විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ,විශ්ව විද්‍යාලීය ආචාර්යවරුන් විසින් මෙතක් පවත්වාගෙන ආ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(2012/10/11) සිට නවත්වනු ලබන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත .මෙහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කලේ රජයේ පාර්ශවයෙන් තමන් හට තම වෘත්තීය ඉල්ලීම් සඳහා ලබාදුන් ලිඛිත ප්‍රකාශය සඳහා නිශ්චිත කාලරාමුවක් තුල ක්‍රියාවට නොනැගුව හොත් යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹෙන බවයි.
මෙහිදී ශිෂ්‍යයන් ලෙස අප තේරුම් ගත යුතු කාරණය වන්නේ ආචාර්යවරුන් මෙතෙක් කලක් (දින 100 ක්) තම අරගලය හරහා නිදහස් අධ්‍යාපනය පිළිබඳ කතිකාවතයි.සමාජයේ අද විවිධ මට්ටම් වල අද අධ්‍යාපනයේ අර්බුදය පිළිබඳ කතිකාවතක් ඇති වී තිබේ .ඒ සඳහා සවිඥානිකව මැදිහත් වීමේ මුල බිජ උත්පාදනය කලේ වි.වි ආචාර්යවරුන් ය.
මෙහිදී ශිෂ්‍යයන් ලෙස අප තේරුම් ගත යුතු කාරණය වන්නේ ආචාර්යවරුන් මෙතෙක් කලක් (දින 100 ක්) තම අරගලය හරහා නිදහස් අධ්‍යාපනය පිළිබඳ කතිකාවතයි.සමාජයේ අද විවිධ මට්ටම් වල අද අධ්‍යාපනයේ අර්බුදය පිළිබඳ කතිකාවතක් ඇති වී තිබේ .ඒ සඳහා සවිඥානිකව මැදිහත් වීමේ මුල බිජ උත්පාදනය කලේ වි.වි ආචාර්යවරුන් ය.
මෙහිදී වඩා සැලකිල්ලට භාජනය කල යුතු කාරණය වන්නේ තම වැටුප් පවා ලබා නොගනිමින් තම පුද්ගලික ආර්ථිකය පවා දෙවැනිකොට, අර්බුදයට ලක් කර ගනිමින් ගෙන ගිය අඛණ්ඩ වැඩ වර්ජනයයි. යම් කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ආචාර්යවරුන් අරගලය පාවා දී ඇතයිද,ඔවුන් සටන් කලේ හුදු වැටුප් වැඩිවීමක් සඳහා පමණක් යැයිද කීම ඉතාමත් වැරදි සහගත ප්‍රකාශයක් බව මගේ හැගීමයි. සමහර ආචාර්යවරුන් ගාල්ලේ සිට කොළඹ දක්වා පා ගමනේ ආරම්භක දවසේ සිට අවසන් දවස දක්වා අඛණ්ඩව පැමිණීම සහ අනෙකුත් සමහර ආචාර්යවරුන් තමන්ට හැකි උපරිම දුරටත් වැඩියෙන් ඒ සඳහා ලබා දුන් සක්‍රීය දායකත්වය අප කෙතරම් නම් අගය කල යුතුද?
වෙනස් ජිවන රටාවක් හා සමාජීය පරිසරයක් උරුම කොට ගෙන ජිවත්වුනු ආචාර්යවරුන් මෙවන් ක්‍රියාවලියක් තුල නිරත වීමම කොයි තරම් අගනේද? මෙහිදී මා අවසාන ලෙස සදහන් කරන්නේ විශ්ව විද්‍යාලීය ආචාර්යවරුන් ගෙන ගිය අඛණ්ඩ වර්ජනය හෑල්ලුවට ලක් කිරීම හෝ එයට නිගා කිරීම කුහක කමක් මිස අන් කිසිවක් නොවන බවයි!
6 comments:
1."මෙහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කලේ රජයේ පාර්ශවයෙන් තමන් හට තම වෘත්තීය ඉල්ලීම් සඳහා ලබාදුන් ලිඛිත ප්‍රකාශය සඳහා නිශ්චිත කාලරාමුවක් තුල ක්‍රියාවට නොනැගුව හොත් යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹෙන බවයි."
මේක හරි තීරණයකට ඇවිල්ලා නතර කරා නම් ඔහොම කරන්න ඕන නෑ නේද?? වර්ජනයකට ගිහින් , මේ වගේ පොරොන්දු පත්‍රයක් අරන් ආයි පටන් ගත්තත් මෙයාලට වර්ජනය කරපු කාලේ පඩි හම්බෙනවා නේද.අපට මොනවද ලැබෙන්නේ??
s.b එක්ක හුරතල් වේවි ඉඳල බැසිල් ආව විතරයි පූස් පැටව් වගේ වුනා. බැසිල් එක්ක සාකච්ච්චාවට ගිහින් එනකොටම කිව්වා 11 වෙනිදා වෙද්දී වර්ජනය නවත්තනවා කියල. ඒවා ගැන අපි ෆුටා ගෘප් එකේ කතා කරාම, ඒ බුද්ධිමත්තු කරේ මාධ්‍ය පිස්සු නටනවා, මාධ්‍ය විශ්වාස කරන්න එපා කියල. ඒ විතරක් නෙවේ ඒ නිව්ස් එක ගැන කතා කරන අයටත් ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරයෝ කියල හංවඩු ගැහුවා...
අලයොත් එක්ක මගේ පුද්ගලිකව කිසිම තරහක් නෑ. ස්ටාෆ් යන බහුතරයක් අලයෝ. මුන් ඉගෙන ගන්න කාලේ මෙලෝ අරගලයක් කරපු එවුන් නෙවේ. ජීවිතේ පළවෙනියටම කරපු අරගලය මේක වෙන්නැති ගොඩක් එවුන්ගේ. දැක්කනේ මාස තුනක් පඩි නැතුව ඉන්නකොට මැරෙන්න වගේ.. කරගෙන යන්න බැරි නම් මොන මඟුලකටද පටන් ගත්තේ කියල විතරයි අහන්න තියෙන්නේ..නිකන් සර්ලා හෝදා ගන්න එපා මනුස්සයෝ..එහෙම කරා කියල උඹලට ලැබෙන දෙයක් නෑ.සර්ලා එක්ක පා ගමන් ගිය අපට තමයි ගහන්න ඕන.
2."මෙහිදී වඩා සැලකිල්ලට භාජනය කල යුතු කාරණය වන්නේ තම වැටුප් පවා ලබා නොගනිමින් තම පුද්ගලික ආර්ථිකය පවා දෙවැනිකොට, අර්බුදයට ලක් කර ගනිමින් ගෙන ගිය අඛණ්ඩ වැඩ වර්ජනයයි."
මැට්ටෝ දන්නේ නැත්තන් හොයල බලල කතා කරන්න. මෙයාල වර්ජනය නවත්තන යෝජනාවල තියෙනවා මාස තුනේ පඩි ඕන , වර්ජනය කළා කියල අපෙන් පළි ගන්න එපා කියල. කොහොම වුනත් ලස්සනට සර්ලා ටික හොදාගන්න හෙන ට්‍රයි එකක් දීල මේක ලියපු එකා...
3.යම් කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ආචාර්යවරුන් අරගලය පාවා දී ඇතයිද,ඔවුන් සටන් කලේ හුදු වැටුප් වැඩිවීමක් සඳහා පමණක් යැයිද කීම ඉතාමත් වැරදි සහගත ප්‍රකාශයක් බව මගේ හැගීමයි.
එහෙනම් මහත්තයෝ මේ කරපු දේවල් වලින් අපට හම්බුනේ මොකද්ද කියල කියනවද?? ලස්සන,හුරතල්, ප්රගතිශීලී, ධීර වීර වාක්‍ය නෙවේ..ඇත්තටම ලැබුන දේ කියන්න.
මිනිස්සුන්ට ලැබුන පණිවිඩේ සියට හයේ මගුලක් නෙවේ... උන්ට ලැබුන පණිවිඩේ තමයි..
"යකුනේ තොපේ ළමයි කීය වියදම් කරලා හරි ප්‍රයිවට් යුනිවර්සිටි වලට යවපල්ලා.. මෙහෙ ඒවාට ගියාම දිගටම ගෙවල් වල තමයි ඉන්න වෙන්නේ" කියල...
4."වෙනස් ජිවන රටාවක් හා සමාජීය පරිසරයක් උරුම කොට ගෙන ජිවත්වුනු ආචාර්යවරුන් මෙවන් ක්‍රියාවලියක් තුල නිරත වීමම කොයි තරම් අගනේද?"
රෙද්ද තමයි. උන් අහසින් ආපු එවුන් නෙවේ. අපි වගේම එවුන්. උන්ව පොර කරන්න හදන්න එපා මෙච්චර බලු වුනාට පස්සේ. උඹට මෙහෙම ලිව්වම මොනවා හරි හම්බෙනවද බං. හිතට අවංකව කතා කරපන්. උන්ට මාස තුනක් ස්ට්‍රයික් කරපු ගමන් මලා වගේ.. ආයි කියන්න තියෙන්නේ බැරි මගුල් මොකටද කරන්නේ ??
අපි මුන්ගේ සෙල්ලම් බඩුද බං?? හිතුනම අපිව ගෙවල් වල නවත්තන්නයි හිතුනම ආයි උගන්නන්නයි. පොඩ්ඩක් ඇස් ඇරලා වෙන දේ බලපන්.. සුරංගනා ලෝකවල ඉඳගෙන ලස්සන වාක්‍ය ලියන්නේ නැතුව...
aniwa bn, mun okkoma ekai, ape ahinsaka duppath lamai winasai, aacharyawaru gana kisima pahadimak na, maasa 3k winasa kara madiwata bana desanawa, gon katha epa bn, a magulak nisa ape kollo dennek nathi una, wena magulak nam wela na, rajapakshalath rata kanawa, munuth kanawa, unp ekath kaawa, jvp ekath kaawa, mun amu harak, ai deiyane apith ara china wage rataka idapune nathte, mun rata kaala apiwath kaala marila yanawa, asarana duppath un winasai, mama me kiyanne yamak kamak tiyena un hari me ratin panahalla, wena karanta deyak na,jara godak karalai tiyenne mu me pin bima. Teruwan saranai!
දැන් ඉතින් බොරු තර්ක එපා.. අපිත් ඔය කියන අරගලයට සක්‍රියව දායකත්වය දුන්නු මිනිස්සු.. ගුරු ගෟරවය කියලා එකක් තියෙනවා. නමුත් ඒක විශ්ව විද්‍යාල ආචාර්යවරු කියන රැවටිලිකාරයන් වෙනුවෙන් ආයේ තියේවිද කියන එක ප්‍රශ්නයක්.
අන්තිමේදි කියන්න කියෙන්නේ මෙච්චරයි. අපිට ලැබුනු එකම දේ අපේ ජීවිතය තව මාස 03කින් පස්සට ගිය එක විතරයි. ඒවට බොහොම පින්..
ආයෙත් අරගල පටන් ගන්න. එදාට පස්ස හැරිලා බලද්දී පිටිපස්සෙන් එකෙක්වත් නොහිටියොත් කල්පනා කරලා බලන්න එදා තමුන් මොකද කලේ කියලා.
තමුන්ගේ පාගමනට දෙවනි දිනයේ ආචර්යවරු 140 එකතු කරගන්න බැරි වෙලාවේ හිතල බලන්න ළමයි කීයක්නම් පාරට බැහැල හිටියද..??
මොකද ඔය ස්ටාෆ් ඉන්න බහුතරයක් වැඩ අල කරපු මිනිස්සු. උන්ට තමන්ගේ දෙයක් වෙනුවෙන් වත් පාරට බහින්න බැරි උන හැටි.. ඒත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙයෝ දෙන්නෙක්ගේ ජීවිත නැති කරලා තියෙන වෙලාවක පවා කැළණියෙන් ළමයි පාගමනට එන එක නතර උනාද..?? මේවට උන් ආවේ නිකන් නෙමෙයි විශ්වවිද්‍යාල ආචර්යවරු කියන්නේ කොන්ද පණ ඇති මිනිස්සු කියලා හිතපු නිසයි..
මේකෙන් අන්තිමට උනේ අහින්සකයෝ දෙන්නෙක්ගේ ජීවිත නැති උන එකයි සටන පාවා දුන් අය මළු කර තබාගෙන ගෙදර ගිය එක විතරයි..
ලැජ්ජාව කියලා නාමයක්වත් තිබුනනම්.
දැන් ඔය රූපවාහිණී ITN වගේ වෙච්ච කන්නංගර දරුවෝ පච පේජ් එක අකුල ගත්තනම් හොඳයි.. කන්නංගර මහත්තය අද හිටියනම් මේ පේජ් එක දැකලා වස බොයි.. මේ කටින් බතල හිටවන මිනිස්සුන්ගේ කථා අහලා..
ලජ්ජා නැතුව මේක තව සාධාරණීකරණය කරනවා නේ. ෆුටා ගෘප් එකෙත් දැන් සර්ලට වඩා කොල්ලෝ පෝස්ට් දදා සර්ලට එක දානවා.මාර හේදිල්ලක් හෝදාගන්නවා.. ඒ වගේ මැටි කඳවල් ඉන්නකං අපට හැමදාම ගෙවල්වල තමයි ඉන්න වෙන්නේ..
ඇත්තටම FUTA අරගලය ජයග්රකහන නැතිව අවසන් වෙනවනම් ඒකට අන්තරේ ඉහල නායකයිනුත් වගකියන්න ඕන.
1.බහුතර සිසුන් ආචාර්යවරුන්ගේ අරගලයට උදව්කරන්න කැමැත්තෙන් ඉද්දි අන්තරේ ඉහල නායකත්වයෙ ඉන්න,පොළවෙ පය නොගහ දේශපාලනය කරන කණ්ඩායමක මෝඩ උවමනාවන් ඉටුකරන දෙතුන් දෙනා පාවිච්චි කරල UNP එක එනවනම් එන්නෙ නෑ කියල බොරු තර්ක දමල ශිෂ්යනව්යා පරය මේ අරගලයෙන් ඈත් කලා.(මාස දෙකකට කලින් විහාරමහදේවි එකේ අන්තරේ රැලියට 88-89 වි.වි.ශිෂ්යියො සිය ගනන් මරපු දේශපාලන පක්ෂ වල අයට ආරාධනා කරලම ගෙන්වූයෙත් මේ අයම තමයි, ජපුරෙ අර්බුදය වෙලාවෙ සිරිකොතට ගිහිල්ලම UNP එක්ක සකච්චාකරන කොටත් අවුලකුත් නෑ.)
2.මාස දෙකකට කලින් ඒ වගේ අපතයො ත්මුන්ගෙ වේදිකවට ආරාධනා කරලම ගෙන්වගපු මෙයාල රාජ්යා අධ්‍යාපනය රැකගැනීමෙන් විතරක් සෑහීමකට පත්වෙන්න බෑකියල හයිඩ් එකේ රැලියෙදි ආචාර්ය වරු ස්ටේජ් එකට ආරාධනා කරල කතාවක් දුන්නම ස්ටේජ් එකට නැගල තමුන්ගෙ මතය එතන ප්රයකාශකරන්නෙ නැතුව ආණ්ඩුවට පෙන්නුව ශි.ව්යාේපාරය මේකට නෑ කියල.
3. එතනින් නවතින්නෙ නැතුව මෙයාල මාධ්යා සාකච්චා තියල ආන්ඩුවටත් දැනුම් දුන්නා ශිෂ්‍ය යො මේ අරගලයත් එක්ක නෑ කියල(ඊට පස්සෙ පියසිරි විජේනායක සහ SB. T.V.එකේ අන්තරේ දරුවන්ට(නායකයින්ට ) ස්තුති කලා අචාර්යෑ වරුන්ගෙ අරගලයට සහය දෙන්නෙ නෑ කියල.)
3.ශි.ව්යාගපාරයට මුලු බරින්ම මෙම අරගලයට සම්බන්ධවීමට ඉඩ දුනිනම් තත්වය වෙනස් වීමටද ඉඩ තිබුනි.
අද්යාපනයට,සෞඛ්ය්ට මුදල් වැඩිකරන්න ඕන කියන එක, රාජ්‍ය සුභසාධන වැඩි කරන්න් ඕන කියන එක තනි වුර්තීය සමිතියකට ජයග්රයහණය කරන්න පුලුවන් එකක් නෙවෙයි.ඒකට සමාජ අරගලයක් අවශ්ය්යි.
වි,වි ආචාර්ය වරු වගේ පිරිසක් මෙච්චර දුරක් ප්රවගතිශීලී සටන් පාඨ යටතේ මේ වගේ අරගලයක හිටපු එක ගැන අපි ඔවුන්ට ආචාර කලයුතුයි. මේ සටන් පාඨ ලෝකයපුරාම යතාර්ථයක් කිරීමට මේක්රලමයට නොහැකි බව අපි සමාජයට තේරුම්කිරීමට මෙය අවස්තාවක් කරගත යුතුයි.
මේ මොකෙක්ද්ද මේ?? යකෝ අන්තරේ කරපු ඒවා කතා කරන්න කලින් අපට පු* ඇරපු ෆුටා එක ගැන තේරුම් අරන් හිටපන්...
Post a Comment
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...