අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ඊයේ කොළඹ කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න විසින් ඇප පිට මුදාහරින ලදී. අගෝස්තු 29 වෙනිදා කොළඹ කොටුවේ පැවති නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් පැවති රැලියේදී පොලිස් භටයින්ට පහර දීම මොහුට විරුද්ධව තිබු චෝදනාව විය. සංජීව අත් අඩංගුවට ගනු ලැබුයේ මෙම විරෝධතා රැලිය අවසන්වී බස් රථයක තම නිවෙස බලා යමින් සිටියදී සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසිනි. නමුත් මීට පෙර ඔහු අත් අඩංගුවට ගත අවස්ථාවේදී පොලිසිය කියාසිටියේ ඔහු කොටුවේ දුම්රිය පල ඉදිරි පස උසාවිය විසින් උද්ගෝෂණ කිරීම තහනම් කොට තිබු ස්ථානයේ උද්ගොෂණයේ නිරතවී සිටි හෙයින් අත් අඩංගුවට ගත් බවකි. කෙසේ වුවද ශිෂ්‍යයින්ගේ ඉල්ලීම් මර්ධනය කිරීම සඳහා ර...