Sunday, January 13, 2013

නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ අක‍්‍රමිතා වහා නිවැරදි කරනු - syu


නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ අක‍්‍රමිතා වහා නිවැරදි කරන ලෙස සමාජවාදී තරුණ සංගමය බලකර සිටී. එම සංගමය මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහත පළවේ.
‘‘නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ 2012 වර්ෂයේ ප‍්‍රතිඵල පිළිබඳ ඇතිවී තිබෙන ගැටලුව මේ වනවිටද විසඳී නැත. විභාගයට මුහුණ දුන් සිසුන් විභාගයේ බැලූබැල්මටම පෙණෙන අක‍්‍රමිකතා පිළිබඳව සතියකට ආසන්න කාලයක් තිස්සේ උද්ඝෝෂණයේ යෙදෙන අතර විභාග දෙපාර්තමේන්තුවනීති විද්‍යාලයඇතුළු රජයේ බලධාරින් අඳගොළුබිහිරන් සේ සිටින ප‍්‍රතිපත්තියකට මාරු වී තිබේ. නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ දස වසරක ප‍්‍රතිඵල දෙස බැලූවිට 2011 සහ 2012 වර්ෂවල ද්‍රවිඩ මාධ්‍ය සිසුන්ගේ අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව පැහැදිලිය. අප රටේද ලෝකයේ වෙනත් රටවල ද මෙවැනි විභාග ප‍්‍රතිඵලවල ප‍්‍රමාණාත්මක වර්ධනයන් පරීක්‍ෂා කළ බැලූ විට වර්ෂ දෙකක් ඇතුළතදී මෙවන් අසාමාන්‍ය වර්ධනයක් ඇතිවීම අස්වභාවිකය. මේ අනුව නිතී විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ මෙම සැකසහිත ස්වභාවය පිළිබඳ ශිෂ්‍යන් ඉදිරිපත් කරන කාරණය ඉතා තර්කානූකුලය. ඒ අනුව නීති විද්‍යාල බලධාරිනුත් විභාග දෙපාර්තමේන්තුවත්ආණ්ඩුවත් කළ යුත්තේ කසාය බිවු ගොලූවන් සේ සිටීම නොවවහාම ක‍්‍රියාත්මක වී මෙම විභාගය පිළිබඳ සාධාරණ හා අපක්‍ෂපාති පරීක්‍ෂණයක් කඩිනම්ව පැවැත්වීමයි. එසේ පරීක්‍ෂණයක් කඩිනම්ව පවත්වා වරද හඳුනා ගන්නා ලෙසත්වරද පිළිගන්නා ලෙසත් ඉන් පසුව වරද නිවැරදි කිරීම හා වරදට දායක වූ අයට නීත්‍යානුකූලව කටයුතු කිරීමත් කරන ලෙස සමාජවාදී තරුණ සංගමය බල කර ඉල්ලා සිටිමු.
එසේ වුවද මේ ප‍්‍රශ්නය පිළිබඳ රජයේ මැදිහත් වීමේ ස්වරූපය අනුව අපට හැඟී යන්නේ එක්කෝ රජයේ ඉහළ බලධරයින්ගේ අවබෝධය හා උවමනාව මත මෙම විභාග දූෂණය සිදුවී ඇති බවය. නො එසේනම් නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ අක‍්‍රමිකතාවලට ජාතිවාදී ආගම්වාදී ස්වරූපයක් ලබාදීමට කටයුතු කරන කණ්ඩායම්වලට පහසු පිට්ටනියක් තනාදීම රජයේ අරමුණ බවය. එසේත් නැතිනම්5වසර ශිෂ්‍යත්ව විභාගයසාමාන්‍ය පෙළ විභාගයඋසස් පෙළ විභාගය හා රාජ්‍ය පරිපාලන විභාගය ඇතුළු මැතක දී පවත්වන සියලූ විභාග දූෂිත හා අක‍්‍රමිකතාවලින් ගහන ඒවා බවට පත්කළ විභාග දෙපාර්තමේන්තුව තවත් ඒ වර්ගයේම විවේචනයකින් ගලවා ගැනීම අරමුණු කරගෙන මෙම ප‍්‍රශ්නය දික්ගස්සන බවයි. අනෙක් අතට වත්මන් පවුල් පාලනය විසින් රටේ සියලූම ආයතන ආයතන වශයෙන් බිඳවට්ටවා ඇති නිසා කිසිදු රාජ්‍ය ආයතනයක් රටේ ඉහළම පවුලේ අයගේ ස්ථාවරය හා මැදහත්වීමේ ස්වරූපය දැනගන්නා තෙක් තම වගකීම් ඉටු නොකිරීමේ ස්වභාවය විසින් ඇතිකළ තත්වයක්ද විය හැක. එබැවින්
01. මෙම විභාගය පිළිබඳ සාධාරණ හා අපක්‍ෂපාති පරීක්‍ෂණයක් කඩිනම්ව පවත්වන ලෙසත්පරීක්‍ෂණයක් කඩිනම්ව පවත්වා වරද හඳුනා ගෙන එය රටේ ජනතාවට දැනුවත් කරන ලෙසත්වරද නිවැරදි කිරීම හා වරදට දායක වූ අයට නීත්‍යානුකූලව කටයුතු කිරීමත් කරන ලෙස සමාජවාදී තරුණ සංගමය බල කර ඉල්ලා සිටිමු.
02. අසාධාරණයට ලක් වූ නීති ප‍්‍රවේශ විභාග සිසු ගැටලුවට ජාතිවාදී ආගම්වාදී මුහුණුවරක් දීම ප‍්‍රශ්නය විසඳනවා වෙනුවට තවත් සංකීර්ණ කරනු ඇති නිසා මෙම ගැටලුව විසඳා ගැනීමට සිංහලදෙමළමුස්ලිම් සියලූම සිසුන් එක් වී කටයුතු කරන ලෙසත් සමාජවාදී තරුණ සංගමය ලෙස සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.''

Saturday, January 5, 2013

නොසිත සිත සිට ගත් මග (සිසිත ප්‍රියන්කර ද සිල්වා උපහාර ගීතය)

Sisitha Priyankara De Silva
නොසිත සිත සිට ගත් මග
දෙසිත විහ සිත මුව අග
මසිත විකසිත කුසුම නුඹ ලඟ
සිසිත නුඹ දන්නවාද
නුඹේ නමට පිදෙනා වග.......//



Friday, December 28, 2012

පාසල් නිල ඇඳුම් රෙදි ආනයන පාඩුව කෝටි 6 පනී

රාජ්‍ය ආයතනයක්‌ වන ලංකා සළුසල ඉදිරිපත් කළ අඩු මිල ගණන් නොසලකා වැඩි මිල ගණන් ඉදිරිපත් කළ පෞද්ගලික ආයතනයක්‌ මගින් පාසල් නිල ඇඳුම් ආනයනය කිරීමෙන් රජයට රුපියල් හයකෝටි අසූ හතර ලක්‍ෂයකට අධික මුදලක්‌ පාඩු වී ඇත.

පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි ලබා දීමේ අවශ්‍යතාවෙන් සියයට පනහක්‌ දේශීයව සපයා ගනිමින් ඉතිරි සියයට පනහ චීනයෙන් ආනයනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබිණි. ඒ අනුව සුදු කමිස හා ගවුම් රෙදි මීටර් පනස්‌ එක්‌ ලක්‍ෂ පන්දහසක්‌ ද සුදු කලිසම් රෙදි මීටර් දෙලක්‍ෂ පනස්‌ දහසක්‌ ද නිල් කලිසම් රෙදි මීටර් ලක්‍ෂ දෙකක්‌ද චීනයෙන් ආනයනය කිරීමට නියමිත විය. ඒ සඳහා අමාත්‍යාංශය මිල ගණන් කැඳ වූ අතර එහිදී අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය ආයතනයක්‌ වන ලංකා සළුසල ආයතනය ය.

සුදු කමිස හා ගවුම් රෙදි මීටරයක්‌ රුපියල් 109.20 කට ද සුදු කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 169 කට ද නිල් කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 188.50 කට ද ආනයනය කර දීමට සළුසල ආයතනය මිල ගණන් ඉදිරිපත් කර තිබිණි. එහෙත් එම ටෙන්ඩරය පිරිනමා ඇත්තේ සුදු කමිස හා ගවුම් රෙදි මීටරයක්‌ රුපියල් 120.90 කට ද සුදු කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 189.80 කට ද නිල් කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 202.80 කට ද ආනයනය කර දීමට ඉදිරිපත් වූ පෞද්ගලික ආයතනයකට ය.

පෞද්ගලික ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් අනුව නිල ඇඳුම් ආනයනය කිරීම සඳහා රුපියල් හැට හතර කෝටි තිස්‌ එක්‌ ලක්‍ෂයකට අධික මුදලක්‌ වැය වී ඇති අතර සළුසල ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් අනුව ආනයනය කළේ නම් වැය වන්නේ රුපියල් පනස්‌ හත් කෝටි හතලිස්‌ හත් ලක්‍ෂයකට මඳක්‌ වැඩි මුදලකි.

පසුගිය වසර තුන ඇතුළත ඩොලර් මිලියන තුනකට වැඩි වටිනාකමින් යුත් භාණ්‌ඩ ආනයනය කර තිබීම අනිවාර්ය සුදුසුකමක්‌ ලෙස ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුළත් කර තිබූ අනිවාර්ය රෙගුලාසිය නිසා සළුසල ආයතනයට ටෙන්ඩරය අහිමි වී තිබේ. එම අනිවාර්ය රෙගුලාසිය ඉවත් කරන ලෙස සළුසල ආයතනය රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද කළ ලිත ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

එම අනිවාර්ය රෙගුලාසිය ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුළත් කර ඇත්තේ නිල ඇඳුම් ආනයනය කළ පෞද්ගලික ආයතනයටම ටෙන්ඩරය ලබා දීමේ අරමුණින් විය හැකි යෑයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.


නිලන්ත මදුරාවල