Thursday, September 13, 2012

නරබිලි යදින මග මරුවෝ

අපේ රටේ පාරවල් සියල්ලම පාහේ නොම්මර එකට අලුත්වැඩියා කර තිබුණ ද මිනිසුන්ගේ මොළය අලුත්වැඩියා කළ නොහැකි තරම් පරිහානිගත වී තිබේ. මෙබඳු පරිහානිගත බූරු මොළ සහිත සරීර කූඩු අතට සුක්‌කානමක්‌ හසු වූ විට කියන්නට බැරි තරම් විනාසයක්‌ සිදු වේ. මහ මඟ ගමන් කරමින් සිටි නව යොවුන් දැරියක්‌ සහ ඇගේ මව බීමත් රියෑදුරකු විසින් බස්‌ රථයකට යට කර මරා දමන ලදැයි ඊයේ (12 වැනිදා) 'දිවයිනේ' පළවිය. මියගිය දැරිය දීප්තිමත් ශිෂ්‍යාවකි. ඇය ළඟ එන විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඉංග්‍රීSසි භාෂාව වෙනුවෙන් ත්‍යාගයක්‌ භාර ගැනීමට ද නියමිතව සිටියා ය. මේ බස්‌ රථය පැද වූ රියෑදුරා රියෑදුරෙක්‌ යෑයි කීවාට රියෑදුරෙක්‌ නොවේ. රියේ කොන්දොස්‌තර ය. ඒකාට මොළය මෙන්ම රිය පැදවීමට ලයිසන් ද නැත....

දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා 6% ක් සහ සෞඛ්‍යය සඳහා 3% ක් වෙන් කරගැනීම සඳහා වූ ඉන්දියානු අරගලය - 9 is Mine

මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ‘අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කළ යුතුය’ යන ඉල්ලීම ඉදිරිපත් කළ විට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එය ‘පිස්සු කතාවක්’ යයි උපහාසයට ලක් කළේය. ඉන් පසු කරලියට පැමිණි නේකාකාර පඬියෝ (මේ වචනයෙහි අයිතිය නලින් ද සිල්වා සතු ය) ඉර හඳ දිවුරා කිව්වේ මේ 6% ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් නො වේ ය කියා ය. ගණිත මහාචාර්ය නලින් ද සිල්වා එක්තරා රූපවාහිනී වැඩසටහනක දී ‘මට ගණිතය උගන්වන්නට එනවා ද?’යි තර්ජනාත්මක ව විමසමින් දළ දේශීය නිෂ්පාදිතය යන සංකල්පය ම උඩුයටිකුරු කොට අච්චාරුවක් කළේය. ඇමතිවරයාට අනුව 6% යනු පෞද්ගලික අංශය, දෙමාපියන් සහ රජය යන සියලු පාර්ශ්වයන් විසින් අධ්‍යාපනයට කරන ආයෝජනයෙහි එකතුව ය...

Wednesday, September 12, 2012

විදුහල්පති "කර්නල්" පුහුණුව ඇරඹේ

විදුහල්පතිවරුන්ට "කර්නල්" නාමය ලබාදෙන ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණුව රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණු කඳවුරේ දී ඊයේ (11වැනිදා) ආරම්භ කෙරිණි.මෙම පුහුණුව සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල විදුහල්පතිවරුන් හා විදුහල්පතිවරියන් විසිතුන් දෙනකු සහභාගිව සිටින අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුද පුහුණුවට එක්‌ව සිටියි. පුහුණු කාලය සතියක්‌ වන නමුත් රන්ටැඹේ යැමට සහ ඒමට ගතවන කාලය අනුව පුහුණුව දින පහකට සීමා වන බව විදුහල්පතිවරු පවසති. විදුහල්පතිවරු දස දෙනෙක්‌ සහ විදුහල්පතිවරියෝ දහතුන් දෙනෙක්‌ පුහුණුවට එක්‌ව සිටිති. මෙම පුහුණුවෙන් පසුව ඔවුන්ට "කර්නල්"නාමය හිමිවෙයි. සමස්ථ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බර සෘජුවම දෙමාපියන් මත පැටවීම ඉලක්කකරගනිමින් ක්‍රියාතමකවන...

Pages 371234 »