
අප රටේ ශිෂ්‍යයන්ට අවස්ථාව අහිමි කර විදෙස් සිසුන්ට රටේ අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගයට සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය දැඩි විරෝධය පලකර සිටින බවත් සිය පුරාජේරුව වෙනුවෙන් එස්.බී. දිසානායක ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සිදුකරන මෙම නින්දිත කටයුත්ත වහාම නතරකර එම මුදල් රාජ්‍ය විශ්වවිද්‍යාල සංවර්ධනයට යොදවා, අපේ රටේ සිසුන් වැඩි ප‍්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටින බවත් සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම ශිෂ්‍ය සංමයේ ජාතික සංවවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.
"මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා පැමිණෙන විදෙස් සිසුන්ට නොමිලේ ගුවන් ටිකට්...