Sunday, October 14, 2012

FUTA නිසා, "හුටා" යැයි කියැවෙන්නට ඕනෑ නැත.

දින 100 කට ආසන්න සිය වෘත්තීය අරගලය අවසන් බව FUTA පසුගිය බ්‍රහස්පතින්දා දැන්වීය. මෑතකාලීන ඉතිහාසයේ සම්ප්‍රදායික වෘත්තීය අරගල ක්‍රියාවලියෙන් ඔබ්බට ගිය FUTA වෘත්තීය අරගලය, සිවිල් ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන, විවිධ මතධාරී දේශපාලකයන්, දේශපාලන පක්ෂ, ආදී එකී මෙකී නොකී සියලු පාර්ශවයන් සිය අරගලයට එකතු කරගනිමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජන ව්‍යාපාරයක් බවට පත්වෙමින්, පසු ගිය කාලය තුල සමාජය හෙල්ලූ මාතෘකාව බවට පත් විය. කෙසේ නමුත් දීර්ඝ කාලීන සකච්ඡාවලියකින් පසුව මෙරට ජන සමාජයට හරි හැටි පැහැදිලි චිත්‍රයක් ලබා නොදුන්, රජය සමග වූ එකඟතාවන් සමග එම වෘත්තීය සටන අවසන් විය.

අධ්‍යාපනයේ වැඩ බැලීම සහ වැඩ ඇනීම

ගැඹුරු හැදැරීමක්‌, විශ්ලේෂණයක්‌ හෝ දැක්‌මක්‌ නැති ක්‍රියාවලියක නියත ඵල දැන් මතුවෙමින් තිබේ. එලෙස මතුවන ඵල පහසුවෙන් නෙළා ගැනීමට බලකරනු ලැබූ කල්හි නොමේරූ මොළ සහිත හිස්‌ ගෙඩි දෙවරක්‌ සිතන්නේ නැත. දරුවන්ගේ දැත් ගල්කැටවලින් පිරෙන්නේත් ඒවා තමන්ට සිප් සතර දෙන පියවරුන්ගේ හිස්‌ මත ලේ සලකුණු තබන්නේත් අවිධිමත් ක්‍රියාවලියක ශේෂ වන ප්‍රතිඵල ලෙසිනි. මින් පෙර වරක්‌, දෙවරක්‌ නොව වාර ගණනක්‌ ලියා තැබූ දේ යළි ආවර්ජනය කිරීමට සිදුවීම අභාග්‍යයකි.

Saturday, October 13, 2012

කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවල පසුකාලීන බලපෑම

C.W.W. Kannangara
43 වැනි  සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ගුණානුස්‌මරණය නිමිත්තෙනි

කන්නන්ගර මැතිතුමා අධ්‍යාපන ඇමැති වූයේ පූර්ණ නිදහස ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමාජයකය. එබඳු සමාජයක අනාගතය සාර්ථක වනුයේ එම ජනතාව තුළ ජාතිකාභිමානය, දේශීය සංස්‌කෘතිය, සාරධර්ම හා සිරිත් විරිත් පිළිබඳ ඇල්ම, සාක්‍ෂරතාව, පාලනය බාර ගැනීමේ පුහුණුව සහ ආත්ම විශ්වාසය වර්ධනය වුවහොත් පමණක්‌ බව කන්නන්ගර ඇමැතිතුමා විශ්වාස කළේය. නූගතුන් පිරි සමාජයක්‌ උගත් සමාජයක්‌ බවට පත් කිරීමටත්, ආත්ම විශ්වාසයෙන් හීන ජනතාවක්‌, ආත්ම විශ්වාසයෙන් යුතු ජනතාවක්‌ බවට පත් කිරීමටත් එතුමා උනන්දු විය. ගම්බද දුප්පත් නූගත් ගැමි ජනතාවට දැනුම ලබා දී ඔවුන් අතින් ගිලිහී ගිය අභිමානය, පිරිහී ගිය ජීවය නැවත ඇති කරලීමට හා දරුවන් සමඟ වැඩිහිටියන් එක්‌වර පාසලට කැඳවා ගැනීමට එතුමා උත්සාහ දැරීය. අධ්‍යාපනය ගමේ ජනතාවගේ සහාය හා උපදේශකත්වය යටතේ කිරීමටත්, පාසල ගමට ගෙන යමින් ගැමියන්ගේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය හා ජන ජීවිතය නඟාසිටුවීමට ද එතුමා ක්‍රියා කළේය. ගුවන් විදුලිය, ජංගම චිත්‍රපට ආදී සන්නිවේදන මාධ්‍යයන් පාසලේ සහ වැඩිහිටි පන්තිවල අධ්‍යාපනයට සහාය සේවාවක්‌ ලෙස යොදා ගත්තේය. සෑම දරුවකුම ජාතියේ දරුවෙක්‌ බවත්, සැමට සමාන අධ්‍යාපනයක්‌ ලැබීමේ අයිතියක්‌ ඇති බවත් එය රජයේ වගකීමක්‌ බවත් දැක්‌වීය. එතුමාගේ අභිලාෂය වූයේ හිස, හිත, අත සෞඛ්‍ය (H 4) දියුණු කළ ශිෂ්‍ය පිරිසක්‌ නිර්මාණය කිරීමය. මේ සඳහා පාසල් විෂය මාලාව බොහෝ දුරට ප්‍රායෝගික කිරීමටත්, අර්ථවත් කිරීමටත් නිසි පියවර ගත් අතර ඉගැන්වීම් ක්‍රම ද ඒ අනුව සකස්‌ කරන ලදී. ජාතියේ අනාගතය වන දරුවන් මන්දපෝෂණයෙන් මුදා ගැනීම ස