Friday, October 12, 2012

SIX IS MINE

6 IS MINE
ආචාර්යතුමනි...
 

6% දිනාගැනීමට ඔබ සංවිධානය කල අරගලය නිදහස් අධ්‍යාපන පනත දිනාගැනීමට කල අරගලයට නොදෙවෙනි අරගලයකි.එමනිසා රටෙහි සාමාන්‍ය ජනතාවට මෙම අරගලය FUTA සංවිධානය අතට බාරදී බාලාසිටිය නොහැක. එමනිසා 6% අරගලය අධ්‍යාපනය උදෙසා ජාතික අරගලයක් බවට පත්කිරීමට මාගේ යෝජනාවලිය මෙසේය.

1) 6% අරගලය සදහා නව සංවිදානයක් පිහිටවාගැනීම


මෙය ඉතාමත්ම වැදගත් කොටසයි . FUTA එකට සීමාවූ අරගලය 6% දිනාගැනීම උදෙසාම වෙනම සංවිදානයක් ,නව මුහුනුවරකින් නව නාමයක් යොදාගනිමින් (උදා- ''SIX IS MINE") පුලුල් ප්‍රචාරනයකින් යුක්තව ආරම්භ කල යුතුය.

2)නව සංවිධානයේ නියෝජිතයන් පත්කිරීම

මෙය මෙම අරගලයේ කොදුනාරටියයි.දේශපාලන පක්ෂවල නායකයන් නොවන ,සමාජයේ පුලුල් පිලිගැනීමක් ඇති,අරගලයට නායකත්වය ලබාදියහැකි.සමාජයේ සියලු පාර්ශව නියෝජනය කල හැකි නිලදාරී මන්ඩලයක් අවශ්‍යවේ.(මේසදහා වත්මන් FUTA නායකත්වයේ සහබාගීත්වය වැදගත්ය)

3) සංවිදානය ප්‍රචාරනය කිරීම

මේසදහා ආචාර්යවරුන් ,වෘත්තීය සමිති ,ගුරුවරුන් ,ආගමික නියෝජිතයින්,කුඩා සිවිල් සංවිදාන ,ශිශ්‍ය සන්ගම් වල සහයෝගය ප්‍රබලලෙස ලබාගතයුතුය.විශේෂයෙන් දේශපාලන සංවිධාන වල බලය මෙම මතය සමාජගත කිරීමට බෙහෙවින් යොදාගත හැක.(වැදගත්- ගම් නියම්ගම් දක්වා ප්‍රචාරනය වන 6% දිනාගැනීම සදහාම වෙන්වූ ශාකා සමිති ගොඩනැගිය යුතුය.ඒවායේ නියෝජිතයන් ලෙස ශිශ්‍යයන් ගුරුවරුන් වැනි අයට එම සමිතිවල නායකත්වය ලබාදී සාමජිකයින් බදවාගත යුතුය.අධ්‍යාපනය සදහා කැපවෙන සියලුම සංවිදාන මෙම පොදු සංවිදානයට එක් ‍රැස් කල යුතුය.)

4) මෙම සංවිධානයට අරමුදල් එකතුකිරීම

පලමුව අපට කලහැක්කේ අරමුදල් එකතුකරගැනීම උදෙසා නව බැංකු ගිනුමක් ආරම්බ කිරීමයි ,මෙයට ලාංකීය වෘත්තීය සමිති වලින් හා සිවිල්ජනතාවගෙන් සහය ලබාගත හැක .ඊට අමතරව අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙන ජාත්‍යන්තර සංවිදානවල සහය මේසදහා ලබාගත හැක .මීට අමතරව ශාකා සමිතිවලින්ද යම් සහයෝගයද ලබාගතහැක.

5) ප්‍රතිපත්ති ප්‍රකාශනය

මෙය සංවිධානය මත ජනතාව තුල ඇතිවිය හැකි දුර්මත ඉවත්කීරීමට වැදගත් දෙයකි ,මෙය ආන්ඩු පෙරලීමට නොව සැබෑ අවශ්‍යතාවයක් වල 6% දින්නාගැනීමේ සටන බව ජනතාවට පසක් වන අයුරින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපතල යුතුය.මෙ

ය මෙම අරගලයට ජනතාව සුබවාදීලෙස හරවාගැනීමට වැදගත්වේ.මෙය නිර්මානය කිරීමට ආචාර්යමන්ඩලයේ සහය ලබාගත හැක

6)ක්‍රියාකාරකම්

හුදු 6% දිනාගැනීමට පමනක් සීමානොවී අනාගතයට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරන ඉදිරිපති කිරීම ,වැරදි අධ්‍යාපන ප්‍රතිපත්තීන් ඉවත් කිරීමට යන කාරනායටතේ රජය නිවැරදි දිශානතියකය යොමු කිරීම මෙම සංවිදානය යටතේ සිදු කල හැක.

7) ‍රැස්වීම හා සාකච්චා


ශාකා සමිති වල මෙන්ම ,ප්‍රදාන සංවිදානයේද ‍රැස්වීම් මසකට එක් වරක් හෝ පැවැත්විය යුතුය ,එහිදී 6% දිනාගැනීමේ අරගලයට අදාල යෝජනා සාකච්චා කර ඉදිරි ක්‍රියාමාර්ග ගත හැක.

මෙය මාගේ කුඩා අදහසක් පමනි, මෙයට ඇතුලත්විය යුතු බොහෝ කරුනු ඇත. ආචාර්යතුමනි ඔබ දැමූ අඩිතාලම ඉරිතැලීයාමට පෙර වහාම සටන අරබන්න.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...