Showing posts with label Stories. Show all posts
Showing posts with label Stories. Show all posts

Friday, October 19, 2012

ප්‍රශ්න පත්‍රයෙන් ටියුෂන් දීම


පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස්‌ පෙළ විභාගය යන ප්‍රධාන විභාග තුන පැවැත්වීමට සතියකට පෙර ඒ විභාගවලට අදාළ ටියුෂන් පන්ති, සම්මන්ත්‍රණ සහ සාකච්ඡා තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙයට ප්‍රධාන හේතුව මෙම විභාග පැවැත්වීමට පෙර ඒවාට අදාළ ප්‍රශ්න පත්‍ර ටියුෂන් මාස්‌ටර්ලා වෙත පිට නොවන බවට ආණ්‌ඩුවට 'ෂුවර් එකක්‌' නැති වීමය. විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න පත්‍රයක්‌ පන්නා ගැනීම යනු පණ යන වැඩකි. 1970 ගණන්වල ප්‍රශ්න පත්‍රවල සෝදුපත් හෙවත් 'පෲµa' පන්නා ගෙන යමින් සිටි රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ ශිල්පියකුගේ වැඩ තහනම් කරන ලදී. 

ඉන් පසු ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන කාලයට සේවය නිම වී පිටව යන රජයේ මුද්‍රණාලයේ සේවකයන්ගේ සර්වාංගයම පරීක්‍ෂා කර බලන ලදී. මෙවිට ඔවුහු ප්‍රශ්න පත්‍ර තම ලේන්සුවේ මුද්‍රණය කර ගෙන පිටතට ගෙන ගොස්‌ අලෙවි කළහ. එයත් අසු වූ තැන ලේන්සු ද තහනම් කරන ලදී. ඊළඟට ඔවුහු සුදු පැහැති අමුඩ ලේන්සුවලට මාරු වූහ. අමුඩ ලේන්සුවක සාමාන්‍ය වර්ණය නිල් පැහැයයි. මුද්‍රණාලය තුළදී සරම තුළින් හෙමිහිට අමුඩය ඇදගත් ඔවුහු ප්‍රශ්න පත්‍රයේ පිටපතක්‌ එහි මුද්‍රණය කරගෙන යළි අමුඩය ගසා ගත්හ. අමුඩය තහනම් කළ හැකි ද? නො හැක. එය මනුෂ්‍යයා ශිෂ්ටත්වයට පත් වන විට විලි වසා ගැනීමට පාවිච්චි කළ, පිළියෙන් නිමැ වූ පළමුවැනි ඇඳුම් කිහිපයෙන් එකකි. සිංහලයා යනු පුදුම මිනිසෙකි. ඔහු සමඟ හැරෙන්නට කිසිම ජාතියකට බැරිය. 1900 ගණන්වල සිටි මුද්‍රණ ශිල්පියෝ සුදු සරමේ ඇතුළු පැත්තේ ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කර ගත්හ. ඒ කාලයේ OFF SET නමැති සමතල මුද්‍රණ ක්‍රමය නො තිබූ අතර HOT METAL ක්‍රමය නමැති තාක්‍ෂණය විය. මෙය අකුරු අමුණා මුද්‍රණය කළ අතීත මුද්‍රණ ක්‍රමයට සමාන ය. මේ ක්‍රමය මගින් ප්‍රශ්න පත්‍ර එකක්‌ වුව මුද්‍රණය කර ගත හැකි ය. අද තිබෙන OFF SET යන්ත්‍රවලට ඇඳ සිටින සරම දැමුවොත් එහා පැත්තෙන් එළියට එනු ඇත්තේ මිනිහා පිටින්ම ය. ඔහු ගණනට තැළී මුද්‍රණය වී ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයට කැපී යන්ත්‍රය මුල ඇති කුඩා වේදිකාව මතට ගොඩ ගැසෙනවා ඇත.

මේ රටේ 'බඩු' පිට නො වන්නේ සල්ලි අච්චු ගසන කොම්පැනියෙන් පමණි. අනෙක්‌ හැම ආරක්‍ෂිත ස්‌ථානයකින් ම 'බඩු' පිට වෙයි. ප්‍රධාන විභාගවල ප්‍රශ්න පත්‍ර පිටවීම කොතරම් ආරක්‍ෂා සංවිධාන තිබුණත් වැළැක්‌විය නොහැක. දූෂණය සම්පූර්ණයෙන් ම නැති කළ කිසිදු රටක්‌ ලොව නැත. කළ හැක්‌කේ දූෂණය අවම කිරීම පමණි. පසුගිය කාලයේදී විභාග ඔන්න මෙන්න කියා තිබියදී ටියුෂන් මාස්‌ටර්ලා කිහිපදෙනෙක්‌ විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ බවට කතන්දර පැතිර ගියේ ය. නැත්නම් විභාගය කට මුල තියා ටියුෂන් ගුරුතුමා සාකච්ඡා කළ ප්‍රශ්න පත්‍ර විභාගයට ආවේ ය. ප්‍රශ්න පත්‍රයක්‌ යනු එක්‌ අයකු විසින් සාදනු ලබන්නක්‌ නොවේ. ඒ සඳහා උපදේශක මණ්‌ඩලයක්‌ම සහභාගි වෙති. එක්‌ එක්‌ උපදේශකයා ලවා ප්‍රශ්න පත්‍රය බැගින් හෝ ප්‍රශ්න 5 බැගින් සාදන අතර අවසානයේදී සියලු දෙනාම සෑදූ ප්‍රශ්නවලින් එක බැගින් තෝරා ප්‍රශ්න පත්‍රය පිළියෙල කරනු ලැබේ. මේ අතර තවත් කාරණයක්‌ තිබේ. එනම් පුද්ගලයන් කිහිපදෙනකුට සමාන අදහස්‌ පහළවීමයි. විභාග ප්‍රශ්න පත්‍ර සාදන ගුරු උපදේශක මණ්‌ඩලයේ මොළයට එන ප්‍රශ්න හා සමාන ප්‍රශ්නම ටියුෂන් ගුරුතුමාගේ මොළයටත් එන්නට පුළුවන. ජලය යනු හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන්වල එකතුවක්‌ බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ හෙන්රි කැවෙන්ඩිෂ් 1783 දී සොයා ගත්තේ ය. එහෙත් ඔහු ඒ බව කාටවත් කීවේ නැත. මේ අතර ඡේම්ස්‌ වොට්‌ නමැති විද්‍යාඥයා ද එම වසරේම ජලයේ සංයුතිය හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන් බව සොයා ගත්තේය. ඔහු එය ප්‍රසිද්ධ කළේ ය. ඒ අනුව ජලයේ සංයුතිය සම්බන්ධයෙන් අද ඉතිහාස පොත්වල ඇත්තේ ඡේම්ස්‌ වොට්‌ ගේ නමය.

විභාග ආසන්නයේදී සම්මන්ත්‍රණ තහනම් කිරීම ගැන කියන විට අපට මතක්‌ වන්නේ මැතිවරණයට පැය 72 කට පෙර සියලු ප්‍රචාරක ක්‍රියා තහනම් බවට ඇති නියෝගයයි. එහෙත් ඡන්ද අපේක්‍ෂකයා හිතවතුන් බැලීමට ගෙන් ගෙට යමින් ගෙන යන ප්‍රචාරය ආවරණය කිරීමට ඒ නීතියට බැරි ය. එසේම ටියුෂන් ගුරුතුමා ගෙදරට කැඳවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම තහනම් කිරීමට ආණ්‌ඩුවට බැරි ය. එසේ නම් කළ යුත්තේ විභාගයට සතියකට පෙර ටියුෂන් ගුරුවරුන් සහ ටියුෂන් දෙන රජයේ ගුරුවරුන් අල්ලා රිමාන්ඩ් කිරීම ය. අමුඩ ලේන්සුවක් ගිය දුරක තරම!

උපුටාගැනීම දිවයින

Thursday, October 18, 2012

යදමින් බැඳ විලංගුලා ෴

හුදෙක් මෙය මාගේ දැක්ම පමණක් නොවේ, අප සැමගේ දැක්ම විය යුතුය.
බ්ලොග් එකේ අද මාතෘකාව කර ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ පද රචනයෙන්,  අපෙන් සමුගත් සරත් දසනායක මහතාගේ සංගීතයට විශාරද නන්දා මාලිනී මහත්මිය විසින් ගායනා කරන, “පවන“ ගීත සමුච්ඡයේ වූ පහත ගීතයයි. අතීතයේ සිට අද දක්වාම සමාජ පාලනයේ පැතිකඩක් ගතහොත් මෙම ගීතයෙන් කියවෙන සමාජ අසාධාරණය ඒ ආකාරයෙන්ම සිදු නොවුනත්, එය අඩු වැඩියන් සහිතව තවමත් සිදු වෙමින් සහ සිදු කරමින් පවතී.

අප රටේ රාජ පාලන ක්‍රමයේදී රජුගේ පාලනය තහවුරු කර ගැනීමට සහ රට පාලනයට ඉවහල් කර ගනු වස් දෙතිස් වධය ක්‍රියාත්මක විය. මෙම ගීතයෙන් කියවෙන පරිදි සමාජ අසාධාරණයන්ගෙන් මිදී සමාජවාදී සමාජ විප්ලවයක් කරා සමාජය මෙහෙයවීමේ මෙහෙවර පාපයක් කරගත්, තරුණ/තරුණියන් දහස් ගණනක් වධයට සහ මරණයට පත් කරයි. සෞන්දර්යාත්මකව අරුත් ගැන්වීම සදහා දෙතිස් වධය යන වදන භාවිත කළද ඇත්තෙන්ම එය ඊට සීමා නොවීය. පැරණී රාජ ක්‍රමය තුළ දී දඩුවම් දීම සදහා මෙයින් එක් වධයක් තෝරා ගත්ත ද, වර්තමානයේ පවතින බල ලෝභී බාවය, දේශපාලනිත කෘෘරත්වය, විකෘත්ති ධනේෂ්වර සමාජ ක්‍රමය හේතුවෙන් එහි සීමාවක් නොමැතිය.




යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණුවන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙළින අතර ඉහල - පාසල් වල අමණයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

යදමින් බැද විලංගුලා...//

ගිනිගන්නා රටක කෙළින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

යදමින් බැද විලංගුලා...//

විශාරද නන්දා මාලනී                             
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම නන්දා මාලනී මහත්මිය යනු අග්‍රගන්‍යයේ ශේෂ්ඨ ගායිකාවකි. එමෙන්ම තාමත් නිරහංකාර මෙන්ම, නිර්පාක්ෂිකව සමාජ යතාර්ථය දකින පොළෝවේ පය ගසා සිටින ගායිකාවකි. දිලිදු පවුලක උපත ලද ඇය, ඇගේ අසීමිත හැකියාවෙන් ඉදිරියට ආවද තමන් නියෝජනය කළ සමාජ පංතිය අමතක කළේ නැත. මාගේ අදහසට අනුව ඇය දේශයේ වීරවරියකි. ඇය පසුගිය (2012-10-14) අවසන් ශ්වේත රාත්‍රියේදී ඇගේ “පවන“ සහ “සත්‍ය‍යේ ගීතය“ යන ඇල්බම්වල ගී කිහිපයක් ගායනා කිරීමේන් මේ බව නැවත පසක් කළා නෝවේද.

මහාචාර්ය සුනිල් ආරියරත්න

සුනිල් ආරියරත්න මහතා ද ඉතා විශිෂ්ඨ නිර්මාණ කරුවෙකු වන අතර, ඔහු එදා දුටු සමාජ යතාර්ථය අද නොදැකීම හෝ දේශපාලන පක්ෂග්‍රාහී වීම හේතුවෙන් හෝ ඔහු වෙත ද වීරත්වයක් ආරූඩ කිරීමට තබා විශේෂයෙන් ඔහුගැන යමක් කීමට මා හට නොසිතේ. නමුත් ඇත්තෙන්ම ඔහුගෙන් එවකට බිහිවූ නිර්මාණ, එදා මෙන්ම අද සමාජයේ ද යතාර්ථය සෞද්ධර්යාත්මකව අප මනසේ ප්‍රකෘත්තිමත් කිරීමට සමත් වූ බව කිව යුතුය. එනම් කලා කෘතියක තිබිය යුතු උසස්ම ලක්ෂණ නොඅඩුව එකී කෘතිවල අන්තර්ගතව තිබුනි.

සංගීතඥ සරත් දසනායක                

සංගීත අධ්‍යක්ෂකයෙකු, චිත්‍රපට නිෂ්පාදකයකු, වූ සරත් දසනායක මහතා උක්ත ගීතයට මෙන්ම තවත් ගීත විශාල සංඛ්‍යාවකට ස්වර මුසු කරමින් අප සවන් පිනවීමට මහත් දක්ෂතාවයක් දැරුවෙකු විය. ඔහුගේ ස්වර නාද මනා සේ අප මනසට රිංගවීමටත් ගීතයේ අරුත් අවබෝධ කරලීමටත් සමත් විය. එය අද බොහෝ සෙයින් ඇසෙනාවූ දෙපා නලවන හෙවත් හැගීම්වලට වහල් වූ සංගීතයට වඩා කෙතරම් විශිෂ්ඨද යන්න ඔබට පසක් කර ගත හැකිය.  


නමුත් අද සමාජ තලය තුල එවන් අග්‍රගණයේ කළාකරුවන් බිහි වීම උගහටය. රටේ ආර්ථිකයේ හැසීරීම මත පීඩනයට සහ ව්‍යාකූලත්වයට පත් මනස් ඇති මිනිසුන් සැනසිය හැකි ආකාරයේ ගි තොරක් නැතිව බිහිවෙන මෙවන් යුගයක, උසස් රස වින්ධනයක් ලැබිය හැකි ආකාරයේ ස්වභාවික ගීත මෙන්ම වෙනත් කලා කෘතී ද බිහි නොවෙනවා ම නොවේ. නමුත් එකී ගීතද සමාජ සංශෝධයකට හෝ අවම වශයෙන් සමාජ යතාර්ථය පසක් කිරීමට සමත් නොවීම ඉතා ඛේදනීයයි. උසස් යතාර්තවාදී නිර්මාණ බිහි නොවීමට තවත් ප්‍රබල සාධකයක් වනුයේ ධනේෂ්වර පාලනයක ක්‍රමයේ පැවැත්ම තහවුරු කර ගත නොහැකිනම් හෝ පාලන ක්‍රමය විවේචනය වේනම් එකී නිර්මාණය සමාජගතවීමට ඉඩ නොදීමයි. ඉහත ගීතය මෙන්ම තවත් ගීත ගණනාවක් ද,  තහනමට ලක්වනුයේ එබැවිනි. එපමණක්ද නොව යහපත් සමාජ සංශෝදනයකට මං පෙත් සැකසීමේ පාපය හේතුවෙන් ඔහුන්ට එම කාල වකවානුවේ දී රට හැරදා පලා යාමටද සිදුවනුයේ එබැවිනි.

නැවත  ඇත්තෙන්ම 60-90 අතර කාලය තුල බිහි වූ විශිෂ්ඨ කළා කෘතී හා සමාන නිර්මාණය කෙතෙක් දුරට අද බිහි වෙනවාද? අතරින් පතර බිහිවන හෝද කෘතී වලට සමාජයේ තැනැක් නොලැබී යනුයේ මන්ද? අද රූපවාහිනිය සහ රේධියෝව විවෘත්ත වී ඇත්තේ මොනවාද? මේ සියල්ලම අද ඉලක්කකර ඇත්තේ බුද්ධිය නොව මිනිස් හැගීම් නොවේද? සියල්ල අලේවි වන සහ අලේවි කරමින් පවතින ලෝකයේ අධ්‍යාපනය මෙන්ම කලාවත් අලෙවි විය යුතුද? එහිදී සමාජ සත්තා යතාර්ථ මූලධර්මයට යටත් කෘතී බිහි වෙයිද?


හොද, යහපත් ජාතියක් බිහිකිරීමට කලාව වැදගත් නොවේද? නමුත් අද අපේ කලාවට සිදුවී ඇත්තේ කුමක්ද? යහපත් සාරධර්මයන්නේ පිරි සමාජයක් බිහිකිරීම උදේසා කලාව පෝෂණය කළ යුතු බව පාලන තන්ත්‍රවලට නොතේරෙන්නේ මන්ද?  අවම තරමින් ඔහුන්ටද කලාවේ ඇති කාර්යබාරය සහ වැදගත්කම අවබෝධ කර ගැනීමට හෝ නොහැකි වීම ගැන අප කම්පා විය යුතුය.


මෙම කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ද යතාර්ථවාදී ගීත කිහිපයක් හෙවත් “විමුක්ති ගී“ ලේබලයෙන් ගීත නිර්මාණය විය. නන්දා මාලනීයන්ගේ ඉහත ගීතය අඩංගු වූ “පවන“ ගී ඇල්බමයේ සහ “විමුක්ති ගීත“ අතර බැලූ බැල්මට සමාන කමක් දැකිය හැකිය. නමුත්, එහි එකිනෙකට පරස්පරතාවයක් ද ඇත. එනම්, විමුක්ති ගී වල අණ කිරීමක් හෙවත් විධානය දීමක් අන්තර්ගත විය. නමුත් “පවන“ ගීත තුළ මනසේ අරගලයක් නිර්මාණය කිරීමට සමත් විය. කෙසේ වෙතත් එකී ගීත සියල්ල එම කාල වකවානුවේ කැපී පෙනෙන සමාජ මෙහෙවරක් කිරීමට දායක වූ බව අප අවිවාදයෙන් පිළිගත යුතුය. නමුදු අද “විමුක්ති ගී“ ද නිර්මාණය නොවේ. ඒ අනුව බලන විට ඔහුන්ද අද සමාජ ක්‍රමයේ ගොදුරක්ව බවට පත්වෙමින් තිබෙනවාදෝ කියා සාධාරණ සැකයක් මතුවේ.


එසේම දයාබර මිතුරනී, ගීතයෙන් කියවෙන සමාජ යතාර්ථය හෙවත් එදා සිට අද දක්වා සිදුවන මෙම සමාජ අසාධාරණය පිටු දැකීමටත් යහපත් සමාජයක් ක්‍රමයක් ගොඩනැගීම ට ත් දායක වීම සහ එයට සුදුසු මංපෙත් (දේශපාලනික හෝ සමාජීය හෝ වෙනත් ඕනම ආකාරයකින්) සකස්කර දීම ඔබේත් මගේත් වගකීමක් නොවන්නේ ද? එය ඔබට නොතේරේනම් ඔබ සමාජයට බරකි. ෴

පසු සටහන-
2012 - සැප්තැම්බර් 27 වන දින අළුයම කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ හංදියේදී අභිරහස් ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී ශිෂ්‍ය සහෝදරයන් දෙදෙනෙක් වන ජානක බංඩාර සහ සසිත ප්‍රියන්කර (මාතලන් සහ ටොක්කා)  මරණයට පත් විය. ඔහුන් ඒවන විට නිදහස් අධ්‍යපනයේ අයිතීන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සමග එක්ව දියත් කළ පාගමනක සංවිධාන කටයුතු වල නිතරව සිටීය. මරණයට පත් වූ මාතලන් සහෝදරයා ඊට මාස කිහිපයකට පෙර චැම්පර් බ්ලොග් එකෙහි “ යදමින් බැඳ විලංගුලා “ ගීතය සදහා පහත සටහන තබා තිබුණි.

දැන් පවතින අසාධාරන ගැන, විකාර ක්‍රමය ගැන ගීත ලියන්නේ,ගයන්නේ නැත්තේ....?
සිරි ලංකාව එයාලා ප්‍රාර්ථනා කරපු තත්වෙට ඇවිල්ලද..?
නිර්මාණ ශක්තියේ පිරිහීමක්ද...?
පාළකයෝ යාලුවො හින්දද...?
තමන්ගේ පංතිය බලයට පැමීනීමද...?
නිර්මාණ ගැන ප්‍රශ්නයක් නොමැත.. නමුත් කුහක මිනිසුන් බව නොකියාම බැරිය...
අදහස - නිර්මලා මධුශානි ගෙනි

Tuesday, October 16, 2012

අපි එකම රටක වැසියෝ හෙවත් ශ්‍රී ලාංකිකයෝ වෙමු.

“මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ....“

සිය අසහාය හැකියාවෙන් ගීත කලාව පෝෂණය කළ මොහු, චිත්‍රපට කේෂ්ත්‍රයේත් බෞදධ ගීත කේෂ්ත්‍රයේත් සිය මධුර හඩ අවදි කරමින් අප ඇමතූ අල්හාජ් මොහිදින් බෙග් හෙවත් බෙග් මාස්ටර් අපෙන් සමුගෙන දැනට දශක දෙකක් පමණ වේ. ඔහුගේ බොහෝ ගීත ආගමික සහජීවනයකට මනා පසුබිම සකස් කරනු ලැබීය. සත්තකින්ම මෙකී මෙහෙවර ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප අගය කළ යුතුය. 

උපතින්ම මුස්ලිම් ජාතික වූ බෙග් මාස්ටර් දැයෙන් සමුගන්නා තෙක්ම මුස්ලිම් විය. චිත්
රපට පසුබිම් ගායකයෙකු ලෙස ගීත ක්ෂේත්‍රයට පිවිස
 50-80 දශකවල තම මධුර ස්වරය හැගීම් වලට නොව බුද්ධියට විවර කරමින් බෞද්ධ ගීතාවලියට බෙග් මාස්ටර්ගේ කරනු ලැබූ දායාකත්වය අද්විතීයයි. ඔහු අන්‍යාගමිකයෙකුව සිට කිසිදු ප්‍රතීගාමී භවකින් තොරව බුදු දහමේ යතාර්ථය පසක් කරනු පිණිස කරනා ලද අප්‍රමිත උස්සාහය මෙම ගීත වලින් නොපෙනේ ද?

බුද්ධං සරණං ගජ්ඡාමි...
සලක සතම බොදු බැතියෙන්...
බුදුන්ගේ අමා ධර්මේ...
සුවදේ මට සීතල සුලග පවා...
ඔබ සිතනුයේ, ඔහු ආගම පාවා දුන් බවද, නැතිනම් අන්‍යාගමික බව මුදල් ඉපයීමට පාදක කර ගත් බවද? නැතිනම් ඔහුට එන් ජී ඕ මුදල් පොම්ප කළ බවද? ඔබට එවැන්නක් වැරැදීමකින් හෝ සිතෙනුයේ නම් ඔහු වසර ගණනාවක් ගී ගයා මනස අවදි කිරීමට උත්සාහ කර ඇත්තේ කවදාවත් නොහැදෙනා කුහක සමාජයකටය. එසේ නම් ඔහු දැනගෙන සිටියා විය යුතුය ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ යි කියා. තවද, ඔහුගේ ගායනයෙන් යම් තාක් දුරට හෝ පැලැස්තර වැටීමට තිබුණ ආගමික සහජීවනය දෙදෙරා යාමකි. 

Monday, October 15, 2012

ආදරණීය මහින්ද මාමී වෙත........


        මහින්ද මාමේ.................. එන පොට හොද නැත.අද නම් මම මාමාට කියන්න යන්නේ මාල රහසක් ,කාතවත් කියන්න එපා හොදේ ,අඩුමතරමේ බැතිල් මාමටවත් කියන්න එපා.ඔන්න කිව්වොත් මම තරහයි....

  මම මේ ලියුම මාමට සුතුස් ,,ගාල ලියන්න හිතුවෙ බැතිල් මාමායි සුදුබන්ද මාමයි ගැන මහින්ද මාමට තොත්තුවක් දෙන්න... ආ...තොත්තුවක් නෙමෙයි ඔත්තුවක් හොදේ...

Sunday, October 14, 2012

FUTA නිසා, "හුටා" යැයි කියැවෙන්නට ඕනෑ නැත.

දින 100 කට ආසන්න සිය වෘත්තීය අරගලය අවසන් බව FUTA පසුගිය බ්‍රහස්පතින්දා දැන්වීය. මෑතකාලීන ඉතිහාසයේ සම්ප්‍රදායික වෘත්තීය අරගල ක්‍රියාවලියෙන් ඔබ්බට ගිය FUTA වෘත්තීය අරගලය, සිවිල් ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන, විවිධ මතධාරී දේශපාලකයන්, දේශපාලන පක්ෂ, ආදී එකී මෙකී නොකී සියලු පාර්ශවයන් සිය අරගලයට එකතු කරගනිමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජන ව්‍යාපාරයක් බවට පත්වෙමින්, පසු ගිය කාලය තුල සමාජය හෙල්ලූ මාතෘකාව බවට පත් විය. කෙසේ නමුත් දීර්ඝ කාලීන සකච්ඡාවලියකින් පසුව මෙරට ජන සමාජයට හරි හැටි පැහැදිලි චිත්‍රයක් ලබා නොදුන්, රජය සමග වූ එකඟතාවන් සමග එම වෘත්තීය සටන අවසන් විය.

අධ්‍යාපනයේ වැඩ බැලීම සහ වැඩ ඇනීම

ගැඹුරු හැදැරීමක්‌, විශ්ලේෂණයක්‌ හෝ දැක්‌මක්‌ නැති ක්‍රියාවලියක නියත ඵල දැන් මතුවෙමින් තිබේ. එලෙස මතුවන ඵල පහසුවෙන් නෙළා ගැනීමට බලකරනු ලැබූ කල්හි නොමේරූ මොළ සහිත හිස්‌ ගෙඩි දෙවරක්‌ සිතන්නේ නැත. දරුවන්ගේ දැත් ගල්කැටවලින් පිරෙන්නේත් ඒවා තමන්ට සිප් සතර දෙන පියවරුන්ගේ හිස්‌ මත ලේ සලකුණු තබන්නේත් අවිධිමත් ක්‍රියාවලියක ශේෂ වන ප්‍රතිඵල ලෙසිනි. මින් පෙර වරක්‌, දෙවරක්‌ නොව වාර ගණනක්‌ ලියා තැබූ දේ යළි ආවර්ජනය කිරීමට සිදුවීම අභාග්‍යයකි.

Saturday, October 13, 2012

කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවල පසුකාලීන බලපෑම

C.W.W. Kannangara
43 වැනි  සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ගුණානුස්‌මරණය නිමිත්තෙනි

කන්නන්ගර මැතිතුමා අධ්‍යාපන ඇමැති වූයේ පූර්ණ නිදහස ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමාජයකය. එබඳු සමාජයක අනාගතය සාර්ථක වනුයේ එම ජනතාව තුළ ජාතිකාභිමානය, දේශීය සංස්‌කෘතිය, සාරධර්ම හා සිරිත් විරිත් පිළිබඳ ඇල්ම, සාක්‍ෂරතාව, පාලනය බාර ගැනීමේ පුහුණුව සහ ආත්ම විශ්වාසය වර්ධනය වුවහොත් පමණක්‌ බව කන්නන්ගර ඇමැතිතුමා විශ්වාස කළේය. නූගතුන් පිරි සමාජයක්‌ උගත් සමාජයක්‌ බවට පත් කිරීමටත්, ආත්ම විශ්වාසයෙන් හීන ජනතාවක්‌, ආත්ම විශ්වාසයෙන් යුතු ජනතාවක්‌ බවට පත් කිරීමටත් එතුමා උනන්දු විය. ගම්බද දුප්පත් නූගත් ගැමි ජනතාවට දැනුම ලබා දී ඔවුන් අතින් ගිලිහී ගිය අභිමානය, පිරිහී ගිය ජීවය නැවත ඇති කරලීමට හා දරුවන් සමඟ වැඩිහිටියන් එක්‌වර පාසලට කැඳවා ගැනීමට එතුමා උත්සාහ දැරීය. අධ්‍යාපනය ගමේ ජනතාවගේ සහාය හා උපදේශකත්වය යටතේ කිරීමටත්, පාසල ගමට ගෙන යමින් ගැමියන්ගේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය හා ජන ජීවිතය නඟාසිටුවීමට ද එතුමා ක්‍රියා කළේය. ගුවන් විදුලිය, ජංගම චිත්‍රපට ආදී සන්නිවේදන මාධ්‍යයන් පාසලේ සහ වැඩිහිටි පන්තිවල අධ්‍යාපනයට සහාය සේවාවක්‌ ලෙස යොදා ගත්තේය. සෑම දරුවකුම ජාතියේ දරුවෙක්‌ බවත්, සැමට සමාන අධ්‍යාපනයක්‌ ලැබීමේ අයිතියක්‌ ඇති බවත් එය රජයේ වගකීමක්‌ බවත් දැක්‌වීය. එතුමාගේ අභිලාෂය වූයේ හිස, හිත, අත සෞඛ්‍ය (H 4) දියුණු කළ ශිෂ්‍ය පිරිසක්‌ නිර්මාණය කිරීමය. මේ සඳහා පාසල් විෂය මාලාව බොහෝ දුරට ප්‍රායෝගික කිරීමටත්, අර්ථවත් කිරීමටත් නිසි පියවර ගත් අතර ඉගැන්වීම් ක්‍රම ද ඒ අනුව සකස්‌ කරන ලදී. ජාතියේ අනාගතය වන දරුවන් මන්දපෝෂණයෙන් මුදා ගැනීම ස

Friday, October 12, 2012

SIX IS MINE

6 IS MINE
ආචාර්යතුමනි...
 

6% දිනාගැනීමට ඔබ සංවිධානය කල අරගලය නිදහස් අධ්‍යාපන පනත දිනාගැනීමට කල අරගලයට නොදෙවෙනි අරගලයකි.එමනිසා රටෙහි සාමාන්‍ය ජනතාවට මෙම අරගලය FUTA සංවිධානය අතට බාරදී බාලාසිටිය නොහැක. එමනිසා 6% අරගලය අධ්‍යාපනය උදෙසා ජාතික අරගලයක් බවට පත්කිරීමට මාගේ යෝජනාවලිය මෙසේය.

1) 6% අරගලය සදහා නව සංවිදානයක් පිහිටවාගැනීම

ශිෂ්ටත්වයෙන් කළ හැකි දේ කළෙමු.....

වේදනාවෙන්, එහෙත් නොබිඳුණු පිට කොන්දක් සහිතව "පරාජය" භාර ගතිමු. එහෙත් පාවා නොදුන්නෙමු. !!!!!! මනුෂ්‍යත්වයත්, සදාචාරයත් උන්ගේ වැසිකිළි වලවලට දමා සදාකල් රජකම් කළ හැකියැයි සිතා සිටිනා උද්ධච්ච, අශිෂ්ට සහ ජඩ පාලකයන් ඉදිරියේ ශිෂ්ටත්වයෙන් කළ හැකි දේ කළෙමු. බහුතර සාමාජිකයින්ගේ ණය බර, කඳුළු සමඟ ගමන් කළ හැකි දුර ගමන් කෙළෙමු. "සිරකරුවෝද මනුෂ්‍යයෝය", ඒමෙන්ම "කථිකාචාර්‍යයෝද මනුෂ්‍යයෝය". ජීවිත යථාර්ථය ඔවුනටද මඟ හැර යා නොහැක්කකි.

Thursday, October 11, 2012

ආචාර්ය අරගලයේ සාධනීය ප්‍රතිඵල

විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ,විශ්ව විද්‍යාලීය ආචාර්යවරුන් විසින් මෙතක් පවත්වාගෙන ආ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(2012/10/11) සිට නවත්වනු ලබන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත .මෙහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කලේ රජයේ පාර්ශවයෙන් තමන් හට තම වෘත්තීය ඉල්ලීම් සඳහා ලබාදුන් ලිඛිත ප්‍රකාශය සඳහා නිශ්චිත කාලරාමුවක් තුල ක්‍රියාවට නොනැගුව හොත් යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹෙන බවයි.

හුණුවටයේ කතාව සහ 6%

මම ෆුටා එක ගැන අධි තක්සේරුවල නැහැ...ෆුටා එක මේ රටේ සෑම ප්ර්ශ්නයකටම පිළිතුරු හෙවිය හැකි ඒ සදහා මිනිසුන් සංවිධානය කළහැකි දේශපාලන පක්ෂයක් නොවේ...මේ සාකච්චා වල ප්‍රතිපල ගැනත් මම සර්ව සුබවාදී නැහැ... ෆුටා සහ එහි සාමාජික සංවිධාන මෙම සාකච්චාවල ප්‍රගතිය සලකා බලන අවස්ථාවේදී ඔවුන් යම් තීරණයක් ගනීවි...මම හිතුවේ නෑ මේ කිසිම ඉල්ලීමක් සර්ව සම්පුරනව දෙන්න, (අන්තිම මොහොත දක්වා ගහන්න පුළුවන් හැම එකකින්ම ගහමින් හිටිය), අපේ පාලකයන් ක්‍රරියා කරාවී කියල...අපේ අරගලයත් අධිකරණයේ අර්බුදයත් ජාත්යහන්තර කුමන්ත්රේණ වශයෙන් හදුන්වන ආණ්ඩුවක් ගැන මගේ තක්සේරුව ඕක තමයි............

ආචාර්යවරුන් සමඟ ඒකාබද්ධ නිවේදනයට රජයේ එකඟතා

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය අවසන් කරමින් රජය සහ ආචාර්යවරුන් අතර අවසන් එකඟතා වන් ලෙස ඒකාබද්ධ නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු එකගතා ලෙස රජය පාර්ශ්වයෙන් ‍ඉදිරිපත් කළ එකඟතාවයන් මේවන විට අප වෙත ලැබී තිබේ.

මෙම එකඟතාවන් සම්බන්ධයෙන් අවසන් තීරණය මේවන විට පැවැත්වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාවේදී ගැනීමට නියමිතය.

එස්. බී. දිසානායක ඇමතිවරයා නැවතත් අධිකරණයට අපහාස කරයි - SSU

නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

''මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව එම ආයතනයට උපාධි ලබාදීමේ හැකියාව ලැබෙන බවට එස්. බී. දිසානායක ඇමතිවරයා විසින් සිදුකළ ප‍්‍රකාශයක් මාධ්‍ය කීපයකම පළවිය. මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් විකෘති ලෙස හුවාදක්මින් ජනතාව නොමග යැවීමට සිදුකළ උත්සාහයකි.

වර්ජනය අත්හැරියත් 6% ක් වෙන්කරගැනීමේ අරගලය ජයග්‍රහණය තෙක් දිගටම ගෙනියනවා - පූජ්‍ය දඹර අමිල හිමි

"අධ්‍යාපනයට 6%ක් වෙන්කිරීම කියන කාරණය සම්බන්ධව අපිට තියෙන්නෙ අරගලයක්. ඒ අරගලය නිමාවට පත්වීමක් හෝ අතහැර දැමීමක් හෝ තාවකාලිකව අත්හැර දැමීමක් හෝ සිදුවන්නේ නැහැ. එය හෙට සිට නව ආරයකින්, ඒ වගේම නව පෙරමුණු ඔස්සේ, නව ක්‍රමවේද ඔස්සේ සමාජගත කරමින් සමාජයේ සියලු බලවේග එකතුකර ගත්ත වැඩපිළිවෙලක් යටතේ ඉදිරියට යාමට නියමිතයි." යනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති. මේ දිනවල රජය සමග ගෙන යන සාකච්ඡා සම්බන්ධයෙන් සහ ආචාර්යවරුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උන්වහන්සේ මේ බව පැවසූ අතර එහිදී දැක්වූ අදහස් පහත පළ වේ.

Wednesday, October 10, 2012

මහත්තයා පෙට්ටියක් තෝරාගත්තා ද?

සමා වෙන්න මිතුරනේ ඔබ සතුටින්, මල් සහ විනෝද කථා ෆේයා කරන හෝ කියවන මෙවන් වේලාවක අහඹුලෙස හෝ ඔබේ ඇස ගැටීමට මේවාගේ සමාජ අසාධරණයක් ෆේයා කරන්න වීම ගැන. එය මාගේ වරදක් නොවේ. ඔබද මමද ජීවත් වෙන සමාජයෙන් උරුම වී ඇති කරුමයක් ය. ඔබට එය නොතෙරෙනවා විය හැකියි.

මැර ප‍්‍රහාරවලින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි විරෝධය නවත්වන්න බැහැ - වෛද්‍ය ඉඳුනිල් විජේනායක

Doctors against private medical collages - press
වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාට එරෙහිව දිගින් දිගටම සිදුවන මැර ප‍්‍රහාර නැවැත්වීමට වහාම ආණ්ඩුව පියවර ගත යුතු බවත් මෙවැනි මැර ප‍්‍රහාරවලින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි විරෝධය නැවැත්විය නොහැකි බවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍යවරු සංවිධානය පවසා සිටී. එම සංවිධානයේ කැඳවුම්කරු ඉඳුනිල් විජේනායක මහතා අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය.

ඔහු එම මාධ්‍යහමුවේදී දැක්වූ අදහස් පහත පළවේ

නිර්මාල් සර්ගෙන් ලොන්ඩරි හඩ්ඩාට කනේ පහරක්...

දිනපතා උදේ 7.00 ට විකාශනය වන හඩ්සන් සමරසිංහ ගේ පුවත් සමාලෝචන වැඩසටහනකදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳව ආචාර්ය දේවසිරි සර්ගේ දුරකතනය ඔස්සේ හඩ්සන් සමරසිංහ මහතා කරුණු විමසා ඇත.

හඩ්ඩා -: දැන් ප්‍රශ්නය ඉවරයි නේද ආචාර්ය තුමා?


නටපු නැටුමකුත් නෑ.. බෙරේ පළුවකුත් නෑ...

කිසිදු දෙයක් සංඛ්‍යාත්මකව නොමැති (එකම සංඛ්‍යාව අවුරුදු 5) සුරංගනා කතා පොරොන්දු පත්‍රයක් ගන්නද අපි මෙච්චර කැප කිරීම් කළේ...?

මේ වගේ ඒවා කීයක් නම් මීට කළිනුත් ලැබුනද..? (එකම වෙනස මෙවර එය ලිඛිතව ලැබීමයි.) මේ වගේ එකක් විශ්වාස කර මෙපමණ දිගු දුරක් පැමිණි සටන අත් හැර දමන එකේ තේරුම කුමක්ද..? 

සර්................

මේ අරගල පුරාම ඒ කියන්නේ "6% ක් ලබා ගැනීම මුලික කර ගෙන " අපිත් බය නැතුව හැම තැනම මේ අරගල උලුප්පල පෙන්නුවා... මේ අරගල වලට අපි අවේ ගෙදරට ඇත්ත කියලා අපි බොරු කිව්වේ නෑ මගේ අම්මා තාත්තා පවා මේ අරගලය පිළිබද ලොකු පැහැදීමක් තිබුනා...

Tuesday, October 9, 2012

6% GDP......... ?

FUTA Logo
හැම තැනම ෆුටා ඒකෙන 6% ඉල්ලීම අයින් කරගෙන කියල ලොකු ප්‍රචාරයක් යනවා. එහි තීරණය ගැනීමේ සම්පුර්ණ අයිතිය තියෙන්නේ ෆුටා සාමාජිකත්වයට. අරගල විනාශ කිරීමට එය මත ඇති වී තිබෙන ජනතා විශ්වාසය බිද වට්ටන එක ක්‍රමයක් තමයි මෙවැනි ප්‍රචාරයක් යැවීම.එමගින් ආචාර්යවරුන් සතු විශ්වාසය බිද වැට්ටවීම. සාකච්චා කොතරම් සාර්තක උනත් අන්න්දුව මේක විනාස කරන්න උත්සහා කරනවා කියන එක අමතක කරන්න එපා. සාකච්චා සාර්ථක උන පලියට තාම වර්ජනය අවසන් කරනව කියල තාම ෆුටා එකෙන් නිල නිවේදනයක් කරලා නැහැ.