පසුගිය 16 වනදා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිසුන් හා NDT (ජාතික තාක්ෂණ ඩිප්ලෝමා ) සිසුන් අතර ඇතිවූ ගැටුමකින් ඉන්ජිනේරු ශිෂ්‍යයකු බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයට අතුලත් කරුණි. තවත් සිසුවකු කලුබෝවිල රෝහලට අතුලත් කෙරුණි . සැබවින්ම මෙය මිලෙච්ච ක්‍රියාවකි . නමුත් මෙම ගැටුම් ඇතිවීමට මූලික වූ සැබෑ හේතුව හෝ ගැටුම් මෙතරම් බරපතල වීමට හේතූන් කිසිවකුගෙන් අසන්නට නොලබේ . ආසන්න සිදුවීම් සලකා බැලීමෙන් හෝ ආසන්න සිදුවීම් වල ප්‍රමානය සලකා බැලීමෙන් සංවේදී වීම හා මේ පිලිබඳව තේරුම් ගැනීම ට බොහෝ දෙනා පෙලඹී ඇත . මාධ්‍යය මගින්ද ,අන්තර්ජාලයේද ඒ ආකාරයෙන්ම තොරතුරු ඉදිරිපත් කරමින් දැනුවත්ව හෝ නොදැනුවත්ව එක් පාර්ශවයක් ගනිමින් නිවැරදි දෑ ඉදිරිපත් නොකරමින් කටයුතු...