Monday, May 26, 2014

පාසල් විදුලි බිලත් දෙමාපියන් මතට

පරීක්ෂණාගාර, යන්ත්‍රසූත්‍ර, පරිගණක ආදී සම්පත් බහුල සියලු පාසල්වල විදුලි බිල්පත් ගෙවීමේ හැකියාවක් රජයට නොමැති බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ. ඒ විපක්ෂ මන්ත්‍රීවරුයෙකුගේ පැනයකට පිළිතුරක් ලබාදෙමිනී. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ 2012 වසරේ විදුලි බිල රුපියල් හතලිස් තුන් ලක්ෂ අසූ දෙදහස් හත්සිය දහඅටක් (රු. 43,82,718) වූ අතර කොළඹ රාජකීය විදුහලේ විදුලි බිල රුපියල් හතලිස් එක් ලක්ෂ හැට හතරදහස් හයසිය හතරක් (රු. 41,64,604) වූ බවයි. මලියදේව විදුහලේ විදුලි බිල ගෙවීමට රජය රුපියල් දොලොස් ලක්ෂ එක්සදහස් පන්සියයක් (රු. 12,01,500) ලබාදුන් බවත්, රාජකීය විදුහලට දුන්නේ රුපියල් එක්ලක්ෂ...

Monday, May 19, 2014

කොටුව උසාවියෙන් පොලිසියට දොස්

උසාවි නියෝග කඩ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසියේ රාජකාරියට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල සිසුහු නව දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූහ. තවත් සිසුන් හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය. විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැන්වූයේ පොලිසිය සිසුන්ට පහර දී ඇති බවයි. ඉතිරි සිසුන් සිව් දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද නීතීඥවරයා කීවේය. තමන් අවම බලය භාවිත කළ බව පොලිසිය මහේස්ත්‍රාත්ට කීවේය. මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසුවේ අවම බලය යනු ඇස් එළියට පනින තුරු පහර දීම නොවන බවයි....

රිමාන්ඩ් කළ සරසවි සිසුන් කොහිද? සරසවි ඇදුරන් ප‍්‍රශ්න කරයි

උද්ඝෝෂණයකදී ඉකුත්දා අත්අඩංගුවට ගැනුනු සරසවි සිසුන් 17 දෙනා දැන් රඳවා සිටින්නේ කොහේදැයි සැබෑ තොරතුරු හෙළිකරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා. දැනට ප‍්‍රකාශ වී තිබෙන්නේ ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බවයි. එහෙත් සිය නියෝජිත පිරිසක් සිසුන් බැලීම සඳහා ඊයේ එම බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔවුන්ට එ් සඳහා අවසර හිමි නොවූ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය වැඩිදුරටත් කියා සිටියා එහි සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසුවේ සිසුන් රඳවා සිටින ස්ථානය සම්බන්ධයෙන්ද එහිදී පරස්පර අදහස් ඉදිරිපත් වූ බවයි.  එසේම ඊයේ ඉරිදා දිනයක් හේතුවෙන් විශේෂ අවසරයක් ලබා ගැනීමට...

Sunday, May 18, 2014

නීතිය කියලා කියන්නේ මේ රටේ පාලකයින්ගේ කැමැත්ත - දුමින්ද නාගමුව

මේ තරුණයගෙ සිද්ධිය විතරක් නෙමෙයි පහුගිය කාලයට අදාලව අත්අඩංගුවටගැනීම්, පැහැරගැනීම්, පහරදීම් විශාල ගණනක් වුණා. හැබැයි ඒ හැම එකකටම පස්සෙම අර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියලා ආණ්ඩුවේ වුවමනාව සපුරන්න, ආණ්ඩුවේ නිළ ප‍්‍රචාරක කටයුතුවලට දාලා තියෙන මහත්තයෙක් ඉන්නවා උන්නැහැ මොකක් හරි කතාවක් කියනවා. ඇත්තටම මේ පොලිසිය නාට්‍ය පිටපතක් ලියලා, නාට්‍යයන් කළානම් එහෙම සම්මාන ගන්නත් තිබුණා. ඒ තරමට පිටපත් ලියනවා. හැබැයි දැන් මනුෂ්‍යයෙක් පැහැර ගත්තට පස්සේ හැමදෑම ලියන්නේ එකම පිටපත. කෙනෙක් අත්අඩංගුවට ගත්තා, එයා ආයුධ පෙන්වන්න ගියා, ඒ ආයුධ වලින් වෙඩි තියන්න හැදුවා, එතකොට පොලිසිය ආරක්ෂාවට වෙඩි තිබ්බා, එතකොට මැරුණා. මේක සිය දහස් වතාවක් මේ රටේ මිනිස්සු අහලා තියෙනවා....

Friday, May 16, 2014

පොලීසිය කොළඹදී සිසුන් සිව් දෙනෙකු පැහැර ගනී...

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අද (16) පැවති උද්ඝෝෂණයකින් අනතුරුව ශිෂ්‍ය නායකයන් සිව් දෙනෙකු පැහැර ගැනීමට ලක්ව ඇත. ඔවුන් පැහැර ගනු ලැබූවේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් වන අතර අනතුරුව ශිෂ්‍ය නායකයන් සිව් දෙනා ත‍්‍රී රෝද රථයකට බලහත්කාරයෙන් නංවාගෙන ගෙන ගොස් තිබේ. නමුත් පසුව පොලිසිය පවසන්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන කිරුළපන පොලීසියේ රඳවාගෙන සිටින බවයි. මෙසේ පැහැරගෙන ඇත්තේ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකර, පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රජිත ප‍්‍රසාද් නන්දසේන, පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උප සභාපති පසන් හේවාවිතාරණ සහ රුහුණ සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සුරේෂ් මධුසංක යන සිසුන්ය. මොවුන් පැහැරගෙන...

Thursday, May 15, 2014

අපි අහනවා... මොකක්ද මේ නීතිය? අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික

පසුගිය 07 වැනිදා පැවති පාගමනට හේතුව මොකක්ද? රජරට විශ්වවිμාලයේ සිසුන් 27 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමටත්, සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමටත් විරුද්ධව රජරට සරසවියේ සිසුන් ආරම්භ කළ සත්‍යග‍්‍රහයට දින 150 ක් වෙනවා. සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට විරුද්ධව පේරාදෙණියේ සත්‍යග‍්‍රහයට දින 135යි, ගාල්ලෙ දින 127 යි, කොටුවේ දින 42යි. මේ දින 150 තුළ ජනාධිපතිවරයාගේ සිට සියලූ දෙනාට ලියුම් මඟින් දැනුම් දුන්නා. උද්ඝෝෂණ කළා. පාගමන් ගියා. සකච්ඡුා කළා. නමුත් උත්තරයක් නැති නිසා අරලිය ගහ මන්දිරය දක්වා පාගමනක් යන්න තීරණය කළා. පාගමනෙන් විසඳුමක් ලැබුණද? නැහැ. අරලියගහ මන්දිරය අසල දී පොලිස් නිලධාරියෙක් කිව්වා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුාවක් දෙනව කියල. සාකච්ඡුා...

සරසවි ඇදුරෝ 03 වනදා වැඩ වරති

සිය ඉල්ලීම්වලට මෙතෙක් නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ලබන මස 03 වැනිදා වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ඉන් පසුවත් පිළිගත හැකි ප්‍රතිචාරයක්‌ නොලදහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව එම සම්මේලනය පවසයි. ද ඉන්ඩිපෙන්ඩන්ට් කළ විමසීමකට පිළිතුරු දෙමින් සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා සදහන් කළේ ආචාර්යවරුන් දැනට මුහුණපාන වෘත්තීමය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කර නැති බැවින් ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය යළි පණ ගැන්වීම සදහා මීට පෙරද කටයුතු යොදා තිබුණත් බලධාරීන් විසින් අදාළ ඉල්ලීම් මේ වර්ෂයේ ජුනි මාසය වන විට ඉටුකිරීමට පොරොන්දු...

Pages 371234 »