Friday, December 28, 2012

පාසල් නිල ඇඳුම් රෙදි ආනයන පාඩුව කෝටි 6 පනී

රාජ්‍ය ආයතනයක්‌ වන ලංකා සළුසල ඉදිරිපත් කළ අඩු මිල ගණන් නොසලකා වැඩි මිල ගණන් ඉදිරිපත් කළ පෞද්ගලික ආයතනයක්‌ මගින් පාසල් නිල ඇඳුම් ආනයනය කිරීමෙන් රජයට රුපියල් හයකෝටි අසූ හතර ලක්‍ෂයකට අධික මුදලක්‌ පාඩු වී ඇත.පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි ලබා දීමේ අවශ්‍යතාවෙන් සියයට පනහක්‌ දේශීයව සපයා ගනිමින් ඉතිරි සියයට පනහ චීනයෙන් ආනයනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබිණි. ඒ අනුව සුදු කමිස හා ගවුම් රෙදි මීටර් පනස්‌ එක්‌ ලක්‍ෂ පන්දහසක්‌ ද සුදු කලිසම් රෙදි මීටර් දෙලක්‍ෂ පනස්‌ දහසක්‌ ද නිල් කලිසම් රෙදි මීටර් ලක්‍ෂ දෙකක්‌ද චීනයෙන් ආනයනය කිරීමට නියමිත විය. ඒ සඳහා අමාත්‍යාංශය මිල ගණන් කැඳ වූ අතර එහිදී අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය ආයතනයක්‌ වන...

Thursday, December 27, 2012

වදක පුහුණව අද සිට

නවක සරසවි සිසුන්ට ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අද සිට ආරම්භ වේ. මෙම පුහුණුව දිවයින පුරා හමුදා කඳවුරු 24 කදී පැවැත්වීමට නියමිතව ඇති අතර සිසුන් 10000 ක් මුල් වටය සඳහා සහභාගී වෙති. ඒ සඳහා රජය විසින් දරනු ලබන මුළුවියදම රු. මි. 350 ලෙස ඇස්තමේන්තු ගතකර ඇති අතර අවශ්‍ය නිර්දේශිත ද්‍රව්‍ය මිලදී ගැනීමට හා ප‍්‍රවාහන වියදම් සඳහා එක් එක් ශිෂ්‍යාට දරන්නට සිදුවන වියදම රු. 20000 ද ඉක්මවයි. උසස් අධ්‍යාපනයේ ප‍්‍රතිමාණයන්ට හා අරමුණුවලට පටහැනිව පවත්වනු ලබන මෙම පුහුණුවවට එරෙහිව උසස් අධ්‍යාපනයට සම්බන්ධ සියළුම පාර්ශව සිය විරෝධය පලකර ඇති අතර සරසවි ආචාර්යයවරුන්, පාසල් ගුරුවරුන්, අධ්‍යාපන වෘත්තීය වේදීන්, සිසුන් ආදී බලවේගයන්ද, සිසුන් හා දෙමවුපියන්ද ඒ අතර වෙති.විශ්වවිද්‍යාල...

Tuesday, December 25, 2012

යාපනයේ සරසවි ශිෂ්‍ය මර්ධනය උග්‍රවෙයි; තවත් සිසුවියන් තිදෙනෙක් ‘ ත්‍රස්ත විමර්ෂණයට ‘

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හට කෙලවරක් නොවන ‘ ඊනියා ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ ‘ ප්‍රශ්ණ කිරීම්වලට මුහුණ දීමට සිදුවී තිබේ. දැන් ඔවුන්ගේ අලුත්ම ඉලක්කය වී ඇත්තේ ශිෂ්‍යාවන් වන අතර ප්‍රශ්ණ කිරීම් වලට භාජනය වන සිසුවියන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින්පවතී. අද (24) දිනයේදීද සිසුවියන් ත්‍රිදෙනෙකු ප්‍රශ්ණ කිරීම සඳහායැයි කියමින් වව්නියාව ත්‍රස්ත විමර්ෂණ ඒකකයට කැඳවා ඇත. නොවැම්බර් 29 වැනිදා රාත්‍රියේදී මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ඇතුළ තවත් සිසුන් රැසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ත්‍රස්ත විමර්ෂණ ඒකක විසින් ප්‍රශ්ණ කිරීම් වලට යැයි කියමින් වව්නියාව කාර්යාලයට කැදවූ සිසුන් සංඛ්‍යාව අති විශාල බව යාපනය සරසවියේ ආචාර්යවරයෙකු පැවසීය. පසුගිය සතියේදී සිසුවියන් සිව්දෙනෙකුට...

Monday, December 24, 2012

O/L විද්‍යා ප්‍රශ්න පත්‍රය එළියට ආවේ දුරකතනයක් අස්සේ

බඹරය වැල්ලේ කැරකෙන තාක්කල් හොඳය. ඒ කාලයේදී ගහන - ගහන හැම ගේමම හරි යන්නේය. මේ කාලයේදී සිකුරා නළලේ නටයි. එහෙත් හෙනහුරා නළලට ගොඩවීමට වැඩි කලක් යන්නේ නැත. ඒ කාලයට බඹර කප්පිත්තකුටවත් බඹරය කරකවන්නට නොහැක. මේ කතාව ලිව්වේ අද වන විට විභාග දෙපාර්තමේන්තුවත්, එය මෙහෙයවන විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන ඇමැතිවරයාත් දමන සෙල්ලම් දුටු විට වෙන කියන්නට දෙයක් නැති නිසාය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර, විභාගයට කලින් පිටවූ බවක් දැන් කොමසාරිස්වරයාට හෝ අධ්‍යාපන ඇමැතිවරයාට මතක නැත. දැන් කතා කරන්නේ කාලගුණය ගැනය. එමඟින් සාමාන්‍ය පෙළ විභාගයට ලියන සිසු සිසුවියන් පත්වූ අසීරුතාව ගැනය. ඒ ගැන කතා කළ යුතුය. එහෙත් තමන්ගෙන් වූ වරද වසා ගන්නට ඒ ගැන අතිශයෝක්තියෙන් කතා...

Saturday, December 22, 2012

මිශ්‍ර අධ්‍යාපනයේ නූතන වැදගත්කම

මිශ්‍ර අධ්‍යාපනය අප රටේ අධ්‍යාපනයේ මුල් යුගයේ දක්‌නට ලැබුණත් ක්‍රමයෙන් එය අද විවිධ බලපෑම් නිසා ඈත් වන්නට විය. මේ ඈත්වීම නිසා අද සමාජයේ විවිධ අසම්මත පීඩාවන්ට රට වැසියන් ගොදුරුවී ඇති බව ජනමාධ්‍යය හරහා අප සැමට දැක ගන්නට ඇත. මෙම තත්ත්වයන් නිවැරැදි කර ගැනීමට රජයන් විවිධ උත්සාහයන් ගෙන ආවත් ඒ කිසිවක්‌ විසඳුම් නොවීය. මේ නිසාම සමාජයේ සමතුලිත බවට මිශ්‍ර අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව අද මතයක්‌ ඇති කර එය ක්‍රියාවට නැඟිය යුතුව ඇත.ඉංග්‍රීසි අධ්‍යාපනයටත්, තොරතුරු තාක්‍ෂණයටත්, පෞද්ගලික පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භයත් සමග ශ්‍රී ලංකාවේ සියලු ගම් නියම් ගම්වල රජයේ පාසල්වලද විශාල පෙරළියකටත්, දැනුමේ පිපාසයටත් සිසු පරපුර යුග පෙරළියකට ලක්‌ විය. මෙම යුග පෙරළිය...

Friday, December 21, 2012

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකට ප්‍රවේශයක්

Book front page අධ්‍යාපනයේ සම අයිතිය සුරකින ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියකට ප‍්‍රවේශයක් ප‍්‍රථම මුද්‍රණය 2011 අපේ‍්‍රල් ප‍්‍රකාශනය - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මහා ශිෂ්‍ය සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. E-mail: media.iusfsl@gmail.com ISBN 955-0651-00-9 සියළුම හිමිකම් ඇවිරිණි මුද්‍රණය - ස්පෙක්ට‍්‍රා ඇඞ්වර්ටයිසින්, කඩවත.  ...

සුසර ප්‍රභාශි - සිත් කතරට පිනි දිය ඉසින මියුරු ගී වැස්ස

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය හා කලා අනුකමිටුව එක්ව සංවිධානය කළ “සුසර ප්‍රභාශි - සිත් කතරට පිනි දිය ඉසින මියුරු ගී වැස්ස” සංගීතමය වැඩසටහන දෙසැම්බර් මස 14 වන දින රජරට විශ්වවිද්‍යාලයීය සුගතපාල ද සිල්වා එළිමහන් රංග පීඨයේදී පැවැත්වින. රජරට සරසවි මානව මානවිකාවන්ගේ ගී පද රචනා, තනු නිර්මාණ, ගායන, වාදන ඈසි විවිධ නිර්මාණ කාර්යයෙන් අංකුර නිර්මාණකරුවන්ට වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. ඒ අනුව මෙහිදී නව ගීත නිර්මාණ 16 ක් එළි දැක්වීම සිදු කෙරින. මෙම සියලු නිර්මාණ වල පද රචනා, තනු නිර්මාණය සහ ගායනය සිදු කරනු ලැබුවේ රජරට විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසිනි. මෙම වැඩසටහනට සමගාමීව රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා...

අ.පො.ස සපෙළ විභාගයට විද්‍යාව, ගණිත ප්‍රශ්න පත්‍ර රුපියල් අටදහස බැගින් විකුණයි

සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව 1 සහ ගණිතය 1 ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්නපත්‍ර විභාගයට පෙර රුපියල් අටදහසක්‌ බැගින් අයකර වේයන්ගොඩ ප්‍රදේශයේ අලෙවි කර තිබේ.විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනමත් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙනමත් මෙලෙස අලෙවි කර ඇත.පසුගිය 16 වැනිදා විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගයට පෙර විද්‍යාව ප්‍රශ්න පත්‍රය ද එදිනම සවස 17 වැනිදාට නියමිතව තිබූ ගණිතය ප්‍රශ්න පත්‍රයද අලෙවි කර ඇත්තේ ගෙන් ගෙට යමිනි. ගණිතය ප්‍රශ්න පත්‍රය අලෙවි කිරීමට පැමිණි පුද්ගලයන් අත සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය හා විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රයද තිබී ඇති අතර එම ප්‍රශ්නපත්‍ර සන්සන්දනය කර සත්‍යය වටහාගෙන ගණිතය ප්‍රශ්න පත්‍රය මිලට ගන්නා ලෙස නිවසේ හිමියන්ට දන්වා ඇත. නැවත විද්‍යාව...

සිංහල ජනතාව සමග සංහිඳියාවෙන් කටයුතු කරනවා. රවුෆ් හකීම් ඇමැතිවරයා ජාතිවාදී අඳුරු තත්ත්වයකට රට රැගෙන යනවා.-රම්සි බාඩා

රවුෆ් හකීම් මහතා අධිකරණ ඇමැතිවරයා වශයෙන් පත්වූ පසු 2011 හා 2012 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වන මුස්‌ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩිවීමක්‌ සිදුවී ඇතැයි ජාතික විද්වත් සභාවේ සාමාජික නීතිඥ යලිත් විමලසුරේන්ද්‍ර මහතා පැවැසීය. කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික විද්වත් සභාව පෙරේදා (19 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් කියා සිsටියේය. ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය. නීතියේ න්‍යායන් අතර තිබෙනව කොතැන හෝ අයුක්‌තියක්‌ තිබේ නම් සමස්‌ථයම අයුක්‌තියට ලක්‌වන බව. අප දක්‌වන්නේ මුස්‌ලිම් විරෝධයක්‌ නොවේ. විභාගයෙන් සමත් වූ සියලු දෙනා සිංහල වුණා නම් එයත් වැරදියි. නීති විද්‍යාල ප්‍රවේශ විභාගය හුදෙක්‌ සරල දෙයක්‌ නොවේ....

Thursday, December 20, 2012

සා.පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවල දෝෂ

මෙවර පැවැති 2012 අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රද දෝෂ සහිත බව වාර්තාවේ. පසුගියදා පැවැති විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 6 (A) ප්‍රශ්නයට අදාළ රූප සටහන වැරදියට නම්කර ඇත. එය උපයෝගී කරගෙන පිළිතුරු ලිවිමේදී සිසුන්ට ගැටලුවලට මුහුණදීමට සිදුව ඇ...

Wednesday, December 19, 2012

බිහිරන්ට ඇසීමට වඩාත් වැඩි ශබ්දයක් අවශ්‍යයි - වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා

Najith Indika - MFSAC ආණ්ඩුවේ වාර්තාවන්ට අනුවම මේ රටේ ජනතාවගෙන් 41%කගේ දවසක ආදායම රුපියල් 200 ට අඩුයි. එහෙම මිනිස්සු ඉන්න රටක තමයි ඔවුන් රුපියල් ලක්ෂ 65කට උපාධි ගන්න අධ්‍යාපන ක‍්‍රමයක් ස්ථාපිත කරන්න යන්නේ. මේක සරල ජනවහරකින් කිව්වොත් රටේ මිනිස්සුන්ට කුඩු කන්න පිච්චිය නැතිව ඉද්දි අණ්ඩුව බල්ලන්ට හැට්ට මහනවා මේක අපේ ප‍්‍රශ්නයක් නෙමෙයි. සමාජ ප‍්‍රශ්නයක්’’ යි වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා ඊයේ මරදාන CSR ශාලාවේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු , ‘‘මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ 2009 සැප්තැම්බර් පළමුවැනිදා. මේ වෙනකොට අවුරුදු 03ක් ඉක්මවලා. ආරම්භයේ සිටම සියලූ ආයතන,...

Monday, December 17, 2012

සාපෙළ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීම අධ්‍යාපනයේ සමස්ත අර්බුදයේම ප‍්‍රකාශනයක්

Duminda Nagamuwa - FLSF සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත අර්බුදයේම ප්‍රකාශනයක් බවත් ආණ්ඩුවට බලය සම්බන්ධ කරුණුවලදී වරදින්නේ නැති නමුත් ජනතාවගේ ජීවිත සම්බන්ධ ගැටලුවලදී නිතරම වැරදීම් සිදු වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි. සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අධ්‍යාපනය හා අධ්‍යාපන සඳහාත් අධ්‍යාපනය මුදලට විකිණීම සඳහාත් නිර්මාණය වී ඇති තරගය නිසා මෙවැනි තත්වයක් ඇති වන බවයි. දුමින්ද නාගමුව මහතා නිකුත් කළ නිවේදනය‍ මෙසේය. "දෙසැම්බර් 15වැනිදා පැවැත් වුණු අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ...

විභාග දෙපාර්තමේන්තුව නැමති රන් දෙවොලට හෙන වැදී හමාරයි.

මෙවර අපොස ස/පෙළ විභාගයේ විද්‍යාව බහුවරණ ප‍්‍රශ්ණ පත‍්‍රයේ ප‍්‍රශ්න හතලිහෙන් 19ක් අනුමාණ කර ඇති බවත් මෙය 542,260 ක් වූ විභාග අපේක්‍ෂකයින්ට සිදුවූ බරපතල අසාධාරණයක් බවත් එබැවින් වහා මේ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. ඔහු මේ පිළිබඳව ප‍්‍රකාශ කළේ අද (16) නිපොන් හෝටලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඔහු එහිදී දැක්වූ අදහස් පහත පළවේ. "ඔබ කව්රුත් දන්නවා මේ වන විට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව. ඊයේ (15) වන විට විෂයන් පහක් අවසන් වී තවත් විෂයන් හතරක් පමනයි පැවැතැවීමට නියමිතව තිබෙන්නෙ. දැනට පවත්වනු ලැබූ සමහර විෂයන් වල තොරතුරු ළමුන් අතට පත්ව ඇතැයි කටකතා අහන්නට ලැබිලා තියෙනවා. නමුත් ඒ කටකතා...

Sunday, December 9, 2012

ටියුෂන් කුමට මෙලෙසේ!

මේ නම් මහා විපරීතයකි. අඩියෙන් අඩිය බිහිවන පෞද්ගලික උපකාරක පන්ති ඉදිරිපිට පෙළගැසෙන දරුවන් ශීඝ්‍රයෙන් ඉහළ යන අයුරු කියාපාන්නේ මහා අරුමයකි. ඉවක්‌ බවක්‌ නොමැතිව පෞද්ගලික උපකාරක පන්ති කරා හතිලමින් දිවයැම හැර ඉන් පරිබාහිර කටයුතුවලට ඉඩහසරක්‌ දරුවන්ට නැතැයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. ඒ තරමටම මේ ව්‍යාපාරය විසින් දෙමාපියන් මෙන්ම දරුවෝද ආක්‍රමණය කරනු ලැබ සිටිති. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඊට අනුගත වීම හැර වෙනත් විකල්පයක්‌ නොමැති තත්ත්වයක්‌ නිර්මාණය කරනු ලැබ තිබේ. විභාගයම හැර වෙනත් අත්දැකීමක්‌ දරුවන්ට නැත. විභාගයම සිහිකරනු විනා ඉන් මෙපිට නිදහසක්‌ දරුවන්ට නැත.උපකාරක පන්තිවලට සහභාගි වීම නිසා සිසුන් ශාරීරික හා මානසික ගැටලුවලට මුහුණ පාන බව ජාතික අධ්‍යාපන...

Saturday, December 8, 2012

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය විකිණීමේ සූදානමක්

''අපි විරුද්ධ මාලඹේ කියන වචනෙට නෙවෙයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මාලඹේ දාලා තියෙන හින්ද නෙවෙයි. උපාධිය ලක්ෂ 65 ක් හින්ද නෙවෙයි. ඒක නෙවිල් ප්‍රනාන්දු මහත්මයා දාල තියෙන හින්ද නෙවෙයි.අපි පෞදගලිකරණයට විරුද්ධ පැහැදිලි පදනමක ඉඳලා. ඒක නිසා නෙවිල් ප්‍රනාන්දු ඒක කලත් අපි විරුද්ධයි. ගොඨභය රාජපක්ෂ ඒක කලත් අපි විරුද්ධයි. අපි ඊට විරුද්ධව සටන් කරනවා'' යි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා පැවසුවේය. ඒ මරදාන සමාජ හා සාමුහික කේන්ද්‍රයේ දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :- "වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වශයෙන් අපි මාලඹේ...

Thursday, December 6, 2012

අත්අඩංගුවට ගත් යාපනය සරසවි සිසුන් වහා නිදහස් කරනු ! - IUSF/FUTA

යාපනය විශ්වවිද්‍යාලය තුළ වර්ථමානය වන විට උද්ගතව ඇති තත්වය පිළිබඳව දැනුවත් කිරීමට හා අත්අඩංගුවට ගෙන සිටින සිසුන් නිදහස් කරන ලෙස බලකරමින් අ.වි.ශි.බ.ම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය 03 වැනිදා ඒකාබද්ධව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා, මීට දින කිහිපයකට උඩදී අප දැනුවත් කළ පරිදි මේ වන විට යාපනය විශ්වවිද්‍යාලය තුළ මතුවී ඇත්තේ ඉතාමත් බරපතල තත්වයක්. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට හා ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව රජයේ ආරක්ෂක අංශ විසින් බරපතල මර්දනයක්, ප‍්‍රචණ්ඩත්වයක් මුදාහරිමින් තියෙනවා. මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය...

Wednesday, December 5, 2012

මෙය තරුණ පරපුරම අමතක කරදමා ඇති අයවැයක්- බිමල් රත්නායක

සමස්‌ත තරුණ පරපුරම අමතක කරදමා ඇති හැකි අයගේ දූ දරුවන්ට සැපවත් ජීවිතයකට අවශ්‍ය වටපිටාව මෙවර අයවැයෙන් සලසා දී තිබෙනවා යෑයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බිමල් රත්නායක මහතා,                      "2011 ජන සංඛ්‍යාලේඛන අනුව ගත්තාම මෙරට අවුරුදු 15-35 අතර තරුණ ජනගහනය ලක්‍ෂ 75 ක්‌ පමණ සිටිනවා. ආණ්‌ඩුවේම සංගණනයන්ට අනුවම ගත්තාම මෙම ප්‍රමාණය තහවුරුවෙලා තිබෙනවා. අපේ රටේ වර්ෂයකට තුන්ලක්‍ෂ පනස්‌දාහක්‌ පමණ දරුවන් පිරිසක්‌ බිහිවෙනවා. ඉන් අති බහුතරයක්‌ දෙනා අපේ රටේ සාමාන්‍ය දුප්පත් අම්මා තාත්තගේ දරුවන්. ඒ කියන්නේ...

Pages 371234 »