Sunday, September 23, 2012

ආචාර්ය-සිසු අරගලවලට පෙ.ස.ප. සහය

අධ්‍යාපන අයිතිය රැකගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හෙට ගාල්ලෙන් සහ නුවර සිට ආරම්භ කරන පාගමන්වලට සිය සහයෝගය ලබා දෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඒ අනුව තම පක්ෂය ඊට සමගාමීව ක්‍රියාමාර්ග රාශියක් සංවිධානය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය පවසයි.

එම නිවේදනය මෙසේය.

කාලයක් තිස්සේ ලංකාවේ පාලන බලය හෙබ වූ පක්ෂ විසින් අනුගමනය කරනු ලැබූ නව ලිබරල් ධනවාදී සමාජ-ආර්ථික ප‍්‍රතිපත්තිය මත පදනම්ව සිදු කළ අධ්‍යාපන සංහාරය මේ වන විට බරපතළ අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත. මේ වසරේ විශ්වවිද්‍යාල විවෘතව පැවතියේ මාස දෙකක පමණ කාලයක් වන අතර, විභාග ප‍්‍රතිඵල අක‍්‍රමිකතා, විභාග ප‍්‍රශ්න පත‍්‍ර දෝෂ ආදී හේතු මත පාසල් අධ්‍යාපනයේද බරපතළ බිඳ වැටීමක් සිදුව ඇත. මෙම අර්බුද පැන නැගී ඇත්තේ ප‍්‍රතිපාදන කප්පාදුව, ගුරු හිඟය, පාසල් වැසීම, කාර්මික විද්‍යාල බිඳ දැමීම ආදී කාලයක් තිස්සේ පවතින කප්පාදුවට අමතරවය. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමත්, රජය අධ්‍යාපනයේ වගකීමෙන් ඉවත් වී සමාජ ස්ථර අධ්‍යාපනයෙන් පිටමං කිරීමත් රජයේ නිල ප‍්‍රතිපත්තිය බවට පත්ව ඇත. වත්මන් අර්බුදයේ සැබෑ මූලය එම ප‍්‍රතිපත්තිය වන අතර රාජපක්ෂ ආණ්ඩුව විසින් එය අලුත් වටයකින් වර්ධනය කර ඇත.

Saturday, September 22, 2012

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් පෙළගැසෙමු...!!

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඉතාමත්ම දැඩි ලෙස අර්බුදකාරී තත්වයකට පත්ව ඇති මෙම කාළ වකවානුව විශ්වවිද්‍යාල සිසුන් ලෙස අප හට ඉතාමත්ම තීරණාත්මක බව ඔබ අප සැම හොදාකාරව දන්නෙමු. මන්ද එක වසර ප්‍රාථමික අධ්‍යාපනයේ සිට මේ දක්වාම නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූ අප සැම අපට මේ දක්වා නිදහසේ අකුරු කිරීමට උපකාරී වූ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට එකාවන්ව පෙරට ආ යුතු කාළයයි මේ..

මෙම මස 24 දින සිට 28 යන දිනයන්හි ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල නියෝජනය වන ලෙස පේරාදෙනිය ගලහ මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා දැවැන්ත පා ගමනක් සංවිධානය කර ඇති අතර එහි දෙවන දවස එනම් සැම්තැම්බර් මස 25 වන දින මාවනැල්ල නගරයේ සිට අඹේපුස්ස මංසන්ධිය දක්වා වූ පා ගමන අප විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය.කවදත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටි සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් වන අපද නිදහස් අධ්‍යාපන සංහාරයට එරෙහිව සියලු දෙනා සමග එක්ව එකාවන්ව පෙළ ගැසෙමු..!!


අධ්‍යාපනය විනාශ කිරීමට දගලන්නේ පරිනත මිනිසුන් බිහි වනවා වැලකීමටයි.

අපට පෙනෙන්නේ සෑම තැනම අරගල වල සටහන්ය. සිසුන් පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ද , අනධ්‍යන සේවකයන්ද , පාසල් ගුරුවරුන් ද සිසුන් ද සෑම දෙනාම එකම අරමුණක් වෙනුවෙන් වෙන වෙනම සටන් වදිමින් සිටී, තැන තැන වල කුඩා වශයෙන් සටන් ඇවිලෙමින් පවතී. සාම්ප්‍රදායික මතවාද මේ සටන් එක් කිරීමට බාධාවක්ව පවතී. ඒ අවසරයෙන් පාලකයෝ තව දුරටත් නිහඩව තම දුර්දාන්ත පාලනයේ යෙදෙමින් සිටී. විශ්ව විද්‍යාලය අර්බුධය දිගින් දිගටම දිග්ගැසෙමින් පවතී.