ගැඹුරු හැදැරීමක්, විශ්ලේෂණයක් හෝ දැක්‌මක් නැති ක්‍රියාවලියක නියත ඵල දැන් මතුවෙමින් තිබේ. එලෙස මතුවන ඵල පහසුවෙන් නෙළා ගැනීමට බලකරනු ලැබූ කල්හි නොමේරූ මොළ සහිත හිස් ගෙඩි දෙවරක් සිතන්නේ නැත. දරුවන්ගේ දැත් ගල්කැටවලින් පිරෙන්නේත් ඒවා තමන්ට සිප් සතර දෙන පියවරුන්ගේ හිස් මත ලේ සලකුණු තබන්නේත් අවිධිමත් ක්‍රියාවලියක ශේෂ වන ප්‍රතිඵල ලෙසිනි. මින් පෙර වරක්, දෙවරක් නොව වාර ගණනක් ලියා තැබූ දේ යළි ආවර්ජනය කිරීමට සිදුවීම අභාග්‍යයකි.
අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික පාසල් 87 ක විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. එම කැඳවීමට අනුව සුදුස්‌සෝ විශාල පිරිසක් අයදුම්පත් යොමු කළහ. ඒ... නව ජාතික පාසලක විදුහල්පතිවරයකු ලෙස පත්වීමේ සිහිනය ද සමගිනි. කැඳවන ලද අයදුම්පත් අනුව පසුගිය මාර්තු මාසයේදී සම්මුඛ පරීක්‍ෂණ ද පැවැත්විණි. සම්මුඛ පරීක්‍ෂණයට පෙනී සිට තමන් අදාළ විදුහල්පති ධුරයට සුදුස්‌සන් බව ඔප්පු කළ විදුහල්පතිවරුන් ආපසු නිවෙස් බලා යන්නේ නව විදුහල්පති ධුරයේ වගකීම භාර ගන්නා දිනය පිළිබඳව අපේක්‌ෂා සහගතවය. දින, සති, මාස ගෙවි ගොස් සම්මුඛ පරීක්‍ෂණයෙන් දෙමාසයකට පසු පත්වීම් ලිපි ලැබෙන්නට පටන් ගනියි.
ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා පත්වීම් පිරිනැමීමේ බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එලෙස බලතල හිමිවුණ ද ජාතික පාසල්වලට පත් කෙරෙන අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරුන් හැර විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයටය.
පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් ගාල්ල විද්‍යාලෝක, බණ්‌ඩාරවෙල විශාඛා, මීපාවල අමරසූරිය හා යාපනය වෙම්බඩි යන ජාතික පාසල්වල එම විදුහල්පතිවරුන් පත් කෙරෙන්නේද මෙම නීතිමය තත්ත්වය මතය. එනම් අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්‍ෂණයෙන් පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ කරන ලදුව පත්වීම් බලධාරියා ලෙස එම කොමිෂන් සභාව විසින් සුදුස්‌සකු පත්කරනු ලැබීය.
විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන බන්ධුල ජයසිංහ විද්‍යාලෝක විදුහලටත්, ඩී. තිලකාවතී මහත්මිය බණ්‌ඩාරවෙල විශාඛා ජාතික පාසලටත් පත් කෙරෙන්නේ ඒ අනුවය. මෙම පාසල් සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිවූයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලැබීමෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කළ මෙම විදුහල්පතිවරුන්ට තමන් තේරී පත්ව සිටින විදුහලේ විදුහල්පති පුටුවේ වාඩිවීමට තබා එය දැක ගැනීමට හෝ විදුහල් පරිශ්‍රයට ඇතුළුවීමට ඇති ඉඩ ඇහිරීම නිසාය. එම පාසල්වල විදුහල්පති ධුරයන්හි වැඩ බලමින් සිටින නැතහොත් රාජකාරී ආවරණය කරමින් සිටි පුද්ගලයන් සුදුසුකම් සපුරාලූ නවක විදුහල්පතිවරුන් පිළිගැනීමට තරම්වත් නිහතමානී සංයමයකින් හෙබි වූවෝ නොවූහ. තමන්ට පත්වීම ලැබුණු නව පාසලට ඇතුළු වීමට හෝ ඔවුන්ට අවස්‌ථාව නොලැබුණේ වැඩ බලමින් සිටියවුන්ගේ මජරකම නිසාය. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසලකට අමාත්‍යාංශය විසින් තෝරා ගනු ලබන සුදුසු විදුහල්පතිවරයකු පිළිගැනීම ඒවායේ වැඩබලන විදුහල්පතිවරුන් ප්‍රතික්‌ෂේප කිරීම සැලකිය යුතු කරුණකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම බලතල සහිතව ස්‌ථාපිත කර ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්‌ව කළ පත්කිරීම් පිළිනොගැනීමට තරම් ශක්‌තියක් ඒවායේ වැඩබලමින් සිටි පුද්ගලයන්ට හිමිවූයේ කෙසේද යන්න අමුතුවෙන් සොයා බැලිය යුතු නොවේ.
පසුගිය මැයි මස 31 වැනිදා තමින් නව විදුහල්පති ධුරයේ පත්වීම් ලද බන්ධුල ජයසිංහ මහතාටත්, ඩී. තිලකාවතී මහත්මියටත් පුරා සිව් මසක් ස්‌ථිර ස්‌ථානයක ස්‌ථානගත වීමේ අවස්‌ථාව බලහත්කාරය විසින් අත්හිටවනු ලැබිණි. ඔවුහු වරෙක පාසලේ ගේට්‌ටුව අසල රැඳී සිටියහ. තවත් වරෙක අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියහ. ඔවුන් අදාළ කලාප කාර්යාලයන්හිදී ද දැක ගැනීමට අවස්‌ථාව ලැබිණි. සුදුස්‌සන්ට ඇති ඉඩ මෙලෙස අහුරනු ලැබ තිබූ අවස්‌ථාවක අධ්‍යාපන අමාත්‍යාංශය කදිම ආදර්ශයන් සපයමින් සිටියේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බණ්‌ඩාරවෙල විශාඛා ජාතික පාසලට පත් කරන ලද ඩී. තිලකාවතී මහත්මියගේ පත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා විසින් තාවකාලිකව අත්හිටුවන ලදී. එලෙස අත්හිටුවීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව එක්‌තරා ලෙසකින් හෑල්ලුවට ලක් කිරීමක් වන අතරම අනෙක් අතින් තමන්ට ඇති බලතල පිළිබඳ ලේකම්වරයාගේ නොදැනුවත්භාවය ප්‍රදර්ශනය කිරීමකි. එමෙන්ම තමන් යටතේ සිටින නියම සුදුස්‌සන්ට සුදුසු තැන ලබා නොදෙමින් නුසුදුස්‌සන්ට පාවාඩ එළීමට ගත් නිර්ලඡ්ජිත උත්සාහයක් ලෙසද තිලකාවතී මහත්මියගේ පත්වීම තාවකාලිකව අත්හිටුවීම හැඳින්වීම වරදක් නොවේ. ලේකම්වරයා සිය වගකීම අනලස්‌ව පැහැර හරින විට කළ හැකි යමක් නොවූ කල්හී තිලකාවතී මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට නොපතන්නට අදටත් ඇයට බණ්‌ඩාරවෙල විශාඛාවේ ගේට්‌ටුව අසල රැඳී සිටින්නට සිදු වනු නිසැකය. අධ්‍යාපන අමාත්‍යාංශය වගකීම් පැහැර හරිමින් සුදුස්‌සන්ට මහ මග තෝරා ගන්නට බලකරන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව මැදිහත් නොවූයේ නම් බන්ධුල ජයසිංහ මහතාට අදත් සාධාරණය ඉටු නොවන බව ඉතාමත් පැහැදිලිsය.
ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් පත්කිරීමේ බලධාරියා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වුවත් එලෙස පත් කෙරෙන තැනැත්තා අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරයකු නොවේ නම් ඔහු හෝ ඇය සම්බන්ධයෙන් තීන්දු - තීරණ ගැනීමේ බලය හිමිවන්නේ එම කොමිෂන් සභාවට නොව අධ්‍යාපන අමාත්‍යාංශයටය.
එලෙස පත්කරන තැනැත්තා අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරයකු වන කල්හි ඊට අදාළ තීන්දු තීරණ ගැනීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතුය. බන්දුල ජයසිංහ මහතාට විද්‍යාලෝකයේ දොරටු විවෘත වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම බලතල ක්‍රියාවේ යෙදවීම හේතුවෙන් විනා අලස අධ්‍යාපන අමාත්‍යාංශය නිසා නොවන බව අවබෝධ කරගත යුතුය. විද්‍යාලෝකයේ වැඩබලමින් සිටි එෆ්. වෙලේගේ මහතා අධ්‍යාපන පරිපාලන සේවයේ ෂෂෂ වැනි ශ්‍රේණියේ නිලධාරියෙකි. ශ්‍රේණිගත කිරීම් අනුව එම පාසලේ සිටිය යුත්තේ විදුහල්පති සේවයේ නිලධාරියෙකි. ඒ අනුව සුදුස්‌සා ජයසිංහ මහතාය. ජයසිංහ මහතාට රාජකාරි කටයුතු භාරදීමෙන් අනතුරුව දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට වාර්තා කරන ලෙසට කොමිෂන් සභාව කළ ලිත නියෝගය වෙලේගේ මහතා ගණනකටවත් නොගත්තේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඒ. එම්. එල්. සී. සේනාරත්න මහත්මියගේ අත්සනින් යුත් එම නියෝගය ලැබීමෙන් පසුව ද වෙලේගේ මහතා දිගටම රැඳී සිටියේය. ජයසිංහ මහතාට වැඩ භාර නොදීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් ද දැනුවත් කෙරිණි. එහෙත් එමගින් ද ප්‍රතිඵලයක් නොලද කොමිෂන් සභාව තමන් සතු බලය යෙදවීමට පියවර ගත්තේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝග නොතකමින් වැඩ බැලීමේ ආසාවේ උපරිමයට ගොස් සිටි වෙලේගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය මස 27 වැනිදා වැඩ තහනමකට ලක්‌කෙරෙන්නේ ඒ අනුවය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම පියවර නොගන්නට ජයසිංහ මහතා අදටත් මහමඟය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ද සිය බලතල ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වූවා යන්න අපගේ හැඟීමය. දේශපාලන හයිය ඇඟට ගෙන සිටින්නවුන් පලවාහැර සුදුස්‌සන් ස්‌ථානගත කිරීම සඳහා දවසක් හෝ ප්‍රමාද කිරීම අපරාධයකි. වෙලේගේ මහතා ඉවත් කිරීමත් සමඟ දේශපාලන ඉහඳපණුවන් නළියමින් සිටි අයුරින්ම පසක් වූයේ ඔහු පාසලට කෙසේ වෙතත් දේශපාලනය කෙරෙහි දැඩි ඇල්මකින්, ආශාවකින් මෙන්ම ගැති බවකින් ද කටයුතු කළ බවය. විද්‍යාලෝකයේ වැඩ භාර ගැනීමට පැමිණි දිනයේ ජයසිංහ මහතාට මුහුණපාන්නට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයට Rජුවම වගකිවයුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයය. එදින දරුවන් අතට ගල්කැට දුන්නේ අමාත්‍යාංශයේ වගකීම් විරහිත ක්‍රියාකලාපයේ ප්‍රතිඵල විසිනි. සුදුසුකම් ඇති විදුහල්පතිවරයකුට එරෙහිව නැගී සිටීමට දරුවන් මෙහෙයවීමේ වරද වැඩ බලමින් සිටි විදුහල්පතිවරයා ප්‍රමුඛ පිරිසක් මත පැටවුණ ද ඔවුන්ට ඒ මඟ සලසා දීමේ පදනම වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයය.
මීට වසරකට පෙර එනම් පසුගිය වසරේ ඔක්‌තෝබර් මාසයේදී ගාල්ල රිපන් බාලිකාවේ වත්මන් විදුහල්පතිනි පී. එන්. රාජපක්‍ෂ මහත්මිය පත්කිරීමේදී ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ නිර්ලඡ්ජිත ආකාරය මතක් කර දිය යුත්තේ අවස්‌ථා දෙකම සිදුවූයේ අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ කාලයේ වීම නිසාය. දෙවසරක අධ්‍යයන නිවාඩු ගොස් සිටි රාජපක්‍ෂ මහත්මිය යළි පැමිණි පසු ඇයට ද මහමඟ ඇවිදින්නට සැලැස්‌වූ අධ්‍යාපන අමාත්‍යාංශය රාජපක්‍ෂ මහත්මියට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ තැනැත්තියක රිපන් බාලිකාවේ විදුහල්පති ධුරයේ ස්‌ථිර කිරීමට පියවර ගත්තේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව එවකට විසුරුවා හැර තිබූ හෙයින් ඉහළ සුදුස්‌සන් වෙනුවෙන් ද අත්තනෝමතිකව කටයුතු කිරීමේ බලය අමාත්‍යාංශයට හිමිව තිබිණි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්‌ථාපිත නොකිරීමේ වාසිය තමන් වෙත හරවා ගනිමින් රාජපක්‍ෂ මහත්මිය වෙනුවට ඇයට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ තැනැත්තියක විදුහල්පති ධුරයේ ස්‌ථිර කිරීම අර්ථ දැක්‌විය යුත්තේ කෙලෙසදැයි සිතාගත නොහේ. එම වසරේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්‌ථාපිත නොකරන්නට වර්තමාන විදුහල්පතිනිය අදත් අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ කලාප කාර්යාලයකට වී සිටින්නට ඉඩ තිබිණි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වහාම මැදිහත් වී රිපන් බාලිකාවට අධ්‍යාපන අමාත්‍යාංශය පත්කළ විදුහල්පතිනිය ඉවත් කර රාජපක්‍ෂ මහත්මිය විදුහල්පති ධුරයේ හිඳුවීමට පියවර ගැනීම අමාත්‍යාංශයට අතුල් පහරක් වැදුණා සේ විය. දේශපාලන ඉහඳ පණුවන්ට තමන්ගේ එහෙයියන් තනතුරුවල තබාගැනීමට හරස් වී සිටින රාජ්‍ය සේවා කොමිෂන් සභාව නීතිය නිවැරැදිව ක්‍රියාත්මක නොකළේ නම් පී. එන්. රාජපක්‍ෂ මහත්මියට මෙන්ම බන්ධුල ජයසිංහ මහතාට විදුහල්පති ධුර ලැබෙනු උගහටය.
අපි වගකීමෙන් කියමු. අධ්‍යාපන අමාත්‍යාංශය කැසකවමින් සිටින්නේ සුදුස්‌සන්ට සුදුසු තැන් ලබාදී අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවට නුසුදුස්‌සන්ට තැන දීමේ අශ්ලීල ක්‍රියාවලියකය. කදිම උදාහරණය වැඩබලන විදුහල්පතිවරුන් එම තනතුරුවල ස්‌ථිර කිරීමට ගෙන ඇති පියවරය. විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා පසුගිය 2006 වසරේ පැවැති තරග විභාගයට පවා පෙනී නොසිටි දේශපාලන බත්බැලයන් විදුහල්පති පුටුවල ස්‌ථිර කිරීමට අමාත්‍යාංශය කටයුතු කිරීමෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට කරන හානිය සුළුපටු නොවේ. දරුවන් වෙනුවෙන් කැපවන බවට හොටු පෙරාගෙන හඬා වැටෙන බන්ධුල ගුණවර්ධන මහතාගේ කොළේ වසා ගැසීමේ ක්‍රියාකලාපය අවබෝධ කරගත යුතුය. විදුහල්පති පුටුවල වැඩ බලන නුසුදුස්‌සන් 34 දෙනකුට පසුගියදා ස්‌ථිර පත්වීම් ලැබුණු අතර තවත් දෙදහසකට ආසන්න පිරිසක් පෙරහැරේ වෙති. නුසුදුස්‌සන් මෙලෙස ස්‌ථිර කිරීමෙන් සුදුස්‌සන්ට සිදුවන අසාධාරණය හමුවේ මුනිවත රකින අමාත්‍යාංශය හතලිස් ලක්‍ෂයකට ආසන්න දරුවන්ටත් දෙලක්‍ෂයකට අධික ගුරුවරුන්ටත් දෙන ආදර්ශය කුමක්‌ද? වැඩබලන විදුහල්පතිවරුන් ස්‌ථිර කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවෙන් පසුව අධ්‍යාපන පරිපාලන සේවයේ වැඩබලන නුසුදුස්‌සන් ස්‌ථිර කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද පසුගිය මාර්තු මාසයේදී බන්ධුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කර ඇත. අධ්‍යාපන පරිපාලන සේවයේ ෂෂෂ වැනි පන්තියට බඳවාගැනීම සඳහා පැවැති තරග විභාගයට ද 37000 ක් පෙනී සිටි අතර ඉන් බඳවාගැනීමට තීරණය කළේ 410 ක් පමණි. එම බඳවාගැනීම් ද තවමත් ඉබි ගමනේය. එම ඉබි ගමනට රුකුල් දෙන්නේ හොර පාරෙන් නුසුදුස්‌සන් තනතුරුවල ස්‌ථිර කර ගැනීමේ අමාත්‍යාංශ වුවමනාව විය හැකිය.
නීතියට පිටින් කටයුතු කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. "බකාස්" ගා සිනාසිය හැකි තරමටම එම ප්‍රකාශය විහිළුවකි. බණ්‌ඩාරවෙල විශාඛාවේ නව විදුහල්පතිනියට තනතුර නොදී නීති විරෝධීව ඇය මහමඟ දමන්නට ගත් උත්සාහය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධි කරණයෙන් "නොමඳ පැසසුම්" ලද ලේකම්වරයා විදුහල්පතිවරුන්ට නීතිය ඉගැන්වීම සඳහා කෙවිට එසවීමට උත්සාහ කිරීම විහිළුවක්‌ම විනා අන්කවරක් නොවේ. අහිගුණ්‌ඨිකයාගේ කෙවිටි පහරට බියෙන් නටන රිළවුන් සේ අධ්‍යාපන බලධාරීන් ද දේශපාලනයට බයෙන් කටයුතු නොකළ යුතුය යන්න අපගේ විශ්වාසයය. නුසුදුස්‌සන් තනතුරුවල ස්‌ථිර කිරීම නීතියදැයි අපි විමසමු. සුදුස්‌සන් සිටියදී නුසුදුස්‌සන්ට තැන දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියදැයි අපි විමසමු. බන්ධුල ජයසිංහ මහතා විද්‍යාලෝකයේ වැඩ භාර ගැනීමට පැමිණි දිනයේ උද්ගත වූ සිද්ධියෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එරෙහිව පරසක්‌වල ගැසූ දේශපාලන ගොබිලන්ට රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සැබෑ කැක්‌කුමක් පවතී නම් එරෙහි විය යුත්තේ අමාත්‍යාංශයේ මෙවැනි ක්‍රියාමාර්ගයන්ට වග මතක් කරමු.
දැක්‌මක් නැති ක්‍රියාවලියක නියත ඵල විසින් අධ්‍යාපනය විනාශ මුඛයට ගෙන යනු ලබමින් සිටින බව ගඳ ගහන දේශපාලන නරාවළේ කරවටක් ගිලී හිඳ ඒ දේශපාලනයටම හුරේ දමා විසිල් ගසමින් පසුවන බූරුවන්ට නොහැඟීම අරුමයක් නොවේ.
නිලන්ත මදුරාවල
උපුටාගැනීම දිවයින

0 comments:
Post a Comment
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...