විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ,විශ්ව විද්‍යාලීය ආචාර්යවරුන් විසින් මෙතක් පවත්වාගෙන ආ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(2012/10/11) සිට නවත්වනු ලබන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත .මෙහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කලේ රජයේ පාර්ශවයෙන් තමන් හට තම වෘත්තීය ඉල්ලීම් සඳහා ලබාදුන් ලිඛිත ප්‍රකාශය සඳහා නිශ්චිත කාලරාමුවක් තුල ක්‍රියාවට නොනැගුව හොත් යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹෙන බවයි.