසමගිය අරාජිකත්වය ඇති කිරීමට හැකි තැන් වල ගැටුම් ඇති කිරීමටත් පියවර ගැනුනි . මෙසේ කිරීමට හේතු වූයේ මේ දිනවල නොයෙක් දහම් ගැට දමා සම්මත කරගනිමින් තිබෙන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ වැඩපිලිවෙල කෙරෙහි සිසු අවධානය යොමු නොවෙන්නට ඉඩ හැරීමටත් ඊට එරෙහි වන සිසු ක්‍රියාකාරකම් නතර කිරීමටත්ය.

2010 න් පසු අප විශ්ව විද්‍යාලයේ එකමුතුව ගොඩ නගමින් සිටි තත්වයක, ඉන්ජිනේරු සිසුන් හා NDT සිසුන් අතර සහෝදරත්වය ගොඩනැගෙමින් සිටි අවධියක මෙසේ ගැටුම් සිදු වූයේ ඉහත අවශ්‍යයතාවයන් මූලික කරගත් නිසාය . ඒ සදහා විශ්ව විද්‍යාලීය සිසුන් වශයෙන් අනෙකුත් ඉන්ජිනේරු ශිෂ්‍යයින්ද පොළඹවමින් ගැටුම්( ජනවාරි 2 ) සංවිධානය කල , දැනුවත්ව හෝ නොදැනුවත්ව ආණ්ඩුවේ උවමනාවන් ඉටු කළ ඉන්ජිනේරු සිසුන් ද පැහැදිලිව වග කිව යුතුය .දරුණු ලෙස ප්‍රහාර ලැබූ අප ඉන්ජිනෙරු සොයුරා පෙන්වමින් හා වැඩිමනත් බොරු සාධක පෙන්නමින් තම නිදොස් භාවය පෙන්නන්නට කටයුතු කරමින් සිටියද , තමා කළ පෙළඹවීම් , ක්‍රියාකරකම් වසන් කරමින් තමා කළ ප්‍රහාරයට වඩා වැඩි ප්‍රහාරයක් නැවත තමාටම අත්විදීමට වූ තැන ප්‍රහාරයේ ප්‍රමානයක් ගැන විවාද කරමින් සිටියද සැබෑවටම මෙම වර්තමාන තත්වයට ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යය සංගමය හා මෙම ගැටුම් නිර්මාණය කල ඉන්ජිනේරු සිසුන් වගකිය යුතුමය.

මෙම සටහන් තබන මා ඉන්ජිනේරු සිසුන් හා ඇති වෛරයක් නිසා ලියන ලද්දක් නොවන බව පැවසිය යුතුමය . සැබෑ තත්වය පැවසීම අත්‍යවශ්‍යය වී ඇති හෙයින් මෙසේ ලියන්නට වුන අතර එහිදී ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යය සංගමය හා මෙම ගැටුම් නිර්මාණය කල ඉන්ජිනේරු සිසුන් පිළිබඳ වැඩියෙන් සඳහන් කරන්නට වූයේ ඔවුන් සමඟ ඇති පෞද්ගලික තරහවකට නොවන බව බුද්ධිමත් පාඨක ඔබට වටහා ගත හැකි යයි සිතමි .

වර්තමානයේ ගැටුම් වලට මැදිහත් වන NDT හෝ ඉන්ජිනේරු සිසු දෙපිරිසේ සම්පූර්ණ වරදක් නොවන බව අප තේරුම් ගත යුතුය .වරද මා මුලින් සඳහන් කළ ආකාරයට මෙවන් තත්වයක් ඇති කළ හා හා ඒවායේ මූලයන්ට නිවැරදි ස්ථිර විසඳුම් නොසොයමින් තව තවත් එවා වක්‍රාකාරයෙන් පෝෂණය කරමින් සිටින පාලකයන්ගේය. මෙසේ මතුවුන ගැටුම් සඳහා මෙන්ම ගැටුමින් පසු එය සාධාරණීකරනය සඳහා වූ සීතල සටනේදී සියලු ශිෂ්‍යයින් ( ගැටුම් වලට ගිය , නොගිය මෙන්ම කිසිඳු දෙයක් නොදත් සියලු දෙනා පවා ) පෙනී සිටින්නේ තම තමන්ගේ ශිෂ්‍යය කණ්ඩායම් හා අධ්‍යයන පීඨයන් වෙනුවෙනි . මෙවිට සිසුන්ගේ බුද්ධියට වඩා හැඟීම් ඉස්මතු වී තරුණ උණද එය සමග මුසු වෙමින් තත්වය තවත් බරපතල වේ. සමගියෙන් පොදු සැබෑ ප්‍රශ්න වලට මුහුන දිය යුතුව තිබියදී අධ්‍යයන අංශයන්ගේ නාමයෙන් බෙදේ . එවිට විශ්වවිද්‍යාලයක් විදියට පිරිහීමට පත්වේ . සමාජය වෙනුවෙන් වගකිවයුතු , වගවියයුතු බුද්ධිමත් ප්‍රජාවකගේ සැබෑ කාර්‍යය භාරයන්ගෙන් ඈත්වේ. මෙය තෙරුම් ගනිමින් කටයුතු කරමු.

:- චමිල බාලසූරියමොරටු සරසවියේ ගැටුම් වල සැබෑම පැත්ත.

පසුගිය 16 වනදා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිසුන් හා NDT (ජාතික තාක්ෂණ ඩිප්ලෝමා ) සිසුන් අතර ඇතිවූ ගැටුමකින් ඉන්ජිනේරු ශිෂ්‍යයකු බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයට අතුලත් කරුණි. තවත් සිසුවකු කලුබෝවිල රෝහලට අතුලත් කෙරුණි . සැබවින්ම මෙය මිලෙච්ච ක්‍රියාවකි . නමුත් මෙම ගැටුම් ඇතිවීමට මූලික වූ සැබෑ හේතුව හෝ ගැටුම් මෙතරම් බරපතල වීමට හේතූන් කිසිවකුගෙන් අසන්නට නොලබේ . ආසන්න සිදුවීම් සලකා බැලීමෙන් හෝ ආසන්න සිදුවීම් වල ප්‍රමානය සලකා බැලීමෙන් සංවේදී වීම හා මේ පිලිබඳව තේරුම් ගැනීම ට බොහෝ දෙනා පෙලඹී ඇත . මාධ්‍යය මගින්ද ,අන්තර්ජාලයේද ඒ ආකාරයෙන්ම තොරතුරු ඉදිරිපත් කරමින් දැනුවත්ව හෝ නොදැනුවත්ව එක් පාර්ශවයක් ගනිමින් නිවැරදි දෑ ඉදිරිපත් නොකරමින් කටයුතු කරයි . මෙම ගැටුම් වල ඉතිහාසයත් ගැටුම් කාරී තත්වයක් ඉස්මතු වීමට හේතු වූ සැබෑ කරුණුත් , මෑතකදී සිදුවූ සිදුවීම් වල නිවැරදි තොරතුරුත් පිලිබඳ අවබෝධයක් ලබා දීමට අවශ්‍යය තත්වයක් උදා වී ඇති නිසා මෙම සටහන අත්‍යාවශ්‍යම තොරතුරු සමග හැකිතාක් කෙටියෙන් තබමි .

මොරටුව විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ කිරීමට පෙර එම ස්ථානයේ පැවතුනේ තාක්ෂණ ආයතනයක් ලෙසය . පසුව එය විශ්වවිද්‍යලයක් බවට පත් කෙරුනු අතර එහි ඉන්ජිනේරු පීඨය , වාස්තු විද්‍යා පීඨය, තොරතුරු තාක්ෂණ පීඨය , යන පීඨ තුන සහ ආරම්භයේ පැවති ඉන්ජිනේරු තක්ෂණ ඩිප්ලෝමා වද (NDT) විශ්වවිද්‍යාලයට අනුබද්ධ කර ක්‍රියාත්මක විය .(1940 දී කනිෂ්ඨ කාර්මිකයන් පුහුණුකිරීමේ පාඨමාලාව (JTO ) ලෙස මරදාන කාර්මික විද්‍යාලයේදී ආරම්භ වී 1960 දී කැනේඩියානු ආධාර සහිතව කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණික ආයතනය බවට පත්විය . 1966 දී කාර්මික ආයතනය බවට පත්විය . 1968 දී JTO පාඨමාලාව NDT බවට පත්විය . පසුව 1972 දී ශ්‍රී ලංකා කාර්මික ආයතනය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය කටුබැද්ද මණ්ඩපය බවට පත්වූ අතර 1978 දී මොරටුව විශ්වවිද්‍යාලය බවට පත්විය . 1987 ජුනි මස 05 දින සිට NDT පාඨමාලාව 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 29 (ඊ) වගන්තිය යටතේ මොරටුව විශ්ව විද්‍යාලීය 3න් අවුරුදු පූර්ණ කාලීන අභ්‍යන්තර පාඨමාලාවක් බවට පත් විය ).

චමිල බාලසූරිය