Thursday, February 28, 2013

සුදු රෙදි හොරු

පසුගිය වසරේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි ආනයනයකිරීමේදී රජයට රුපියල් දහතුන්කෝටි පනස් ලක්ෂයකට (135,000,000) අධික පාඩුවක්‌ සිදු වී තිබෙන බව එම වසරට අදාළව නිල ඇඳුම් රෙදි ආනයනය කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ නිරීක්‍ෂණයන්ගෙන් තහවුරුවී තිබේ. චීනයෙන් රෙදි ආනයනය කිරීම නිසා එවැනි පාඩුවක් සිදු වී ඇති බව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවද පසුගිය වසරේ ඔක්‌තෝබර් මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත.අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මෙම රෙදි චීනයෙන් ආනයනය කිරීමේ සේවා ගාස්‌තු ලෙස පමණක්‌ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාවට ගෙවා ඇති මුදල් රුපියල් දෙකෝටි හැත්තෑඅටලක්‍ෂ අසූදහස (රු. 27,880,000) ඉක්‌මවා ඇත.නිල ඇඳුම් රෙදිවල තත්ත්වය පිළිබඳව...

අධ්‍යාපනය නංවනවා වෙනුවට පාසල් මිලිටරීකරණය කිරීම වහාම නවතනු - SSU

අධ්‍යාපනය නංවනවා වෙනුවට පාසල් මිලිටරීකරණය කිරීම වහාම නවත්වන්නයැයි ආණ්ඩුවට බලකරනබව සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.එම ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහතින් පළ වේ."මාර්තු මාසයේදී පාසල් විදුහල්පතිවරුන් 4,000කට හමුදා තනතුරු පිරිනැමීමට ආණ්ඩුව විසින් කටයුතු සූදානම් කර ඇත. පාසල් පද්ධතිය මිලිටරීකරණය කිරීම සඳහා මෙවැනි ක‍්‍රියාවක් ආණ්ඩුව විසින් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථාවකදීද ප‍්‍රධාන පාසල් ඉලක්ක කරගනිමින් පළමු පංතියේ සේවයේ නියුතු තෝරාගත් විදුහල්පතිවරුන් 23කට කර්නල් තනතුරු පිරිනමා තිබිණි. එයට පෙර හමුදා සේවයේ නියුතු වූ නිළධාරීන් යම් යම් අවස්ථාවලදී...

පේරාදෙණිය කෘෂි පීඨයේ පාඨමාලා දෙකක් වැහෙන ලකුණු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨට අනුබද්ධව 2009 වසරේ ආරම්භ කරන ලද සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පාඨමාලාව සහ කෘෂිතාක්ෂණය හා කළමනාකරණය යන උපාධි පාඨමාලාවන් සඳහා 2013 වසරේ සිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත්කර ගැනීමෙන් වැලකී සිටීමට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පියවර ගිනිම්න් සිටින බැවින් ඊට විරෝධය දක්වමින් එම පීඨවල දැනට අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඊයේ (26) ගලහ මන්දන්දියේ උද්ඝෝෂණයක නිරතවී තිබේ. මේ සම්බන්දයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ කෘෂිකර්ම පීඨ ශීෂ්‍ය සංගමයේ සභාපති බී. ආර්. එම්. එන්. කේ. අබේසිංහ මහතා පැවසූවේ " 2009 වසරේ ආරම්භ කරන ලද සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පාඨමාලාව සඳහා මෙම වසරට ශිෂ්‍යාවන් 78දෙනෙකුත් කෘෂිතාක්ෂණය හා...

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ සටන අලුත් වටයකින් - FUTA

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීම පිළිබඳ පණිවුඩය සමාජගත කිරීම වෙනුවෙන් අලුත් වටයකින් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි. 6% අරගලයට අමතරව පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ කි‍්‍රයා පිළිවෙතට එරෙහිවද තම සංවිධානයේ ඉදිරි අරගලය දියත්වන බවත් අධ්‍යාපනය රැකගැනීමට උනන්දුවක් දක්වන පිරිස් එකතු කරමින් අපේ‍්‍රල් 02 වැනිදා දැවැන්ත රැළියක් සූදානම් කර ඇති බවත් එහිදී සභාපතිවරයා පැවසීය. අධ්‍යාපනය සම්බන්ධ කරුණු මත බහුවිධ සංවිධාන සිවිල් ක‍්‍රියාකාරිකයන් මේ සඳහා එක්වන බව ද ඔහු සඳහන් කරයි....

රුපියල් 20 ක් පාසලට දීමට නොහැකිවූ 3 වසරේ සිසුවියට දඬුවම්!

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අවස්ථාවේදී බීමට දීමට සූදානම් කළ පැණි බීම (කෝඩියල් ) වීදුරුවට රුපියල් 20ක් ලබා දීමට නොහැකිවූ කන්ද උඩරට ගම්පොළ කලාපයට අයත් ජනප්‍රිය පාසලක තුන්වැනි ශ්‍රේ ණියේ සිසු දැරියකට පන්ති භාර ගුරුතුමිය විසින් දඬුවම් කර තිබේ. එම පාසලේ සිසු සිසුවියන්ට විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය විසින් මෙම පැණි බිම සඳහා මුදල් රැගෙන එන ලෙස නියම කර ඇත. තම කුඩා දියණියට දඬුවම් කිරීම ගැන දැඩි සිත් වේදනාවට පත් පියා විසින් එම පාසලේ ඉගෙනුම ලබන දරුවන් හතර දෙනා වෙනුවෙන් මේ වසරේ ජනවාරි 02 වැනි දා සිට පෙබරවාරි 15 වැනි දින දක්වා කාලය තුළ රුපියල් 2,463ක මුදලක් ගෙවා ඇති බව සඳහන් කරමින්, එසේ කර තිබියදී පවා දියණියට දඬුවම් කිරීම පිළිබඳව ලිඛිතව විමසා...

Wednesday, February 27, 2013

ආසියාවේ ආශ්චර්යය ' සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා ' උපාධිය ගිල ගනීවිද?

පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ පවතින වත්මන් අර්බුදකාරි තත්වය හමුවේ, හෙට දිනයේදි සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා පාඨමාලාව සදහා සිසුන් ලියපදින්චි කර නොගැනීමට පීඨ මණ්ඩලය තිරණය කොට ඇත. මේ සදහා මුලික හේතුව 2009 වර්ෂයේදි මෙම පාඨමාලව ආරම්භ කරන විට රජය විසින් ලබාදිමට පොරොන්දු වු භෞතික සම්පත් මේවන තුරුත් පීඨයට නොලැබීමයි. වැඩිවන සිසු පිරිස හා සීමිත වු යටිතල පහසුකම් හේතුවෙන් දේශන හා ප්‍රයෝගික ක්‍රියකාරකම් ඵලදායි අන්දමින් පවත්විමේ අපහසුතාවයට සිසු සිසුවියන් මෙන්ම ආචර්ය මණ්ඩලයද මුහුණපා සිටිති. පීඨයට සිසුන් 270 ප්‍රමාණවත් පරිදි දේශන ශාලා 4ක අවශ්‍යතවය පැවතුනද සිසුන් 200කට වඩා සිටිය හැකි එකදු දේශන ශාලාවක් හෝ පීඨය සතුව නැත. 2009 වර්ෂයේ සිට සත්ත්ව පාලනය...

Tuesday, February 26, 2013

ආදරණීය ගුරුතුමනි

ආදරණීය ගුරුතුමනි,මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි.බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු...දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුනට විෂ එන්නත් කරන අයුරු...පුහුණුව ලත් හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...උපාධිධරයන් විසින් ගැහැණුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරු...මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි.මගේ ඉල්ලීම, ගුරුවරුන් කියාදිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි.ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන්, දක්ෂ යක්ෂයන් දායාද කළ යුතු නැත.කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට කියාදෙන්නේ නම් පමණි...හිට්ලර්ගේ...

අධ්‍යාපන බලධාරීන්ටත් හමුදා මේනියාව

පාසල් ප‍්‍රධානීන්ට හා අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ ඉහළ තනතුරු දරන්නන්ට හමුදා නිල තනතුරු ප‍්‍රදානය කිරීම මීට පෙර වටයක් සිදුකළ අතර යලි එහි දෙවන වටය ලෙස අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ නිලධාරීන් 4,000කට ආසන්න ප‍්‍රමාණයකට හමුදා නිල තනතුරු ප‍්‍රදානය කිරීමට ආණ්ඩුව සැරසෙමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. මේ සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ i, ii, iii, පංතිවල සිටින සියලුම නිලධාරින්ද විදුහල්පති සේවයේ i හා iiපංතිවල සිටින සියලුම දෙනා ද මාර්තු මස 04, 05, 06 යන දිනවලදී සම්මුඛ පරීක්‍ෂණ සඳහා ජාතික ශිෂ්‍ය භට බලකා මූලස්ථානයට කැඳවා තිබෙන අතර මෙහිදී අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට කර්නල් තරනතුරද,විදුහල්පති සේවයේ i පංතියේ අයට මේජර්...

Sunday, February 17, 2013

මාලබේ උපාධි කඩය සහතික කඩයක් වෙලා - වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ

මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා සිසුන් බඳවාගෙන වසර 5 සම්පූර්ණ වෙමින් තිබෙන නමුත් ඔවුන්ට තවම සායනික පුහුණුව ලබා ගැනීමට නොහැකිවී තිබෙන බවත් එය අද වෛද්‍ය උපාධි කඩයක් නොව වෛද්‍ය සහතික කඩයක් බවට පත්වී ඇති බවත් වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ මහතා පවසයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍යවරු සංවිධානය මගින් අද (18) පුංචි බොරැල්ලේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පළවේ. "අපි දන්නවා 2008 වසරේ අග තමයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කතිකාවතක් ආරම්භ වෙන්නෙ. 2009 මුල ඉඳල ශිෂ්‍යයො බඳවා ගන්න ආරම්භ කරනවා. දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහත්තය තමයි ඒකෙ ශිෂ්‍යයො බඳවා ගැනීම ආරම්භ කරන්නෙ. නමුත්...

Saturday, February 16, 2013

මීරිගම ප්‍රදේශයේ තවත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමටයයි.

The University of Central Lancashire (UCLan) යන විදේශ විශ්වවිද්‍යාලයේ ශාකාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේ ආරම්බ කිරීමට නියමිතව පවතී.මේ සදහා ආයෝජන මන්ඩලය සමග  අවම වශයෙන් වසර 99ක ගිවිසුමකට පැමින ඇති අතර ඒ සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියද ලබාගෙන ඇත.Uclan Sri Lanka නමින් හදුන්වන මෙම විශ්වවිද්‍යාලයට දැනටමත් මිරිගම ප්‍රදේශයේ අක්කර 120ක භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන ඇතිබව ආරන්චිමාර්ග සදහන් කරයි.මේ සදහා මුලු ආයෝජනය රුපියල් බිලියන 12 ක් වන අතර ගිවිසුමට අනුව ආයෝජන සංවර්ධන මන්ඩලයට වසර  15ක් යනතුරු එම ආයතනයෙන් ආදායම් බදු අයකල නොහැක.තවද එම වසර 15ක කාලයෙන් පසුව 25% ක සහනදායී බදු ක්‍රමයක් තවත් වසර 10ක කාලයක් ක්‍රියාවට...

Wednesday, February 13, 2013

1981 වර්ෂයේ කැළණි සරසවියේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී වල්පොල රාහුල හිමියන් කළ කථාව

දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද?  අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ.  එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශ්‍රීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ. ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක හො වෙනත් තැනක උත්්පත්තිය ලැබිය යුතු බව ඔබට පෙනෙනු ඇත.  මිනිසෙකු හෝ ගැහැණියක එසේ ඉපදුණු විට ඒ සමඟ ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ.  අනෙක් ඒවාට වඩා ඒවා හොඳ...

Sunday, February 10, 2013

නිදහස්‌ අධ්‍යාපනයේ මල් නෙලන්න පොල් හොරකමේ යවන දැරියෝ!

ඒ හැඟුම සිත පාරවයි. ඊයක්‌ මෙන් පත්ලට කිදා බැස සිත කීරි ගන්වයි. සිත් කම්පා කරවන අවස්‌ථාවන්ට සංවේදී වන්නට තරම් හැඟීමක්‌ මනසක්‌ ඇති එකෙක්‌ නැති වග යළිත් පසක්‌ කර තිබේ. මේ පළමු වැනි හෝ අවසාන වර ද නොවේ. පාසලේ තීන්ත ගෑම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් පොල්ගෙඩි අටක්‌ අනවසරයෙන් ගත් දැරියක අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමේ හද රිදවන සිදුවීම දෙස නොබැලු අයෙක්‌ නැත. එම සිදුවීම මේ සමාජ යථාර්ථයේ කදිම නිර්දශනයක්‌ ලෙස අර්ථදැක්‌වීම අතිශයෝක්‌තියක්‌ නොවේ. බොහෝ පිරිස්‌ ඒ දැරියගේ අන්ත අසරණ භාවය පිළිබඳව ඉමහත් ශෝකයෙන් කතා කරන විට තවත් පිරිස්‌ දෙමවුපියන්ට, පාසලට එසේ නැතහොත් පොල් ගසේ හිමිකරුට දෝෂාරෝපණය කරති. දැරිය අධිකරණයට ඉදිරිපත් කළ පොලිසියට ද මෙ වන විට චෝදනා එල්ල...

Friday, February 8, 2013

රටේ තවත් තරුණ කැරැල්ලක් ඇතිවීම අනිවාර්යයක් - ඩලස්

අනාතගයේදී තවත් තරුණ කැරැල්ලක් ඇතිවීමේ ඉඩකඩ පහළවෙමින් පවතින බවත් තමන්ගේ වගකීම් හරියට ඉටු කිරීමට නොහැකිවූ බැවින් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තමන් සූදානම් බවත් නිපුණතා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා ගාල්ල තාක්‍ෂණ විද්‍යාලයේදී පවසා තිබේ. එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ "මේ රටේ තියෙන්නේ අමුතුම දේශපාලන සෙල්ලම්. ඡන්ද කාලයට තමන්ගේ ඔළුව විතරක් නෙවෙයි අතයි කකුලුයි දෙක තුනම කරකවලා ඡන්ද ගන්නවා මිසක් ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නේම නැහැ. ඒ නිසා දැන්වත් අපේ වැඩිහිටි පිරිස් අරක්කු ටිකටයි, හිස් රැකියා පෝරමයටයි ඡන්ද දීලා තමන්ගේ දරුවන්ගේ අනාගතය පාවා නොදෙන්නට දැන්නවත් සූදානම් විය යුතුයි. තව වසර දහයකින් හෝ විස්සකින් තවත් තරුණ...

ජනපතිතුමනි, අපි කම්පා වෙන්නම් ඔබ සතුටු වෙන්න - අන්තරය

තම ආර්ථික ප්‍රතිපත්ති මගින් පාසල් සිසුන්ට අත්කර දී ඇති ඉරණම සම්බන්ධයෙන් කම්පාවීම ජනාධිපතිවරයාගේ තවත් හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් පාසල් දරුවන්ට සොරකමේ යෙදෙන්නට සිදුව ඇත්තේ අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් බවත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.පාසලේ තීන්ත ආලේප කිරීමට මුදල් ලබාදීම සදහා පාසල් ශිෂ්‍යයාවකට සොරකමේ යෙදීමට සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ බව ප්‍රකාශ කර තිබේ.එම නිවේදනය මෙසේය.පාසලේ තීන්ත ආලේප කිරීම සඳහා ගෙනෙන්නට කියූ රු.800ක මුදලක් දෙමව්පියන්ට ගෙවීමේ හැකියාවක් නොමැතිවීම නිසා අසල වත්තකින් රු.320ක් වටිනා පොල් ගෙඩි අටක් ඇහිලූ ශිෂ්‍යාවක් හොරණ...

Monday, February 4, 2013

උසස් පෙළ සමත් සියලූ දෙනා සරසවි වරම් වෙනුවෙන් අරගල කළ යුතුයි - දුමින්ද නාගමුව

උසස් පෙළ විභාගයෙන් සමත් වූ සියලූ දෙනාටම සරසවි වරම් හිමි විය යුතු බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත පෙන්වා දුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩ සභික දුමින්ද නාගමුව මහතා, එම අයිතිය දිනා ගැනීම වෙනුවෙන් අරගල කළ යුතු යැයි අවධාරණය කළේය. දෙමාපියන් තම දරුවන්ට ඉගැන්වීම සඳහා විශාල වෙහෙසක් ගන්නා බවත් එහෙත් ඉන් නතර නොවී එම වෙහෙසෙහි ප‍්‍රතිඵල ලැබීමට නම් තවත් අරගලයක් ඇති බවත් ඔහු පැවසුවේය. දුමින්ද නාගමුව මහතා මෙම අදහස් පළ කළේ අද එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමිනි. මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේ දපැවසීය. "පසුගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල වැරදිලා ලොකු අවුලක් වුණා. ඒ වෙනුවෙන් වන්දි...

Sunday, February 3, 2013

මෙවර ප්‍රතිඵලත් පිළිගන්න බෑ - සංජීව බණ්ඩාර

2011 වසරේ උසස් පෙළ විභාගයේ මෙන් මෙවර නිකුත් කළ ප්‍රතිඵලවලද ගැටලු ගණනාවක් ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. "මෙවර උසස් පෙළ විභාගයත් අවුල්, ආණ්ඩුව උපාධි කඩ අරින්න ප‍්‍රතිඵල වෙනස් කරලා. සියලු උසස් පෙළ සමතුන් සරසවි වලට බඳවා ගත යුතුයි. මේ පාර විභාග ප‍්‍රතිඵලයත් පිළිගන්න පුලුවන් තත්ත්වෙක නෑ. 2011විභාග ප‍්‍රතිඵලය තරම්ම තොමැති වුනත් මේ පාරත් rank වල සහ Z අගයන්වල ගැටළු තියෙනවා. උදාහරණයක් විදියට පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් කලා අංශයෙන් නව විෂය නිර්දේශයෙන් විභාගයට ඉදදිරිපත්වුණු(5577012) c2 s1ක ප‍්‍රතිඵයක් ලබාගෙන තියෙන ශිෂ්‍යයාවක්ගෙ දිස්ත‍්‍රික්...

Pages 371234 »