Sunday, March 31, 2013

මහාචාර්ය සුචරිත ගම්ලත් පඬිවරයාණන් සමුගෙන යයි...!

පඬිතුමෙකු යැයි කට පුරා කිවහැකි ශ්‍රී ලංකාවේ පඬිවරුන්ගේ යුගයේ අවසන් පඬිතුමකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේදී ජනතාවගෙන් සමුගත් බව දැඩි ශෝකයෙන් දන්වා සිටිමු.සමුගන්නා විට ඒ මහතාගේ වයස අවුරුදු 79 ක් විය. අවසාන කාලයේ පිලිකා රෝගයට ගොදුරු වූ ගම්ලත් මහතා මහරගම පිලිකා රෝහලින් ප්‍රතිකාර ලබමින් සිටියදී අසනීප තත්ත්වය වැඩි වීමෙන් මීට දින හතර පහකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළද ඔහු අද උදෑසන ජනතාවගෙන් සමුගෙන ගියේය. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, සංස්කෘත, පාළි සහ ලතින් භාෂාවන්හි විශිෂ්ඨ ප්‍රවීනයෙකු වූ ගම්ලත් පඬිතුමා අචල භෞතිකවාදී මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදියෙකු විය. සිය නිරවුල් ඓතිහාසික භෞතිකවාදී ස්ථාවරයේ සිටිමින් කලාව දේශපාලනය සම්බන්ධයෙන්...

Monday, March 25, 2013

අධ්‍යාපන මුදලින් කැලැන්ඩර් ඩයරි ගසයි

උතුරු මැද පළාතේ අධ්‍යාපනය නැංවීමට එම පළාත් සභාව මගින් මේ වසරට වෙන් කළ රුපියල් ලක්‍ෂ එක්‌දහස්‌ පන්සියයෙන් රුපියල් ලක්‍ෂ හාරසියයකට ආසන්න මුදලක්‌ වැයකොට දින දර්ශන, දිනපොත් ක්‌ෂේත්‍ර සටහන් පොත් මුද්‍රණය කර උතුරු මැද අධ්‍යාපන ඇමැතිවරයා විසින් පළාතේ පාසල්වලට බෙදා හැරලා. ඔහු මේවා කළේ ජනාධිපතිවරයාගේ සහ රජයේ අධ්‍යාපන ඇමැතිවයරාගේ අවසරය මතදැයි වහා රටට හෙළි කළ යුතු බව අනුරාධපුර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පැවැසීය.පෙරේදා (23 දා) අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.උතුරු මැද පළාත් අධ්‍යාපන සංස්‌කෘතික හා තොරතුරු තාක්‌ෂණ අමාත්‍ය පේෂල ජයරත්න බණ්‌ඩාර මහතා එම ධුරයට පත්වීමෙන්...

Thursday, March 21, 2013

උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා හමුදා පුහුණුව

ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා නිපුණතා සංවර්ධන වැඩසටහනකට මුවාවී හමුදා පුහුණුව ලබාදීමට ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම වැඩසටහන මාර්තු 25 දින සිට අප්‍රේල් 09 දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.මේ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන කාර්යාල මගින් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යවා ඇති ලිපියක දැක්වෙන්නේ ඒ අනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහාය ඇතිව ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය මගින් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උපාධිධාරී අභ්‍යාසලාභීන් පුහුණු කිරීමට කටයුතු සූදානම් කර ඇත යනුවෙනි.මාතර ප්‍රදේශීය මහ ලේකම් කාර්යාලය මගින් උපාධිධාරීන් වෙත යවා ඇති ලිපියේ දෙවන ඡේදයේ සඳහන් වන්නේ හෘදයාබාද,...

Tuesday, March 19, 2013

ඇමරිකා එක්සත් ජනපදයේ 16 වෙනි ජනපති එබ්බ්‍රහිම් ලින්කන් තම පුතාගේ ගුරුවරයා වෙත යවන ලියුම

පරිවර්තනයේ සාරාංශය ඔහු උගත්තෙක් විය යුතු බව මම දනිමි. සියලු මිනිසුන් සාධාරණ නැත. සත්‍ය වාදිද නැත. නමුත්, සෑම නොමිනිසේකුටම වීරයෙක්ද, ආත්මාර්ථකාමි දේශපාලකයේකුටම කැප උන නායකයෙක්ද, සෑම සතුරෙකුටම සහෘදයෙක්ද, සිටින බවත් ඔහුට උගන්වනු මැනවි.ඊර්ශියාවන් ඉවතට ඔහු මෙහෙයවා සන්සුන්ව සතුටේ රසය විඳගනිමටත්, ඔහුට උගන්වනු මැනවි. දුර්වලය තලා පෙලන්නා වැඩිකල් නොගොස් ඒ සදහා පසුතැවෙන බව ඔහුටම තේරුම් ගැනීමට ඉඩ හරිනු මැනවි.පොත් පත් වල සැගවුන ආශ්චර්යය ඔහුට උගන්වන ගමන්ම, අහසේ පිය සලන කුරුල්ලාගේ සදාතනික මුණු මුණු වේද, හරිත කඳු වැටි අසබඩ විල්ගොමුවේ විහඟ, මි මැසි නාදයේද, අසිරිය විද ගැනීමට නිදහසට ඔහු හට ලබා දුන මැනව.දයාබර ගුරුතුමනි අසමත්වීම, රැවටීමට වඩා ගෞරවනීය බව ඔහුට උගන්වනු...

Monday, March 18, 2013

සියටැල්

වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිලදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත‍්‍රත්වය හා හොඳ හිත ද ප‍්‍රාර්ථනා කරයි. අපේ මිත‍්‍රත්වයෙන් ඔහුට එතරම් ප‍්‍රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද අපි සලකා බලන්නෙමු.ඔබ මේ අහස් තලය, පොළොවෙන් නගින උණුසුම් මිලදී ගන්නේ කෙසේද?මේ අදහස අපට නම් විකාරයකි. සුළෙඟ් නැවුම් බව ජලයේ දිදුලන කාන්තිය අපට අයිති නොවේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙලෙසද?මේ පොළොවේ සෑම බිම් අඟලක්ම මගේ මිනිසුන්ට පූජනීයය. දේවදාර ගසක දිලිසෙන සෑම කිනිත්තක්ම වැලි කඳුවලින් පිරි සෑම වෙරළක්ම අඳුරු වන ගැබ තුළ වන සෑම මීදුම් වළාවක්ම, සෑම එළිමහනක්ම, ගී ගයන සෑම කුඩා ප‍්‍රාණියෙක්ම...

කවුද මේ "e ටීචර්"

තොරතුරු තාක්‌ෂණික මෙවලම් ලෝකෙට එන්නේ පුදුම වේගයෙන්. මෙවලම් කීවේ මෘදුකාංග දෘඩාංග දෙකම. අපේ රටත් දැන් දැන් තොරතුරු තාක්‌ෂණයේ විවිධ අංශවලින් සංවර්ධනය වෙමින් යනවා. පසුගියදා දැකපු බොහොම වටින දෙයකට පසු වදනක්‌ ලියන්නයි මේ සූදානම් වෙන්නේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පසුගියදිනක e තක්‌සලාව වෙබ් ද්වාරය දියත් වුණා. (www.e-thaksalawa.moe.gov.lk) ඒක අපේ දරුවන්ට ඉගෙන ගන්න කියාපු තැනක්‌. මේ වෙබ් අඩවියේ බොහොමයක්‌ විෂයයන්ට අදාළව තොරතුරු තාක්‌ෂණය භාවිතා කරලා පාඩම් සකස්‌ කරලා තියෙනවා.තොරතුරු තාක්‌ෂණය අධ්‍යාපනයට යොදා ගත්තොත් දරුවන්ට ඉගෙන ගන්න කොයි තරම් ලේසි වෙයිද? ඉගෙනුමේ ඵලදායිත්වය කොයි තරම් වැඩි කරන්න පුළුවන් වෙයිද. අපේ දරුවෝ කොයි තරම් ආසාවෙන් ඉගෙන ගනියිද?...

Saturday, March 16, 2013

සබරගමු සිසු විරෝධ උග්‍ර වේ

සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වන නවක සිසු සිසුවියන්ගෙන් අය කරනු ලබන ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කළ එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් පහක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පරිපාලන අංශ ඊයේ (15 වැනිදා) පියවර ගත්තේය.මෙම ක්‍රියාමාර්ගයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසුහු විශාල පිරිසක්‌ මහ වැසි නොතකමින් විශ්වවිද්‍යාලයට නුදුරින් පිහිටි කොළඹ - බදුල්ල මහා මාර්ගය අවහිර කරමින් ඊයේ සවස පැයක පමණ කාලයක්‌ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.මෙවර ඇතුළත් කළයුතු නවකයන් සංඛ්‍යාව 458 කින් අඩු කිරීම ද ඔවුන්ගේ විරෝධයට හේතුවක්‌ වී ඇත.ගාස්‌තු ඉහළ දැමීමට හා සිසුන් අඩු කිරීමට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වූ සිසුන් හඳුනාගෙන...

Friday, March 15, 2013

බන්දුලගේ චක‍්‍රලේඛය අමු බොරුවක් - මහින්ද ජයසිංහ

පසුගිය මාර්තු 13 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛය මගින් පාසල් නඩත්තුව දෙමව්පියන් මත පැටවීම කිසිදු ආකාරයකින් නවතා නැති බවත් එම චක‍්‍රලේඛය රටේ ජනතාව රැවටීම සඳහා කරන ලද බොරුවක් බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. අද (15) කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.එහිදී ඔහු වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය.‘‘ පසුගිය කාලය පුරාම දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන් පාසල්වලට මුදල් එකතු කිරීම් බොහෝ සේ සිදු කළා. හොරණ ප‍්‍රදේශයේ ශිෂ්‍යාවක් පාසලට මුදල් හොයාගන්න පොල් ගෙඩි 8 ක් හොරකම් කිරීම නිසා උසාවි යාම හේතුවෙන් තමයි මේ පිළිබඳව රට පුරා කතා බහක් සිදුවුනේ....

Thursday, March 14, 2013

ප්‍රෝඩාව

පාසල්වල දෙමව්පිය පන්ති කව, දෙමව්පිය සංගම් හා ආදි ශිෂ්‍ය සංගම් මගින් විවිධ ව්‍යාපෘති සඳහා නීති විරෝධීව මුදල් එකතු කිරීම තහනම් කල බව පවසමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (13 වැනිදා) චක්‍ර ලේඛයක්‌ නිකුත් කරන ලදී.නමුත් ඒයින් මුදල් එකතුකිරීම වැලැක්වීම වෙනුවට තව තවත් මුදල් එකතු කිරීම සදහා නීත්‍යානුකූල මාර්ග සකසා ඇතිබව පෙනෙන්නට ඇත.ඒහි ඇති දුර්වලතා මෙසේයඋපුටාගැනීම 2013/11 දරන එම චක්‍රලේඛය1. මෙම නීත්‍යනුකූල ගාස්‌තු ගෙවීමට වුවද දෙමව්පියන්ට හා සිසුන්ට අනිවාර්ය කිරීමක්‌ හෝ බල කිරීමක්‌ නොකළ යුතු වේ.2. නීත්‍යනුකූල ගාස්‌තු වුවද ගෙවීමට අපහසු සිසුන්, ග්‍රාම නිලධාරි සහතිකය මගින් ඒ බව තහවුරු කළ විට, සියලු ගෙවීම්වලින් එම ශිෂ්‍යයා නිදහස්‌ කළ යුතු අතර එසේ ගාස්‌තු...

Wednesday, March 13, 2013

ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල බවට පත් කරමින් සිටිනවා - අ.වි.ශි.බ.ම

ආණ්ඩුව මේවන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හා පෞද්ගලික විශ්වවිද්‍යාල අතර සමපාත බවක් ඇති කිරීමට උත්සහ කරමින් සිටින බවත් ඒ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිසුන්ගෙන් අර්ධ වශයෙන් මුදල් අයකරමින් සිටින බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.ඊයේ (12) මරදාන CSR ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා මේ බව අනාවරණය කළේය.එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ කරුණු දැක්වූහ.2011වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් මේ දිනවල විශ්වවිද්‍යාල වලට බඳවා ගැනීම් සිදුකරන අතර මේ වසරේදී මෙතෙක් අයනොකල ගාස්තු සිසුන්ගෙන් අයකරමින් සිටී.උදාහරණ ලෙසසබරගමුව විශ්වවිද්‍යාලය ලියාපදිංචි ගාස්තු වැඩිවීම - රු 950සිට...

රුහුණු සරසවියට නව උපකුලපතිවරයෙක්

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනායක මහතා පත් කර තිබේ.උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ වසර තුනක කාලයක් සදහා ඔහු එම තනතුරට පත් කර ඇති බවය.1979 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙන් ප්‍රථම උපාධිය ලැබූ මහාචාර්ය සේනානායක මහතා ආධුනික කථිකාචාර්යවරයකු ලෙස රුහුණු විශ්වවිද්‍යාලයට පත්වීම ලැබුවේ 1980 වර්ෂයේදීය.ශාක ප්‍රවේනි විද්‍යාව හා අභිජනනය පිළිබඳව ඔහු සිය දර්ශන විශාරද උපාධිය හදාරා තිබේ.2007 වර්ෂයේදී රුහුණුවිශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනානායක මහතා ශාඛ ප්‍රවේනී විද්‍යාව පිළිබදව ශ්‍රි ලංකාවේ ප්‍රවිණතම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ද ...

නවක සිසු ආරක්ෂාවට පේරාදෙණි සරසවියේ බළඇණියක්

පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළු වන නවක සිසුන්ගේ ආරක්ෂාව සඳහා නව වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවැසීය.විශ්වවිද්‍යාල තුළ නවක වදය අත්හිටුවීම සඳහා, ශිෂ්‍ය සංගම්වල උපරිම සහාය ලැබී ඇති අතර ඒ සඳහා ඔවුන් මූලිකත්වය ගෙන කටයුතු කිරීම සතුටට හේතුවක් බව ද උප කුලපතිවරයා පැවැසීය.නව වැඩපිළිවෙළ යටතේ විශ්වවිද්‍යාලය තුළ පැය විසිහතර පුරා ක‍්‍රියාත්මක ආරක්ෂක සේවාවක් මෙන් ම, පොදු ස්ථානවල මුර සංචාර යෙදීමට කටයුතු යොදා ඇතැයි ද මහාචාර්යවරයා කීය.මේ පිළිබඳව සොයා බැලීමට මාර්ෂල්වරුන් තිදෙනෙකු ද පත් කර ඇති අතර යම් ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍ය පිරිසක් විනය විරෝධීව කටයුතු කරන්නේ නම් ඔවුන් විනය කමිටුවට ඉදිරිපත්...

බඳවා ගැනීම් වල ප්‍රෝඩාවට එරෙහිව රජරට සිසුහු වීදි බසිති...

2011 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් සිදු වූ Z-Score අර්බුදයෙන් අසාධාරණයට පත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා එම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අතර සිසුන් 5609 ක ප්‍රමාණයක් මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුලත් කරගැනීමට අධිකරණ තීන්දුවක් දෙනු ලැබීය. දෙවන වරටද අධිකරණය මඟින් එම තීන්දුව සනාථ කරමින් අදාළ අමතර සිසු පිරිස බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව නොරහසකි. මේ වන විට නවක සිසුන් විශ්වවිද්‍යාල වල ලියාපදිංචිය කිරීම ආරම්භ කර ඇති අතර ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව සැලකීමේදී පැහැදිලි වන කාරණය නම් ආණ්ඩුවේ බලධාරීන් අමතර සිසුන් ගැනීමට කටයුතු කරන බවට ප්‍රකාශ කරමින් මෙරට ජනතාවට කර ඇත්තේ බ්බරපතල...

Sunday, March 10, 2013

ජ,පුර උපකුලපති වැඩ පටන්ගනී

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් නැවත වරක් සිසු සිසුවියන් 06දෙනෙකුගේ පන්ති තහනම් කර ඇතැයි වාර්තා වේ.එම පන්ති තහනමට ලක්ව ඇති සිසුසිසුවියන් අතර පළමුවසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 05දෙනෙකුත් දෙවන වසරේ ශිෂ්‍යයෙකුත් ඇතුළත්ව ඇත.මෙවර විශ්වවිද්‍යාලට බඳවා ගන්නා ලද නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට නවකවදය ලබාදුන්නේයැයි සඳහන් වූ චෝදනව ඔවුන්ට එල්ලකර තිබේ.කෙසේ නමුත් මේ පිළිබඳව අපවිසින් කරන ලද සොයාබැලීමකදී අනාවරණය වූයේ මෙතෙක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවාගෙන නොමැති අතර පසුගිය මාර්තු 06වනදා කලමනාකරන පීඨය සඳහා සිසු සිසුවියන් ලියාපදිංචිකීරීම පමණක් සිදුකර ඇති බවයි. එදින බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම භාරකරුවන් සමග පැමිනෙන බැවින් සහ එම සිසු...

පේරාදෙණි‍ය සරසවියේ CCTV කැමරා සවි කරන්න දෙන්නේ නැහැ - මහා ශිෂ්‍ය සංගමය

පේරාදෙණිය විශ්විවිද්‍යාලයේ සිදුවන ශිෂ්‍ය ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සදහා සී.සී.ටී.වී. (CCTV) කැමරා පද්ධතියක් සවිකිරීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට කිසිම අයුරකින් ඉඩ ලබා නොදෙන බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කරයි.ශිෂ්‍යයන් වැඩි වශයෙන් ගැවසෙන ශිෂ්‍ය නේවාසිකාගාර, උද්‍යානය, දේශන ශාලා, ක්‍රීඩා පිටිය, ආපන ශාලාව ආදී ස්ථානවල මෙම කැමරා පද්ධතිය සවි කිරීමට මේවන විට අනුමත වී ඇති බව මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය."මෙය විශ්වවිද්‍යාලයට අනවශ්‍ය දෙයක්. මෙම කැමරා පද්ධතිය සවි කිරීමෙන් ශිෂ්‍යන්ට ඉගෙන ගන්න වෙන්නේ කැමරාවලට බයේ. මෙය ශිෂ්‍යන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. එනිසා මෙම ක්‍රියාමාර්ගයට අප විරුද්ධයි. මෙය...

Wednesday, March 6, 2013

චින්තනයේ කඩවුණු පොරොන්දු .....

2005 වසරේ එලි දැක්වුණු මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ "ගුණ නැණ වැඩුම " ජාතික අධ්‍යාපන වැඩසටහන පිලිබඳ මෙසේ අවධානය යොමු කිරීමට හේතු කාරණා වුයේ පසුගිය මාර්තු මස පළමුවන දින උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රගතිය පිලිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා එම අමාත්‍යංශය වෙත ග්ගිය අවස්ථාවේදී කළ ප්‍රකාශයකි.මෙම ජාතික අධ්‍යාපන වැඩසටහන යටතේ ප්‍රථමයෙන් සඳහන් වන කාරණය නම් "නිදහස් අධ්‍යාපනය සඳහා අපේ දරුවන්ට ඇති අයිතිය කිසිසේත් අහෝසි නොකරමි යන්නයි. එසේ නම් අද වනවිට උසස් පෙළ විභාගයෙන් A සමාර්ථ තුනක් ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවා විශ්වවිද්‍යාල වරම් අහිමි වී ඇත්තේ මේ ආශ්චර්ය නිසාවෙන්ද? උසස් පෙළ අසමතුන් පවා පෞද්ගලික විශ්වවිද්‍යාල මුවාවෙන් උපාධි සම්පුර්ණ කරද්දී අදාල...

Tuesday, March 5, 2013

බළලා මල්ලෙන් එලියට...

"උසස් පෙළ සමත් සියලු තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය සුරැකිය යුතු වන අතර මම ඒ අභියෝගය භාර ගනිමි. ඒ පළමු පියවර ලෙස නව සරසවි පාඨමාලා ආරම්භ කිරීම තුලින් සහ සරසවි පහසුකම් පුළුල් කිරීම තුලින් විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට මම පියවර ගන්නෙමි.විවෘත විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා ප්‍රතිපාදන සපයන්නෙමි..." මේ ජනාධිපතිවරයාගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ 65 වන පිටුවේ සඳහන් සැමට සරසවි වැඩසටහන යටතේ මුලින්ම සඳහන් වන කාරණයකි.මෙම ප්‍රතිපතති ප්‍රකාශය එලි දක්වා මේ වන විට වසර 8 ක කාලයක් ගත වී ඇති අතර මහින්ද චින්තන ඉදිරි දැක්මක්ද එලි දක්වා බොහෝ කල්ය. පසුගිය මාර්තු මස 1 වන දින උසස් අධ්‍යාපන...

සිසුන් පෞද්ගලික උපාධි කඩවල ගාල් කිරීමට රජය උත්සාහ දරණවා - සංජීව බණ්ඩාර

සිසුන්ගේ උපාධි සිහිනය භාවිත කරමින් ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගාල් කිරීමට රජය උත්සාහ දරන්නේ යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.සිසු අවශ්‍යතාවන් සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනීම ඉතා නින්දිත යැයි පවසන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා වැඩි ශිෂ්‍ය පිරිසක් මෙවර බඳවාගන්නා බව රජය සඳහන් කළද ඒ වෙනුවෙන් වන විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව නැති බවයි.විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ ඒ පීඨයන්ට අදාළව බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවේ කප්පාදු කිරීමක් මෙවර සිදුකර ඇතැයි පෙන්වා දෙමින් සංජීව බණ්ඩාර මහතා මෙසේ කීය.සම්පත්වල හිඟකම නිසා "පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ සත්ත්ව...

නිදහස් අධ්‍යාපනය රැකගැනීමට ඒකාබද්ධ ප්‍රකාශයක්

ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත අහෝසිකිරීම, අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 6%ක් වෙන්කර ගැනීම, ප්‍රෝඩාකාරී සපිරි පාසල් ව්‍යාපෘතිය අහෝසි කර පැසල්වලට අවශ්‍ය පරිදි මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම, අධ්‍යාපනය මිලිටරිකරණය නැවතීම වැනි කරුණු කිහිපයක් මුල්කරගනිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කරන බව නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේවක පුංචිහේවා මහතා පවසයි.ඊයේ (03) කොළඹදී බහුජන සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡා සභාවේදී මෙම එකඟතාවයට පැමිණි බව ඔහු පවසයි. මේ අනුව ඉදිරියේදී ඒකාබද්ධ ප්‍රකාශය ජනතාව හමුවේ තැබීමටත් තව තවත් වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන නිදහස් අධ්‍යාපනය දිනාගැනීමේ අරගලයට සම්බන්ධ...

පාසලට මුදල් දෙන්න දිවි ගැටගසාගත් ඔරුව විකුණලා

හුංගම විජයබා ජාතික පාසලේ උසස්‌ පෙළ පන්තිය සඳහා තම දියණිය ඇතුළත් කිරීමට විදුහල්පතිවරයාට දීමට මුදල් නොමැතිකමින් දරු පවුලක්‌ ජීවත් කළ එකම චංචල දේපළ වන ඔරුව විකිණීමට සිදුවීමේ අනුවේදනීය පුවතක්‌ හුංගම දකුණු බටඅත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.සාමාන්‍ය පෙළ සමත් තම දියණිය විජයබා ජාතික පාසලට ඇතුලත් කිරීම එකම විකල්පය වූ බවත් ඒ සඳහා විදුහල්පතිවරයා ඉල්ලූ රැ.4000 ලබාදීමට තමා ධීවර රැකියාව සඳහා යොදාගත් ඔරුව රැපියල් 10000කට විකුණා එම මුදල සොයාගැනීමට සිදුවූ බවත් එම පියා ප්‍රකාශ කරනවා. ඒ 9ක් නෙවෙයි ඒ 25ක් ලබාගෙන සිටියත් පාසලට ඇතුල්කර ගැනීමට රු.4000ක් අවශ්‍ය බව විදුහල්පතිවරයා තමාට ප්‍රකාශ කළ බවද එම පිය පවසනවා. මේ අතර එම දියණිය සාමාන්‍ය පෙළ විෂයන් 9ක් සඳමා සාමාර්ථයන්...

Monday, March 4, 2013

පුහුණු ගුරුවරුන් නැති අධ්‍යාපනය කොයිබටද?

ගොවියා රටටම බත සපයයි. එහෙයින් හෙතෙම දේශයේ පියෙකි. වෛද්‍යවරයා හැමටම නිරෝගි බව ලබා දෙයි. එහෙයින් හෙතෙම අපට ජීවකයෙකි. ගුරුවරයා අපට නැණ නුවණ දැනුම සමග උගත්කම ලබා දෙයි. එහෙයින් හෙතෙම අපට ඉටු දෙවියෙකි.ගුරු යන වදනේ අරුත බර යන්නයි. එම බර ශාරීරික බර නොවේ. උගත්කම පිළිබඳ බරයි. එහෙයින් වචනාර්ථයෙන්ම ගුරුවරයාට ගුණවත්කමේ, අර්ථවත්කමේ, සාධාරණත්වයේ මනුෂ්‍යත්වයේ හා දැනුමේ සියලු බර අන්තර්ගත විය යුතුය.අප ගුරු ක්‍ෂේත්‍රයට පිවිසුණු යුගයේදී ඒ පදවිය ලැබීම සඳහා කඩුලු දෙක තුනක්‌ම පනින්නට සිදු විය. ගුරු සහතික පත්‍ර විභාගය සමත් වීම සඳහා අධ්‍යාපන මූලධර්ම, අධ්‍යාපන ක්‍රම, ළමා මනෝවිද්‍යාව වැනි දැනුමත් නිවැරැදි භාෂා දැනුම ඇතුළු විෂයයන් කීපයක්‌ පිළිබඳ පෘථුල දැනුමකුත් විය යුතුය....

Pages 371234 »